මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය.
“අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.”
කල්‍යාණ මිත්‍ර ලක්ෂ්මන් ජයවර්ධනයන් අප අතරින් වෙන්ව යන මේ මොහොතේ ගාන්ධිතුමාගේ මෙම ප්‍රකාශය සිහියට නැගෙන්නේ කිහිප අතකින් එය ඔහුගේ මාධ්‍ය කාර්යභාරයට හොඳාකාරවම ගැළපෙන නිසාය.
ලක්ෂ්මන් ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනයෙන් පමණක් නොව ජීවිතානුභූතින්ගෙන් හා සමාජානුභූතින්ගෙන් ලද දැනුම ඇසුරින් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත්, පොදු සමාජයටත් මුතු රැගෙන ආ විශිෂ්ටයෙකි. ඔහු දැනුම් සයුරේ කිමිදෙමින් ගෙනා මුතු මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අපූර්ව රටා හා අනන්‍යතා නිර්මාණය කිරීමට සමත් විය.
මිනුවන්ගොඩ ඉපිද උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ලැබූ ලක්ෂ්මන් තරුණ වියේදීම නිශ්ශංක මදුරප්පෙරුම ඇතුළු තවත් සගයන් කීප දෙනකු ඉන් පසුව එක්ව සමාජ විද්‍යාව හා සම්බන්ධ සඟරාවක් ආරම්භ කළ සැටි අපගේ මතකයේ ඇත. ලේඛනය, මාධ්‍ය කලාව, තොරතුරු ගවේෂණය, සමාජ නිරීක්ෂණය පිළිබඳ ලක්ෂ්මන් ජයවර්ධනයන් සතුව පැවැති ඇල්ම සඳහා එය මුල් කාලීන උදාහරණයක් ලෙස ගත හැකිය.
1965 දෙසැම්බර් මස 15 වැනිදා ලේක්හවුස් ආයතනයට මාණ්ඩලික වාර්තාකරුවන් ලෙස එක්වූ අප දස දෙනකු අතර ලක්ෂ්මන් ජයවර්ධන ද විය. එය පුවත්පත් කලාව පිළිබඳව ඔහු සතුව පැවැති අපේක්ෂා මල් ඵල ගැන්වුණු අවස්ථාවක් සේ සැලකීමේ වරදක් නැත. එම දස දෙනා අතර සිටි බහුතරය අද වන විට අප අතර නැත. එස්. සුබසිංහ මහතා සහ විමලසිරි පෙරේරා යන විශිෂ්ටයන් දිනමිණ කර්තෘවරයා ලෙසත්, සිළුමිණ කර්තෘවරයා ලෙසත් කටයුතු කරන අවස්ථාවල ලක්ෂ්මන් ජයවර්ධන මහතා අප සමග කණ්ඩායම් හැඟීමකින් යුතුව කටයුතු කළ සහෘදයෙකි. ඔහු ජනතා පුවත්පතේත්, සිළුමිණ පුවත්පතේත් කටයුතු කරන අවස්ථාවල පාඨක විශ්වාසය දිනාගත හැකි නිර්මාණාත්මක භාවිතයන් කෙරෙහි නිතර උනන්දු විය.
ඉන් ඉක්බිතිව 80 දසකයේදී ලංකාදීප පුවත්පත ආරම්භ කිරීමේ තැන් පටන් එය මෙරට පුළුල් පාඨක සමාජයක විශ්වාසය තහවුරු කරගන්නා අවස්ථාව දක්වා ලක්ෂ්මන් ජයවර්ධනයන් ලබා දුන් අනගි සහයෝගය අමතක කළ නොහැක. 1972 දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසු ඔහුගේ මාධ්‍ය ජීවිතයේ වැදගත් වැඩබිමක් බවට පත්වූයේ විජය පුවත්පත් සමාගමයි. 1980 දශකයේ මුල් භාගයේ විජය පුවත්පත් සමාගම ආරම්භ වූ වකවානුවේ සිටම ඒ වෙත ලක්ෂ්මන්ගේ දායකත්වය කැපී පෙනේ.
ඉරිදා ලංකාදීප පුවත්පත ආරම්භ කෙරුණේ 1986 පෙබරවාරි මස 23 වැනිදාය. එහි සමාරම්භක තුවරයා වන්නේ ඇස්. සුබසිංහ මහතාය. එහි දෙවැනියා වූයේ පර්සි ජයමාන්න මහතාය.
ඉරිදා ලංකාදීපය ආරම්භ වී කෙටි කලකින් ඔවුහු දෙදෙනාම ඉවත් වූහ. ඔවුන් සමග දෙල්තොට චන්ද්‍රපාල මහතාද ඉවත් විය. පසුව විජය පත්‍රයේ කතුවරයා විය. 1988 දී එහි සාර්ථකත්වය තහවුරු කිරීමට ලක්ෂ්මන් ජයවර්ධනයන් අප සමග කටයුතු කළේ අත්දැකීම් බහුල පරිණත මාධ්‍ය භූමිකාවක් ප්‍රකට කරමිනි. ආරම්භක අවස්ථාවේ සිටම ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් වගකීම් සහගත මාධ්‍ය කලාවක් ක්ෂේත්‍රය තුළ වගා දිගා කිරීමට ඔහු ගත් මහන්සිය නූතන මාධ්‍යවේදින්ට ද ආදර්ශයකි. ලංකාදීප සහ ලක්ෂ්මන් ජයවර්ධන අතර වන සබඳතාව ශක්තිමත් එකක් වන්නේ ද එබැවිනි.
ලක්ෂ්මන්ගේ මාධ්‍ය ජීවිතයේ කැපී පෙනෙන තවත් කඩඉමක් වන්නේ, 1994 මැතිවරණයෙන් පසු ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමයි. එතැනින් නොනැවතුණු ඔහු ලේක්හවුස් සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ඔහු තම අත්දැකීම් මත පදනම් වූ දැනුම් සයුරේ කිමිදෙමින් අගනා මුතු අහුලා අනාගත මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් එයින් දීප්තියක් ඇති කරන්නට වෙහෙස ගත් බව සිතිය හැකිය. 1995 වසරේදී ලේක්හවුස් සභාපතිවරයා වීමෙන් පසු ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක්කිරීමේ ව්‍යාපෘතිය අරඹමින් එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යාමට ක්‍රියා කිරීම එබඳු සාධනීය වෙහෙසක ඵලයකි. එසේම, ඩී.ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට සංවර්ධනය කිරීම ද අනාගත මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට පමණක් නොව මාධ්‍යකරණය හදාරන විද්‍යාර්ථීන්ට ද වඩාත් වැදගත් වන්නකි.
ලක්ෂ්මන්ගේ චරිතය වැදගත් වන්නේ, ඔහු පියවරින් පියවර ඉදිරියට තබමින් විවිධ වැදගත් භූමිකා නියෝජනය කරමින් ආ ගමන් මග පිරික්සීමේදීය. ඔහුගේ විදේශ සේවය ඉන් එකකි. කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයකු ලෙස කලක් කටයුතු කළ ඔහු, තම අත්දැකීම් ද පදනම් කොටගෙන එහි සාධනීය යමක් කරන්නට මහන්සි ගත්තෙකි. “මගේ ජීවිත කතාව” නමින් වන අනගාරික ධර්මපාලතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානය සංස්කරණය කළ ලක්ෂ්මන්, එයින් ස්වදේශිකත්වය, අදීනත්වය, ආගම දහමේ අගය ද අනාගත පරපුරට අවධාරණය කිරීමට මහන්සි ගත්තා යැයි සිතිය හැකිය.
කීර්තිය සහ ප්‍රසිද්ධිය දෙකකි. ප්‍රසිද්ධිය ලැබීම පහසුය. ඕනෑම දෙයක් කිරීමෙන් එය ලද හැකිය. එහෙත්, කීර්තිය එසේ නොවේ. දශක හයක පමණ කාලයක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිය රැකගැනීමට අලුත් අලුත් දෑ තනමින් ක්‍රියා කළ ලක්ෂ්මන් නූතන මාධ්‍ය ලෝකයට ආදර්ශයකි. මහත්මා ගුණ ඇති උත්තම ගුණැති මහත්මයෙකි. ක්‍රෝධය, වෛරය නොතිබූ ඔහු හිතමිතුරන්ට සීමාව ඉක්මවා ගොස් ආධාර උපකාර කළේය. දැනුම ලබන්නෝ බොහෝ වෙති. එහෙත්, දැනුම් සයුරේ මුතු කිමිදෙන්නෝ අල්පය. ලක්ෂ්මන් ජයවර්ධන මාධ්‍ය සගයා අප අතරින් වෙන්ව යන්නේ මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට මුතු ගෙන එන්නන් අවැසිම යුගයකය.
(*** සිරි රණසිංහ)
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age
“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ” යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්
වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර
හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට
ශ්රී ලංකාවට නිදහස ලැබෙන්නට පෙර උපත ලැබූ මෙරට ව්‍යාපාර ලෝකයේ ඉහළින්ම නම සටහන් කරන්නට සමත් වූ විශිෂ්ටයකු හැත්තෑ හත්වැනි නිදහස් සමරුවට දිනයක් තිබිය දී
2024 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ ආර්ථික අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුව දැන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරම මෝටර් රථ වාහන ආනයනය පිළිබ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මාධ්‍ය ලෝකයේ මිතුරා ලක්ෂ්මන්