පාලිත ජයකොඩි මෑත කාලීන පාඨකයන් අතර වඩාත් සිත්දිනාගත් පරිවර්තකයෙකි. ඕලන්ද සිරකරුගේ ලංකා සංචාරය, පිලීතියස් දුටු ලංකාව, අසිරිමත් කුණ්ඩලිනී, මිනී කන ව්‍යාඝ්‍රයන්ට මැදිව, මා පෙම්බැඳි භාරතය, බල වියරුව, ධවල යක්ෂයා, අප්‍රිකානු පොළව යටින් ආදිය ඔහුගේ පරිවර්තන අතර කැපී පෙනෙන කෘති කිහිපයක් පමණි. ඔහුගේ නවතම පරිවර්තන කාර්යය වන්නේ ‘කල්කි’ තුන් ඇඳුතු ප්‍රබන්ධයයි.
මෙවර සංවාදය ඔහු සමග පැවැත්වෙන්නේ මේ පරිවර්තන කාර්යය පිළිබඳව මෙන්ම නූතන පරිවර්තන කලාව හා ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා පිළිබඳව සැකැවින් විමසා බැලීම වෙනුවෙනි.
ඔබේ නවතම පරිවර්තනය වන කල්කි කෘතිය සිංහලට නැගුවේ එහි කුමන විශේෂතා සැලකිල්ලට ගෙනද? එය සිංහල පාඨකයාට සමීප කළ යුතු යැයි ඔබ කල්පනා කළේ ඇයි?
කල්කි තුන් ඇඳුතු ප්‍රබන්ධය ගැන මගේ මිත්‍ර ලේඛක පුෂ්ප රංජන් විජේසිංහයන්ගේත් අවධානය යොමු වුණේ 2019 වර්ෂයේ අග භාගයේදී. ඉන්දියානු කෘතිවලට බොහෝදෙනා ඇලුම් කරනවානේ. කියවන්නෙක් විදිහට ගත්තාම මමත් එහෙමයි. මෙන්න මේ කාරණාව මේ කෘතිය පරිවර්තනයේදී අංක එකට තිබුණා කියන්න පුළුවන්.
2010 වර්ෂයෙන් පසුව කාලය තුළ ඉන්දියානු ලේඛකයන් ඔවුන්ගේ අතීතය, ඔවුන්ගේ සංස්කෘතිය ආගම සහ ඇදහිලි විශ්වාස හාරා අවුස්සමින් ත්‍රාසජනක ඒ වගේම වීර කතා ගණයට වැටෙන ප්‍රබන්ධ වැඩි වශයෙන් නිර්මාණය කරන්නට පෙළඹී තිබුණා. මං හිතන්නේ මේ රැල්ලට වැඩි වශයෙන් පණ දුන්නේ අමීෂ්. මීට අමතරව ඔය නම් ලැයිස්තුවට එකතු කරන්න පුළුවන් අනුජා චන්ද්‍රමෝලි, අමිත් මුසුම්දාර්, කවිතා කේන්, ආනන්ද් නීලකාන්තන්, අශ්වින් සංගි වැනි අයත්. මේ ප්‍රවර්ගයේ අලුත්ම තරුව විදිහට නැගී ආවේ කෙවින් මිස්සල්.
කෙවින්ගේ ‘කල්කි’ තුන් ඇඳුත්ත මා තෝරාගන්න හේතු කීපයක්ම තිබුණා. එකක් අර ඉහත කී වීර කතා ගණයට වැටෙන නිර්මාණ රසවිඳීමේ කැමැත්ත. ඉන්දියානු උප මහාද්වීපයට යටින් තිබෙන දූපතක ඉන්නා අපේ රසවින්දනයට, අපේ කලාවට, අපේ කියැවීමට එය හරි සමීපයි. ඉන්දියානු පොතපත අපට අමුතු දේවල් නොවෙයි.
වාල්මිකී, විෂ්ණු ෂර්මන් රසවිඳපු මිනිස්සු. ඒ වගේම කෙවින්ගේ මේ පොත් පෙළ කුතුහලය නිරන්තරයෙන්ම රැඳෙන පරිදිත්, සරල බස්වහරකිනුත් යුක්තවුණා. අනෙක් අතට ඔහු මේ කතා පෙළ මුළුල්ලේ අප හොඳින් දන්නා අසා තිබෙන චරිත සියයක් පමණ පෙළගස්වා තිබෙනවා. එක මොහොතකටවත් එකිනෙක නොහැපෙන ලෙස ඔහු ඒක කරනවා. ඒක නොසෑහෙන තරමේ අධ්‍යයනයකින් පසුව කළ නිර්මාණයක් බවත් මේ කෘතිය පෙනුණා. යෞවනයකු වන කෙවින්ගේ මේ කාරිය මගේ හිතට ඇල්ලුවා. ඒ නිසා අපි ඒක තෝරාගත්තා.
ඉතින් මම කල්පනා කළා අපට මුළුමනින්ම ආගන්තුක නොවුණ ඉතිහාසයක් හා සංස්කෘතියක් පදනම් කරගෙන නිර්මාණය වුණු මේ ප්‍රබන්ධ පෙළ අපේ පාඨකයන්ට සමීප කිරීමේ වරදක් නැති බව.
ඔබ කෘතියක් පරිවර්තනය කිරීම සඳහා තෝරාගන්නේ පෞද්ගලික රුචි අරුචිකම් අනුවද? නැත්නම් රසික සමාජය පිළිබඳ දක්වන සැලකිල්ල අනුවද?
ඊට මගේ කෙටි හා ක්ෂණික පිළිතුර වන්නේ පනහට පනහ බවයි. ඊට හේතුවන කාරණා බොහොමයක් තිබෙනවා. බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් පෞද්ගලික රුචි අරුචිකම් අනුව කෘතියක් තෝරාගැනීම හිතුවක්කාරකමක් කියලා. ඒත් පරිවර්තන කලාවට පිවිසෙද්දී අපට සිද්ධ වෙනවා අපට රුචි විශ්වාසවන්ත යම් නිර්මාණයකින් ගමන පටන්ගන්නට. එතනදි පාඨකයන් හිතන මතන ඔවුන්ගේ වැඩි උනන්දුවක් ඇති ප්‍රවර්ග ගැන අපට යම් සොයා බැලීමක් කරන්න පුළුවනි. ඒක නැහැයි කියන්නෙ නෑ. බාගවිට පළමු නිර්මාණ දෙක තුනම අත්හදාබැලීම් වෙන්නත් පුළුවන්.
ඒ කාලය තුළ සමහරවිට විවිධ ප්‍රවර්ගවලට යොමු වෙන්න ඉඩ තියෙනවා. මෙයාකාරයෙන් ලිවීමේ කාරියේ දිගින් දිගටම නිරත වෙද්දි අපට ලැබෙනවා යම් අනන්‍යතාවක්. ඒක සියයට සියයක් පැහැදිලි ඉර ගසා වෙන් කළ හැකි අනන්‍යතාවක් නොවෙයි. මේ අනන්‍යතාව ඇතැම්විට අපේ හොඳට වගේම නරකට හිටින්නත් පුළුවන්. ඔන්න ඔය කියන අවධියේදී අපට සිද්ධ වෙනවා. වැඩි වශයෙන් රසික සමාජයේ කැමැත්තට නැඹුරුවන්නට. එක් අතකින් ඒක කොටුවීමක් කියලත් කියන්න පුළුවන්. පාඨකයා පිළිකෙව් නොකර ඒ රාමුවලින් අබින්දක් පිටතට යන්නත් වෙනත් වෙනත් දේ අත්හදා බලන්නත් අපට ඉඩක් නැතුවා නොවෙයි. ඒ නිසයි මා කීවේ එය පනහට පනහේ කාරණාවක් කියලා.
කලින් කලට සමාජයේ රුචි අරුචි කම් වෙනස් වෙනවා. ලේඛන කලාවට පමණක් නොවෙයි කොයි කාරණයේදීත් එය එහෙමයි. ඇතැම් ප්‍රවර්ග වලට හොඳ ඉල්ලුමක් තියනවා. පාඨකයන් බහුතරයක් ඒවාට කැමතියි. ඒත් මගේ රුචිය හෝ මගේ දක්ෂතාව නැති ඉසව්වක් එහෙම නැත්නම් ප්‍රවර්ගයක් නම් රසික සමාජයේ ඉල්ලීම පවා මට තරමක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා.
මේක පොදු කාරණාවක් විදිහට කල්පනා කළොත් තවත් හේතු කීපයක්ම ඊට ඔබ්බවන්න පුළුවන්. පරිවර්තනයක් තෝරාගැනීමේදී අද තියෙන්නේ බොහොම තරඟකාරී වටපිටාවක්. වෙළෙඳපොළ,
ප්‍රකාශකයන්ගේ රුචි අරුචිකම් ආදී බොහෝ උපකාරණාත් ඇතැම් විට ඉහත කී ප්‍රධාන කාරණා දෙක පැත්තකට තල්ලු කරමින් මතු වෙන්න පුළුවන්.
ඒ නිසා වර්තමානයේ පරිවර්තනය සඳහා කෘතියක් තෝරා ගැනීමේදී මේ හැම පැත්තක් ගැනම යන්තමින් හෝ සිතා බලන්නට අපට සිදුවී තිබෙනවා.
තවමත් අපේ රටේ ස්වතන්ත්‍ර සාහිත්‍ය නිර්මාණ කෘතිවලට වඩා පරිවර්තන කෘති කෙරෙහි දක්වන සැලකිල්ල වැඩි බව පෙනෙනවා. හේතුව කුමක් වන්නට ඇද්ද?
මේ කාරණාවට හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. ඒත් ඊට කලින් කිවයුතුයි අපේ රටේ ස්වතන්ත්‍ර නිර්මාණවලටත් හොඳ සැලකිල්ලක් තිබෙන බව. යමකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රකාශය තුළින් ස්වතන්ත්‍ර නිර්මාණ ප්‍රතික්ෂේප වීගෙන යනවා වගේ දෙයක් නැහැ. එහෙම දෙයක් මට නම් පෙනෙන්නේ නෑ.
කවර රටක් වුණත් පරිවර්තන සාහිත්‍යය සෑහෙන කාර්යභාරයක් උසුලනවා. සාහිත්‍ය නිර්මාණ එක් භාෂාවකින් තවත් භාෂාවකට පෙරළීම ලෝකය පුරා අඛණ්ඩව සිදුවන දෙයක්. ඒකනේ අපි කියන්නේ ලෝකය තනි භාෂාවක් කතා කරන දවසක් එන තෙක්ම පරිවර්තන සාහිත්‍යය නොනැසී පවතිනවා කියලා. මෙන්න මේ කාරණය පදනම් කරගෙනම අපට එක් හේතුවක් මතු කරගන්නට පුළුවන්. අනිකුත් සමාජයක දේශයක, එහෙමත් නැත්නම් සංස්කෘතියක අත්දැකීම් වින්දනය කරන්නට මිනිසා තුළ ඇති සහජ හැකියාව ලංකාවේ අපටත් පොදුයි. ඒ නිසා ඒ සීමා රහිත ආශාව කියැවීමේ උනන්දුව ලංකා සිතියමෙන් පිටතට අප ඇදගෙන යන්නට උත්සාහ කරනවා. එතැනදී අපේ පිහිටට එන්නේ පරිවර්තන.
බටහිර ගැන කල්පනා කරමු. ඒ නිර්මාණ උසස් යැයි පිළිගන්නට සෙසු ලෝකය පෙළඹෙන්නේ හේතු කාරණා ඇතිවයි. ඔවුන් නිරන්තරව අලුත් අලුත් අත්හදාබැලීම් සිදුකරනවා. නිරන්තර පර්යේෂණ සිදුකරනවා. ඊට හේතුව වන්නේ ඒ රටවල්වල ලිවීමේ කාරියට වෘත්තීමය තත්ත්වයක් දී තිබෙන නිසයි.
අනෙක මං හිතන්නේ කාට වුණත් තමන්ගෙ මවු භාෂාවෙන් කියවනවා තරම් ආහ්ලාදයක්, වින්දනයක් දැනෙන්නෙ නැතුව ඇති වෙනත් භාෂාවකින් කියවන කොට. ඉතින් ඉංග්‍රීසියෙන් හෝ වෙනයම් බසකින් හෝ කියවන්න පුළුවන් කම තිබුණා වුණත් ඒ බොහෝ දෙනෙක් පරිවර්තන වලටත් මනාපයි.
ඊට අමතරව සමාජ මාධ්‍ය වලින් ඇති කරන පෙළඹුම, ප්‍රකාශකයන්ගේ කැමැත්ත ආදියත් ස්වතන්ත්‍ර හා පරිවර්තන පාඨකයා අතට පත් වීමේ තීව්‍රතාව අඩු වැඩි කරනවා යැයි මා සිතනවා.
මෑත කාලීන ලෝක සාහිත්‍යයේ ඇති වී තිබෙන වෙනස්කම් ආදිය සලකා බැලීමේදී ඔබේ විශේෂඥ අවධානය දිනා ගත් ලේඛකයන් හා කෘති කීපයක් අපේ පාඨකයන් වෙනුවෙන් පෙන්වා දෙන්න පුළුවන්ද?
වසරක් පාසාම ලක්ෂ ගණනින් පොත් පත් ලෝකයට එකතු වෙනවා. ඇතැම් බටහිර කෘති දොරට වඩිද්දි ඒවාට සමගාමීව සිංහල පරිවර්තනය පවා එකම දවසේ එකම වෙලාවට දොරට වඩිනවා. ඒ නිසා අප ලෝක සාහිත්‍යයෙන් ඈත් වී සිටිනවා යැයි සිතන්න බෑ. එබඳු අලුත් නිර්මාණ කීපයක් ගැන කතා කරන්න මම කැමැතියි.
ඉෂිගුරෝගේ Klaara and the Sun ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම මා දුටුවා රොබට් ජොන්ස්ගේ The Prophets ගැනත් කතා බහක් ඇති වී තිබෙන හැටි අනාවරණාත්මක නවකතා ගොන්නට ගැනෙන Rumaan Alam ගේ Leave the World, Ayad Akhtar ලියූ Homeland Elegiies ආදී බොහොමයක් බෙස්ට් සෙලිං ගොන්නේ වැටී තිබෙනවා.
ඒත් මේ වෙලාවේ මං මනාපයි එක් අදහසක් මතුකරන්න. මා හිතන්නේ අපේ රටේ චරිතාපදාන සහ ස්වයං චරිතාපදාන සිංහලට හැරවීම පිළිබඳ ඇත්තේ අඩු උනන්දුවක්. මෑත කාලයේ පමණක් නොවෙයි. කවදත් මා ඕනෑම කියවන්නකුගේ අවධානයට පාත්‍ර කරන්නට කැමැති ප්‍රවර්ගයක් තමයි මේ චරිතාපදාන. එය ඇත්තෙන්ම කියවනවා නම් සාහිත්‍ය හරහා සමාජ දේහය සුවපත් කරන්නට යොදා ගත හැකි ප්‍රබල ඔසුවක්. චරිතාපදාන සාහිත්‍ය සම්මාන උලෙළවල දී විශේෂ අංශයක් ලෙස සලකන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ සාහිත්‍යාංගයේ කැපී පෙනන දියුණුවක් ඇති වේවි. උසස් චරිතාපදාන කියැවීමෙන් ජීවිතය වෙනස් වෙන්න පුළුවන්.
නිර්මාණාත්මක කෘතියක් පරිවර්තනය කිරීම ශාස්ත්‍රීය ලේඛනයක් පරිවර්තනය කිරීමටත් වඩා බැරෑරුම් කාර්යයක් සේ සැලකෙනවා. නිර්මාණාත්මක පරිවර්තනයේදී අවධානයට ලක් විය යුතු වැදගත් කාරණා මොනවාද?
නිර්මාණාත්මක ද ශාස්ත්‍රීය ද කියා භේදයක් නැහැ. මා හිතන්නේ මේ කවර පරිවර්තනයක් වුවත් අභියෝගාත්මක කාරණයක්. ඔබ කී පරිදි සන්දර්භය අනුව ඒ ඒ අභියෝග එකිනෙකට වෙනස් වන්නට පුළුවන්.
හැබැයි සෞන්දර්යාත්මක ලියැවිල්ලක් කියන්නේ හැඟීම් එක්ක කරන සෙල්ලමක්, පාරිභාෂික වචන වලින් ඔබ්බට යන්නට එතැනදී අපට සිදු වෙනවා. සෞන්දර්යාත්මක නිර්මාණයක් කියන්නේ ඒ කරුණු තොගය කුට්ටිය පිටින්ම අනෙක් බසකට හලා පෙරළා දමන එක නොවෙයි. ඇතැම් විට මුල් ලේඛකයාගේ සිතේ ඇති වූ හැඟීම් පවා අනුමාන කරන්නට අපට සිදු වෙනවා. ඒ වගේම ඒ නිර්මාණය තුළ පණ උපදවා තිබෙන චරිතවලට රිංගන්නටත් අපට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇතැම් චරිතවල ජීවත් වන්නට අපට සිදු වෙනවා. ඇතැම් වෙලාවට භාෂාව පිළිබඳ දැනුම ම නැති බව පැවසෙනවා. එය ඇත්තක්. ස්වතන්ත්‍ර නිර්මාණකරුවකුගේ භාෂාවේ ලාලිත්‍යයක් තිබීම පරිවර්තන කාර්යයකට බෝනස් එකක් වෙනවා.
ඊළඟ දේ සිද්ධි, යෙදුම් හා ස්ථාන සම්බන්ධ කටයුතු කෙරෙන විධිය. මෙන්න මෙතැනදී නම් අපි කවුරුත් එක් වරක් හෝ අමාරුවේ වැටී තිබෙනවා. යෙදුම් හා කියමන් බසින් බසට, පළාතෙන් පළාතට පමණක් නොවෙයි. ප්‍රවර්ගයෙන් ප්‍රවර්ගයටත් වෙනස් වෙනවා.
ලෝක සාහිත්‍යයේ බොහෝ කෘති සිංහලට නැගීමට අපේ පරිවර්තකයන් උනන්දු වෙනවා. ඉංග්‍රීසියට නැගීමට ඒ තරම් උනන්දු නොවන්නේ ඇයි?
මට හිතෙන විදිහට පළමු කාරණය වෙළෙඳ පොළයි. කර්මාන්තයක් හැටියට ප්‍රකාශනය ඉහළ මට්ටමක පැවැතියොත් තමයි ඔය කුමක් වුවත් රඳා පවතින්නේ. ප්‍රකාශන කර්මාන්තය කඩා වැටුණොත් මුද්‍රිත සාහිත්‍යයට අනාගතයක් නෑ. ඉංග්‍රීසියෙන් කියවන පාඨකයන් ප්‍රමාණය අපේ රටේ බොහොම අඩුයි. ඒ නිසා ප්‍රකාශකයන් ඉංග්‍රීසි පොත් පළ කිරීමට මැළි කමක් දක්වනවා. ඒකට දොසක් කියන්න බෑ. හැබැයි වෙනයම් විකල්ප ආධාර ක්‍රමයක් හරහා ඊට අනුබලයක් දෙන්න රජයකට පුළුවන්.
හැබැයි මේ කාරණයේදී අසල්වැසි ඉන්දියාව බොහොම වාසනාවන්තයි. ඒ වෙන මොකක්වත් නිසා නොවෙයි. ඔවුන්ගේ ජනගහනයෙන් සියයට දෙකක් විතරක් ඉංග්‍රීසියෙන් කියෙව්වත් ඇති. අනෙක ඉන්දියාව තුළම එක් ප්‍රාන්ත බසකින් ලියූ පොත් ඉංග්‍රීසියට හැරෙනවා වගේම ඉන්දියාවේ අනෙක් ප්‍රධාන භාෂා වලින් හැරෙනවා. ඒත් වෙළෙඳ පොළ ක්‍රමය ඉස්සරහ අපට මේ ආකාරයෙන් හිර වී ඉන්නට සිදු වී තිබෙනවා.
මෑත කාලීනව ලියැවෙන පරිවර්තන කෘති සඳහා ගොඩනැගී ඇති විචාර කලාව ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?
සාහිත්‍ය විචාර ගැන කිසිවකුටත් කවදාවත් මුළුමනින්ම සෑහීමකට පත්වෙන්න බෑ. ඒත් එය සෑහෙන සමබර මට්ටමකින් පවත්වාගෙන යාම පරිවර්තන සාහිත්‍යයේ ඉදිරි ගමනට හේතු වෙනවා. මුළුමනින්ම ආවඩා ලියන්න ගියත් මුළුමනින්ම නිර්දය ලෙස විවේචනය කරන්නට ගියත් කවර සාහිත්‍ය අංගයකට වුවත් අත්වන ඉරණම වන්නේ වළපල්ලට යාමයි. සාහිත්‍යය කුල ගෝත්‍ර ආදී වශයෙන් බෙදී විවේචනය කළයුතු දෙයක් නොවෙයි. දියුණු බොහෝ රටවල් දැන් මේ සාම්ප්‍රදායික වර්ගීකරණ වලින් දුරස් වෙමින් ඉන්නවා
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැදහත් විචාරයක් නොතිබුණොත් සාහිත්‍ය වළපල්ලට යනවා