|
|
.
”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.
එහෙත් අද නමින් අමතනු වෙනුවට ”මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ ලූ... යුගයෙන් යුගයට සමාජය අතික‍්‍රමණය කරන බොහෝ දෑ අතර අලූත් වචනද එක් දෙයක්යැයි කීවොත් එය නිවැරදිය.
පසුගිය කාලයේ අප සමාජයේ අතිශය ජනපි‍්‍රය වචනයක් බවට පත්වූයේ ‘පට්ට’ යන වචනයයි. පට්ට යන්නෙන් අරුත් ගැන්වෙන්නේ කුමක්ද? මේ ඒ පට්ට පිළිබඳව සොයා යාමකි. පට්ට සේම කටට හුරුවූ තවත් වචන පිළිබඳව මතකය ද ඒ සොයායාමේදී හමු විණි. ඉතිකින් මේ වනාහි පට්ට පෙරටු කරගෙන පට්ටවලට පෙර හා පසු පැමිණි තවත් වචන පිළිබඳව ද විමසා බැලීමකි.
භාෂාවේ පදවලට එක් එක් කාලවලදී දෙන අර්ථ වෙනස් වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස සුඟක් යන්න පැරැණි භාෂාවේදී ඉතා ස්වල්පයක් යන්න හැඟවනු පිණිස භාවිත වූ වදනකි. එහෙත් අද ඇත්තේ මීට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිපක්ෂ වූ අර්ථයකි. අද භාවිත වන්නේ සුඟාක් නොව හුඟාක් යන වචනයයි. එයින් අදහස් වන්නේ ස්වල්පාර්ථය නොව බහුලාර්ථයයි.
මෙය භාෂාව පරිණාමය වීමයි. මළ භාෂාවක් නම් මෙසේ පරිණාමය වන්නේ නැත. භාෂාවක් යනු ප‍්‍රාණයක් සහිත දෙයකි. භාෂාවට පණ ඇති හෙයින් භාෂාවේ පදවල අරුත් කලින් කලට වෙනස් වේ.
එමෙන්ම භාෂාවක එක් එක් විෂයන්වලට අනන්‍ය වූ පාරිභාෂිත වචනද පවතී. පාරිභාෂිත වචන අදාළ වූයේ එකී විෂයට අදාළව පමණි. එහෙත් නූතන ලේඛකයන් මෙම වචන තමන්ට අවැසි පරිදි තම ලේඛනය සඳහා යොදා ගැනීමේ ප‍්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබේ. උදාහරණයක් ලෙස අවශෝෂණය කරගැනීම විද්‍යා විෂය ධාරාවට අනන්‍ය වූ පාරිභාෂිත වචනයකි. එහෙත් අද සාහිත්‍ය විචාරවලදී මෙම වචනය භාවිත කරනු දක්නට ලැබේ.
සංගායනාවක් යනු යතිවරයාණන් වහන්සේලාට පමණක් කළ හැක්කක්යැයි ඇතැම්හු සිතති. එහෙත් සංගායනාව යනු යහපත් ගායනාවක් යන අරුත් ඇති වචනයකි. යමෙක් පවසතොත් ව්‍යාකරණ සංගායනාවක් පිළිබඳව එතෙනදී සිදුවන්නේ බෞද්ධ සංස්කෘතිය තුළ භාවිත කළ වදනක් සාහිත්‍යයට අදාළව භාවිත කිරීමකි.
පෙර කල දේහය යන්න භාවිත කළේ මෘත දේහය යන්න කරන සඳහනකදීය. එහෙත් අද කාව්‍ය විචාරයේදී ද දේහය යන වචනය පරිහරණය කරයි. කාව්‍ය ආකෘතිය යන්න වෙනුවට ඒ අරුතින්ම කාව්‍ය දේහය යන්න යොදා ගැනීම අද දක්නට ලැබෙන්නකි.
ආචීර්ණකල්පිත අදහස් දරන, නොඑසේ නම් වෙනස්වීම යන්න පිළිගැනීමට අකමැති භාෂාව විනාශ වේ යැයි චෝදනා කරන භාෂාව සංස්කෘතියක් ලෙස පිළිනොගන්නා භාෂාවේ වෙනස්වීමට විරුද්ධව අදහස් දක්වන අය මෙය භාෂාවේ ශුද්ධ බව නැති කර භාෂාව කාලකන්නි කිරීමක් ලෙස හැඳින්වුවද මෙය භාෂාව විනාශ කිරීමක් ලෙස අප නොපිළිගන්නේ ජීව භාෂාවකට මෙකී උරුමයන් සහ වෙනස්වීම් නිසඟයෙන්ම අනන්‍ය වන බැවිනි.
භාෂාවේ ආමන්ත‍්‍රණ නිපාත ලෙස හඳුන්වන නිපාත පද විශේෂයක් පවතී. ව්‍යාකරණ පතපොතේ ආමන්ත‍්‍රණය කිරීමේ නිපාත යටතේ ඇත්තේ එම්බා, එම්බල, බොල, තෙල, බොලේ, ඒයි, ඕයි යන ආමන්ත‍්‍රණය. එහෙත් අද සමාජයේදී මේ එක් වචනයක්වත් පොදුවේ ආමන්ත‍්‍රණ සඳහා යොදාගත හැකිද යන ප‍්‍රශ්නය පවතී. පොතේ ඇති නිපාතය එය වුවත් සමාජයීය වෙනස අනුව භාවිත කිරීම පිළිබඳ ප‍්‍රායෝගික ගැටලූවක් පවතී.
අව්‍ය පදයකදී ස්තී‍්‍රලිංග - පුරුෂලිංග යන භේදය නොපවතී. ඒක වචන බහු වචන යන භේදය නැති වේ. එමෙන්ම විභක්තිවලදී වර නගන්නට නොහැකි වේ. උදාහරණයක් ලෙස මෙන් යන නිපාතයට ස්ති‍්‍රලිංග පුරුෂලිංග භේදයක් නැත. වරනගන්නටත් නොහැක. ඒක වචන බහු වචන භේදයකුත් නැත.
අඩෝ යන වචනය ගතහොත් ව්‍යාකරණ පොතේ හැරෙන්නට නාට්‍යයේත්, චිත‍්‍රපටියේත්, පත්තරයේත්, පොලිස් වාර්තාවලත්, නවකතාවේත්, කෙටිකතාවේත් මේ වචනය නැත. ව්‍යාකරණ පොතේ තිබුණත් එම්බා, බොල, තෙළ, බොලේ යන ආමන්ත‍්‍රණ මේ එක් මාධ්‍යයක්වත් නැත. භාෂාවේ ජීවගුණය, භාෂාවේ වෙනස්වීම් ස්වභාවය මෙයයි.
අනාගතයේදී ”මචං” යන ආමන්ත‍්‍රණය නිපාතයක් වන බවට ඉඟි ලැබෙමින් පවතී. නිපාතයක් වීමට නම් වචන භේදයක් නැතිවිය යුතුය. මචං යන්නේ වචන භේදය අද වෙද්දී තුනීවෙමින් නැතිවෙමින් යමින් පවතී. මචං යන්නට තිබූ නිශ්චිත අර්ථය මස්සිනා යන්නයි. අද ගැහැනු ළමයින් ගැහැනු ළමයින්ටත් පිරිමි ළමයින් පිරිමි ළමයින්ටත් මේ කිසිදු භේදයකින් තොරව මචං යන්න භාවිත කරයි. නිශ්චිත අර්ථය හා ලිංග භේදය නැතිවී මචං යන්න ආමන්ත‍්‍රණ නිපාතයක් බවට අද පත්වී ඇත. ව්‍යාකරණ ඇදුරකු මචං යන්න නිපාතයක් ලෙස හැඳින්නොවූවත් අනාගතයේදී එය එසේ වන බවට ඉඟි පවතී.
එදා ගම්වල පට්ට යන වචනය ඇතැම් අවස්ථාවල භාවිත කළේ ඉතාම නරක යන අර්ථය දෙන්නටය. පට්ට බැල්ලී, පට්ට වෙසඟන (එය භාවිත වූයේ වෙසඟන යන්නටම යෙදුන අකුරු තුනේ වචනයකිනි.) පට්ට බවට පත්වුණේ පර යන වචනයයි. පරබල්ලා, පට්ට බල්ලා බවට පත්වුණේය. මෙතනදී පර ලෙස ගැනුණේ නරක, අධම, නීච යන අරුතයි.
එහෙත් අද පට්ට යන්නෙන් අරුත් ගැනෙන්නේ සරලව කිවහොත් ”මාර” යන්න වන භාවිතයට සමාන අරුතකි. විශාල උත්කර්ෂයට පත්වන කි‍්‍රයාවක්, සංතෘප්තිදායක දෙයක්, විශ්මය ජනක දෙයක් යන්න සඳහන් කිරීමට ඒ සියලූ අර්ථ කැටිවූ වචනයක් ලෙස පට්ට යන්න භාවිත කරයි.
පට්ට ෆිල්ම් එකක් බැලූවා මචං යනුවෙන් පවසද්දී පට්ට යනු හද්ද පිටිසර වචනයකි. ෆිල්ම් යනු චිත‍්‍රපටිය යන්නට යෙදෙන ඉංගී‍්‍රසි වචනයයි. නියම, ලස්සන, හොඳ, -මාර ගති” චිත‍්‍රපටියක් යන්න දැක්වීමට මෙතනදී මේ සියල්ලේ අරුත් කැටිකොට පට්ට යන්න යොදා ගනී.
පට්ට ආතල්, ගැනීම යනු සාදයකදී විනෝද ගමනකදී, නැතිනම් ලිංගික කි‍්‍රයාවකදී ආදරණීය ගනුදෙනුවකදී උතුරා යන අප‍්‍රමාණ සතුටක් අත්විඳීමය. ඇතැම් විට පට්ට යන්න පමණක් අදින ස්වරයෙන් කියමින් නතර කරයි. එයින් අරුත් ගැනෙන්නේ ඉන් එහාට කීමට වදන් නැත යන්නය. සියලූ රස උපරිම අයුරින්? සාරාංශ කොට පට්ට .... යනුවෙන් කියයි. පට්ට ආදරයක් තිබුණා... යනු ඇත්තටම තවත් විදියකින්ම කියනවා නම් බොක්කෙන්ම ආදරය කළා යන්න හැඟවීමට යොදන වචනයයි.
පට්ට කතාවක්, පට්ට සැපක්, පට්ට සීතලකි, පට්ට රහක්. මේ සියලූ කතාවලදී ඉවසා දරාගත නොහැකි ඒ ඒ හැටියට උපරිම රසපිරුණු යන්න හැඟවෙයි.
අද වාමාංශික මොඩලයේ සඟරාවල පට්ට යන්න ජනපි‍්‍රය වචනයකි. පට්ට පොලිටික්ස් යන්න නියම දේශපාලනය යන්න හඟවයි.
පට්ට කෑල්ලක් යනු ගැහැනු ළමයින් සඳහා භාවිත කරන්නකි. ඒ ගැහැනු ළමයාට පබාවතියගේ බඳු රූපයක් ඇති බව, සාලිය කුමරු අශෝකමාලා වර්ණනා කිරීමේදී කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පියයුරු, කලවා, දෙතොල, දෑස්, කෙස් මේ සියල්ල එකින් එක වර්ණනා කිරීමේදී කළ වර්ණනාත්මක ඇගයුම්,ඡේද දහයකින් පමණ ලිවිය යුතු වර්ණනා වත්මන් තරුණයින් එක් වචනයකින් කියන්නට ගත් උත්සාහයක් ලෙස පට්ට යන වචනය යොදා ගනියි. පට්ට කෑල්ල කී විට ඒ සියලූ අරුත් එහි ගැබ්ව පවතී.
පට්ට වෙසඟන යැයි කීවේ නියම උපරිම, මචනයේ පරිසමාප්ත අරුතින්ම වෙසඟනකි යන තේරුම දනවන්නටය. භාෂාවේ යමක් පැහැදිලි කරමින් කියන්නට අසීරු විට පැහැදිලි කිරීමට වචන බොහෝ ගණනක් යෙදීමට වඩා එක් වචනයක් භාවිත කිරීම පහසුය. පට්ට යන්න එසේ යොදාගත හැකි වචනයකි. පට්ට යන්න යෙදු විට නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.
පෙර යුගයේදී පැරැණි සාහිත්‍යයේදී පදයක් ගත්විට ඊට අටුවා, ටීකා, ටිප්පනී ගැටපද, ලියාගෙන ඒමට සිදුවූයේ ඒ පදය තේරුම් කිරීම සඳහාය. ශිෂ්ටාචාරයේ දැනට ඇති විශිෂ්ටතම සන්නිවේදන සොයාගැනීම වූ කලී භාෂාවයි.
භාෂාව ඉතා දියුණු තත්ත්වයකට පැමිණ නොතිබූ යුගයේදී නිරුක්ති පැහැදිලි කරන්නට විශාල මහන්සියක් දරන්නට සිදුවිය. පට්ට වැනි වචනවලින් ඒ කිසිදු මහන්සියකින් තොරව තේරුම මේ යැයි හැඟවිය හැකිය.
අද පරම්පරාව එකඟයි යන්න හැඟවීමට ”අනිවාර්යෙන්ම” යන්න යොදාගනී. එය අද ප‍්‍රශ්නවලට ඔව්, එහෙමයි, එකඟයි මේ සියල්ල හැඟවීමට යෙදිය හැකි ස්ථීරසාර යෙදුමක් බවට පත්ව ඇත. ස්ථීරවම, ඒකාන්තයෙන්ම, සත්තකින්ම, අනිවාර්යයෙන්ම යනුවෙන් ගම්වල භාවිත කළේ ද අද පරම්පරාව අනිවාරතයෙන්ම යන්න භාවිත කරගත්තා වූ අරුතමය. එය යමක් පිළිබඳව සපථ කිරීම සඳහා එක් වචනයකින් දෙන පිළිතුරු දීමකි.
පට්ට යන වචනය භාෂාව තුළට ගෙනාවේ කවුරුන් වුවත් සිදුවුණේ එසේ වචනය ගෙනා විට එය පත්තුවීමකි. එසේ ලැව් ගින්නක් සේ වචන පත්තු කිරීම භාෂාවකදී කළ හැක්කකි.
ගැහැනු ළමයින් හැඳින්වීමට මාර කඳක් යනුවෙන් යොදා ගත්තේය. ඒ වචනය ”මාර කැත” හැඳින්වීමක් ලෙස අර්ථ විග‍්‍රහ කළ සුචරිතවාදීහු අප රටේ සිටියහ. බෝධිසත්වයන් වහන්සේ කුස ජාතකයේදී පබාවතිය හඳුන්වා ඇත්තේ ද කඳ යන නමිනි. ජාතක පොතේ ස්වර්ණ තාල ස්කන්ධයක් ලෙස පබාවතිය හඳුන්වා ඇත. ස්වර්ණ යනු රත්තරන්ය. තාල යනු තල්ය. ස්කන්ධ යනු කඳය. සරල සිංහලයෙන් ගත්තම පබාවතිය යනු රන් තල් කඳකි. වත්මන් පරපුර මාර කඳක් යනුවෙන් කළ ව්‍යවහාරය ඒ පැරැණි ව්‍යවහාරයේම නව මුහුණුවරකි.
‘පිස්සු හැදෙන සඳ’ මීට කලකට පෙර ආ භාවිතයකි. මේක මහ පිස්සු හැදෙන කාලයක් යනුවෙන් එයින් අරුත් ගැන්වුණි. හොදි මදි, හොදි ඕන් නෑ, දිරවගන්න ලේසියි, තව හොදි ටිකක් තිබුණා නම් යන්න අද ජනපි‍්‍රය තවත් යෙදුමකි. රසය මදි, තියන රසය හොඳටම ඇති, තව රස තිබුණොත් හොඳයි යන්න මින් අර්ථ ගැන්වේ.
මල පැන්නා යන්නද පසුගිය කාලයේ භාවිත වූ ජනපි‍්‍රය යෙදුමකි. කෝප ගැන්වූවා යන්න හැඟවීමට මෙය යෙදේ. අර්ශස් රෝගය සෑදුණු විට ගුද මාර්ගයේ බඩවැල එළියට පැමිණේ. එය මලක හැඩය ගනී. වේදනාව නිසා ඒ රෝග තත්ත්වය හැදුණු විට කේන්තිය එයි. කේන්තිය ආවා යන්න ඇඟවීමට මල පනිනවා යන්න යෙදුනි. ඒ අරුතින්ම තොට අර්ශස්ද යන්න ඇසීම පසුගිය කාලයේ ආ දෙයකි.
පෙර සඳහන් කළ සියලූ වචන අපේ ඉපැරැණි ජනවහරත් සමඟ සබඳකමක් තිබූ වචන මිස එක්වරම ප‍්‍රාදුර්භූත වූ වචන නොවේ. මේ සියල්ල භාෂණයේ තිබූ ඒවා මිස ආකාස්මික ඒවා නොවේ. භාෂා මූලයකින් හැදෙන වචන මිස ඉබේ පහළ වෙන වචන නොවේ. පට්ට සිට එල, දක්වා කී නොකී සියලූ වචනවලට එකී සත්‍ය වලංගු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ලිපිය.. නියමයි (නදී)
ලංකාවේ සිංහල භාෂාවට අලුත් වචන එකතු කරන්නේ නැති වීම ලොකු ප්‍රශනයක්. ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලය කරනවා වගේ සිංහල භාෂාවට වචන එකතු කර ප්‍රකාශ කරන්ඩ කියල කොලොඹ කැළණිය හෝ ජපුර විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. වචන සරල වෙන තරමට මිනිසුන් භාවිතා කරනවා.(නදී)
නියමයි! (නදී)
නියම අදහස් ටිකක් තමයි. (නදී)
පට්ට විග්‍රහයක් ...(අ)
හොඳ ලිපියක් ඔබට දීර්ඝායුෂ අපේ සිංහල ගුරුතුමාට (අ)
පට්ට ලිපියක් ! (අ)
ෂා...පටිට ලිපියක් අප්පා. (අ)
ෂා..."පට්ට" කතාව....!!! (අ)
මෙයාට පිස්සු නැත්නම් ෂොක්.(අ)
පට්ට ලිපිය. (අ)
අපේ පට්ට සිංහල ගුරුවරයා කවදත් පට්ට ටෝක් දන්නේ (ස)
නියමයි (නි)
නියම කතාව.(නදී)
නියමයි... නියමයි.... (නි)
ලිපියට ස්තූතියි (නි)
නියම කතාව ... ගින්දර වගේ ලිපියක් (නි)
ලිපිය නම් ඉතා හොදයි (නි)
විශිෂ්ට කතාවක් (නි)
ඉතා සාර්ථක ලිපියක් (නි)
නියම කතාවක් කරලා තියෙන්නේ (නි)
නියම කතාවක් (නි)
හොද ලිපියක්. (නි)
නියම ලිපියක් (නි)
ආඩම්බරයි... (නි)
නියමයි (නි)
ඇත්තටම ඇත්ත කතාවක්. අපේ සිංහල ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ආඩම්බරයි ඔබ ගැන (නි)
අති සාර්ථකයි නේද මේ ලිපිය? (නි)
කදිම ලිපියක් (නි)
මොනවා වුණත් නියම ලිපියක් (නි)
නියම කතාව! (නි)
කාලෝචිත වටිනා විග්‍රහයක් (නි)
අපේ සර් නියම මනුස්සයෙක්නේ! (නි)
පුදුමාකාර කතාවක් (නි)
අපේ සර්ගේ විචාරය නම් නියමයි.වෙන මොන කතාද ? (නි)
නියම කතාව... (නි)
ඇත්තටම නියමයි (නි)
මේවා කියන්න ඕනෑ "ෆැන්ටසි ඇවනිවු" කෙරුවාව නොදන්නා අයටයි. (නි)
නියමයි! (නදී)
අනිවාර්යයෙන්, නියමයි... (නි)
කාලෙකට පස්සේ අපේ සර්ව දැක්කේ. මම කැමතිම පුද්ගලයෙක්. (නි)
ඇත්තම කියනවා නම් සර්, සර්ගේ වචන වලට අපි තවමත් පුදුම විදියට කැමතියි (නි)
සමහර මහා චාර්යවරුන්ට වෙන වැඩ තියෙනවනේ ! ඔය වගේ ශාස්ත්‍රීය ඒවා කරනවට වඩා ! (අ)
අද කාලේ මේ වගේ ලිපි කියවන්න ලැබෙනවා බොහෝම අඩුයි. (නි)
නියම කතාවක්.... (නි)
පට්ට ලිපිය (අ)
පට්ටයි ඈ... (අ)
පට්ට සිට එල දක්වා වු ලිපිය ඇත්ටම පට්ට, ඔබට ජය වේවා, (ස)
පටිට පට පට (ස)
පට්ට පරට්ට, කියන වචන මීට වසර ගණනාවකට පෙරත් තිබුනා.(ස)
මම නම් මේ වචන වලට කැමති නැහැ (නි)
නියම කතාව.(නදී)
ඇත්තටම විය යුත්තේ භාෂාවකට නිතරම අළුත් වචන එකතු වීමයි. සංස්කෘත, ලතින් නැතිවෙන්නත් ඉංග්‍රීසි වගේ භාෂා පවතින්නත් ප්‍රධාන හේතුව ඒකයි. නමුත් ඒ බව බහුතර සමාජය අවබෝධ කරගෙන නැහැ. ඇත්තටම හොද ලිපියක්. සන්නස්ගල ඇදුරිඳුනි, ඔබට ස්තූතියි. (නදී)
ගොඩක් වැදගත් ලිපියක්. ස්තූතියි. (නි)
කාලයට ගැළපෙන ලිපියක් (නි)
නියමයි. නියමයි (නි)
අද සමාජයට අවශ්‍ය වැදගත් ලිපියක්.ඔබට වගේම ලංකාදීපයට ස්තුතියි මෙය පළ කළාට (නි)
මෙය ඉතාමත් හොඳ ලිපියකි. මොනවා වුණත් තේරුමක් ගෙන දෙන වචන පාවිච්චි කරන එක වඩා වැදගත්. මම මෙම ලිපිය කියවූ පසුවයි බොහෝ වචනයන්හි තේරුම දැනගත්තේ. මෙම ලිපිය ලිවුවාට ඔබට බොහොම ස්තුතියි (නි)
මෙන්න මේවා තමා වැඩ. ඔහොම තමා රටට වැඩ කරන්න ඕනෑ. (නි)
ලලින්, මට කණගාටුයි ඔබ ගැන (නි)
සෙවනට ටකරන් වහලකි, වාඩිවීමට ලී බංකුය, මේ කටුකත්වය නොවේ... මේ සුන්දර අතීතයයි... "අපේ සිංහල පන්තිය" (නි)
මේ කුරිරු ලොවට පිටුපා සඳ එළිය යන්න යන මොහොතක පෑයූ අනාගතය දෙස ආදරයෙන් බලන පරම්පරාව - "අපේ සිංහල පන්තිය" - (නි)
'පට්ට' කතාව දැන් පැරණියි. ඒ වෙනුවට දැන් 'ගිනි' අාදේශකය ඇවිල්ලා (නි)
අහිංසක දරුවන් ගැබිනියන් කරලා ලෝකය නොදුටු දරුවන් අමු අමුවේ මරා දැමු තුච්ඡ මිනිසුන් තවමත් ජීවතුන් අතර සිටීමත් සල්ලාලයන්ට ගුරුවරු කීමත් ගුරුවරුන්ට කරන නිගාවක්. (නදී)
පට්ට ගහන්න හිතෙනව මේ ලියපු දේවල් ! ඒ වුනාට මම පිළිගන්නෙත් නැ .....ප්‍රතික්‍ෂ්ප කරන්නෙත් නැ ගමයෝ .... (නදී)
මම නම් ඔහුට පෞද්ගලිකව කැමති නැහැ (නි)
බසට නව වදන් එක්වුවාට කම් නැත. (නි)
නියමයි (නි)
මේවා ග්‍රාම්‍ය වචනය. බොහෝවිට කෙනෙකුට බනින විට අතීතයේදී භාවිතා විය.දැන් මෙය ගම්වල භාවිතා නොකරයි (නි)
නියමයි, කියන්න වැඩි කැමැත්තක් නැති උනත් හොද අදහසක් දුන්නේ. මළ භාෂාවක් නොවෙන භාෂාවක් අපිට තියෙනවා කියන්නෙ අපි වඳවෙන ජාතියකුත් නොවෙන්න ඕනා. ඒක තමයි නියම ඇත්ත.(නදී)
සුකුමාල් හීන දකින්න.! .බසාවත් ඔය යන්නේ හොඳ පැත්තකටද? පිරිහීමක් නේද වෙන්නේ? ජාතිය , වඳ වෙන එක ගැන කීව අනාවකි දැනටත් හරියාගන යනවා, රටේ වෙන දේ පේන්නේ නැද්ද? (නදී)
ඉතාලි හෝ පෘතුගීසි භාෂාවේ තිබෙන පුට්ටනේස්චා වචනයත් බලන්න. එහි තේරුම අපේ ගැමියන් භාවිතා කල වෛශ්‍යා තේරුම මයි. දැන් එම වචනය භාවිතා වෙන්නේ මිශ්‍ර සුප් එකකටයි. (නදී)
එක දවසක් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එවකට ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙරහෙර වැඩපොළ නැරඹීමට ගිය අවස්ථාවක අබලංවූ බස්රථ දෙකක් කොට උඩ තබා තිබෙනු දැක එතුමිය බස් රථ කොට උඩ කියා සිටියාය. වැඩේ කොට උඩ යන යෙදීම එතැන් පටන් භාවිතා විය.(නදී)
භාෂාව ගැන බොහෝ විට ලිපි පලවෙනවා අඩුයි. ගොඩක් කාලෙකින් පළවුණු මේ වගේ ලිපියක් හොඳ වුනත්, නරක වුනත් ගොඩ දෙනෙක් බලලා තියෙනවා. ඒක ගොඩක් වැදගත්. සාපේක්ෂව අතීත බැඳීම් තිබුනත්, ඇත්තටම අද කාලේ භාෂාව හැසිරවීම සදාචාරාත්මක අතින් කොයි තරම් උසස්ද කියන ඒක ගැන තව ටිකක් හිතන්න වෙයි නේද? මේ වගේ ලිපි තව පල කරන්න. තර්ක විතර්ක මැද ඔලු ගෙඩි වලට වැදගත් දෙයක් ගන්න පුළුවන් වෙයි.(නදී)....
සන්නස්ගල කවදත් යමක් සංවාදයට ලක් කරන කෙනෙක්. ඒකට මගේ ස්තුතිය හිමිවෙනවා. මේ වගේ යෞවනයන්ගේ පුර වහරේ යෙදුම් කාලයක් පැවතී, අභාවයට ගිය බවත් සමහරක් ප්‍රධාන භාෂා ධාරාවට එකතු වූ බවත් නිරීක්ෂනය කල හැකියි. චතුර පෙන්වා දෙන පරිදි ඉංග්‍රීසි භාෂාවට එකතුවෙන අලුත් වචන පරණ වචන නව අරුතකින් යොදා ගැනීම ම නෙවේ. අලුත් අක්ෂර හා ශබ්ද වින්‍යාසයකින් නව අර්ථයක් සඳහා වචන ප්‍රධාන ධාරාවට එකතු කර ගැනීමයි. අපේ සිංහල භාෂාවට අලුත් වචන ඒ විදියට එකතු වුනත් එය නිතිපතා යාවත් කාලීන වන ශබ්දකෝෂයකට ඇතුලත් කර ගැනීමට ක්‍රියාත්මක පටිපාටියක් හෝ ව්‍යාපෘතියක් නැහැ. සිංහල රට දැය නංවනවා වගේම භාෂාවත් සංවර්ධනය කිරීම ලෝක ජනගහනයේ මිලියන 18ක සුළුජාතියක් වූ සිංහලයා රැක ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක්. (නදී)
නියම එකක්... (නි)
ග්‍රාමය යනු (ඉංග්‍රීසියේ යෙදෙන්නේ - colloquial ) යනුවෙනි . (නදී)
ශා ! නියම ලිපියක්.(නදී)
නුගේ ගොඩ රෝටරියේ සිංහල පන්තිය මට යමක් තර්කනුකුලාව හිතන්න පුරුදු කලා ඔබට ජය ගුරුතුමනි 95/96 සියලු සිසු කැලගේ ආදරය ...මෙසේ පිරිනමමු .(නදී)
පාසල් පන්ති කාමරයේ උදාසීන කළ මගේ සිංහල විෂය ..... ඔබ නොසිටින්න නොගනිමි විශිෂ්ට සාමාර්ථය ..... ඔබ විෂය ධාරාව මිහිරි කිරට හරවා පෙවීමට කළ උත්සාහය ... මා අද ලොව ජය ගත් දා.. සිහිකරමි සතුටින් දැක ඔබේ රුව ... අපේ සිංහල පන්තිය.... (නි)
නියමයිනේ (නි)
පට්ට කතාවක්. ඒත් සිංහල භාෂාවට හානියක් නොවිය යුතුය. (ස)
ගෝලයෝ මගින් හොඳට ප්‍රතිචාර දම්මා ගත්තම උපකාරක පන්ති වලට ශිෂ්‍යයෝ හොඳට ඇදිල ඒවිනේ. මෙව්වා තමයි පුද්ගලික පන්ති ගුරුවරයන්ගේ; අලෙවි කිරීමේ උපක්‍රම. අපි නම් ජීවිතේට විභාග වලට සිංහල වලට ටියුෂන් ගත්තේ නැහැ. අනික පට්ට කියන්නේ සිංහල සංස්කෘතික වචනයක්. (නදී)
නියම ලිපියක්නේ.(නදී)
පට්ට පට්ට. (ස)
පට්ට යනු ඉහත ලිපියේ ඇති පට්ට අැත්තයි (නි)
වචනයක අර්ථයක් නොදැන දොඩවන අයට කාලෝචිත ලිපියක්. අපි ඉස්සර පට්ට මුලට දාලා අගට දැම්මේ වෙන වචනයක්. නමුත් අද පට්ට කියන්නේ වෙනම වචනයක්. ඇදුරුතුමනි, නූතන භාෂා විග්‍රහ ලිපියට ඔබට ස්තුතියි. (නි)
චන්ද්‍ර වීරසිංහ, කෙනෙකුගේ වැදගත් දෙයක් අගය කරන්න ඉගෙන ගත්තේ නැද්ද? ඔබ කතාකරන්නේ ඊර්ෂ්‍යාවෙන් නේද? (නි)
අයියන්ඩි, මේක මම නම් දකින්නේ "ටියුෂන් මාර්කටිං" ව්‍යාපෘතියට කරපු පෙර වදනක් හැටියටයි. ව්‍යාපාරික සමාගම් තම සේවා ලාභීන් තවදුරටත් ග්‍රහණයේ රදවා ගන්න "රෑ මනමාලී" සේවය යොදාගන්න වානේ. අනේ අයියන්ඩී , සිංහල භාෂාවේ නිම් වළලු පුළුල් කරන්න මීට වඩා හොඳ කාලීන මාතෘකා නැද්ද? (නදී)
අද කාලයට නියම ලිපියක්. මේ වගේ ලිපි තව තවත් පල කරන්න. ගුරුතුමානානි ඔබේ ලිපියට ස්තුතියි. (නදී)
ඔය වැඩේ හරියන්නේ නැහැ චතුර අපේ ආචාර්ය,මහාචාර්යවරු පාන්ඩිත්වය පෙන්නන්න කියාගන්න බැරි බරපතල වචන ටිකක් හැදුවොත් හකු පැනලා, දත් එලියට විසිවෙලා කී දෙනෙක් රෝහල් ගත කරන්න වෙයිද දන්නේ නැහැ. මොකද අපේ භාෂාව එසේ මෙසේ එකක් නෙමේනේ කතාකරගත්තට ලියාගන්න ගියාම පට්ට අමාරුනේ. (නදී)
අඹුඩේ ගහලා කුඹුරට බහින එක හොදයි නම්,,, ඩෙනිම ගහලා එම් සී බහින එක නරක් උනේ කොහොමද. අතීතය තුලින් තමයි වර්තමානය ගොඩ නැගෙන්නේ, අපේ සන්නස්ගල ගුරු පියාණන්ට ජයවේවා (දී)
වැල යන පැත්තට මැස්ස ගහන , දිය රෙද්දෙන් බෙල්ල කපන කෙනෙක් වගේ නේද? (නදී)
සේරම් කුහකය කවදාවත් සර්ථක මිනිහෙක් අගයන්නේ නැහැ .(දිල්)
ලිපියේ සාරාංශය වූකලී වෙදදුරාම මරණ පරීක්ෂකයා වීමකි. වසරකට දහස් ගණනකට උගන්වන ගුරුවරයෙක් භාෂාවේ පශ්චාත් මරණ පරීක්ෂණයකදී දැරිය යුතු අදහස් වලින් ඔබ්බට ගොස් සිදු වූ දෙය සහ සිදුවන දෙය නිවැරදි යයි පෙර විනිශ්චය දීමකි. මෙවැනි ගුරුවරුන්ට භාෂාවේ වෙනස්වීම් වටහා ගන්නට ඉවක් තිබුනද දරුවන්ට ඒ ඉවෙන් ප්‍රයෝජනයක් දෙන්නට දන්නේ නැත. දරුවන් ලෙහෙසියට කියවන ඕනෑම වචනයක් හරි යයි නිගමනය කරනවානම් ගුරුවරයෙකුගෙන් පලක්ද නැත. ව්‍යාපාරයට භාෂාව විකිණීමේදී පාරිභෝගිකයාට අවශ්‍ය දේ දී තමන් යැපීමේ සම්ප්‍රදාය අනුමත කල නොහැක. (අ)
රජින්ද ඔලුවේ කුණු තියාගෙන ලිපිය කියවන විට ඉදුරාම ඔබේ මොලය හරහා ගමන් කරන්නේ විස බීජ මිස අනකක් නොවේ ...ඒ නිසා මධ්‍යස්ථව හිද බුද්ධිය මෙහෙය වන්න .ඔහු ඔහුට දැනෙන දේ සටහන් කල අතර ඔබ ඔබේ බුද්දියට දැනෙන දේ ලියා ඇත .වෙනස එයයි (අ)
අපි නම් සයන්ස් කාරයෝ.එත් පට්ට ලිපිය.......පට්ටම පට්ට...........(අ)
පට්ට පට පට (අ)
පට්ට පිස්සෙක් (ස)
එල එල පීටර් අයිය ....මගෙන් මල් මිටක් (ස)
මේ වගේ පහත් දේවල් මින් පසු පුවත්පත්වල ලිවීමෙන් හා සිසුන්ට ඉගැන්වීමෙන් වළකින්න. (ස)
අජිත් මහත්තය ඉස්ස්කොලේ ගිහින් තියනවද? (නදී)
දිසානායක , ඔයාට ෂුවර් නේද? අපි අගයන්න ඕන සාර්ථක මිනිස්සුය කියලා . ඔයානං හරිම සාර්ථකයි වගේ.(නදී)
මේ පට්ට වචන නැතුව කොහොමද අද කාලේ කතා කරන්නේ (නි)
මම නම් ගොඩ සේරම්. ඔයා තවම වළේද? ඒ කුහකකම නිසා (නි)
නියමයි. පට්ටයි කියලා හිතාගෙන ඉන්න ප්‍රොෆෙසර්ලත් මෙය බලත්වා! (නි)
අර ශාකයක් තියෙන්නේ වල්ල පට්ට කියලා. ඒ නමත් හැදිලා තියෙන්නේ මෙහෙමයි මයෙ හිතේ. (ස)
මේක නියම ලිපියක්. නියමෙට ලියලා තියෙනවා.(නදී)
මේක නම් පට්ට ලිපියක් තමා. (ස)
අනේ අපේ සර්! (නි)
මම නම් ඉස්කෝලේ ගියේ නැහැ ගෙදරින් පැනල ගියා ඒ දවස් වලම .(නදී)
අපේ රටේ භාවිතා වුනු නොයෙකුත් වචන තිබුණා ලේඛනගත නොවුණු. (එය පිළිගත් ලෝක සම්ප්‍රදායක්). නමුත් මේ ලිපිය ලියපු කෙනා ඒ වගේ වචන සමාජගත කරන්න උදව් කරපු කෙනෙක්. (නදී)
පට්ට යන වචනය ගැමි වහරකි. එය නරකම යන්න හදුන්වන්නට ඔවුන් යොදා ගනු ලැබවා. උදාහරණයක් ලෙස පට්ට බැලිලී, පට්ට පල් ආදිය ගන්න පුළුවන්. ඉහත අදහස් දක්වපු ගොඩක් අයට සිංහල සර්ගේ ලිපියත් පට්ට එකක් යන්න තේරුණු එක හොද ප්‍රවනතාවයක්. සිංහල භාෂාව මල භාෂාවක් නොවන නිසා අලුත් වචන එකතුවිය යුතුයි තමා, එත් ඇයි දියුණු, විශිෂ්ට වචන යොදාගන්න බැරි. නව පරපුර කරන ඕනම දෙයක් හොදයි කියල ජනප්‍රිය වෙන්න උත්සහ නොකරන සිංහල විශාරධයින් අප අතර හිටියත් ඔවුන් පිරුන කලේ දිය නොසැලේ කියල අද නිහඩ විම උඩ පනින කනයන්ට හොද තෝතැන්නක් වෙලා. කාන්තාවට එදා තල්කද කියල කිවේ බොහොම ගොරවයෙන් දැවැන්ත, ශක්තිමත් යන්න කිමට මිස අද වගේ තල් ලොප් කරලා කද කියල බෝල් අදහසකින් නොවේ.ස්කන්ධයක් කියල කියන්නේ හැඩයක් බරක් තියෙන වස්තුවකට ඉතින් එකේ තියෙන වැරැද්ද මොකක්ද?(අ)
ඇත්තටම නියම ලිපියක් (නි)