පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ.
ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි.
1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු මස 10 වැනි දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී.
ශී‍්‍ර ලංකාවේ ගිණිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. නිරන්තරවම මිහිදුමින් වැසී පැවතීම හේතුවෙන්ම දුම්බරයැයි නම් ලද මෙම කඳුවැටියේ ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත. හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කැර තිබේ.
මධ්‍යම හා සබරගමු පළාත් මායිම්වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ ගිරි ශිඛරය මෙරට පමණක් නොව සමස්ථ ලෝකයේම සියළුම ආගමිකයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි. එහි සංස්කෘතිකමය වටිනාකම කෙසේ වෙතත් සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරීගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ.
මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සැකසූ ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.
මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි. බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන අතර අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වීමද වැදගත් කරුණකි.
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මධ්‍යම කඳුකර ලෝක උරුමය
නදීකා ජයසේකර - අඟුණකොළපැලැස්ස Thursday, 06 October 2011 10:28 AM
ගොඩක්ම හොඳයි.මධ්‍යම කඳුකරයේ විස්තර සහිත තවත් ලිපි පළ කරනවානමි කැමතියි.ස්තුතියි.
සංජය Saturday, 08 October 2011 04:42 PM
ගොඩක් හොද ප්‍රවෘත්තියක්
විජය බණ්ඩාර Saturday, 04 February 2012 11:52 PM
හොද දැනුම්වත් කිරීමක් ඉදිරියේදීත් මෙවැනි ලිපි පලකරන්න.
නිත්‍යා Saturday, 05 January 2013 01:51 PM
හරිම ලස්සනයි මේ දර්ශන (ස)
වීරතුංග Thursday, 23 August 2012 10:31 AM
මෙම ලිපියෙන් අපිට මේ සම්බන්ධව ඉහළ අදහසක් ගත හැකියි. ස්තූතියි! (නි)
චින්තන රුවන් සමීර Monday, 17 September 2012 10:24 PM
ගොඩක් වටිනවා. අපේ පුංචි දූපතට උනත් ජෛව විවිධත්වය අතින් කොච්චර පොහොසත් ද ? (ස)