IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මුදල් ඇමැතිට අභියෝගය ජයගත හැකිද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පසුගියදා රූපවාහිනි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වර්තමාන රජයේ ස්ථාවරය දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මූල්‍ය සහනයක් රජය බලාපොරොත්තු නොවන බව කියා සිටියේය.

සියලු විදේශ ණය නිසි වේලාවට ගෙවා දමමින් මෙතෙක් තබා ඇති වාර්තාවේ නිකැලැල් බව ආරක්ෂා කර ගනිමින් 2021 ජූලි 27 දිනට කල් පිරුණ මුළු අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කරවල වටිනාකම වූ ඩොලර් මිලියන 1000 ශ්‍රී ලංකාව ගෙවා දැමුවාය. මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඉහත ප්‍රකාශය කළේ එකී 27දාට පසුදාය. එම ණය ගෙවා දැමුවේ රටෙහි පවතින විදේශ සංචිත භාවිත කරමින් හා දේශීය බැංකුවල ඩොලර් පිටතට ගලායාම අවම කිරීමට කටයුතු යොදවමිනි. ඉදිරි දිනයක දී නිකුත් කිරීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කල්පිරීම්වල මුල්‍ය ප්‍රවාහ ආපසු ගලා එන්නට සැලැස්වීම ද ඒ උදෙසා කරනු ලැබුවේය.

හිටපු මහබැංකු අධිපති මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පොරොන්දු කඩ නොකොට එම ණය ගෙවා දැමීම ගැන ආණ්ඩුවට සුබ පැතුවේය. ශ්‍රේණිගත කිරීමේ ආයතන සහ විග්‍රහ වාර්තාවලට පමණට වඩා ප්‍රතිචාර දක්වා දැඩි ලෙස පාඩු අත්විඳින්නට වේ යැයි පැවසු අයට ඔහු සිය කනගාටුව ප්‍රකාශ කළේය. මින්පෙර පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාවට තම ණය පිළිබඳව ගැටලුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොමැතිව විසඳා ගත හැකිය යන ස්ථාවරයේ හිඳිමින් ඔහු පිළිතුරු දුන්නේය.

මෑතකදී ‘‘සන්ඩේ ටයිම්ස්’’ පුවත්පත  සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ පාලනයේ තත්‍ය ලෙසම ප්‍රතිපත්ති සම්පාදානය කරනු ලබන මූලිකයා වූ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ​යොමුවීම විසඳුම නොවන බව කියා සිටියේය. නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ගැටලුව සම්බන්ධයෙන් නිහඬතාව රකින්නේ ඇතැම් විට මේ පිළිබඳ පසුව තීරණයක් ගන්නට විය හැකියි.

එහෙත් කොරෝනා වසංගතයෙන් පහර වැදී දරුණු තත්ත්වයට හැරුණු සාර්ව ආර්ථික තත්ත්වය හේතුවෙන් බැට කන ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ ගන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපේක්ෂා නොකරන්නේමැයි යන ස්ථාවරයේ ගෝඨාභය රාජපක්ෂ පාලන දැඩිව පිහිටා සිටින බව පෙනී යයි. මෙම රචකයා ඇතුළු බොහෝ දෙනා  අදහස් හා යෝජනා බොහෝ සෙයින් ඉදිරිපත් කර තිබිය දී රජය මෙම තීරණාත්මක හෝරාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොතකා තමන්ටම ආවේනික ප්‍රතිපත්ති ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවීම පමාවීමෙන් තවත් පාඩු සිදුවනු ඇත.
කෙසේ වෙතත් අතීත අත්දැකීම්වලින් පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව එඩිතර ප්‍රකාශ කළ බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ඉහළ පෙළේ දේශපාලනඥයන් අවසානයේ වෙළඳපොළ පීඩනයට හසුවී තම ස්ථාවරය වෙනස් කළ බවයි. මීට අදාල වඩාත් මෑතකාලීන උදාහරණ 2015 පිහිට වූ යහපාලන රජය ඇසුරින් පෙන්වාදිය හැකිය.

රටේ වර්ධනය වෙමින් පැවති ගෙවුම් ශේෂ  ගැටලුව විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම එම රජයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක ප්‍රතික්ෂේප කළේය. ඒ වෙනුවට බෙල්ජියානු ආයෝජකයකු ඩොලර් බිලියන 3ක තැන්පතුවක් ශ්‍රී ලංකාවට සපයන්නට එකඟවී ඇතැයි ඔහු කියා සිටියේය. එය මුදල් විශුද්ධිකරණය උදෙසා දරණ උත්සාහයක් බවත් මුදල් ප්‍රවාහයක් ගලා ඒම ව්‍යාජයක් බවත් ඉව වැටෙන තුරු ඔහු හෝ  ඔහුගේ රජය එම ස්ථාවරය වෙනස් කළේම නැත.

ඉන්පසු රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවන්නට තීරණය කරන විට පමා වුවා වැඩිය. මුදා ගැනීමේ පැකේජය නිකුත් කර තිබුණේ 2016 ජූලි මාසය දක්වා පමණකි. සිදු වූ මෙකී පමාව නිසා බලාපොරොත්තු වූ ප්‍රතිඵල උකහාගත හැකි නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට උරුම වූයේ ගැටලු සහගත ආර්ථිකයකි. එම නිසා ඵලදායි විසඳුම් ලබා ගන්නට නම් දැඩි පියවර ගැනීමට අවශ්‍ය විය.

එම නිසා රටක් උග්‍ර ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන විට මුදා ගැනීමේ පැකේජයක් වෙත යොමු වෙන්නට ගන්නා තීරණය නිසා සිදු වන්නේ අතිශය පාඩුවකි. පසුව ලැබෙන මූල්‍ය සහයෝගයෙන් බලාපොරොත්තු වන සුබදායී ප්‍රතිඵල ලැබෙන්නේ ද නැත.

දැනුවත්ව හෝ නොදැනුවත්ව වර්තමාන ආණ්ඩුවද එම උගුලේම වැටී තිබේ. මෙම ආණ්ඩුව යම් දිනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න තීරණය කළහොත් එවිට පමා වූවා වැඩිවනු ඇත. මේ නිසා වර්තමාන ආණ්ඩුවට රටේ ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීමට තමන්ගේම සැලසුම් ඔස්සේ යනු විනා වෙනත් තෝරාගැනීමක් නැත. මහබැංකු අධිපති ලක්ෂ්මන් නිරන්තරයෙන්ම කියා සිටියා සේ වඩාත් ප්‍රචලිත ප්‍රතිපත්තිමය ස්ථාවරයෙක් ඔස්සේ ඉදිරියට යන්නට එම නිසා සිදුවේ.


අතුරක යන මුදල් ඇමති
නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුහුණ දී ඇති ජය ගැනීමට අසීරුතම අභියෝගය මෙයයි. ඔහු ඉන්නේ ‘මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී‘ යන කියමනට ගැළපෙන තත්ත්වයේය. මගියාගේ ඔලොගුවේ රිංගාගෙන ඉන්නා නයා මෙන් විෂඝෝර සර්පයකු බඳු ගැටලුවක් භාණ්ඩාගාරයට රිංගා දරන ගසාගෙනය. ඇමැතිවරයා මොන තීරණය ගත්තද වැටෙන්නේ අමාරුවේය. එම තීරණය ඔහුගේ මංගල අයවැය වූ 2022 අයවැය සඳහා සූදානමක් වනු  ඇත. එකී තෝරා ගැනීම සමාජයේ යම් කොටසකට දැඩි සේ පාඩු ඇති කරනු වනු ඇත.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ‘‘ඉකෝනොමි නෙක්ස්ට්’’ නම් වෙඩ් අඩවිය සමග පැවති සංවාදයේ දී ඉඟියක් පළකර තිබේ. ඔහු කියා සිටියේ නව මුදල් අමාත්‍යවරයා 2022 අයවැයෙන් සිත් ප්‍රබෝධමත් කරන වෙනසක් ඇති කිරීමට නියමිත බවයි. අමාත්‍යවරයා වෙළඳපොළ හිතකාමී රාජ්‍ය හිතකාමී සහ ව්‍යාපාරවලට හිතකාමී ප්‍රායෝගික පුද්ගලයකු බව ද ඔහු කියා තිබේ.
ආර්ථික විද්‍යාව අතින් ගත් විට තනි පුද්ගලයකුට එකවිට එකිනෙකාට තරඟ වදින මෙකී අංග තුන සමග මිත්‍රශීලිව ඉන්නට නොහැකිය. උදාහරණයකට රාජ්‍ය හිතකාමී පුද්ගලයකු රාජ්‍ය අංශය පුළුල් කළ යුත්තේ වෙ​ෙළඳපොළ සහ ව්‍යාපාරයනට පාඩු සිදුවන අයුරිනි.

එම අංශ පරදුවට තබලාය. වෙළඳ පොළ හිතකාමී පුද්ගලයකුට ව්‍යාපාර අංශය වෙළඳපොළ නීතිරීතිවලට අනුගත වේනම් පමණක් යම් දුරකට ව්‍යාපාර හිතකාමී විය හැකිය. ව්‍යාපාර වෙළෙඳපොළ විරෝධී වේනම් එවිට ව්‍යාපාර හා වෙළඳ පොළ එකිනෙක හා ගැටේ. වෙළෙඳපොළ හිතකාමී පුද්ගලයකුට රජය වෙ​ෙළඳපොළ යන දිසාව නියම කිරීමකින් තොරව වෙළඳපොළ අනුව යන්නට සූදානම් වුවහොත් මිසක රාජ්‍ය හිතකාමියකු වන්නට කිසිසේත්ම නොහැකිය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කී මානුෂික මුහුණුවරකින් යුතු විවෘත ආර්ථිකය හෝ රනිල් වික්‍රමසිංහගේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකය, ඔවුන්ගේ අරමුණුවලට නොයා අසාර්ථක වූයේ ඒ නිසාය. මෙම අරමුණු තුන කරාම එකවිට ළඟා වූයේ නම් එක අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයෙන් යුක්ත අරමුණු දෙකක් නොසැලකා හැර එක් අරමුණකට ගොස් නැවත නොසලකා හරින ලද අරමුණ කරා එළැඹීමට නම් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අල්ගෝරිදමික (පරිගණකගත විශේෂ ගණිත ක්‍රමයකට අදාළ) සූත්‍ර අවශ්‍ය වේ. එහෙත් ඔවුන් නොසලකා හරින දෙ අරමුණට නැවත එනවිට ඔවුන් සිටින්නේ පෙර සිටි තත්ත්වයේ නොවේ. තෝරාගත් අරමුණවලින් මිදී මුලින්ම ප්‍රමුඛතාව දුන් අරමුණට පැමිණෙන විට එය යළි නිවැරැදි කරගත නොහැකි තරමට වෙනස් වී තිබේ.

එවිට අමතර කාර්ය කොටසක් කරන්නට සිදුවේ නම් එය දෑතින් බරක් ඔසවාගෙන අතුරක යන තරම් අවදානම් සහගත වූවකි. එක පැත්තකට බර වූ විට ඇද වැටේ. ඒ ආකාරයට ඔහු වෙළඳපොළට ඇලවේ නම් ඔහු ඇද වැටේ. ඔහු ව්‍යාපාර අංශයට නැඹුරු වුවත් සිදුවන්නේ ඒ ටිකමය. එමනිසා 2022 අයවැයෙන් සිත් කුල්මත් වන වෙනසක් සිදුවීම කෙසේ වෙතත් එයින් මුදල් ඇමැතිවරයා කෙසේ වෙතත් ගැලවිය නොහැකි උගුලක වැටෙන බවනම් පැහැදිලිය. ඉහත කී පරිදි ඔහු ප්‍රායෝගික මිනිසකු නම් ඔහු මෙම මර උගුල ගැන පරීක්ෂාකාරී විය යුතුය.


සිංගප්පූරුවේ කතාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායකින් තොරව රටකට ජාම බේරාගත හැකි ද? තමන්ගේම ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් පුළුල් ලෙස ආර්ථිකය වෙත හඳුන්වාදිය හැකිනම් එසේ කළ හැකිය. මේ සඳහා සිංගප්පූරුව විසින් අනගි පූර්වාදර්ශයක් දී තිබේ.

මැලේසියාවෙන් වෙන්වී වසරක් ගෙවී ගිය තැන 1966 දී සිංගප්පූරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ලෝක බැංකුවටත් සම්බන්ධ වූයේය. එවකට  සිංගප්පූරුවේ මුදල් අමාත්‍ය ලිම් කිම් සෑන් බ්‍රෙටන් වුඩ් ගිවිසුමට අදාල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය අපේක්ෂා කිරීම ස්ථාවර තුනක් මත යුක්තිසහගත යයි පිළිගන්නා බව ප්‍රකාශ කළේය. ඒවා නම් සිංගප්පූරුවේ ගෙවුම් ශේෂ කළමනාකරණය වර්ධනය කිරීමට ඇති හැකියාව. එරට මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ගෝලීය ප්‍රජාවේ විශ්වාසය කෙමෙන් දිනා ගැනීමේ හැකියාව. සිංගප්පූරු අර්ථිකය වෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ තාක්ෂණික දැනුම යන උපදෙස් නිරන්තරව ලබා ගැනීමේ හැකියාව ලැබීම.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධවීම ලෝක බැංකුවට සම්බන්ධවීමට පූර්ව සුදුසුකමක් ද වූයේය. ඒ මගින් ළදරු අවධියේ පසු වූ සිංගප්පුරුවට සංවර්ධන ණය ලබාගැනීමේ හැකියාව ද උදාවිය. එහෙත් තාක්ෂණික උපදෙස් හැරුණු විට සිංගප්පූරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩ සටහන්වලට යොමු  නොවූයේය. එවැනි වැඩ සටහනකට සම්බන්ධ වීමේ අවශතාවක් ද සිංගප්පූරුවට නොවීය.


නිකං දීමක් නැත
සිංගප්පූරුව ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාවට නැගු ආකාරය එහි පළමු මුදල් ඇමැති ආචාර්ය ගොහ් කෙන්ග් ස්වී (Goh Keng Swee) එහි මූල්‍ය මණ්ඩලයේ රිදී ජුබිලිය සමරනු වස් පළ කළ සඟරාවකට ලියූ ලිපියක විස්තර කර තිබේ. යටත් විජිත පාලනයෙන් ශේෂ වූවක් වුවද සිංගප්පූරුව නොකඩවා මූල්‍ය මණ්ඩල ක්‍රමය පවත්වාගෙන ගියේ මන්දැයි එහි විස්තර කර තිබේ. ගොහ් (Goh) කියා සිටියේ සිංගප්පූරුවේ පැරණි ගුරුකුලය පාලක දේශපාලනඥයන් අතර විනය තහවුරු කොට පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සැලකිලිමත් වූ බවයි. මහ බැංකුවක් මෙන් නොව මූල්‍ය මණ්ඩලයකට රජයේ වැඩසටහන් සඳහා මුදල් මණ්ඩලයට රජයේ වැඩසටහන් සඳහා මුදල් අච්චු ගසා ඒවෙනුවෙන් වියදම් කිරීමට නොහැකිය. මූල්‍ය මණ්ඩලය මුදල් නිකුත් කරන විට විදේශ විනිමය හා සමාන ප්‍රමාණයෙන් යුතු මුදල් ප්‍රමාණයක් පවත්වාගෙන යා යුතුවේ. රටට අලුතෙන් විදේශ විනිමය උපයාගත නොහැකි නම් එවිට ඔවුන්ට අලුතෙන් මුදල් අච්චු ගැසිය නොහැකිය.

එමෙන්ම රටට විදේශ විනිමය අහිමි වනවිට සංසරණය සඳහා මුදා හැර ඇති ඒ හා අහිමි වූ විදේශ විනිමයට හා සමාන මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් කළ යුතුවේ. එබැවින් විදේශ විනිමය අලුතෙන් උපයා ගැනීම උදෙසා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාලක දේශපාලනඥයන් දිරිමත් කිරීමක් ඒ මගින් සිදුවේ. ඒ හරහා මහ බැංකුව අච්චු ගසන මුදල් වලින් සමෘද්ධිමත් බව ජනනය කළ හැකිය, යන ජනප්‍රිය මතය එයින් බැහැර වී යයි. එම මතය දරණ ගුරුකුලය පිළිනොගත් බවද හොග් කියයි. ඔවුන්ගේ මතයට අනුව මහ බැංකුව නිර්මාණය කරන මුදල්වලින් සමෘද්ධිමත් බව ළඟාකර ගත නොහැකිය. සමෘද්ධිමත්භාවය ජනනය වනුයේ සියලු පුරවැසියන් පාසල්  සිසුන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයන් සහ තාක්ෂණික විද්‍යාලවල සිසුන් සහ වැඩපොළවල කම්කරුවන් පරිශ්‍රමය යොදා කරන වැඩ තුළිනි.

මෙවැනි ප්‍රතිපත්තිමය ස්ථාවරයක පිහිටා සිටිමෙන් සිංගප්පූරුවේ පැරණි ගුරුකුලයට තුන් විධියක  ජනතාවකට පණිවිඩ දෙන්නට අවශ්‍ය වී තිබිණි. එරට අනාගත දේශපාලකයන්ට එරට වැසියන් හා සෙසු ලෝකයේ ජනතාව යනු එම තුන් කොට්ඨාසයයයි. එරට අනාගත දේශපාලනඥයන්ට දුන් පණිවිඩය  නම් ඔවුන්ට ඡන්දය දිනා ගන්නා වැඩසටහන්වලට වියදම් කිරීම අවශ්‍ය  වේ නම් ඒවා මහ බැංකුවෙන් මුදල් අච්චු ගැසීම හරහා නොව ඔවුන් එම මුදල් දේශීය මුලාශ්‍රවලින් උපයාගත යුතුය යන්නයි. සිංගප්පූරු වැසියන්ට ඉන් අනතුරු අැඟවූයේ ඔවුන්ට වඩා හොඳ රාජ්‍ය සේවාවක් අවශ්‍ය නම් ඔවුන් ඒවාට මුදල් ගෙවිය යුතු බවත් කිසි දෙයක්  නිකන් ලැබේ යැයි බලාපොරොත්තු නොවිය යුතු බවත්ය.

ඔවුන් සෙසු ලෝකයාට දුන්නේ ඉතා වැදගත් පණිවිඩයකි. එයින් සරලව කීවේ ඔවුන් තම ඉතුරුම් සිංගප්පූරුවට දුන්නොත් ඒවා සිංගප්පූරුව විචක්ෂණශීලීව ආයෝජනය කොට ඒවාට ආකර්ෂණය ප්‍රතිලාභ ලබා දෙන බවත් ඒවා සුරක්ෂිත ලෙස ආපසු ලබා නොදීම සහතික වන බවත්ය.


විචක්ෂණශීලි බව විනා වෙනත් විකල්පයක් නොමැත
ඒ අනුව එරට නිදහසින් පසු ඉතිහාසය පුරා සිංගප්පූරුව විචක්ෂණශීලි අයවැය ප්‍රතිපත්තියක් සහ මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 1965 සිට 1973 දක්වා තිබුණේ තුලිත අයවැයකි. 1974 සිට 1987 දක්වා තරමක හිඟ අයවැයක් පවත්වා ගැනිණි. ඉන් අනතුරුව සෑම අයවැයකම පැවතියේ අතිරික්කයකි. එහි මූල්‍ය ප්‍රතිපත්තිය කෙතරම් දැඩි වූයේ ද යන්න එරට ප්‍රධාන වෙෙළඳ ගනුදෙනුකරුවා වූ ඇ. එ. ජනපදයටත් වඩා එරට උද්ධමන අනුපාතය අඩුවෙන් පවත්වා ගැනීමෙන් පෙනේ.

ඒ අනුව  1960 දී සිංගප්පූරු ඩොලරය හුවමාරු වූයේ ඇමරිකන් ඩොලර් 3.32කටයි. එරට ඩොලරයේ වෙළෙඳපොළ වටිනාකම ඒ ආකාරයට පවත්වාගෙන යාම නිසා 2021 ජූලි වනවිටත් සිංගප්පුරු ඩොලරය අගය ඇමරිකන් ඩොලර් 1.35ක් විය. පරිබාහිර අංශය ගත්විට 1965 සිට 1982 දක්වා සිංගප්පූරුවේ වෙ​ෙළඳ ගිණුමේ මඳ හිඟයක් පවත්වා ගත්තේය. එහෙත් ඉන් පසුව වෙළඳ ගිණුමේ අතිරික්තය කෙමෙන් වර්ධනය වූයේය. එරට ජංගම ගිණුමේ 1965 සිට 1987 දක්වා පැවතියේ හිඟයකි. ඉන් අනතුරුව දිගටම පැවතියේ අතිරික්තයකි. සිංගප්පූරුව මනා ලෙස තම මූල්‍ය තත්ත්වය  කළමනාකරණය කරගත් නිසා එරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහාය අවශ්‍ය නොවූයේය.


ශ්‍රී ලංකාව ආදායම් කපාහැර මුදල් අච්චු ගසයි
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟහරින ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් පාඩමක් උගත හැකිවේ. ආදායම් සහ මූල්‍ය ශික්ෂණය රඳවා තබා පවත්වා ගැනීම එයින් උගත හැකි එක් මූලික පාඩමකි. ආදායම පැත්තෙන් ගත හැකි පාඩම නම් නොමිලේ සහන ලබාදීමෙන් ඉවත්වී භාණ්ඩ හා සේවා භාවිත කරන්නන්ගෙන් මුදල් අය කිරීමයි. එක් අතෙකින් එසේ කරන අතර අනෙක් අතට රජයේ බදු අය කිරීම් වැඩි කිරීමයි. මෙරට පළමුව කී කාරණය (සහනාධාර) දැනට ක්‍රියාත්මක වෙමින් පවතින අතර බදු අය කිරීම ද බහුල ලෙස නොසලකා හැර තිබේ. අනවශ්‍ය ලෙස බදු සහන පිරිනැමීම හරහා විශාල ආදායම් කොටසක් මේ වනවිට අහිමිව ගොස් ඇති බව පෙනේ.
2019 වර්ෂය සමග සසඳා බැලු විට 2020 රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් බිලියන 519කි. එය දළ දේශීය නිෂ්පාදතයෙන් සියයට 3.5 ප්‍රතිශතයකි.

 2021  අහිමිව ඇති බදු ආදායම රු. බිලියන 450ක් බව වාර්තා වේ. එය මුළු ද.ජා. නිෂ්පාදිතයෙන් සියයට 3 ත් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ. එකි ආදායම් අහිමිවීම පියවා ගන්නට රජයට බැංකු අංශයෙන් ණය ගැනීමට සිදුවිය. මහ බැංකුවෙනුත් වාණිජ බැංකුවලින් එම ණය ලබාගෙන තිබේ. 2019 සිට 2021 ජූනි මාසය දක්වා රජය බැංකු අංශයෙන් ලබා ඇති ණය රු. බිලියන 2854කි.

මෙම ක්‍රියාව මුදල් තොග දැවැන්ත ලෙස ඉහළ යාමකට තුඩු දී අැත්තේ විදේශ වත්කම් පහත වැටීමක් හේතුවෙන් රටෙන් මුදල් ගලා ඒමත් සිදුවී නොමැති නිසාය. මේ කාලය තුළ රටේ මුදල් තොග රුපියල් බිලියන 2541කින් වැඩිවී ඇත. එය සියයට 33ක වැඩි වීමකි. මේ ආකාරයට වූ ආදායම් හා මූල්‍ය ප්‍රතිපත්තිමය ශික්ෂණයක් සමග ශ්‍රී ලංකාවට පැවැත්මක් නැත. ඒ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායක් නොමැතිව තමන්ගේම කටයුතු බලා කියා ගැනීමට උගහටය.

2022 සඳහා අයවැය සකස් කරන විට මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන ජය ගැනීමට අසීරු අභියෝගය මෙයයි.


(***)
2021 අගෝ. 2 Daily FT පුවත්පතේ පළවු
IMF OR Not: what other options are availble for  Sri Lanka
ලිපියේ පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

මුදල් ඇමැතිට අභියෝගය ජයගත හැකිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 12 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 101 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 411 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1046 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1529 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 247 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site