IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මෙන්න මෙගා සිටි

 8   

 

නගර සංවර්ධනය සඳහා පසුගිය රජය ගෙන ගිය වැඩපිළිවෙළ පිළිබඳව හඳුනාගත් කරුණු කීපයක් ඇත. ඉන් පළමු වැන්න මහජන සහභාගිත්වයෙන් දුරස්ව සිදුකර තිබීමයි. දුප්පතුන්ට නිවාස ඉදි කළත් ඔවුන් ඒවායේ පදිංචිවීම ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි. ගැටුම් ඇති විය. මිනිසුන් පැහැර ගැනීම් සිදුවිය. විවිධාකාර ප‍්‍රශ්න ඇති විය. මහජනයාට යහපතක් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක නොවීය. දේශපාලනඥයන් හිතුමතේ ක‍්‍රියා කිරීමට වූහ. උදාහරණයක් වශයෙන් පදික වෙළෙඳුන් ඉවත් කිරීම ඉදිරිපත් කළ හැකිය. ඒ වෙළෙඳුන්ට කඩ කාමර ඉදිකර දුන්නත් එය අසාර්ථක විය.

 

10-Page-14-BB
අප විසින් අනුගමනය කරනු ලබන්නේ ජන සහභාගීත්ව ක‍්‍රියාවලියකි. දුගී දුප්පත් අයට නිවාස ලබාදීමේ දී වාස්තු විද්‍යාඥයන් විසින් ඔවුන් සමග කතාබහ කර කටයුතු කිරීමට පියවර ගනු ලබයි. ජන සහභාගිත්වය සෑම කරුණක් සඳහාම ලබා ගැනීම සිදු කරනු ලබයි. රුචි අරුචිකම් විමසනු ලබයි. එය ජන සහභාගිත්වය නම් වේ. ජලාශයක් ඉදිකිරීම සඳහා පැල්පත්වාසීන් ඉවත් කිරීමට සිදුවිය හැකිය. ඉඩම් පවරා ගැනීමට සිදු වේ. ඒ සඳහා විරෝධතා ඇති වීමට ඉඩ ඇත. බොහෝදුරට ජන සහභාගිත්වයෙන් වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.


මීට පෙර සිදු වී ඇත්තේ නගර අලංකරණය කිරීමය. නිවසක සාලය පමණක් අලංකාර කිරීම සුදුසු නැත. වැසිකිළිය හා මුළුතැන්ගෙය අපිරිසිදු නම්, සාලය අලංකාර වීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. මහලූ කාන්තාවකගේ මුහුණ මේක් අප් කළාක් මෙන් පසුගිය කාලයේ නගර අලංකරණය සිදුවී තිබුණි. පිටින් බැලූවම අලංකාර නමුත් ඇතුළත කූණු වී දුගඳ හමයි. මේ තත්ත්වය අපි අවබෝධ කරගෙන සිටිමු. නගර අලංකරණය පමණක් ප‍්‍රමාණවත් නැත. නගරයේ ජීවත්වන ජනතාවගේ පැසවන ඔඩු දුවන ප‍්‍රශ්නවලට විසඳුමක් ලැබිය යුතුව ඇත. නගරයේ සුඛෝපභෝගී ලෙස ජීවත් වන සුළු පිරිසට අවශ්‍ය පරිදි ආකේඞ්, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවා ඇත. නමුත් නගරයේ දුගී පවුල් ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් ජීවත් වෙති. ඔවුන්ගේ ජීවන ප‍්‍රශ්නවලට මෙතෙක් විසඳුම් ලබා දී නොතිබිණි.


මේ අයගේ දරුවන් සඳහා විධිමත් අධ්‍යාපනයක් සැකසීමට එකම ගොඩනැගිල්ලක්වත් ඉදිවී නැත. නගරයේ පැසවන, ඔඩුදුවන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දී නැත. කුස්සිය, වැසිකිළිය ගොඩනැගීමකින් තොරව සාලය අලංකාර කිරීම පමණක් සිදුවී ඇත. තුන්වැන්න නම් ටෙන්ඩර් පදනමක් නොමැතිව නගර සංවර්ධනය සඳහා ඉදිකිරීම් භාර දී ඇත. විශාල මුදල් නාස්තියක් වී ඇත. උදාහරණයක් වශයෙන් ආකේඞ් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පමණක් ලක්ෂ 500ක් වියදම් කර ඇත. මාළු ටැංකියේ වීදුරුව ලක්ෂ 350ක වටිනාකමක් වෙයි. එක මාළුවෙක් රුපියල් 65,000කි.

5

මහ නගර සභා බස්නාහිර සංවර්ධන ඇමැති 
පාඨලී චම්පික රණවක


මේ ආකේඞ්, සාප්පු සංකීර්ණය හම්බන්තොට ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය, රේස් කෝස් වෙළෙඳ සංකීර්ණය, පාවෙන වෙළෙඳ සංකීර්ණය යන හතරට පමණක් ආසන්නව මිලියන 3000ක් පමණ වැය කර ඇත. මෙම ආයතනවලින් දැන් මාසික පාඩුව මිලියන 3කට ආසන්නය. ටෙන්ඩර් පටිපාටියකින් තොරව අති විශාල මුදලක් මෙවැනි ඉදිකිරීම් සඳහා වැය කර ඇත. කිසිදු ආදායමක් නැත.


මේ සියලූ ඉදිකිරීම් රටට ආදායමක් ලැබෙන ආකාරයට නිර්මාණය කර නැත. අද ආකේඞ් ඉන්ඩිපෙන්ඩන්ස් සංකීර්ණයේ ආදායමක් නොලැබේ. පාවෙන වෙළෙඳ කුටිවලින් ආදායමක් නොලැබේ. හම්බන්තොට ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයෙන් ආදායමක් නොලැබේ. මේවායින් වියදම් පමණක් සිදුවී ඇත. ආදායමක් ලැබී නැත. දුප්පත් ජනතාවට ලබාදුන් නිවාසවලින් කුලී ආදායමක් නොලැබේ. මෙම ජනතාව කුලිය ගෙවතැයි බලාපොරොත්තු වුවත් එවැන්නක් සිදු නොවේ. ආදායම ගැන නොතකා මේ මුදල් වියදම් කර ඇත. නිවාස 5000ක් බොහොම අමාරු තත්ත්වයකට පත් වී ඇත.


මේවා ආදායම් ගැන නොසිතා කර ඇති වියදම් ලෙස හඳුනාගෙන ඇත. ඒ අඩුපාඩු හඳුනාගෙන නගර සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
නගරයේ ප‍්‍රමුඛතා හඳුනා ගැනීමේදී දුගියන්, යාචකයන්ගේ ජීවිත වෙනස් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා නගරයේ බල්ලන් හරකුන්ගේ ජීවිත ගැන ද සිතිය යුතුය. යදියන්, දුගියන් නැති නගරයක් අපේ බලාපොරොත්තුවයි.


කසළ ප‍්‍රශ්නයට ප‍්‍රබල වැඩපිළිවෙළක් අවශ්‍යයි. මෙතෙක් කලක් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා නොදී ඇදි ඇදී පැවතුණි. විශේෂයෙන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතට කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍යය.


මාර්ග තදබදය බරපතළ ප‍්‍රශ්නයකි. එම ප‍්‍රශ්නයට කෙටි කාලීන හා මධ්‍ය කාලීන විසඳුම් ලබාදීමට බලාපොරාත්තු වේ. හදිසි විසඳුම් ලබා දිය යුතු අංශ ලෙස මේවා හඳුනාගෙන ඇත. රටේ ආර්ථිකය නගා සිටුවීමට මාර්ග යොදා ගත හැකි වේ.

SLMA_18.qxd


උදාහරණයක් ලෙස නිදහස් චතුරස‍්‍ර භූමියේ නඩත්තුවට අති විශාල මුදලක් වැය වේ. මෙහි ව්‍යායාමය සඳහා ඇවිදීමට එන්නේ ධනවතුන් ය. ඔවුහුු කිසිදු ගෙවීමක් නොකරති. එහෙත් එස්.එස්.සී. ක‍්‍රීඩාංගණය සඳහා රුපියල් 25,000ක් ගෙවිය යුතුය. එය නඩත්තු කරනු ලබන්නේ දුප්පත් ජනතාවගේ මුදල් වලින්ය. මේ අසාධාරණ තත්ත්වය වෙනස් කළ යුතුව ඇත.


ක්ෂණික ප‍්‍රතිඵල ලැබිය නොහැකි වුවත්, මේවා කළ යුතු ඒවාය. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යනුවෙන් මගේ අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තුවක් පවතී. මේ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට අවධානය දක්වා නොතිබිණි.


රජයේ දෙපර්තමේන්තු තම තමන්ට සීමා වූ කාර්යයන් මත ක‍්‍රියාකාරීව මෙතෙක් සිදුවී ඇත. වරාය, විදුලිය, ජලය, මහාමාර්ග ඒ ඒ විෂයන්ට අදාළ ය. රටේ ඉදිරි වසර 30ට අදාළ වන පරිදි භෞතික සැලසුම් සකස් කිරීමට සැලසුම් කරනු ලබයි. රටේ ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි භෞතික සැලසුම් සකස් කළ යුතු වේ. ඒ සඳහා ආර්ථික කලාප, පරිසර සංරක්ෂණ කලාප, නාගරික කලාප, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ පහසුකම්, කසළ කළමනාකරණය,  විදුලි බල පද්ධති, අන්තර්ජාල පද්ධති, ජල පද්ධති විධිමත්ව ක‍්‍රියාත්මක කිරීමට මෙන්ම සුහුරු රටක් කළ යුතුව ඇත.


Smart Nation එකක් ගොඩනැංවීම අරමුණු කර ගෙන ඇත.


ඒ සඳහා අවශ්‍ය උපකරණ වූ දුරකථන, පරිගණක ආදියේ සම්බන්ධතාව අවශ්‍ය වේ. ඒවායේ සම්බන්ධීකරණයන් කළ යුතුවේ. දැනට මේ අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ නම සුහුරු පාය Smart building නම් වේ. අනාගතයේ මෙම ගොඩනැගිල්ලේ විදුලි පද්ධතිය, අපද්‍රව්‍ය බැහැර කිරීම, වාහන නතර කරන ස්ථානය ආදී සියලූම දෑ පරිගණක ගතව කළමනාකරණය වනු ඇත. පාවිච්චි වන බලශක්තිය කාබන් නිකුත් වන ප‍්‍රමාණය, ජල කළමනාකරණය යනාදිය පරිගණක ගත කරනු ලබයි. කාර්යාලවල මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙතත් මෙවැනි විශාල ගොඩනැගිල්ලක ක‍්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වෙයි. ඒ ක‍්‍රමය සුහුරු නගරය, සුහුරු රටක් වශයෙන් එම ක‍්‍රමය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. භෞතික සැලැස්මේ දී එය සිදුවේ.


පහත් බිම් සංවර්ධනය හා ඉඩම් ගොඩකිරීම මෙම අමාත්‍යාංශය යටතේ පවතී. මේ මගින් උපාය මාර්ගික නගර හඳුනාගනු ලබයි.


සංවර්ධනය කරනු ලබන නගර 4ක් සැලසුම් කිරීම පිළිබඳ විද්‍යාඥයෝ පිරිසක් ජනතාව සමග සාකච්ඡුා කරමින් සිටිති. ලබන සතියේ තවත් විශේෂඥයන් පිරිසක් මෙරටට පැමිණීමට ද නියමිතය. ලබන දෙසැම්බර් වන විට නගර සැලසුම් සකස් කර අවසන් කළ හැකි වනු ඇත. උපාය මාර්ගික නගර අප දැනටමත් හඳුනාගෙන ඇත. යාපනය ත‍්‍රිකුණාමලය, මහනුවර, ගාල්ල හා හම්බන්තොට වශයෙන් ඒ නගර හඳුනාගෙන ඇත. මීට අමතරව මන්නාරම හා කුරුණෑගල පිළිබඳව ද අවධානය යොමු කරනු ලබයි. මේ නගර මීළඟ වසර 30 සඳහා සූදානම් කරනු ලබයි. ඒ සඳහා ලෝක බැංකු ආධාර මත ආරම්භයක් කිරීමට බලාපොරොත්තු වේ. අධිවේගී මාර්ග සමග මේ නගර සම්බන්ධීකරණය වූ පසු වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කෙරේ.


කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය සාක්ෂාත් වූ පසු මහනුවර-කොළඹ නගර සංවර්ධනය සිදුවේ. ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකර ඇත. ඒ අනුව සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලබයි. එහෙත් මූලික නගර සංවර්ධන කටයුතු ආරම්භ කර නැත. ඒ සඳහා අතුරු වැඩපිළිවෙළ ලෝක බැංකු ආධාර යටතේ සිදු කෙරේ.


යාපනය, ත‍්‍රිකුණාමලය යන නගරවලට අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳව පැහැදිලි කාලයක් කිව නොහැකිය. එබැවින් ඒ නගර හුදෙකලා නගර වශයෙන් සංවර්ධනය කෙරේ. ජාතික භෞතික සැලැස්මට අනුව එම කටයුතු සිදු කෙරෙනු ඇත.


බස්නාහිර පළාත දකුණු ආසියාවේ වාණිජ කේන්ද්‍රයක් වශයෙන් වෙනමම සංවර්ධනය කරනු ලබයි. එහිදී බස්නාහිර පළාතේ කුඹුරු විනාශ කිරීමට බලාපොරොත්තු නොවේ. වනය විනාශ නොකෙරේ. බස්නාහිර පළාත ආසන්නයේ කලාපකරණයක් සිදුවේ. වෙරළ තීරය, සංරක්ෂිත වෙරළ තීරය, පහත් බිම්, සංරක්ෂිත වනාන්තර, වගා බිම්, වාණිජ වගා බිම්, කර්මාන්ත ඇති කරන ප‍්‍රදේශ, ජනාවාස ඇති කිරීම, වාණිජ සාප්පු සංකීර්ණවලට උදව් කිරීම ආදී වශයෙන් කලාපකරණයක් කර ප‍්‍රදේශ හඳුනාගැනීම සිදුවේ.


ඊට අමතරව මහ නගරය ඇතුළත අධි නගර 3ක් ඉදිකරනු ලබයි. වරාය නගරය, ගුවන් නගරය හා තාක්ෂණ නගරය වශයෙනි. වරාය නගරය කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, බම්බලපිටිය දක්වා වෙරළ, මුහුද ඇතුළත් මෝදර සිට ඉදිවන ව්‍යාපෘතියකි. ගුවන් නගරය මීගමුව 18 කණුව සිට මිනුවන්ගොඩ දක්වා විහිදී යයි. තාක්ෂණ නගරය මාලබේ සිට හෝමාගම දක්වා පිටත වට රවුම් මාර්ග ඔස්සේ ගොඩනගනු ලබයි.


ප‍්‍රධාන අධිනගර 3ට අමතරව උපනගර සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ. කාර්මික නගර ලෙස හඳුනාගත් නගර ඇත. අලූත් පරිපාලන නගර ලෙස කොට්ටාව, කඩුවෙල හා කඩවත හඳුනාගෙන ඇත. අන්තර් සම්බන්ධිත නගර ලෙස බණ්ඩාරගම, කෙරවලපිටිය හඳුනාගෙන ඇත. බණ්ඩාරගමින් රත්නපුර දෙසට ආරම්භ වන අධිවේගී මාර්ගය ද කෙරවලපිටියෙන් මහනුවර දෙසට අධිවේගී මාර්ගය ද ඉදිවනු ඇත. අවිස්සාවේල්ල වැවිලි නගරයක් ලෙසට ද, බදුරලිය වන සංරක්ෂිත ප‍්‍රදේශයක් ලෙසට ද හඳුනාගෙන ඇත.


මෙය දිගු කාලීන වැඩපිළිවෙළකි. බත්තරමුල්ලට පරිපාලන ආයතන ගෙන ආ ආකාරයට පරිපාලනය විමධ්‍යගත කිරීමට බලාපොරොත්තු වේ. තාක්ෂණ නගරයට ඊට අදාළ සියලූ දේ ගෙන යාමට බලාපොරොත්තු වේ.


මෙම වැඩපිළිවෙළ සඳහා මුදල් ආධාර සැපයීම ක‍්‍රම කීපයකට සිදුවේ. විදේශ ආයෝජන, රජය හා විදේශ ආධාර ඒකාබද්ධව සිදුවන අතර පුද්ගලිකව කෙරෙන ආධාර ද මේ සඳහා ලැබීමට නියමිතය.


නගර සැලැස්ම මේ වසර අවසානයේ සකස් කර අවසන් කරනු ලබයි. අදාළ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේ අධිකාරිය නීත්‍යානුකූලව පිහිටුවීමට සැලසුම් කර ඇත. මෙය 2030 දක්වා දිවෙන වැඩපිළිවෙළකි. 


මෙහිදී කඩිනමින් ක‍්‍රියාත්මක වන කරුණු තුනක් ඇත. යදියන්ගෙන් හා දුගියන්ගෙන් තොර නගරයක් බිහි කිරීම, කසළ කළමනාකරණය කිරීම හා මාර්ග තදබදය වැළැක්වීම එම කරුණු වෙයි. වාණිජ නගරය හා තාක්ෂණ නගරය පිහිටුවීම කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.


කොළඹ නගරයේ පිහිටි මාර්ග තදබදය වැළැක්වීමට ගුවන් පාලම් ඉදි කළ යුතුව ඇත. මාර්ග නීති හඳුන්වා දිය යුතුව ඇත. කුඩා වාහන කොළඹ නගරයට ඇතුළුවීම පාලනය කිරීම අවශ්‍ය වේ. වාහන වැඩිවීම ගිය වසරට සාපේක්ෂව සියයට 100කින් ඉහළ ගොස් ඇත. පොදු ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම මාර්ග තදබදය අවම කිරීම සඳහා වූ ප‍්‍රධානම උපාය මාර්ගයයි.


පාරේ වාහන එක පෙළට ගමන් කිරීමක් නැත. කුඩා වාහන ලොකු වාහන අතරින් රිංගා යාම සිදුවේ. මිනිසුන් හිතූ හිතූ තැන්වලින් මාර්ගය මාරු වීම සිදුවේ. එබැවින් මාර්ග විනය තදින්ම අවශ්‍යය. අලූත් මාර්ගත් අවශ්‍යයි. මධ්‍යම පන්තිය පෞද්ගලික වාහනවලින් කොළඹට පැමිණීම අධෛර්ය කරන ක‍්‍රියාමාර්ගයක් අවශ්‍යයි.


යදියන්, දුගියන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම සිදුකෙරේ. ඒ සඳහා වූ සංඛ්‍යාලේඛන දැනටමත් ලබාගෙන ඇත.

m



අදහස් (0)

මෙන්න මෙගා සිටි

ජොහාන් Wednesday, 14 October 2015 05:05 AM

මේක හරියට කම්කරුව්ක් තට්ටු පහක ගෙයක් හදන්න ප්ලැනක් හදා ගත්තාවගේ වැඩක්, මහත්තයෝ අවරුදු 30 ක් කියන්නේ මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක්, බොරු වැඩ පැත්තක තියලා තමන් බලයට ගෙනාපු මධ්‍යම පාන්තික බුද්ධිමතුන්ගේ ජීවන තත්වය පහල දාන එක නැවත්තුවොත් අඩුතරමේ අවරුදු 5 ක් තමුන්නාන්සේලාට බලයේ ඉන්න පුළුවන් වෙයි (බ)

:       0       0

හේවගේ Wednesday, 14 October 2015 05:22 AM

ඇමති තුමනි, මාස්ටර් ප්ලෑන් කියන ඒවා ලෝකේ කොහෙත් තියෙනවා. එ්ක අමුතු දෙයක් නෙවෙයි හරි ආකාර පස් අවරුදු සැලැස්මක් හදලා සාර්ථක කරලා පෙන්නන්නකො. (ස)

:       0       0

ගීතා Sunday, 18 October 2015 11:08 PM

දැන් අවුරුදු තිහම ඉන්නද කල්පනාව. සල්ලි තියෙනවනවා නම් හොඳයි රාජපක්ෂලා රට කැවා කිව්වාට බොරු වගේ. දැන් ඔය තියෙන්නේ අවුරුදු තිහක් ජවුසම් නටන්න සල්ලි.(අ)

:       0       0

වික්‍රම Wednesday, 14 October 2015 05:26 AM

මෙගා සිටි එකත් ඡන්දෙට ඉස්සෙල්ලා ෆයිල් ඇතුලේ ගෙන පෙන්නපු මෙගා ඩීල් වගේද දන්නේ නැහැ .ඇතුල හිස් , මේ පහුගිය අවුරුදු 30 දේශපාලකයෝ , මේ වගේ අපිට පෙන්නපු සුරංගනා ලෝක හැබෑ උනා නම් , දැන් ලංකාවේ කඩවල් වල සුද්දෝ කොත්තු ගහනවා (බ)

:       0       0

වසන්ජය Wednesday, 14 October 2015 01:14 PM

ඒ දවස්වල සාගර කලාපයක් ගැන කිව්වා දෙවුන්දර තුඩුවේ ඉඳල ඇන්ටාක්ටිකාව දක්වා අපේ කියල අපිව සිහින ලෝකයක තැබුවා.උතුරු මුහුදේ තෙල් ගැන කිව්වා .දැන් මෙගා සිටියක් ..සුරංගනා කතා කියමින් තවත් අප රවටන්න එපා . (බ)

:       0       0

රූපවතී Tuesday, 13 October 2015 06:03 PM

අනේ සජිත්, ජයමාල්, ඔයාලත් මේවට හුරේ දානවා.මැරිලා ඉපදුනේ ඊයෙද? මේ මිනිස්සු දේශපාලනේ කළේ අද ඊයේ නොවේ. එතකොට ඔච්චර කාලයක් මේසා මහජන මුදල් කන්දරාවක් නාස්තිවෙනතුරු මේ අය මොකද කළේ? ඒ කාලේ ඔය කියන ජාතික නාස්තිය වළක්වා ගන්න ඇයි පාර්ලිමේන්තුවේදී ක්‍රියාකළේ නැත්තේ ..? මේවා මේ විදිහට වෙන්නේ දේශපාලකයන්ගේ මුදල් නොව රටේ දුප්පත් මිනිහාගේ දහදිය බින්දුව නිසා.කාටවත්ම කැක්කුමක් නැහැ (නි)

:       0       0

සජිත් Tuesday, 13 October 2015 11:54 AM

රට හදනවනම් මෙන්න මොළ කාරයෝ. මහින්දට චම්පිකගේ මොළේ වටිනාකම තේරුනේ නැහැ. මෛත්‍රීයි රනිලුයි නම් හොඳින් තේරුම් අරගෙන තියෙනවා. (බ)

:       0       0

අරුන් Sunday, 18 October 2015 11:01 AM

අනේ චම්පික ඕව පටන්ගතේ ගෝඨාබය. ඔයා නිකන් පොර වෙන්ට දගලනවා වගේ. (බ)

:       0       0

අරුන් Sunday, 18 October 2015 11:05 AM

ගුවන් නගර කියන්නේ ගුවන් යානා හදන්ට යන්නේ බෝයින්ග් සහ එයාර්බස් චම්පික ගේ නගරයේ හදනවා (බ)

:       0       0

ශානික Tuesday, 13 October 2015 08:42 PM

අතිවිශිෂ්ටයි! ඔබතුමා පසුගිය වසරවල කරන ලද කාර්යයන් සේම මෙයත් දැඩි පරිශ්‍රමයෙන් අනාගතයට ඔබින පරිදි කරන බවට අපිට විශ්වාසයි.මෙවරත් බලශක්තිය පිළිබඳව කටයුතු කළා නම් ගොඩක් වැඩකටයුතු කරන්න තිබුනා. දැන්නම් එය අඩාලවෙලා බවයි පෙනෙන්නේ. විදුලිය ඇණහිටීම් නැවතත් සිදුවනවා. හරිත බලශක්තිය ගැන කතාවක්වත් නැහැ. තෙල් මිල සූත්‍රයටත් මොනවා වෙයිද දන්නෙ නැහැ. කෙසේවෙතත්, දැනටමත් අපේ පළාත්වල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය පටන්ගෙන අවසන්. මීට කලින් වෙන්න තිබුන දේවල් මේවා. රජයේ සිටින වැඩකරන පුද්ගලයෙක් ලෙස අපි දකින්නේ ඔබ පමණයි. අනිත් අය ඉතින් තාමත් පරණ විදියම තමයි. (නි)

:       0       0

ඇසළ Wednesday, 14 October 2015 02:30 PM

ඉන්න පුළුවන් නම් තව තියෙන්නේ අවුරුදු 4යි එ්කත් ඉදිද කියල හිතන්න බැහැ යන විදියට. කියනවකො බලන්න ඔය පොඩි කාලයට වත් කරන්න පුළුවන් දෙයක් මොලය කළදක් වත් තියන කෙනෙකුට පිළිගන්න පුළුවන් විදියට බොරු නොකර. (බ)

:       0       0

ජයමාල්‍ Tuesday, 13 October 2015 12:25 PM

විශිෂ්ටයි. මෙහි ඉංග්‍රීසි පරිවර්තනයකුත් හැකිනම් පළකරන්න (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 13 October 2015 10:59 PM

ඔච්චර දේවල් ඕනෑ නැහැ. කොළඹ නගර සීමාව ඇතුළේ අනවසර කඩ කීපයක් ඉවත්කරලා පෙන්වන්න. කප්පම්කාරයෝ, කුඩු බෙදන්නෝ, පාතාලයෝ, දේශපාලකයොත් එක්ක එකතුවෙලා කිසිම දවසක ඒක කරන්න දුන්නේ නැහැ. හොඳම උදාහරණය 2005 ට කලින් කොළඹ අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න , ප්‍රබල ඇමති කෙනෙක් දරපු උත්සාහය.මතකද සුළුතර පක්ෂයක දේශපාලකයෝ ඇවිල්ලා යකා නටපු හැටි? ඔබතුමා මොනවගේ කෙනෙක්ද කියලා අපිට දැන් ඉතා හොඳ වැටහීමක් තිබෙනවා (නි)

:       0       0

ශානිකා Thursday, 15 October 2015 07:29 AM

හැමෝම හිතන්නේ තමුන් ගැන. (ර)

:       0       0

රෝහණ Monday, 19 October 2015 04:27 AM

චානක මදුසංඛත් බන්දුල පෙරේරා, පිවිතුරු වගේ මහින්දට කඩේ යනවා වගේ. (නි)

:       0       0

ආකාශ් Friday, 16 October 2015 10:48 AM

චානක ඔයා නම්... (ර)

:       0       0

දිලිප් Tuesday, 13 October 2015 02:05 PM

නගර වෙන්කරන්න එපා ස්වභාවික පරිසරයක් එක්ක යන්න (අ)

:       0       0

ඉමේෂ් Thursday, 15 October 2015 08:54 AM

චානක මධුසංක, මේ ප්ලෑන් එක රනිල් ගෙනාවේ එයා ඇමති කෙනෙක් වෙලා ඉන්න කාලේ. මහින්ද තමයි මේක හොරකම් කළේ රනිල්ගෙන්. රනිල් ජපන් අගමැතිට කිව්වා මේ සැලැස්ම එය තරුණ කාලේ. එ්ක කලින් සැරේ අගමැති වුන වෙලාවෙත් ගේනවා ඒත් ඊට කලින් ආණ්ඩුව විසිරෙව්වා. ඕකේ කොටසක් තමයි වරය නගරය විදිහට මහින්ද පටන් ගත්තේ. සමහර විට කඩිනම් මහවැලි වගේ මේකත් කඩිනම් කරන්න වෙයි. නැත්තන් මේක ඉවර කරන්න බැහැ මොකද ආණ්ඩු පෙරලෙන නිසා. එ්ක තමයි ජේ ආර් මහත්තය කළේ. ලෝකේ කිසිම දෙයක් 100% හොඳ දේවල් නැහැ. පොදු ප්‍රවාහනය දියුණු කරනම් වාහන ගන්න ඕනේ නැහැ අපිට කොළොඹ යන්න. (බ)

:       0       0

රවිහංස Wednesday, 14 October 2015 10:50 PM

කයිවාරු වලට අපි රැවටුන කාලෙකුත් තිබුණා. දැන්නම් අපි කවුරුත් හඳුනනවා. පහුගිය රජයේ ඔබතුමත් කැබිනට් ඇමතිවරයෙක්නේ. ඇයි ඒ අයට ඔය ටික තේරුම් නොකළේ? ඒ කාලෙ ඔයාලා බැනපු යූ එන් පී එකයි දැන් තියෙන එකයි වෙනස්ද? තව ටික කලකින් තේරෙයි. (නි)

:       0       0

යාපා Wednesday, 14 October 2015 03:22 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

සේන Tuesday, 13 October 2015 02:41 PM

මේවා නිකම්ම නිකම් ඉන්න විරතයි (අ)

:       0       0

පතිරණ Tuesday, 13 October 2015 03:04 PM

මේ වැඩපිළිවෙල කිසි සේත්ම සාර්ථක කරගන්න බැහැ මොකද මේ වැඩපිළිවෙල නිසා මිනිස්සු පිඩාවට පත්වෙනවා විෂෂයෙන් මධ්‍යම පන්තිකයා උදාහරණයක් හැටියට වාහනයක් තියෙන කෙනෙකුට වාහනේ ගෙදර දාලා ඇවිත් බස් පෝලිමේ අව්වේ ලගින වෙලාවක ලොකුම සල්ලි කාරයෝය් ටිකයි මැති ඇමති වරු කට්ටියයි වාහන පිරිවාගෙන යනවා දකිනකොට ඇතිවෙන කේන්තියට මෙයාලා තව දුරටත් බලයේ තියෙයිද? මැතිනි හාල් පොලු දැම්මා වගේ වැඩක් වෙයි (බ)

:       0       0

චානක මධුසංඛ Wednesday, 14 October 2015 10:09 AM

මහින්දගෙ ප්ලැන් එක අලුත් කිරිමක් විතරයි, පරිපාලන නගර කඩවත කියන එක ජනාධිපතිවරණයටත් කලින් මාස ගානක ඉදලා කඩවත මිනිස්සු දන්නවා, ඔය හැම ප්ලැන් එකක්ම මහින්දගෙ කාලේ ඒවා, වෙනසකට තියෙන්නෙ ගිය වියදම් එක්ක සන්සංදනය කරන එක විතරයි, අනික ලාබ බලාපොරොත්තුවෙන් හැමදෙයක්ම කරන්න බැ, අද මහින්ද ඔය කියන එවා හැදුවෙ නැත්තම් අදටත් ඔය එකක්වත් නැ. (ර)

:       0       0

සදීප Wednesday, 14 October 2015 03:44 AM

අපිටත් පුළුවන් මේ වගේ කතා කියන්න. කරන්න තමා බැරි. (නි)

:       0       0

මහින්ද Tuesday, 13 October 2015 03:52 PM

කටින් බටල හිටවෙනවා (අ)

:       0       0

ටිකිරි Thursday, 15 October 2015 03:45 AM

නාගරික සංවර්ධනය සඳහා ආයතනයක් ස්ථාපනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් ගෙනඒමට සිදුවුයේ එතෙක් පැවති මහා නගර සභා, නගර සභා, සුළු නගර සභා වලට ප්‍රාග්ධන ආයෝජනය සඳහා පුද්ගලික අංශය දායක කරගැනීමට නීතිමය ප්‍රතිපාදන නොතිබීමයි. විදුලිය සහ ජලය සැපයීම පළාත් පාලන ආයතන වලින් මධ්‍යම රජයට පවරාගෙන විදුලි බල මණ්ඩලය සහ ජල සම්පාදන මණ්ඩලය මඟින් එම සේවා සැපයීමට සිදුවුයේද පළාත් පාලන ආයතන වලට මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට නොහැකිවීම මතයි.මෙගා නගරයක් අහම්බයක් නොවෙයි. එය දීර්ඝකාලීන සැලසුමකට අනුව වියයුත්තක්. ඒ සඳහා කාර්යක්ෂම මාර්ග, ප්‍රවාහන, බලශක්ති, ජල සැපයුම්, මළප්‍රවාහන පද්ධති, සන්නිවේදන පද්ධතීන් අවශ්‍ය වන අතරම දැඩි නීති රාමුවක්ද අවශ්‍යයි. භෞතික චිත්‍රයකින් මෙගා නගර බිහිකළ නොහැකියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3395 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 384 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site