මාතලේ මහ රෝහල් භූමියෙන් පසුගිය 26 වැනිදා සමූහ මිනී වළක් මතුවී ප‍්‍රදේශයේ ජනතාව අතර මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. මේ ගැන ආරංචිය පවනට බදු වේගයෙන් පැතිර ගොස් ඇසූ දුටු අය මහත් කම්පාවට පත් තරමින් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත්තේ මිනිස් ජීවිත තරම් වටිනා තවත් කිසිවක් මෙලොව නැති නිසා විය හැක. මේ ගැන විවිධ ආරංචි පැතිර ගියේය. ජනතා විමුක්ති පෙරමුණේ 1971 කැරැල්ල සමයේ ඝාතනය වූ පුද්ගලයින් මිහිදන් කළ සමූහ මිනී වළක් දැයි යන ආරංචිය ගැන බොහෝ දෙනෙකු විමසිලිමත් වූහ. 1971, 1988 සහ 1989 යන වර්ෂවල භීෂණ ගැන සමහරෙකු සිහිපත් කළහ. 1971 කැරැල්ල පැවැති සමයේ රෝහල් භූමිය තුළ හමුදා කඳවුරක් පැවතුන බවත් සමූහ මිනීවල එවක ඝාතනය වූ පුද්ගලයින්ගේ වියහැකි බවටත් මතයක් ද මේ අතර විය. රෝහල් ආරංචි මාර්ග හෙළිදරව් කළේ මෙය රෝගාතුරවී රෝහල් ගතව මිය ඇදෙන කාත්කවුරුත් නැති මළ සිරුරු වළඳා තිබෙන මිනී වළක් බවටය. ඒ බව සනාථ කිරීමට සාධක නැත. 1947 අගෝස්තු මස 14 වැනි දින මාතලේ අගලවත්ත නායයාමකට ලක්ව මිය ගිය පිරිස රෝහල් භූමියෙහි මිහිදන් කළ බවට මතයක් ද මේ මත අතර පවතී. රෝහල් භූමියේ සමූහ මිනී වළක් ගැන සැළවූ වහාම මාතලේ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. අනතුරුව මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය. මාතලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝගයක්මත මාතලේ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් ජයසේන මහතාගේ මූලිකත්වයෙන් සමූහ මිනී වළේ ඇටකටු සොයා කැණීම් ආරම්භ කෙරෙණි. කැණීම් ආරම්භ කළ වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායම පසුගිය 28 වැනි දින සවස් වනවිට මිනිස් හිස් කබල් හයක් මතුකර ගැනීමට සමත්වූහ. තැන් දහයක පමණ ඇටකටු කොටස් මතුවී තිබී එම ස්ථාන සිතියම් ගත කෙරින. රෝහල් භූමියේ ඉදිකරන ලද ජීවවායු ඒකකය සඳහා බැකෝ යන්ත‍්‍රයක් යොදා වළක් කැණීමේදී ඇටකටු වගයක් මුලින්ම මතුවූ බව මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා අප සමග පැවැසීය. පොළොව මට්ටමින් අඩි 4ක පමණ යට වළක ඇටකටු තිබුණි. ඒවා තැන් කීපයක තිබීම නිසා සමූහ මිනී වළක් බවට තහවුරු වුණ බවද හෙතෙම කීය. ”මෙතන රෝහල් ගතව මිය ගිය භාරකාරත්වයක් නැති අයගේ මළ සිරුර වළලා තිබෙන බවට ද සැකයක් තිබෙනවා. කෙසේ නමුත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැක්කේ ඒ පිළිබඳව විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි. මේ රෝහල එක්දාස් අටසිය ගණන්වල ඉදිකරන ලද්දකි.” ”1971 කැරැල්ල සමයේ යුද හමුදා කඳවුරක් මෙම රෝහල් භූමියේ පවත්වාගෙන ගියා කියා කට කතාවක් තිබෙනවා. ඒ බවට කිසිම ලිඛිත සාක්කියක් නැහැ” යයි ද වෛද්‍ය අධිකාරි අර්ජුන තිලකරත්න මහතා වැඩිදුරටත් පැවැසීය. පොළොව මට්ටමින් අඩි 4ක් පමණ ගැඹුරු වළක තිබුණ ඇටකටු පිළිබඳව 26 වැනිදා පරීක්ෂණ ආරම්භ කෙරෙණි. මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය සහ සොකෝ සේවා අංශය කැණීම්වලට සහාය වූහ. සමූහ මිනී වළේ කැණීම් කටයුතු මාතලේ මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ සිදුවිණි. පොලිසිය විසින් සමූහ මිනීවළ කොටස සිතියම් ගත කොට ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත්කර දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබුණි. ඉතා සියුම් කැණීම් කරමින් පරීක්ෂණයෙහි නියැලී සිටි අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා අප සමග මෙසේ පැවැසීය. ”මිනිස් හිස් කබල් හයක් හා ඇටකටු කොටස් රැසක් වළේ තිබී මතු කරගත්තා. බොහෝ කාලයකට පෙර වළලා තිබෙන මළ සිරුරු නිසා ඇටකටු මතුකර ගැනීම පරිස්සමින් කළ යුතුයි. කෙසේ නමුත් ඇටසැකිලි කීපයක කොටස් මතුකර ගැනීමට හැකිවීම නිසා මෙම වළ සමූහ මිනී වළක් බවට හඳුන්වන්න පුළුවන්.” ”මෙහි ඇටසැකිලි පස්වලට දිරාපත්වී ගොස්ය. ගවේෂණාත්මක කැණීම් සිදුකර ඇටකටු මතුකර ගෙන ගොඩගත හොත් වෛද්‍ය පරීක්ෂණයට පහසු වෙනවා. මූලික පරීක්ෂණවලදී මේ ඇටකටු මිනිස් ඇටකටු බවට තහවුරු කිරීමට පුළුවන්. වළේ සම්පූර්ණ ඇටකටු ප‍්‍රමාණය මතුකර ගැනීමට දින තුනක් හෝ හතරක් ගතවේවි.” ”මෙහි තිබී මතුකර ගත් ඇටකටු මිනිස් ඇටකටු බවට හඳුනාගත් නමුත් ඇටසැකිලිවල පිහිටීම, ස්වභාවය, කාලවකවානු හා මිනිස් අපරාධයක් ද යන්න ගැන නිගමනයකට එළඹීමට ඒ පිළිබඳව විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඇටසැකිලි දිරාපත්වී ගොස් තිබෙනවා. ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනවලදී සිදු කෙරෙන පර්යේෂණවලදී නිශ්චිත තීරණයකට එළඹීමට නොහැකි වුවහොත් මෙම ඇටකටු විදේශීය වෛද්‍ය පරීක්ෂණයකට හෝ යොමුකර පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා පැවැසීය. මාතලේ-බෝමලූව පාර අංක 05හි පදිංචි 85 හැවිරිදි ඒ.ජී. සෝමාවතී මහත්මියට ප‍්‍රදේශයේ පැරැණි දෑ මතක තිබේ. ඈ මෙසේ කීවාය. ”1947 අගෝස්තු මස 14 වැනිදා ඇද හැලූන මහ වැස්සට අගලවත්ත කන්ද නාය යාමට ගත්තා. වතුර මතුවුණා. මමත් දුවත් වතුරට යටවී තුවාල ලැබ රෝහල් ගත වුණා. එම ජල ප‍්‍රවාහයෙන් ප‍්‍රදේශයේ හතළිහක් පමණ දෙනෙක් මිය ගියා. ඒ මළ සිරුරු ගෙනාවේ මාතලේ රෝහලටයි.” ”සමහර මළසිරුරු අයිතිකරුවෝ ඇරන් ගියා. සමහර මළ සිරුරු රෝහල් භූමියේ වළ දැම්මා. රෝහලේ හමුවී තිබෙන මිනීවළේ ඇටකටු එදා රෝහල් භූමියේ වළ දැමූ මළ සිරුරු වෙන්න පුළුවන්” යයිද ඇය කීවාය. මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන මාතලේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍ර.පො.ප. එම්.ජී.බී. ඒකනායක මහතා අප සමග මෙසේ පැවැසීය. ”මෙම සිද්ධිය සැලවූ වහාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළා. පසුව එම ප‍්‍රදේශය තහනම් ප‍්‍රදේශයක් බවට පත්කොට දැඩි ආරක්ෂක මුරකාවල් යොදා පොලිස් කණ්ඩායම් කීපයක් මේ ගැන පුළුල් පරීක්ෂනයක් පවත්වාගෙන යනවා. මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත වැඩ බලන මූලස්ථාන ප‍්‍ර.පො.ප. එම්.ජී.බී. ඒකනායක මහතාගේ මෙහෙයවීම යටතේ පො.ප. ලලිත් ද පීරිස්, සොකෝ ඒකකයේ පො.ප. සුගත් විජේසුන්දර, පො.ප. ධම්මික සෙනෙවිරත්න, පො.සැ. (28800) වික‍්‍රමසිංහ, පො.සැ. හෙට්ටි ආරච්චි යන මහත්වරු මේ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වති.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාතලේ සමූහ සුසානයක්ද? මිනීවළක්ද?
ප්‍රසන්න Thursday, 06 December 2012 09:45 PM
මිනි වැලක් වගේ නේද (දී)
අසේල Tuesday, 04 December 2012 08:02 PM
ඇට කටු අරගෙන පරීක්ෂණ තිබ්බානම් කියන්න පුළුවන් නේ (දී)
හේමරත්න Tuesday, 04 December 2012 04:27 PM
අපි කොහොමද දන්නේ . පරීක්ෂණ පවත්වන්න (දී)
රත්නායක Wednesday, 05 December 2012 11:01 AM
ඕක ජාත්‍යංතර කුමන්ත්‍රණයක් , එහෙම නැත්නම් ආශ්චර්‍ය්‍ය වෙන්න ඕනි (ස)