IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


මුදලට ලෙඩ හදන වැලිකඩ ඩිස්පැන්සරිය

20_SLTK_P15_Back

 

අපරාධකරුවෙකුට අධිකරණයෙන් දඬුවම් ලැබෙන්නේ අවුරුදු ගාණක් නඩු අහලාය. එහිදී ජීවිත කාලයටම දඬුවම් ලැබෙන අතරම මරණ දඬුවම හිමි වන අවස්ථා ද විරල නැත. 


මිනීමැරුම්, හොරකම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, මුදල් වංචා, මත් ද්‍රව්‍ය ජාවාරම්, පාතාල අපරාධ ඇතුළු මෙකී නොකී අපරාධවලට දඬුවම් ලබා ආණ්ඩුවේ බෝඩිමට එන ඕනෑම අයෙකු පිළිගන්නට බන්ධනාගාරය සූදානම්ය. 


ස්ත්‍රී දූෂකයින්ට නම් හිර ගෙදරින් නැවත දඬුවම් ලැබෙන්නේය. ඒවා රජකාලේ දඬුවම්ය. 


පාතාල අපරාධ වලට හවුල් ඕනෑම ජගතෙකුට වුවද බන්ධනාගාරය අවුලක් වන්නේ නැත. ඒ හිරගෙදරට ආ එකාට වඩා පිට ඉන්නා ගෝලබාලයින් ඕනෑම දෙයක් තම හිතවතා වෙනුවෙන් වැය කරන්නට සූදානම් නිසාය. 


බන්ධනාගාර ලියාපදිංචි අංශයෙන් (ආර්. සී. ශාඛාවෙන්) ලැබෙන නොම්මරය පමණක් ලබා ගැනීම බලවතුන්ට සෑහේ. 


පෙර කතිකා කර ගත් පරිදි ඉන් පසු ඇතුළු කෙරෙන්නේ සිර වාට්ටුවට නොව, කෙළින්ම රෝහලටය.  ප්‍රතිකාර ලබාදීමේ අධිකරණ නියෝග ඇතත්, නැතත් රෝහලේ කාමරයක නැවතීමේ පහසුකම මුදලට කෑදර දූෂිත වෛද්‍යවරුන්ගේ සහායෙන් ඩීල් බවට පත් වෙන්නේ ඉබේටමය. 


සිර දඬුවම් ලබා එන ඕනෑම සිරකරුවෙකු සිර වාට්ටුවට ඇතුළු කිරීමට පෙර බන්ධනාගාර වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීම බන්ධනාගාර නියමයකි. 


ඒ නියමය බන්ධනාගාර නිලධාරීන් මෙන්ම, ඇතැම් වෛද්‍යවරුන් ද නියමෙට ප්‍රයෝජනයට ගන්නා බව පෙනෙන්නට ඇත්තේ, බලවතුන්, පාතාල අපරාධකරුවන්, මෙන්ම දේශපාලකයින්ගේ ආගමනයත් සමගයි. 


ආර්.සී. අංශයේ ඇතැම් දූෂිත නිලධාරීන් හා එවන් වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකු එක්ව ගෙන යන මෙම රහස් ජාවාරමට අනුව ධනවතුන් බලවතුන් එකම දිනකවත් සිරවාට්ටුවක් තුළ ගාල්වන්නේ ද නැත. 


වෛද්‍ය නිර්දේශ වලට අනුව එවැන්නන් සඳහා රෝහල් වාට්ටු වෙන් කෙරෙන්නේ ද කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි අයුරිනි. 


මුදල් හමුවේ හිපොක්‍රටීස් පවා පාවා දෙන අවලම් වෙදැදුරන්ගේ රඟපෑම් බන්ධනාගාර රෝහල තුළින් දැක ගත හැකි වන්නේ මෙවන් අවස්ථා වලදීය. 
බන්ධනාගාර රෝහල ගැන ඉකුත් සතියේ කළ හෙළිදරව්වෙන් පසු පරලවී සිටින දූෂිත වෛද්‍යවරයෙක් ලියුම්කරුගේ දෙමව්පියන් පවා මතක් කරමින් හැසිරෙනුයේ වෛද්‍ය වෘත්තියට පවා කියා දෙන අයුරින් බවද කිව යුතුය. 


මෙම දූෂිත වෛද්‍යවරයා පසුගියදා වැලිකඩ බන්ධනාගාර ගේට්ටුවේදී කළ පරීක්ෂාවකදී ඔහුගේ බෑගයේ තිබී සේලයින් බෝතල් හතරක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මෙබඳු අවස්ථාවකදීය. 


වැලිකඩ බන්ධනාගාරයේ කුඩු රැඳවියන්ට ලබා දීම සඳහා එම සේලයින් බෝතල් රැගෙන ආ බවට පසුව ඉහළ නිලධාරීන් හමුවේ පිංසෙන්ඩු වී ඇති බවත් ද සඳහන්ය. 


කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයාට ඉහළ නියෝගයකින් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයට ඇතුළුවීම් තහනම් විය. 


බන්ධනාගාර රෝහලේ අවලම් ජාවාරම් ගැන පළමු ලිපියෙන් පසු බන්ධනාගාර පාලකයින් මෙන්ම රෝහල් පාලකයින් ද කලබලවී ඇති බවක් ද දැන ගන්නට ඇත. ඉකුත් 31 දා එහිදී දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවකදී මෙම වෛද්‍යවරයා දැඩි දෝෂාරෝපණයට ලක්ව ඇති බවත් එහිදී රෝහල් බලධාරියෙකු එක් වෛද්‍යවරයෙකු ආරක්ෂා කරන්නට දැඩි උත්සාහයක් දරා ඇති බවටත්, එය බන්ධනාගාරය පුරා පැතිර ගිය බව ද අසන්නට ලැබේ. 
බන්ධනාගාර රෝහල අරක්ගෙන සිටින මෙම බහිරවයින් දෙතුන් දෙනා සෙසු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය පවා කෙලෙසන බවට චෝදනා නැගී ඇතත් ඒ සියල්ල යටපත් කිරීමට මෙම කණ්ඩායම සමත්ව ඇති බව ද නොරහසකි. 


තමන් කිසිම ජගතෙකුටවත් භය නොමැති බව පැවසීමට තරම් මෙම දූෂිත යැයි හඳුන්වන වෛද්‍යවරුන් කීප දෙනා පෙලඹීම මෙහි ඇති කුණු රසයට ඔවුන් කොතරම් ලොල්ව ඇද්ද යන්නට කදිම නිදසුනකි. 


මෙම ජාවාරමේ සියල්ල අද වන විට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික රෝහල අතර ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමද නොරහසකි. මෙම ගනුදෙනු ඒ සියල්ලන් හා එක්ව දිගටම සිදු වීමද නොවැළැක්විය හැකි කරුණක් වී ඇත්තේ ද එබැවිනි. 


මේ බව දකිනා ප්‍රබල චූදිතයින් අධිකරණයෙන් කුමන දඬුවම හිමිවුව ද ඒ ගැන තැකීමක් කරන්නේ නැත. හඬා දොඬා වැලපෙන්නේ ද නැත. ඒ කෙළින්ම යන්නේ කොතැනටදැයි දන්නා නිසාය. 


මරණ දඬුවම පවා ලද වරදකරුවන් සිනහවෙමින් අධිකරණයෙන් පිටතට එන්නේ ඒ නිසාය. දෑතට මාංචු වැටුණ සැකකරුවන් අත් ඉහළට ඔසවා ආචාර කරන්නේ ද ඒ නිසාය. බන්ධනාගාර බසයට නැග කවුළුවකින් පිටතට පෙනෙන සේ අත වනන්නේ ද ඒ නිසාය. 


සාමාන්‍ය සිරකරුවාගේ සිට මරණ දඬුවම දක්වා අච්චුව ලැබී සිර ගෙදරට එන ඕනෑම ප්‍රබලයෙකුට රෝහලට යාමේ පින් ඇත්තේ වත්පොහොසත්කම අනුවය. 


ඒ නිසාම මරණ දඬුවම හිමි වූ එකාට වෛද්‍ය නිර්දේශ මත කවදා හෝ එල්ලා මරණ තෙක්ම රෝහල් වාට්ටුවක සුවසේ පසු විය හැකිය. 


කුමක් හෝ වරදකට බන්ධනාගාරයට එන සැකකරුවකුව ඇප මත මුදා හරින තෙක්ම රෝහල් ඇඳක සුරසැප විඳිය හැකිය. 


ඒ ගනුදෙනුවේ හැටියට ඇඳ ඉහපත් ලියවෙන විදිහටය. 


වත්පොහොසත්කම් ඇති උදවිය බන්ධනාගාරයට පය තබන හැටියේම ලෙඩ වන අයුරුද අපූරුය. සමහරෙකුට ප්‍රෙෂර් එකසිය ගාණට නැගලාය. තවත් කෙනෙකුට හාට් ඇටෑක් හැදිලාය. 


රෝග ලක්ෂණ අනුව රෝගී රැඳවියන් සිර වාට්ටුවල තැබීම අනතුරුදායකය. ජීවිතයට අනතුරක් වුවහොත් වගකීම  බන්ධනාගාර නිලධාරීන් භාරගත යුතුය. 


ඒ නිසාම හිරගෙට එන කුමන රැඳවියාද අසනීපයක් ඇත්නම් රෝහල් ගත කර තමන්ගේ ඇඟ බේරා ගැනීම කවදත් සිදුවන්නකි. එයද මෙම රහස් ජාවාරමට ඇත්වැල සපයන්නක් බඳුය. 


මේ බව දකිනා ඇති හැකි හැම එකාම තෝරා ගන්නේ බන්ධනාගාර රෝහලය. රෝහලේ නේවාසික ප්‍රතිකාර දිගටම ලබා දීම හෝ ජාතික රෝහලට මාරු කර යැවීමේ සියලු නිර්දේශ වෛද්‍ය උපදෙස් මත සිදුවන්නකි. 


ලෙඩක් නැති ලෙඞ්ඩු රෝහල් ගත කෙරෙන්නේ ඒ විදිහටය. රැඳවියාගේ ඥාතීන් මේ සියලු බර පැන දරන්නේ රැඳවියා තවදුරටත් රෝහලේ ඇඳක් මත තබන්නටය. 


ටිකට් කපන්නට ඉඩ නොදී නිතර දෙවේලේ හිතවත් වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබා ගන්නේ ද ඒ නිසාය. කවර හෝ වෛද්‍යවරයෙකු මේ රැඳවියාගේ ටිකට් කැපුව ද ඔහුගේ වෛද්‍යවරයා අලුතින් ටිකට් එකක් දමා සිය සේවා දායකයා ආරක්ෂා කරන්නට සූදානම්ය. නැවතත් රෝහල් ගත කරන්නට සූදානම්ය.


ප්‍රබල දේශපාලකයින් ආණ්ඩුවේ ගෙවන වාට්ටු වලට පවා ඇතුළු කරන්නට මේ සර්ව බලධාරී දෙවිවරුන් සූදානම්ය. 


පෞද්ගලික රෝහල්වල නැවතී විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට ද කැමැත්තෝය. 


ප්‍රබලයින්ට මෙම රෝහලෙන් සැලකුම් ලැබෙන්නේ ඒ විදියටය. 


බන්ධනාගාරයට එන ආණ්ඩුවේ දේශපාලකයාත්, විපක්ෂ දේශපාලකයාත් මෙම රෝහලට දෙදෙනෙක් නොව එක් කෙනෙක්මය. 


ඒ පවතින ආණ්ඩුවෙන් සැලකුම් ගන්නටත් එන ආණ්ඩුවෙන් ඊටත් වැඩි වාසි ගන්නටත් අවශ්‍ය නිසාය.


හැමදාමත් රෝහලේ රාජකාරි කරන්නට දැන හැඳුනුම්කම් ශක්තියක් වන බව ඔවුන් දන්නා නිසාය. 


ඒ නිසාම රෝහලෙන් ඕනෑම පුද සත්කාරයක් දේශපාලකයාට කැපය. 


ඉල්ලන ඕනෑම දෙයක් ගෙනවිත් දෙන්නට ද කාර්ය මණ්ඩලය සූදානම්ය. අත පයට ආවතේව කරුවන් ද සූදානම්ය. හැමදාමත් නීති විරොධී දේවල් මෙහි සිදුවන්නේ ද ඒ නිසාය. 


එස්. බී. දිසානායක ඇමතිවරයා එදා මුළු දඬුවම් කාලයම වැලිකඩ සිර ගෙදර නොව ආණ්ඩුවේ ගෙවන වාට්ටුවක ගත කළේ ද ඒ නිසාය. 


සිර දඬුවම් විඳින ඇති හැකි සිරකරුවන් රෝහල් ගත වීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන අවස්ථා ද අසන්නට ලැබේ. 


ඒත් ඒ කිසිවක් එම ජාලය හරහා සිදු නොවන්නට ඉඩ නැත. 


ඊට බන්ධනාගාර නිලධාරියාත්, වෛද්‍යවරයාත් හවුල් නොවී කිසිවක් කළ නොහැක්කක්මය. 


බන්ධනාගාරවල ඖෂධවේදීන්ගේ හිඟය කලක පටන් පවතින්නකි. 


සිරකරුවෙකුට හෝ සැකකරුවකුට මූලික ප්‍රතිකාර බන්ධනාගාර ඩිස්පෙන්සරියෙන් ලබා දීම සාමාන්‍ය පිළිගත් පිළිවෙත වේ. 


මෙහිදී ඖෂධවේදියාගේ රාජකාරි පහසුව සඳහා පුරුදු පුහුණු කළ රැඳවියන් ඩිස්පෙන්සරි රාජකාරි වල යෙදවීමට ද බාධවක් නැත. 


ලෙඩක් නැති රැඳවියන් ලෙඩ කරන්නට හැකි තැන් වලින් එකක් ලෙස මෙම ඩිස්පෙන්සරි හැඳින්වුව ද වරදක් නැත. 


ඒ අදටත් සිදුවන්නේ එයම නිසාය. 


අසනීප වාර්තා කරන රැඳවියන්ගේ ලේ, මුත්‍රා හා කෙළ සාම්පල ගැනීම මෙහිදී සිදු කෙරේ. 


එම සාම්පල් එකතු කරන්නේ ඇතැම් සිරකරුවන් බවට නොදන්නා කෙනෙක් නැත.


ලබා ගන්නා එම සාම්පල එකතු කර බන්ධනාගාර රෝහල වෙත යැවෙන්නේද බොහෝ විට එම සහායක රාජකාරි ඉටු කරන සිරකරුවන් මගිනි. 
කලින් සැලසුම් කළ පරිදි කිසියම් රැඳවියෙකුට රෝහල් ගත වීමේ අවශ්‍යතාවක් ඇත්නම් මේ සියලු දෙනාම දැනුම්වත් කළ යුතුය. ඒ අනුව සැලසුම ක්‍රියාත්මක කෙරේ. 


රෝගී රැඳවියන්ගෙන් ලබා ගන්නා එම සාම්පල මාරු කර රෝහල් ගත වන පුද්ගලයාට ලබා දීම මෙහි එක් උපක්‍රමයකි. 


මෙම ලේ, මුත්‍රා හා කෙළ සාම්පල අනුව ඕනෑම රෝගාබාධයකට මොවුන්ට රෝහල් ගත විය හැකිය. 


මෙහි රෝහල් ගතව සිටින වැඩිම පිරිස කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, දියවැඩියාව, ක්ෂය රෝගය හා මානසික රෝගාදියෙන් පෙළෙන්නේය. 


මෙම සාම්පල තුළින් අවශ්‍ය වෛද්‍ය වාර්තා සකස් කිරීම, ඇඳ ඉහපත් දැමීම මේ පිළිබඳව නම් දරා ඇති ඩීල්කාර වෙදදුරන් කීප දෙනෙකු අතින් සිදුවීම මෙහි ඇති වඩාත්ම ඛේදනීය තත්ත්වයකි.


මෙම සෑම රෝග නිශ්චයක් තුළින්ම බන්ධනාගාර රෝහල් වාට්ටුවේ මුදල් ගෙවන තරමට ඕනෑම කාලයක් සිටිය හැකි බව අත්දැකීම් ඇති සිරකරුවෝම පවසති. 


සාමාන්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 20,000 කි. පිටත සායන වලට යෑම සඳහා රුපියල් 10,000 කි. මෙම සෑම ගනුදෙනුවක්ම ඥාතීන් හරහා ඊසිකෑෂ් වලින් සිදුවේ. 


මානසික හා ක්ෂය රෝග වාට්ටුවල ගත කිරීම සඳහා වෙන වෙනම  ගාස්තුය. ලේ, මුත්‍රා, කෙළ සාම්පල මාරු කිරීම සිදුවන්නේ මේවාට ඇතුළුවීම සඳහාය. දිය වැඩියාවට ද හෘද රෝගී තත්ත්වයට ද ප්‍රෙෂර් කොලෙස්ටරෝල් වැනි රෝග වලට ද මෙම සාම්පල් වෙනත් රෝගීන්ගේ ලේ මුත්‍රා හා කෙළ සාම්පල් හා මාරු කෙරෙන බවට චෝදනා ඇත්තේද ඒ නිසාය. මේ තුළින් නිරෝගී පුද්ගලයින් රෝගීන් බවට පත් කිරීමට හැකියාව ඇති නිසාය. 


වෛද්‍ය නිගමන කිසිදිනෙකත් බොරු කරන්නට බැරිය. ඒ සමග සිදුවන මෙගාඩීල් ද කවදාවත් නතර කරන්නට ද බැරිය. 


මෙම රෝහලේ උග්‍ර හෙද නිලධාරී හිඟය නිසා රෝහලේ වාට්ටු වල සහායක රාජකාරීන් සඳහා යොදවා ඇත්තේ ද සිරකරුවන්ය. 


මෙම සිරකරුවන් විසින් අසත්‍ය තොරතුරු සපයා රෝගීන් ලෙස රැඳවියන් දිගින් දිගටම තබා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත්තේ ද ඒ නිසාය. 
මෙම සිරකරුවන් ලබා දෙන තොරතුරු මත ප්‍රතිකාර සහ වෙනත් දේ තීරණය කිරීමද, රෝගීන් මුදවා හැරීම ද, රෝගීන් ලෙස හඟවා දිගටම තබා ගැනීම ද සිදුවන බවට චෝදනා රැසක්ම ඇතත්, ඒවා අදටත් එලෙසින්ම සිදුවන්නේ රෝහල් පරිපාලනයෙන් ඊට ලැබෙන අනුබලය බලවත් නිසාය. 


සිරකුටිවල රඳවා සිටින පාතාල අපරාධකරුවන්ට උසාවි යාම කල් දැමීමට අවශ්‍ය වූ විටෙකදී අසනීප හැදෙන්නේ හිටි ගමන්ය. 


පාතාල ගේමක් එළියේ සිදුවෙන බවට ආරංචිය ඔවුන්ට ලැබෙන්නේ එළියේ සිටිනවාටත් වඩා ඉක්මනින්ය. 


ඒ අනුව පහුවෙනිදාට උසාවි යෑම වළක්වා නිලධාරීන්ගේ සහාය ඇතිව වෛද්‍යවරයෙකුගේ නිර්දේශය ලබා ගන්නේ අසනීප තත්ත්වයක් මවාපාමිනි. 
මෙවැනි පාතාල අපරාධකරුවන්ට හැදෙන්නේ හදිසි බඬේ අමාරුය. 


අසනීප තත්ත්වයෙන් පෙළෙන බවට රැඳවියෙකු වේදනාවෙන් කෑ ගසද්දී  වහාම බන්ධනාගාර රෝහලට ගෙන යාම නිලධාරියෙකුගේ වගකීමය. 


ඒ අනුව රෝහලට රැගෙන යන රැඳවියාට එහි රැඳී සිටින්නටත් වෛද්‍යවාර්තාව අධිකරණයට යවා වෙනත් දිනයක් ලබා ගන්නටත් හැකියාව සැලසේ. මේ සඳහා ද විවිධ ඩීල් ක්‍රියාත්මක වන බව නොදන්නා කෙනෙක් නැත. 


බන්ධනාගාරයක සිටින සිරකරුවන් අතරින් සියයට 50 ක්ම කුඞ්ඩන්ය. 


කුඞ්ඩන්ට කුඩු සික් හැදුණුවිට කෙළින්ම  යන්නේ අම්මා ඩොක්ටර් බලන්නටය. මානසික රෝග තත්ත්වයක් මවාගෙන රෝහලට යන මෙම කුඞ්ඩන්ට පිස්සන්ට දෙන පෙත්ත ලබා දීම මෙහිදී සිදුකෙරේ. 


මුදලට කෑදර වෛද්‍යවරයෙකු ලවා මෙම පෙත්ත කුඞ්ඩන්නට ලබා ගැනීමට හැකියාව ඇති නිසා වැඩි දෙනා කුඩුසික් එකට එන්නේ අම්මා ඩොක්ටර් බලන්නටය. 


මානසික වාට්ටුවේ මේ වන විට එවැනි කුඞ්ඩන් ගණනාවක්ම පසුවෙන බවට ද තොරතුරු ඇත. හිර ගෙදර දොස්තරලාගේ මේ අමුතු පෙත්ත අද ඉතාම ජනප්‍රියය. එය කුඞ්ඩන්ට ඉහළ මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් රෝහල තුළ ක්‍රියාත්මක වන බව ද අසන්නට ඇත.


 මේ කුඞ්ඩන්ට සේලයින් දීම ද තවත් ජාවාරමකි. ඒවා බන්ධනාගාරය තුළදීම සිදු කෙරෙන මානුෂික ක්‍රියාවකි. 


ඒ මුවාවෙන් සේලයින් බෝතල විකිණීමේ ජාවාරමක් ද දූෂිත වෛද්‍යවරයෙකු මගින් සිදු කෙරී ඇති බවට ද චෝදනා නැගෙන්නේ නිකමට නොවේ. 
මෙම සේලයින් බෝතලයක් කුඩු සික් කාරයෙකුට රුපියල් 5000 කට අලෙවි කෙරෙන බවද ප්‍රකට රහසකි. 


ඉකුත් දා වෛද්‍යවරයෙකු සිය බෑගය තුළ දමාගෙන සේලයින් බෝතල් 4 ක් රැගෙන යාමේදී පරීක්ෂාවට ලක් වූයේ වැලිකඩ බන්ධනාගාර ගේට්ටුවේදීය. 
රෝගී රැඳවියන්ට සේලයින් දීමට අවශ්‍ය නම් එය වෛද්‍යවරයෙකු විසින් බෑගයේ දමාගෙන යාම එම වෘත්තියේ ගෞරවයට කෙතරම් උචිත ද යන්න සලකා බැලිය යුත්තකි. 


රෝගියාගේ මානෂික තත්ත්වය සලකා එය රැගෙන ගිය බවට දැන් කරන කතා විශ්වාස කළ හැකි ද යන්න ප්‍රශ්නයකි. 


කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයාට එම බන්ධනාගාරයේ මහ දොරටුව වැසීයාමත්, මෙම ජාවාරමත් අතර සම්බන්ධයක් නැතැයි කිව හැක්කේ කාටද? වැලිකඩ කුඞ්ඩෙකුට සේලයින් ඕනෑ වූ විට බන්ධනාගාර රෝහලේ සිට තම බෑග් එකේ දාගෙන සේලයින් ගෙන යන වෛද්‍යවරුන් ගැන අසන්නට ලැබීමත් පුදුමයක් නොවන්නේද?

m



අදහස් (0)

මුදලට ලෙඩ හදන වැලිකඩ ඩිස්පැන්සරිය

මංජු ශ්‍රී Saturday, 26 November 2016 11:39 PM

බන්ධනාගාර වලින් උසාවි ගෙනෙන සැකකරුවන්ට දෙන කෑම ටෙන්ඩරය ගැනත් ලියන්න. සැකකරුවන්ගේ බිරින්ඳෑවරුන්ගෙන් ගන්න අල්ලස් ගැනත් ලියන්න. තොරතුරු ඕනෑ නම් අපිත් දෙන්නම් (නි)

:       0       0

වජිර Tuesday, 06 December 2016 09:49 AM

ඉතාමත් හොද ලිපියක්...(හේ)

:       0       0

රූපවතී Tuesday, 22 November 2016 12:44 PM

ලංකාදීපය එඩිතරව වගකීමෙන් ලිව්ව මේ ලිපියට මගේ ප්‍රණාමය ..!!!මේ හා බන්ධනාගාරයේ ලිපි නොකඩවා ලියන්න ..බලධාරීන්ට දෑස් හැරෙන තුරු නොබියව ලියන්න...?(හේ)

:       0       0

බන්දුල. Thursday, 24 November 2016 04:46 AM

මෙවන් දේ පාලකයන්ට දෙනෙත් විවර කිරීම උතුම් දෙයක්, එහෙත් ඔබ ප්‍රවේශම් වෙන්න ඔබට කිනම් බලපෑමක් ඒවිද දන්නේ නැහැනේ. පාලකයන්ගේ දෙනෙත් විවරවේවා පතමු? (බ)

:       0       0

අනුර Tuesday, 06 December 2016 03:46 PM

ඔබතුමා මේ ගැන ලිව්ව එක බොහොම හොඳ දෙයක්. නමුත් ඔබ ප්‍රවේශම් වෙන්න. මේ බොහොමයක් දේශපාලනයට සම්බන්ධ අයට අදාල වන නිසාත්, එවැනි පිරිස් දහස් ගණනින් සිටින නිසාත් ඔබට කාගෙන් කොයි මොහොතක ජීවිතයට තර්ජනයක් එල්ල වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 482 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 85 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 994 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 125 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 169 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 711 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 353 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site