පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අවස්ථාවල නරක මාතෘකා හොඳ මාතෘකා අබිබවා යාම වර්තමානයේ දී නිරතුරුව දැකිය හැකිය.
පාර්ලිමේන්තුවේ සිටින්නේ රටේ මහජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලැබූ මහජන නියෝජිතයන් වුවද ප්‍රශ්න ඇසීමේ වාරය ලැබුණු අවස්ථාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීමේ සිද්ධියෙන්ද පෙන්වා දී ඇත්තේ නරක පූර්වාදර්ශයකි. ජනතාවගේ දැඩි කලකිරීමට හේතුවන ඔවුන්ගේ දැඩි විවේචනයට හසුවන මාතෘකාවකි.
පාර්ලිමේන්තුවේදී තමන්ට ප්‍රශ්න ඇසීමේ වාරය නොලැබෙන බවට ඇතැම් මන්ත්‍රීවරුන් කතානායකවරයාට දෝෂාරෝපණ කරන අවස්ථා ද අප දැක තිබේ. එවැනි අවස්ථාවල මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ලැබෙන අවස්ථාව පැහැරගැනීමක් වශයෙනි. එය ජනතාවගේ අයිතිය පාගා දැමීමක් බවට ද ඔවුහු චෝදනා කරති. එහෙත් තමන්ට ලැබෙන අවස්ථාව භාවිතයට නොගැනීමෙන් මන්ත්‍රීවරුන් සිදුකරන්නේ තමන්ට බලය ලබාදුන් ජනතාවගේ අයිතිය පාගා දැමීමක් බව කනගාටුවෙන් වුවද පෙන්වාදීමට සිදුව තිබේ. එය මහජන නියෝජිතයන් වශයෙන් තමන්ට පැවරී තිබෙන වගකීම පැහැරහැරීමක් බව මන්ත්‍රීවරුන්ට නොදැනෙන්නේද? ඔවුන්ට නොදැනුණත් සිය ජනතාවට දැඩි ලෙස දැනෙන බව මන්ත්‍රීවරුන් දැනගත යුතු ය. පාර්ලිමේන්තුවට නොපැමිණීමට ඇතැම් මන්ත්‍රීවරුන්ට විවිධ හේතු තිබිය හැකි වුවද ප්‍රශ්න ඇසීමේ වාරය තමන්ට ලැබෙන බව දැන දැනම එය පැහැරහැරීම මන්ත්‍රීවරයකුට උචිත නොවන බව ද කිව යුතු ය.
මෙරට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් බරපතළම විවේචනය එල්ල වූයේ පසුගිය අරගලය සමග බවද මෙහිදී සිහිපත් කරදීම අවැසිය. එහිදී දැඩිව ප්‍රකාශයට පත්වූ අදහසක් වූයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගෙදර යැවිය යුතු බව ය. එය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම පැහැරහැර තිබෙන බවට ජනතාව තුළ පැවති දැඩි කෝපය සහ කලකිරීම පුපුරා ගිය අවස්ථාවකි. එයට පෙර සිදුවූ පාස්කු දින ප්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාව ද ඇතැම් මන්ත්‍රීවරුන් පවා දැඩි ලෙස ආවේගශීලීව අදහස් ප්‍රකාශ කරනු දැකිය හැකි විය. එහිදී එක් මන්ත්‍රීවරියක, අද රටේ ජනතාව මුළු පාර්ලිමේන්තුවටම හෙණ ඉල්ලන තත්වයට පත්ව සිටින බව ප්‍රකාශ කළේ දැඩි සංවේගයකිනි. මේ කිසිවකින් හෝ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. එසේ පාඩම් මතක තිබේ නම් ජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇසීමට තිබෙන අවස්ථාව මේ ආකාරයට නොසැලකිලිමත් ලෙස කටයුතු කරමින් මග හැර යන්නේ නැත.
පසුගිය සති අන්තයේ දී කොළඹදී පැවති උත්සවයකදී කොළඹ සරසවියේ නීති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා කළ ප්‍රකාශයක සඳහන් වූයේ මූලික වගකීම් ඉටුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සඵල බව දැඩි ලෙස අභියෝගයට ලක්වී තිබෙන බවය. මහාචාර්යවරයා එහිදී රැස්ව සිටි පිරිසගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තුව සැබෑ ලෙසම තම වගකීම් ඉටුකරන්නේද යන ප්‍රශ්නයයි. විශේෂයෙන්ම අණ පනත් ක්‍රියාත්මක කිරීම් සහ මූල්‍ය විනය පවත්වා ගැනීම් සම්බන්ධයෙන් නිසි කාර්යක්ෂම බවකින් කටයුතු කරන්නේද යන ප්‍රශ්නයද ඔහු විමසා තිබිණි. ඊළඟට මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ මහජනතාවගේ මූලික අභිලාෂයන් ඉටුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය ගැන තමන් සෑහීමට පත් නොවන බව ය. එකම දවසේ මන්ත්‍රීවරුන් හත්දෙනකුම ප්‍රශ්න ඇසීමේ වාරය සඳහා පැමිණ නොසිටීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා දක්වන එකී අදහස දැඩි ලෙස අනුමත කිරීමට අප පොළඹවන බව ද පෙන්වා දෙමු.
අප මේ කරුණු පෙන්වා දෙන්නේ සද්භාවයෙන් යුතුව බව ද මෙහිදී සඳහන් කරමු. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට ලබාදී ඇත්තේ රටේ මහජනතාව වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටුකිරීමේ දී එල්ලවෙන බාධා හිරිහැර වළක්වා ගැනීමට මිස වගකීම් පැහැරහැරීම සඳහා යොදාගැනීමට නොවන බවද සඳහන් කළ යුතුය. වාහන පර්මිට් ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දක්වන උනන්දුවෙන් අල්පමාත්‍රයක් හෝ මහජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇසීමට යොදා නොගැනීම ඔවුන්ට ලජ්ජාවක් බව ද කිව යුතු ය.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්