සිසේරියන් සැත්කමකින් පසු මියගිය නිට්ටඹුවේ කාන්තාවකට ලබාදී තිබූ ප්‍රතිජීවක ඖෂධ වර්ග දෙකක් පසුගිය සතියේ සිට රෝහල් භාවිතයෙන් ඉවත් කර ඇත. එම ප්‍රතිජීවක ඖෂධ වර්ග දෙක ඇමොක්සලීන් කැරනොක්ස් ඇසිඞ් සහ මෙරපෙතියුම් නම් ඖෂධ වේ. මෙසේ ඖෂධ හේතුවෙන් මිය යන පිරිස් පිළිබඳව නිතර අසන්නට දකින්නට ලැබේ. මෙසේ මියයන පිරිස පිළිබඳව නිසි සමීක්ෂණයකින් දත්ත රැස් කිරීමක් කර ඇති බවත් වාර්තා නොවෙතත්, මේ තත්ත්වය අද බරපතල සමාජ ගැටලූවක් වී ඇත. නිලධාරීන්ට හා දේශපාලනඥයන්ට ලාභ ඉපයීමට ඇති රාජ්‍ය ආයතන අතුරින් ඖෂධ ගෙන්වීමද අද රන් ආකරයක් වී ඇත. මේ ආකරයට ගිලා බැස මුදල් ඉපයීමට රිසිසේ ඉඩ හැර බලධාරීන් හා දේශපාලනඥයන් බලාසිටීම මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු සාධක වී තිබේ. ඖෂධ ගෙන්වීම සඳහා ඇති නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක නොකිරීම බාල ඖෂධ මෙරටට ගෙන්වීමට හේතුවී ඇත. තෙල් හිඟයක් මවා හදිසි ඇනවුම් මගින් තෙල් මෙරටට ගෙන්වා කොමිස් ලබන ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් නිලධාරීන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. ඖෂධ ගෙන්වීමද එසේමය. නිසි කලට නිසි ලෙස ඖෂධ නොගෙන්වීම නිසා හිටිහැටියේ ඇතැම් ඖෂධවල හිඟයක් ඇතිවෙයි. ඇතැම් ඖෂධ තත්ත්වයෙන් බාල බව ඔප්පුවීම නිසා, ඒවා පරිහරණයෙන් ඉවත් කෙරේ. කලින් කලට බලයට පත්වන දේශපාලනඥයන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව බලයට පත් වූ වහාම පුරසාරම් දෙඩුවත් ඒ පුරසාරම බලයට පත් වී කෙටි කාලයකින් මතකයෙන් බැහැර කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයට පත් වූ දේශපාලනඥයන් ඒ කීදේ ඉටු කළා නම් බාල ඖෂධවලින් විනාශ වූ ජීවිත ගණනාවක් රැක ගන්නට ඉඩ තිබිණි. දරුවන්ට මව්වරුන් අහිමි වන්නේ නැත. මව්වරුන්ට දරුවන් අහිමි වන්නේද නැත. රටට කෝටි ගණනක ධනස්කන්ධයක් අහිමි වන්නේද නැත. රටේ ජනතාවගෙන් සියයට 99 ක පිරිසක් කුමන හෝ ඖෂධයක් පාවිච්චි කරති. අඩු වශයෙන් වේදනා නාශක පෙත්තක් හෝ පාවිච්චි කර ඇත. රෝග පීඩාවලින් තොරව ජීවිතය රැක ගැනීමට රටේ ජනතාව පාවිච්චි කරන ඖෂධ සඳහා තත්ත්වයෙන් බාල ඖෂධ ලබාදීම හෝ කල් ඉකුත් වූ ඖෂධ ලබාදීම කොතරම් පාප කර්මයක්ද? සාමාන්‍යයෙන් ලංකාව වැනි රටකට අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග 2500 ත් 3000 ත් අතර ප්රමාණයකි. එහෙත් අද වන විට ඖෂධ වර්ග 12,000 ක් පමණ ආනයනය කරන බව වාර්තාවේ. මේවා බෙහොමයක් එකම වර්ගය. විවිධ වෙළෙඳ නාමයන්ට අයත් ඒවාය. උදාහරණයක් වශයෙන් ඇමොක්සිලින් බෙහෙත් වර්ග 150 ක පමණ ප්‍රමාණයක් විවිධ නම් වලින් ආනයනය කරනු ලැබේ. අපේ රටේම නිෂ්පාදනය කරනු ලබන බෙහෙත් වර්ගද වේ. එරිත්‍රොමයිසින්, ලැසික්ස්, ඇමොක්සිලින් කරල්, ක්ලෝරම් ෆිනිකල්, පැරසිටමෝල් පෙති, ඇමොක්සිලින් සිරප්, ක්ලොක්සලින් කරල්, ක්ලොක්සලින් සිරප්, ක්රෝනයි - බොක්සෙල් මොට්රොෆෝමින්, කොලොස්ටරෝල් අඩු කිරීමට ගන්නා බෙහෙත් වර්ග, මානසික රෝගීන් සඳහා දෙන බෙහෙත් වර්ග, අධික රුධිර පීඩනයට දෙන බෙහෙත් වර්ග, සම මත ආලේපන, ප්‍රතිජීවක ඖෂධ, බී.බී ක්‍රීම්, ජීවනී, ග්ලූකෝස් ආදී වශයෙන් ඖෂධ වර්ග 80 පමණ ප්‍රමාණයක් මෙරටේ නිෂ්පාදනය කරයි. අවශ්‍ය තරම් ප්‍රමාණයට ඖෂධ නිපදවීම සිදු නොවන නිසා, ඒවා පිට රටින් ගෙන ඒමට සිදු වී ඇත. උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් මිලියන 50 ක පමණ ප්‍රමාණයක් රටට අවශ්‍ය වෙතත්, රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ මිලියන 10 ක පමණ ප්රමාණයකි. ගැටලූව මෙරටට ගෙන්වන ඖෂධ පිළිබඳවය. විධිමත් හා ක්‍රමවත් ක්‍රමවේදයකින් තොරව, ගෙන්වා ඇති ඖෂධ රටට අතිවිශාල මුදලක් අහිමි කර ඇත. මිලදී ගත් ඖෂධවලින් රුපියල් මිලියන 435 ක් වටිනා ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට සහතික කරන අතර ඒවායින් සියයට 81 ක ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා රෝගීන්ට ලබාදී තිබු බව වර්ෂ 2010 විගණකාධිපති වාර්තාව සඳහන් කරයි. එයින් රෝගීන්ට සිදුව ඇති හානිය පිළිබඳව සමීක්ෂණයක් කර නොතිබුණ බවද එම වාර්තාවේ දැක්වේ. එම වර්ෂයේදී ඖෂධ ඇණවුම් කිරීම ගබඩා කිරීම සහ බෙදා හැරීමේදී පවතින දුර්වල තත්ත්වය නිසා ඇති වූ ඖෂධ හිඟයට පිළියමක් ලෙස හිඟ ඖෂධ මිලදී ගැනීමට රුපියල් කෝටි 45 ක ප්රතිපාදනයක් අමාත්‍ය මණ්ඩලය මගින් සලසා දී තිබුණත්. එයින් මිලදී ගෙන තිබුණේ රුපියල් කෝටි 26.2 ක ඖෂධ පමණි. සාමාන්‍ය තත්ත්වය යටතේ මෙම ඖෂධ මිලදී ගත්තේ නම් වැය වන මුදල රුපියල් කෝටි අටහමාරකි. ඒ අනුව සිදු වූ පාඩුව රුපියල් කෝටි 17.6 කි. තවද ඖෂධ බොහොමයක් තත්ත්වයෙන් බාල වී තිබූ අතර ප්‍රමිති වාර්තාව ලැබෙන විට එම ඖෂධ බොහොමයක් රෝගීන් වෙත නිකුත් කර තිබූ බවද වාර්තාවේ. ඖෂධ හිඟය දිගටම පැවති හෙයින් අමාත්‍ය මණ්ඩලය තවත් අතිරේක රුපියල් කෝටි 50 ක් 2010 දී ඖෂධ මිලදී ගැනීමට වෙන්කර දී තිබුණද වැඩි මිල ගණන් යටතේ දින 7 ත් 10 ත් අතර සපයා ගැනීමට ඖෂධ ඇණවුම් කළද, ඖෂධ සැපයීමට මාස දෙකහමාරේ සිට මාස 5 ක කාලයක් ගත වී තිබූ බව සඳහන් වෙයි. එම වර්ෂයේදී තත්ත්වයෙන් බාල ඖෂධ රුපියල් කෝටි 24 ක ගබඩා කර තිබූ අතර ගබඩා කුලී වශයෙන් පෞද්ගලික ආයතනයකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ගෙවා තිබිණි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත වැඩි මිලට වෙළෙඳ නාම යටතේ ඖෂධ මිලදී ගැනීම නිසා රුපියල් මිලියන 16 ක අලාභයක් සිදු වී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි. සෙෆියුරොක්සිම් සෝඩියම් එන්නත් ඒකක ලක්ෂ 29 ක් මිලදී ගෙන තිබූ අතර, ඒවායේ වීදුරු කටු ඇති බවට අනාවරණය වන අවස්ථාවේද එයින් ඒකක 28,52409 ක් රෝගීන්ට නිකුත් කර තිබූ බවද වාර්තා කරයි. කල් ඉකුත් වූ රුධිර පට්ටිකා කට්ටල හා ප්ලාස්මා පෙරණ කට්ටල ඒකක 50,719 ක වටිනාකම රුපියල් 78,82003 ක් වී ඇත. මෙම තොරතුරු අනාවරණය කිරීමට සිදු වූයේ ඖෂධ නිසා රටට විඳින්නට සිදු වූ පාඩුවෙන්, කොටසක් පිළිබඳව පාඨක ඔබ දැනුවත් කිරීමටය. සෞඛ්‍ය සේවා සැපයීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ ආයතන හතරකි. ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය හා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය එම ආයතන හතර වෙයි. ඖෂධ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් කෝටි 1400 ක් පමණය. රටේ ජනතාවට උසස්ම සෞඛ්‍ය තත්ත්වයක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම වී ඇත. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා පසුගිය වසර වල ඖෂධ වෙනුවෙන් රජය දරා ඇති වියදම මෙසේය.
වර්ෂය |
මුදල (රුපියල් මිලියන) |
2006 | 58 |
2007 | 68.7 |
2008 | 75 |
2009 | 71.4 |
2010 | 73.8 |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනීමරණ බාල බෙහෙත්