(සටහන - ගාමිණි පරණයාපා)
1936 පැවති දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභා මැතිවරණය සඳහා නාම යෝජනා භාරගනු ලැබුවේ එම වසරේ ජනවාරි මස 15 වැනි දිනදීය. මතුගම ආසනය වෙනුවෙන් නාම යෝජනා භාරදුන් අපේක්‍ෂකයන් අතර කලක් පැවිදිව සිට පසුව සිවුරෙන් ඉවත්වූ ශ්‍රී සුමංගල සූරියගොඩ නම් මහතෙකු ද සිටියේය. ඔහුගේ ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා වූයේ පසුකාලයක දී කීර්තිමත් දේශපාලනඥයකු වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිබ්. කන්නන්ගර මහතාය. ඔවුන් දෙදෙනාට අමතරව තවත් අපේක්‍ෂකයන් තුන් දෙනෙක්ද තරඟය සඳහා ඉදිරිපත්වී සිටියහ. එකල මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්දය ප‍්‍රකාශ කළ යුතුව තිබුණේ අපේක්‍ෂකයාට හිමිවී තිබූ වර්ණයට හිමි ඡන්ද පෙට්ටියටය.
මතුගම ආසනයේ ඡන්ද දායකයන්ගෙන් සෑහෙන සංඛ්‍යාවක් දෙමළ වතු කම්කරුවන් වීම නිසා ඔවුන්ගේ ඡන්දය තමන්ගේ වර්ණය සඳහන් පෙට්ටියට එකතු කර ගැනීම කෙරෙහි සෑම අපේක්‍ෂකයකුගේම දැඩි උද්‍යෝගයක් තිබුණේය. වතුකරයේ ද්‍රවිඩයන් කහ පාට කෙරෙහි විශාල ඇල්මක් සහ භක්තියක් දැක්වීම හේතුවෙන් සෑම අපේක්‍ෂකයකුගේම එකම අරමුණ වූයේ තමන්ගේ වර්ණය ලෙස කහ පාට ලබා ගැනීමය. උදාවී තිබූ එම තත්ත්වය මත ප‍්‍රධාන මැතිවරණ නිලධාරියාට සිදුවූයේ බැරෑරුම් ගැටලූවකට මුහුණ දීමටය.
සූරියගොඩ මහතා ද ඇතුළුව අපේක්‍ෂකයන්ගෙන් වැඩි දෙනකුම කහ පාට ඉල්ලා සිටීම නිසා ඔහු තීරණය කළේ කහපාට ඉල්ලා සිටි අපේක්‍ෂකයන් අතරේ තුණ්ඩු විසිකර කහ වර්ණයේ හිමිකරුවා තේරීමටය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටින අතරේ ප‍්‍රධාන මැතිවරණ නිලධාරියා සූරියගොඩ මහතා දෙසට හැරී ඉතාමත්ම සන්සුන්ව උපහාසාත්මක අයුරින්, ‘‘සූරියගොඩ මහත්මයාණෙනි, වරක් ඔබට එපාවූ කහ පාට යළිත් වරක් ඔබට ඕනෑ වීමේ රහස කුමක්දැයි’’ විමසා සිටියේ අවට සිටි සියලූ දෙනාම සිනහවෙන් කුල්මත් කරවමින්ය.
එදා සිදුවූ එම සිද්ධිය තුළ උපහාසය ගැබ්වී තිබුණත් ඉන් පැහැදිලි වන්නේ අතීතයේ සිටි ස්වාමීන් වහන්සේලා මැතිවරණයකට තරඟ කිරීමට ඉදිරිපත් නොවූ බවය. ඊට පසු වකවානුව දෙස බැලූවත් පැවිදිව සිටි පුද්ගලයන් මැතිවරණ තරඟ සඳහා එක්වී තිබෙන්නේ සිවුරෙන් ඉවත්වීමෙන් පසුව බවට ඕනෑතරම් නිදසුන් සොයාගත හැකිය. එහෙත් ඉන්පසුව සිදුවූ දේශපාලනික හා සමාජීය වෙනස්කම් මත භික්‍ෂූන් වහන්සේලාද මැතිවරණ තරඟ කිරීම සඳහා ඉදිරිපත්වූ අයුරු දේශපාලන ඉතිහාසයේ සඳහන්වී තිබේ. දැනගන්නට ලැබී තිබෙන පරිදි ස්වාමීන්වහන්සේ නමක් මැතිවරණයක් සඳහා පළමුවරට ඉදිරිපත් වී ඇත්තේ 1946 පැවැති කොළඹ නගර සභා මැතිවරණය සඳහාය.
කොටහේනේ දීපදුත්තාරාමය අපේ බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂවූ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන්නේ ඉංග‍්‍රීසීන්ගේ පාලන කාලයේදී පානදුරා මහ වාදය සිදුකර බෞද්ධයන්ගේ නැතිවී ගිය අයිතිවාසිකම් ලබාදීමේ පුරෝගාමියා වූ වාදිභසිංහ ගරු මොහොට්ටිවත්තේ ගුණාන්නද නායක හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයවන නිසාය. තවත් අතකින් බලනවිට 1885 අපේ‍්‍රල් 25 දින මුල්වරට බෞද්ධ කොඩිය ඔසවන ලද්දේද එම විහාරස්ථාන භූමියේදීය. එවන් කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන කොටහේනේ දීපදුත්තාරාමය භික්‍ෂූන් වහන්සේලා මැතිවරණ තරඟවලට සම්බන්ධ වීමමේ ඉතිහාසයට ද මූලික වී තිබේ.
1946 කාලය වනවිට දීපදුත්තාරාමයේ නායක ධුරය දැරූ මාදම්පිටියේ ජිනානන්ද හිමියන් 1946 කොළඹ නගර සභා මැතිවරණයේදී කොටහේන ආසනයට අපේක්‍ෂකයකු වශයෙන් ඉදිරිපත්වී භික්‍ෂූන්වහන්සේලා මැතිවරණ තරඟවලට ඉදිරිපත්වීමේ මූලාරම්භය වී තිබේ. මෙම සිදුවීම එදා සමාජයේ බෙහෙවින් කතාබහට ලක්වූ විවාදාත්මක කරුණක් විය. උන්වහන්සේ සමඟ තරඟයකට ඉදිරිපත්වූයේ ජෝර්ජ් ආර්. ද සිල්වා මහතාය.
සමස්තයක වශයෙන් ගත් කල මැතිවරණයක් සඳහා ස්වාමීන්වහන්සේ නමක් තරඟ කිරීම එදා බෞද්ධ ජනතාව සැලකුවේ මහ පාපකර්මයක් ලෙසය. එය උත්තරීතර සඟරුවනට අකැප දෙයක් ලෙසින් වැඩි දෙනෙක් විශ්වාස කළහ. දීපදුත්තාරාමයට බෞද්ධයන්ගේ විශේෂ ගරුත්වයක් තිබුණත් එම විහාරස්ථානයේ විහාරාධිපති මාදම්පිටියේ ජිනානන්ද හිමියන් දේශපාලනයට එක්වීම ගැන ජනතාව තුළ පැවතියේ විරෝධයකි. එම නිසාම උන්වහන්සේ එම තරඟයෙන් පරාජයට පත්වූහ. එම පරාජයත් සමඟම භික්‍ෂූන් වහන්සේලා දේශපාලන මැතිවරණවලට ඉදිරිපත්වීම යටපත්වී ගියේය.
එහෙත් 1962 අවුරුද්ද වන විට නැවතත් භික්‍ෂූන් වහන්සේලා මැතිවරණ තරඟවලට ඉදිරිපත්වීමේ අදහස කරළියට පැමිණියේය. එවර එම ඉදිරිපත්වීම සිදුවූයේ පාර්ලිමේන්තු මැතිවරණයකට නොව ගම් සභාව වෙනුවෙන් පැවැති මැතිවරණයක් සඳහාය. ඒ අවස්ථාවේ දී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අමුණුගම රාජගුරු විපස්සී මහානායක ස්වාමීන්වහන්සේ භික්‍ෂූන්වහන්සේලා දේශපාලනයට පැමිධෑම ආසන තරඟ කිරීම ගැනත් ප‍්‍රසිද්ධියේම විරුද්ත්වය ප‍්‍රකාශ කළහ.
මේ කාලය වනවිට භික්‍ෂූන් මැතිවරණ සඳහා තරඟ කිරීම පිළිබඳව බෞද්ධයන් තුළ තිබූ ආකල්පයේ වෙනසක් සිදුවී තිබුණේය. විරෝධය යටපත්වී භික්‍ෂූන් වහන්සේලාට ඡුන්දය දී ජයග‍්‍රහණය කරවීමට තරම් බෞද්ධයන්ගේ සිතුවිලි සමුදාය වෙනස් වන සමාජයත් සමඟ වෙනස් වෙමින් පැවතියේය.
එම ආකල්පය පිළිබඳව අවධානය යොමු කර මැතිවරණයකට තරඟ කිරීම සඳහා ඉදිරිපත් වූ ස්වාමීන්වහන්සේ වූයේ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමිය. දේශපාලනයට පැමිධෑමට පෙර ප‍්‍රකට සමාජ සේවකයකු වූ උන්වහන්සේ මාතර ප‍්‍රදේශයේ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවී සිටියේය.
මුලින්ම උන්වහන්සේ කොමියුනිස්ට් පක්‍ෂයේ අපේක්‍ෂකයකු ලෙසින් මාතර තිහගොඩ ගම්කාර්ය සභාවට තරඟ කර පරාජයට පත්වූ අතර පසුව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයකු ලෙසින් එම ගම්කාර්ය සභාවක සභාපති තනතුරට පත්වූ මුල්ම ස්වාමීන්වහන්සේ වන්නේ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමියන්ය.
දශක දෙකක් පමණ කාලයක් උන්වහන්සේ තිහගොඩ ගම්කාර්ය සභාවේ සභාපති ධුරය දැරූහ. 1946 දී කොළඹින් ආරම්භ වූ භික්‍ෂූන් මැතිවරණ තරඟවලට ඉදිරිපත්වීමේ කාර්යය සාර්ථක වූයේ දකුණ ප‍්‍රදේශයෙන්ය. භික්‍ෂු දේශපාලනයේදී පළමුවෙන්ම මන්ත‍්‍රී හාමුදුරුවන් යන විශේෂ නාමය ලැබූ වැල්ලේතොට පඤ්ඤාදස්සී හිමියන් 1989 දී දකුණේ ත‍්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබිණ.
ඉන්පසුව ගම්කාරය සභා මැතිවරණයකින් ජය ලබා ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වූ දෙවන හිමිනම වන්නේ එල්. උපරතන හිමියන්ය. උන්වන්සේ ලූනුගල පට්ටිපොල ගම්කාර්ය සභාවට තරග කර එහි සභිකයෙකු වශයෙන් පත්වූහ. 1946 කාලය වන විට බෞද්ධයන් තුළ තිබූ මැතිවරණ සහ භික්‍ෂුව යන තේමාවට අදාළ වූ ආකල්ප යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවතියේය. එසේ වෙනස්වූ ආකල්ප ක‍්‍රියාකාරී දේශපාලනයට කැමැත්තක් දැක්වූ භික්‍ෂූන්වහන්සේලා ගම් සභා තුළම පමණක් කොටුකර තබා ගැනීමට සීමා නොවීය.
එය නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු දේශපාලනය දක්වා විහිදී ගියේය. 2001 පැවති මහ මැතිවරණය ඒ සඳහා මූලික අත්තිවාරම දැමුවේය. දිස්ත‍්‍රික් ක‍්‍රමය පදනම් කර ගනිමින් පැවැත්වූ එම මැතිවරණයේදී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට දකුණු ප‍්‍රදේශය නියෝජනය කරමින් භික්‍ෂූන්වහන්සේ නමක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
ලංකා සමසමාජ පක්‍ෂයේ නියෝජිතයකු වූ බද්දේගම සමිත හිමියන් පාර්ලිමේන්තුවට පත්වූ පළමු භික්‍ෂුව ලෙස දේශපාලන වාර්තා අතරට එක්වී තිබේ. ක‍්‍රියාකාරී දේශපාලනයේදී ගම්කාර්ය සභාවකට පළමුවෙන්ම පත්වූ භික්‍ෂුව ද පාර්ලිමේන්තුවට පත්වූ භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන්ම බිහිකළ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක් 2004 මැතිවරණයේදී තරග බිමට එක්වීමද භික්ෂු දේශපාලනයේ කැපි පෙනෙන සිද්ධියක් විය.
වර්තමානයේදී ප‍්‍රාදේශීය සභා නගර සභා පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ දී ඕනෑ තරම් මන්ත‍්‍රී හාමුදුරුවන් දැක ගැනීමට හැකි වුවත් මන්ත‍්‍රී හාමුදුරුවන්ගේ කථාවේ ඉතිහාසය ලියැවී තිබෙන්නේ ඒ අයුරින්ය. භික්‍ෂු දේශපාලනය සම්බන්ධයෙන් පවතින ප‍්‍රවනතාව දෙස බලන විට අනාගතයේදී ජනාධිපතිවරණවලට ද භික්‍ෂු සමාජය තරඟ කිරීමට ඉදිරිපත් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් පුදුම විය යුතු නැත. ඒ ආගමික සමාජයේ පිළිවෙත් හා සිතුවිලි බුද්ධ ධර්මයට අනුව නොව එක් එක් අයගේ ඕනෑ එපාකම් මත කලින් කලට වෙනස් කිරීම සිරිතක්ව පවතින බැවිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්රී හාමුදුරුවන්ගේ ඉතිහාස කතාව