ශිලාවතුර මූදුතීරය අදත් මනස්කාන්තය. පුත්තලමේ සිට මන්නාරම දක්වා වූ ඒ අපූරු වෙරළේ සැඟවුණු අතීත රහස් අපමණය.
මන්නාරම් මූදු බොක්කේ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවිය එදා ප‍්‍රකට වූයේ මුතුපර සඳහායි. ඒ ගැන ඓතිහාසික සාධක විල්පත්තුව ප‍්‍රදේශයේත්, විලච්චිය ප‍්‍රදේශයේත් අදටත් සඳහන්ව ඇත.
ඩොරික් බංගලාවේ නටබුන් ශිලාවතුර වැල්ලේ සිට කියාපානුයේ මෙරට ඉතිහාසයේ තවත් එක්තරා පැතිකඩකි.
මන්නාරමට වැටෙන අධික අව් රශ්මිය මේ දැවැන්ත ගොඩනැගිල්ලේ දැවැන්ත ගඩොල් බිත්තිවලින් සිසිල්කර තිබෙන්නට ඇත. ඒ බටහිර ජාතීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයේ සාමාර්ථකමකි.
ගොඩනැගිල්ලේ කොටස් නටබුන්වී |
මන්නාරම් වෙරළ තීරයේ 1800 ගණන්වල ඉදි වූ මෙරට පැවැති මනස්කාන්තම නිවහන වන ‘ඩොරික් බංගලාව’ නම් මෙය පුරාවිද්‍යා සංරක්‍ෂණය කට ලක් නොකිරීමෙන් ශීඝ‍්‍ර විනාශයකට ලක් වෙමින් පවතී.
මෙරට පාලනය කළ ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ පෙඩි‍්‍රක් නෝර්ත් මහතා නැවතී සිටි නිවහන මෙය බවට විශ්වාස කෙරේ. ග‍්‍රීක ව්‍යවහාරයක් වන ‘ඩොරික්’ යන්නෙහි අදහස වන්නේ දැවැන්ත කුළුණු සහිත ආරුක්කුවලින් සමන්විත වීමයි. ගී‍්‍රක සම්ප‍්‍රදායට මෙම ගොඩනැගිල්ල පෙඩි‍්‍රක් නොර්ත් මහතාගේම සැලසුමකට අනුව ඉදිකර වූ බව කියැවේ.
ඒ අනුව මූදට නුදුරු ගල් පර්වතයක් මත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ප‍්‍රධාන ගොඩනැගිල්ල ඉදිකර ඇත. පහත මාලය කාමර හතරකින් හා විශාල සාලයක් සහිතව තිබූ අතර ඉහල මාලය ද නිදන කාමරයකින් යුක්ත විය. 1804 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල පිළිබඳව 1807 රචිත ඩිස්කි‍්‍රප්ෂන් ඔෆ් සිලෝන් කෘතියෙහි සඳහන් වන්නේ ‘‘එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහන වන අතර ගෘහ සැලසුම් ශිල්පයට අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැකිය.’’ යනුවෙනි.
ශ්‍රී ලංකාවේ වටිනාම මුතුපර සහිත කොණ්ඩච්චි මූදු බොක්කේ මුතු වෙළෙඳාම එවකට ඉතා දියුණු මට්ටමක පැවැති අතර එම වෙළෙඳුන්ගෙන් ඇතැම් අය මෙම ස්ථානයේ නවාතැන් ගත බව ඉතිහාසයේ සඳහන්ය. රොබට් නොක්ස් ගේ කෘතිය වන ‘‘එදා හෙළදිව’ හි තවත් බොහෝ තොරතුරු අඩංගු වෙයි.
උඩරට රාජධානි ඉතිහාසයේ සුප‍්‍රකට කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණිය දෝන කතිරිනාව සිරකරගෙන සිටි ස්ථානයක් ලෙස ද මෙය සැලකේ.
දමිළ බසින් ‘අල්ලේ රාණි කොටුව’ යනුවෙන් හැඳින් වූ මෙය විනාශ කර දැමීමට එවකට ත‍්‍රස්තවාදීන් පවා කටයුතු නොකර තිබේ. යුද්ධය නිමා වීමෙන් පසු උතුරේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩ සටහන් රාශියක් දියත් කළේය.
ඩොරික් බංගලාවද සංරක්‍ෂණය කළ යුතු තැනක් ලෙස නම්කර තිබේ. එහෙත් අද වනවිට මූදු ඛාදනයටත් සංරක්‍ෂණය නොවීම නිසා දිරාපත් වීමටත් එය ලක්ව තිබේ.
වසර 200 ක් පැරණි මෙය ජාතික උරුමයක් ලෙස ආරක්‍ෂා කළ යුතු වුවත් අද වන විට ගොඩනැගිල්ලේ බටහිර බිත්ති රැුසක් මූදට පෙරළී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම්කර ඇති මුත් සංරක්‍ෂණ වැඩ පිළිවෙළකට මුදල් නොමැති බව පවසයි. මේ වන විට නාවික හමුදාව එය ආරක්‍ෂා කරයි.
මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා කියා සිටියේ මෙය සංරක්‍ෂණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තනිව කළ හැක්කක් නොවන බවයි.
මේ ගැන අපේ අවධානය යොමු වෙලා තිබෙන්නේ වෙරළ ඛාදනයක් සිදුවන නිසා ගොඩනැගිල්ලේ භාගයක්ම මූදට වැටිලා. මේ වැඬේට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවත් එක් විය යුතුයි. අප මේ ගැන ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තුමාට දැනුම් දීමෙන් පසු එතුමා මේ සඳහා නාවික හමුදාවට කටයුතු කීපයක් පැවරුවා දැන් ඔවුන් එය ආරක්‍ෂා කරනවා මේ පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වීම වැදගත් බවද සෙනරත් දිසානායක මහතා කීය.
අද කවුරුත් කතාකරන්නේ සංචාරක ව්‍යාපාරය ගැනය. මන්නාරමට එවැනි දැවැන්ත සංවර්ධනය මගක අවශ්‍යතාවද බොහෝ දැනේ. මන්නාරම අරිප්පු ප‍්‍රදේශයේ සුන්දර වෙරළ තීරයට සංචාරකයින් ගෙන්වා ගැනීමට මහඟු සම්පතක් හා ජාතික උරුමයක් වන මෙය රැක ගත යුතුව ඇත.
ගස් වැවී ඇති ප‍්‍රධාන ගොඩනැගිල්ල |
සාලයේ ආරුක්කු අතරින් මූද පෙනෙන අයුරු |
ඉහළ මාලයට වෙරළක් ගරා වැටුණ කොටසත් මෙලෙස දිස්වේ |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්නාරම් වෙරළේ ඉංගී‍්‍රසි බංගලාව
කුමාරි Thursday, 25 April 2013 11:04 AM
තොරතුරු හොඳයි. ඒත් අවුරුදු දහස් ගණනකටත් පෙර අපේ ශිල්පීන් ඉතා අනර්ග නිර්මාණ බිහිකල බව අමතකද? සුදු පාලකයන් අපේ දේ කොල්ලකාගෙන තමන්ට සැප විදින්නත් පුරාජේරුව පෙන්නන්නත් මේ දේවල් කළා තමයි. අපි අදටත් එවැනි මානසිකත්වයේ පාලකයන්ගෙන් බැට කනවා. අපි පරාධීන ජාතියක් කියා පෙන්වනවාට වඩා රටේ ජනතාවට යම් දෙයක් කිරීම වඩා හොඳ වේවි. (නි)
තරු Monday, 08 July 2013 10:45 AM
උපුල් සහෝදරයා, මෝඩ අදහස් දක්වන්න එපා. එදා අපි යටත් කරගෙන ඉන්න හැදුවත් ඒ මිනිස්සු එදා ගොඩනගපු දෙයින් අදටත් අපි ප්‍රයෝජන ගන්නවා (නි)
ජයන්ක Thursday, 25 April 2013 06:32 PM
පිටරට මිනිස්සු හැදුවට වටිනා දේවල් මේවා.(නදී)
අචිනි Monday, 22 April 2013 02:50 PM
මෙතන නිදන් තියනවා කිව්වනම් (අ)
උපුල් Thursday, 25 April 2013 01:58 PM
අපිව යටත් කරගෙන සිටි සියලු ජාතීන්ට අයත් ස්මාරක ගොඩනැගිලි චිනාශ චීමට ඉඩ හැරිය යුතූය කියලයි මට නම් හිතෙන්නේ (නි)