IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මුදල් කාරක සභාවේ මුල් පුටුවේ අවුල

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුගමනය කරන බොහෝ රටවල් නීතිරීතිවලින් මෙන්ම සම්ප්‍රදාය විසින්ද ශික්ෂණය ලබා ගනී. පාර්ලිමේන්තුව යනු බලය දරන ආණ්ඩු පක්ෂයට මෙන්ම බලය නොමැති විපක්ෂයට ද සම අයිතීන් හිමිවන ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල බදු ස්ථානයකි. රාජ්‍ය පාලනයට අදාළ ආණ්ඩුකරණයේ දී මේ දෙපක්ෂයටම යම් යම් අයිතිවාසිකම් හිමිවේ. එම අයිතිවාසිකම් හා බැඳුණු යුතුකම් සම්ප්‍රදායන්ද වන බව මෙහිදී අමතක කළ යුතු නොවේ.

පාර්ලිමේන්තුව නම් වූ ආයතනය ගැන කියවෙන විට අපට නිතැතින් සිහිපත් වන්නේ එහි මහ සභාවයි. එහෙත් මහ සභාව මෙන්ම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන විවිධ කමිටු හා කාරක සභාවලින්ද ඉටුවන්නේ මහත් මෙහෙයකි. අපේ මැතිසබයට ගුරුහරුකම් සැපයූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ වැදගත් රාජ්‍ය කටයුතු රැසක් සිදුවන්නේ කමිටු හා කාරක සභා මාර්ගයෙනි. මැතිසබය රැස්නොවන දිනවල පවා නොයෙක් කමිටු හා කාරක සභා රැස්වී රාජකාරි කටයුතු කිරීම සාමාන්‍ය සිරිතකි.

අප මෙම මූලික අදහස මුලින්ම සටහන් කළේ පසුගියදා මෙරට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් හටගත් අවුල් සහගත තත්ත්වය හේතුවෙනි. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු මෙම කමිටු සභාපති ධුරය දැරිය යුතුය, යන්න මැතිසබය පිළිගත් කරුණකි.

පසුගිය පාර්ලිමේන්තු වාර අවසානයට පෙර රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා විපක්ෂ මන්ත්‍රීවරයාය. නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ පසුවද විපක්ෂය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කළ නමුත් එම පත්වීම සිදු වූයේ නැත. ඒ වෙනුවට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා මුදල් කමිටු සභාපති ධුරයට පත් කළ බව නිවේදනය කෙරිණි.

මෙම පත්වීමත් සමග මුදල් කමිටු සභාපති ධුරය සම්බන්ධයෙන් උණුසුම් විවාදයක් හට ගැනුණි. මෙහි දී විපක්ෂය රජයෙන් ප්‍රශ්න කළේ විපක්ෂයට හිමි මුදල් කාරක සභා සභාපති ධුරයට ආණ්ඩුවේ කැමැත්ත පරිදි මන්ත්‍රීවරයකු නම් කිරීම කොතරම් සදාචාර සම්පන්න ද යන ප්‍රශ්නයයි.

පසුගිය කාලයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේ සභාපති ලෙස හොඳ සේවාවක් ඉටු කළේය. ඔහු එම විෂය පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකි. එවන් කෙනකු මෙම වැදගත් කමිටු සභාපති ධුරය සඳහා නම් කළ විට ඊට යුක්ති සහගත ලෙස ප්‍රතිචාරයක් දැක්වීම රජයේ යුතුකමයි. අතීතයේ නම් මෙකී කාරක සභාවලින් යහපත් මෙහෙවරක් අපේක්ෂා කළ ඒ ඒ පක්ෂවල දේශපාලන නායකයෝ බොහෝ මුල්‍යමය කාරක සභාවල සභාපතිවරුන් ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන්ව තෝරා ගත්හ.

1977 වසරේදීත් ඉට පෙර කාලයේදීත් රාජ්‍ය ගිණුම් කාරක සභාව නැමැති වැදගත්ම කාරක සභාවේ සභාපති ධුරය දීර්ඝ කාලයක් හෙබවූයේ විපක්ෂයේ ගරුකටයුතු දේශපාලනඥයකු වූ බර්නාඩ් සොයිසා මහතාය. ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍යවරයා ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද බර්නාඩ් සොයිසා වැනි විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මෙවන් කමිටුවල මුල් පුටුව බාර දුන්නේ පටු වාද භේද නොසලකමිනි.

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයට විපක්ෂය නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පත් කළ බව ප්‍රකාශ වූ විට ආචාර්ය හර්ෂ ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම කමිටුවෙන් තමන් එලවා දමන්නට කවුරුන් හෝ තැත් කරන බවයි. පසුගිය කාලයේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ඇතැම් අනවශ්‍ය මුදල් යෝජනාවලට එකඟ නොවීම තමන්ට ආණ්ඩුව එරෙහි වීමට හේතුව බවද ඔහු සඳහන් කර ඇත. 

මේ අතර විපක්ෂය සතු අයිතිය ආණ්ඩුව විසින් පැහැරගෙන ඇති බවට විපක්ෂය චෝදනා කරයි. මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් මෙම සිදුවීම විසින් ගම්‍ය කරනු ලබන්නේ පටු දේශපාලනයේ අවලස්සන කතන්දරයකි. කෙසේ වෙතත් මයන්ත දිසානායක මන්ත්‍රීවරයා එම ධුරයෙන් දැනට ඉවත්ව ඇත.

ඔහු වෙනුවට නැවතත් හර්ෂද සිල්වා පත් කරන්නේද යන්න ආණ්ඩුව මෙතෙක් ප්‍රකාශ කළේද නැත. වෙනත් මන්ත්‍රීවරයකු පත් කළද අර්බුදය තවත් දුරගිය යනු ඇත. තියෙන අර්බුද මදිවාට තව තවත් අර්බුද වවාගන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම මැතිසබයේ ප්‍රධානීන්ගේ යුතුකම හා වගකීම වන බව අවධාරණයෙන් සටහන් කරමු.

(***)



අදහස් (0)

මුදල් කාරක සභාවේ මුල් පුටුවේ අවුල

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1002 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 6519 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 446 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 839 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 851 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 450 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site