හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පහුගිය කාලය පුරා විවිධ ආකාරයෙන් සමාජය තුළ කතාබහට ලක්වූ චරිතයකි. ඔහු සමග ඉරිදා ලංකාදීපය සෘජු කතාබහකට මෙසේ එළැඹෙයි.
හිටපු අගවිනිසුරුතුමා මොකද මේ දවස්වල සද්ද වහලා වගේ?
මම සයිලන්ස් වෙලා නෑ. මම විශ‍්‍රාම ගත්තේ 2009. ඊට පස්සෙ මම කිසිම දේකට සෘජුව සම්බන්ධ වෙන්නෙ නෑ. නීතිය සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ වෙන්නෙත් නෑ. දැන් ආගමික කටයුතුවලට තමයි සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඔය අතරෙ තමයි මැතිවරණවලදී වගේ දේවල්වලදී යම් යම් කාරණා සඳහා මැදිහත් වුණේ. කවුරු හරි මගේ සහයක් පැතුවොත් ඒවට සම්බන්ධ වෙනවා. ඊයෙ පෙරෙයිදත් විමල් වීරවංශගේ පොතක් එළිදක්වන වැඩකට ගිහින් කතා කළා.
ඔබ සැරින් සැරේට එක එක ජාතියේ රතිඤ්ඤා පත්තු කරලා විසි කළානෙ. මොකක්ද ඊළඟ එක?
එහෙම එකක් නෑ. ඔබ ඔය අදහස් කරන්නේ මහින්දට තුන්වරක් බෑ කියන කතාව වෙන්න ඇති. කෙනෙක් මගෙන් ඇහුවා මම ජනාධිපතිවරණයට තරග කරනවද කියලා. ඒකට මම උත්තරයක් දුන්නා. ඒක දැකපු අනුර දිසානායක ඇහුවා බැරිද මේ කාරණය ගැන රටම දැනුම්වත් කරන්න කියලා. ඒත් දැන් ගොඩක් අය හිතනවා මහින්ද රාජපක්ෂ තුන්වැනි වතාවටත් ආවානම් හොඳයි කියලා. වෙනසකට ඉඩක් ඕන කියලා තමයි ඒ වෙලාවෙ ගොඩක් අය ඒ අදහසත් එක්ක එකඟ වුණේ. අවශ්‍ය වෙලාවට ඒ වගේ අදහස් තියනවා. ඒවා සමහර විට සමාජයේ පිළිගැනීමට ලක්වෙනවා. සමහරවිට පිළිගන්නේ නෑ. ඒක තමයි ස්වභාවය.
ඔබ පහුගිය කාලේ කරපු කියපු දේවල් එක්ක මිනිස්සු කිව්වෙ හැරෙන හැරෙන පැත්තට වචන වෙනස් කරනවා කියලා.
එහෙම එකක් නෑ. මම මහින්දට තුන්වරක් බෑ කිව්වෙ නීතිමය තත්ත්වයක් උඩ. මහින්දගෙ ජනාධිපතිධුරයේ අවසාන කාලය වෙනකොට ඔහුගෙ හැසිරීමට මම එකඟත්වයක් දැක්වුවේ නෑ. ඒක නිසා තමයි මම රතන හාමුදුරුවො එක්කත් එකතු වුණේ. අපි එතනට යොමු කෙරුණේ මහින්ද රාජපක්ෂ විසින්මයි. අපි ඔහුට යෝජනා කළා යම් යම් දේවල් ටිකක් රටේ යහපත වෙනුවෙන්. ඔහු ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. ඒකෙ ප‍්‍රතිඵලය තමයි දැන් ඔහු භුක්ති විඳින්නේ. මහින්ද ජනාධිපතිවරණය පරාජයට පත්වුණාට පස්සෙ ඔහුට විරුද්ධ වෙන්න වුවමනාවක් මට නෑ. ඔහුගෙන් රටට සිදුවෙච්ච සේවය අපට අමතක කරන්න බෑ. ඒකයි මම නැවත කිව්වෙ ඔහු පාර්ලිමේන්තුවට එන එක වරදක් නෑ කියලා.
හැබැයි ජනවාරි 8 කලින් ඔබ කිව්වෙ යම් යම් තීන්දුවලින් මහින්ද රාජපක්ෂ බේරුවට ඔබ ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලනේ?
මම කියපු ඔය කතාව ගොඩක්දෙනා වැරදි විදියට තමයි බාරගත්තේ. හෙල්පින් හම්බන්තොට නඩුවෙදි තීන්දුව දුන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන්. ඔහුට ඒකෙ පිහිට ලැබුණා. මම කිව්වෙ මානව හිමිකම් සම්බන්ධව එයාට ලැබුණු පිහිට අනිත් අයටත් ලැබෙන්න ඕන කියලා. පස්සෙ කෙනෙක් මගෙන් ඇහුවා මේ තරම් මානව හිමිකම් කඩ කරන කෙනෙක් ඇයි ඔබතුමා නිදහස් කළේ කියලා. එතකොට මම කිව්වේ එහෙම දෙයක් සිදුවෙලා මගේ අතින් වරදක් වුණා නම් මම සමාව ඉල්ලන්න ඕන.
වරදක් වුණා නම් නෙවෙයි වරදක් වුණාද?
මානව හිමිකම් කඩවීමක් සිදුවුණා ඒවෙලාවෙ. මම කිව්වෙ මිනිස්සු හිතනවනම් ඒ මානව හිමිකම් කඩවීමට සහනයක්දීම වරදක් කියලා ඒකට මම මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලනවා කියලා. ඒක මේ නාරාහේන්පිට මාර්කට් එකේදි වෙච්ච කතාවක්. මාර්කට් එකේදි එක මනුස්සයෙක් මගෙන් අහපු දේකටයි ඔය උත්තරේ මම දුන්නේ. ගමගේ අයියා කියන ජේ.වී.පී. සාමාජිකයෙක් එයා. එයා මම ඕක කියපු ප‍්‍රසිද්ධ රැුස්වීමෙත් හිටියා.
ඔබ හිටපු අගවිනිසුරුනේ. කඩපොළේ මිනිස්සු එක්ක කතා කරනවා වගේ නෙවෙයි රටට මතයක් ඉදිරිපත් කරන එක.
මම ඔය අගවිනිසුරු ඔටුන්න පැළඳගෙන හිටපු කෙනෙක් නෙවෙයි. දැනුත් මට ඒකෙ ගාණක් නෑ. මගෙන් ඕන කෙනෙක් මොකක් හරි ඇහුවම උත්තරයක් දෙනවා. ඒක කඩපොළේද, කියන්නේ මහජන රැස්වීමකද කියලා වෙනසක් නෑ. අදාළ උත්තරේ හරිද වැරදිද කියන එකයි වැදගත්. ඒ වෙලාවෙ චෝදනාව ආවෙ මහින්ද රාජපක්ෂ සුනාමි සල්ලි හොරකම් කළා කියලා. ඒ අදහස ජනතාව තුළ තිබුණා. මම කිව්වෙ ඒකයි. මේ ළඟදි රාජිත සේනාරත්නගෙ පුතත් මට කතා කරලා ඒ ෆයිල් ටික ගැන ඇහුවා. මම කිව්වා ඒ ෆයිල් මගේ ළඟ නෑ ඒවා උසාවියට ආපු එකක් කියලා.
ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ පරාද වෙන්න ඔබේ ඔය කතාව ප‍්‍රබල හේතුවක් වුණා. ඒත් තුන්මාසෙ යන්න කලින් මහ මැතිවරණයේදි ඔබ මහින්දගෙ වේදිකාවෙ නැගලා ඔහුට සුදුහුණු ගානවා. ඒකයි මිනිස්සු කිව්වෙ සරත් සිල්වා දිව දෙකේ මනුස්සයෙක් කියලා.
ඒක මිනිස්සු පටලවාගත්ත දෙයක්. මම ඕක පැහැදිලිව කිව්වා මිනිස්සුන්ට. මම ජනවාරි 8 ට කලින් කියපු දේ අදාළ වෙන්නෙ ඒ වෙලාවෙ තිබුණු වාතාවරණයත් එක්ක. ඒත් ඊට පස්සෙ ඇතිවුණේ වෙන වාතාවරණයක්. රාජපක්ෂලගෙ හොරකම් ගැන කියපු දේවල් ඔප්පු කරගන්නත් බැරිවුණානේ තාම. මේ කාරණා එක්ක මහින්ද රාජපක්ෂ අගතියට පත්වෙලා හිටියෙ. ඒකයි මහ මැතිවරණය වෙලාවෙ ඔහුගෙ පැත්තට කතා කළේ. ඔහු මේ රටට යමක් කරපු කෙනෙක්. පරාජය වෙලා අඩියට වැටිලා ඉඳපු කෙනෙකුට උදවු කිරීමක් විතරයි මම කළේ. ජනතාවත් ඒක පිළිගත්ත නිසානේ ලක්ෂ ගාණක් ඡුන්දෙ ලැබුණෙ.
මහින්ද රාජපක්ෂ එක්ක ඔබේ ඇසුර පටන්ගන්නේ කොහොමද?
ඒක පටන් ගන්නේ 1977. දීර්ඝ කාලයක් තිස්සේ අපි ආශ‍්‍රය කරලා තියෙනවා. ඒක නිසා එයාගෙ ශක්තිය වගේම දුර්වල තැනුත් මම හොඳට දන්නවා. දැන් ඔහු ඉන්න අසරණ විලාසය දැක්කම මට ඇත්තටම කනගාටුයි. මේ දවස්වල සැරින් සැරේ මට මුණගැහෙනවා.
මුණගැහිලා මොනවද මේ දවස්වල කතාබහ කරන්නේ. අලූත් ප්ලෑන් එකක්ද?
අනේ නෑ. කිසිම ප්ලෑන් එකක් නෑ. නාරාහේන්පිට හරහා කොහේ හරි යනවනම් එතුමා අපේ ගෙදරට ගොඩවෙලා යනවා. ඒ ආපු වෙලාවට ටිකක් කතාබහ කරකර ඉඳලා යනවා. එච්චරයි.
නිතර නිතර එනවද?
එහෙම හැම තිස්සෙම එන්නෙ නෑ. ඉඳලා හිටලා එනවා. ජනාධිපති කාලෙත් එනවා. මතභේද තිබුණු කාලෙත් ආවා ගියා. අපේ පුද්ගලික ඇසුරේ ලොකු පළුද්දක් වුණේ නෑ.
ඔබට තනතුරුවල එන්න මහින්ද රාජපක්ෂගෙ පුද්ගලික ආශිර්වාදය ලැබුණද?
එහෙම කිසිම අවස්ථාවක ලැබුණෙ නෑ. මම අගවිනිසුරු වෙනකොට ඔහුට බලයක් තිබුණෙත් නෑ. ඊට පස්සෙ කියලා එහෙම සැලකිල්ලක් ලැබුණෙත් නෑ.
ඔබ ඔහුව යම් යම් අවස්ථාවල බේරුවද?
විශේෂ ආරක්ෂා කිරීමක් කරලා නෑ. ඔහුට ප‍්‍රශ්නයක් වෙච්ච වෙලාවල්වල අපි ඒ ගැන සැලකිලිමත්ව හිටියා. මොකද එයා නොයෙක් ඒවට පැටලිලා තියෙනවා. ඒ කාලේ මිනීමැරුම් චෝදනාවක් පැටලූණා. ඒ කාලෙත් මම එයාව දන්නවා හොඳට
මොකක්ද ඒ මිනීමැරුම් කේස් එක?
බෙලිඅත්ත අතුරු මැතිවරණය වෙලාවෙ වෙච්ච සිද්ධියක් ඒක. එයා එතන ඉඳලත් නෑ. හැබැයි එයා දෙන්නෙකුට වෙඩි තිබ්බා කියලා චෝදනාවක් නැගුණා. මේවගේ දේවල් සැරින් සැරේ පැටලෙනවා. ඒවෙලාවට නීතිමය පැත්තෙන් ඔහුට සාධාරණය ඉටුවෙලා තියෙනවා. නමුත් මම පුද්ගලිකව මැදිහත්වෙලා ඔහුව බේරලා නෑ.
සරත් සිල්වා දේශපාලන නායකයො එක්ක ඞීල් දාන කෙනෙක්ද?
එහෙම ඞීල් දැම්ම නම් මට වාසියක් වෙලා තියෙන්න එපායැ. මොකක්ද මට වෙච්ච වාසිය. මම අවුරුදු 41ක් රජයේ සේවය කෙරුවා. මම රජයේ සේවයට බැඳුණෙ ඩඞ්ලි සේනානායකගේ කාලේ. ඒ කිසිම ඞීල් එකකින් නෙවෙයි. මම කිසිම තනතුරකට පත්වුණේ ඞීල් දාලා නෙවෙයි.
අපේ රටේ අගවිනිසුරු ධුරාවලිය තුළ වඩාත්ම සාර්ථක සහ යහපත් කෙනා අහවලා කියලා ඔබට කෙනෙක්ව නම් කරන්න පුළුවන්ද?
ඒක එහෙම මනින්න බෑ. අගවිනිසුරු කියන්නේ විනිසුරුවරුන් අතරින් පරිපාලනමය අතින් ප‍්‍රමුඛයා විතරයි. පරිපාලනමය වශයෙන් යම් යම් අය සාර්ථක අසාර්ථක වෙච්ච අවස්ථා තියෙනවා. මගේ කාල සීමාව තුළ මම විශාල වැඩ කොටසක් කළා. විවිධ කාලවල එහෙම අඩු වැඩිවීම් තියෙනවා. අග විනිසුරු වශයෙන් පරිපාලනය එකක්. නඩු තීන්දු දීම වෙන එකක්. කාගෙ හරි නමක් කියලා එයා තමයි හිටපු හොඳම අගවිනිසුරු කියන එක අනෙක් අයට කරන අසාධාරණයක්. හැම කෙනාම වැඩ කොටසක් කළා. නෙවිල් සමරකෝන් ජේ.ආර්. ජයවර්ධන එක්ක හැප්පුණා. ඒක නිසා ඔහු කැපී පෙනුණා. ශිරාණි බණ්ඩාරනායක මහින්ද රාජපක්ෂ එක්ක හැප්පුණා. ඒක නිසා එයා කැපී පෙනුණා. ඒ අය ඒ ඒ අවස්ථාවල හයිලයිට් වුණා විතරයි.
ඔබ මතක් කරපු නිසාම මම දැනගන්න කැමතිය ශිරාණි බණ්ඩාරනායක ගැන ඔබේ අදහස මොකක්ද කියලා.
ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණේ අවුරුදු 39 දී. ඒ පත්වුණේ ලොකු පළපුරුද්දක් නැතුව. අත්දැකීම් මදිකම නිසා යම් යම් ප‍්‍රශ්න ඇති වෙන්න ඇති. කෙළින්ම විශ්ව විද්‍යාලයේ ඉඳලනේ ආවෙ. ඇගේ පත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේම නඩුවක් තිබුණා. මමයි එදා ඇයගෙ පත්වීමට පක්ෂව කතා කළේ නීතිපති විදියට. අත්දැකීම් අඩු නිසාම ස්වාමිපුරුෂයාට මහින්ද රාජපක්ෂගෙන් රස්සාවක් ඉල්ලා දුන්නා. එහෙම උදවු ඉල්ලන්න ගියාම ඒක අවුලක්. ශිරාණි බණ්ඩාරනායක තමයි අගවිනිසුරු ධුරයට පත්වුණු පළවැනි කාන්තාව.
ඇය ස්ත‍්‍රියක් වීමමද අර්බුදවලට මුහුණ දෙන්න හේතු වුණේ?
නෑ. මං එහෙම හිතන්නෙ නෑ. ස්වාමිපුරුෂයාට රස්සාවක් ඉල්ලා දීමෙන් තමයි ආරවුල පටන්ගත්තේ. මහින්ද රාජපක්ෂත් කියනවා මමයි එයාව ෂේප් කළේ කියලා. මම නම් කියන්නේ මෙතනදි දෙන්නම වැඩ කරපු විදිය ගැන මගේ පැහැදීමක් නෑ කියලා.
ඔබ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සෙ මුණගැහෙන්න හෝ කතාබහ කරන්න ට‍්‍රයි කළේ නැද්ද?
අනේ නෑ. එහෙම කරන්න වුවමනාවක් වුණෙත් නෑ. ඒ කාලේ නම් යම් යම් දේවල්වලට මුණ ගැහිලා කතාබහ කරලා සම්බන්ධතාවයක් තිබුණා.
එතකොට රනිල් වික‍්‍රමසිංහ එක්ක
රනිල් එක්ක නම් කිසිම ගනුදෙනුවක් තිබිලත් නෑ. එහෙම එහෙකට බලාපොරොත්තුවකුත් නෑ.
ඔබට මීඩියාවලින්, කාටුන් වලින් රැුස්වීම්වල එහෙම ගහද්දි කේන්ති ගියාද?
එහෙම කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි මම. මට චෝදනා කරපු දේවල් දිහා බලලා මට හදාගන්න දෙයක් තියෙනවනම් මම ඒක නිවැරදි කරගන්නවා. නැත්නම් ඒවා ගණන් ගන්නෙවත් නෑ.
නීතිය දන්න නිසාම ඕන දේකින් තර්ක දාලා පැනලා යන්න පුළුවන් නේද?
මම එහෙම කිසිම දේකින් තර්ක දාලා පැනලා යන්නෙ නෑ. මට අවුරුදු 40 ගාණක අත්දැකීම් තියෙනවා නීතිය ගැන. ඒක නිසා කිසිදේකින් පැනලා යන්න ඕන නෑ.
ඔබ වික්ටර් අයිවන් ලියපු නොනිමි අරගලය පොත කියවලා තියෙනවද?
නෑ. කියවලා නෑ. වික්ටර් අයිවන්ගෙ කිසිම දෙයක් මම කියවන්නෙ නෑ.
හැබැයි සමහරු කිව්වෙ වික්ටර් අයිවන්ගෙන් තමයි සරත් සිල්වා මට්ටු වුණේ කියලා.
කවුද මට්ටු වුණේ කියලා දැන් කාටත් පේනවනේ. මම අගවිනිසුරු ධූරයේ ඉන්න තාක් වික්ටර් ලිව්වෙ සරත් සිල්ව අද විසිවෙයි හෙට විසිවෙයි කියලා. ඒත් මම නීතිපති වශයෙනුත් අග විනිසුරු ධුරයෙත් උපරිම කාලය ඉඳලා තමයි අයින් වුණේ.
ඔබ අගවිනිසුරුධුරයේ ඉන්න කාලේ ඔබ එක්ක හැප්පෙන්න තරම් වික්ටර් අයිවන් ළඟ තිබුණු බය නැතිකම ගැන ඔබට පුදුම නැද්ද?
එයා ළඟ අභීතකමක් තිබුණෙ නෑ. වික්ටර් අයිවන් මම නීතිපති කාලෙත් මට විරුද්ධව නඩු දැම්මා. ඒවා එයා පරාද වුණා. අගවිනිසුරු වුණාට පස්සෙ නඩු පහක් දැම්මා. ඒ ඔක්කොම එයා පරාදයි. ඒ ඔක්කොම තීන්දු දුන්නේ ස්වාධීන විනිශ්චයකාරවරුන්. වික්ටර් අයිවන් ළඟ තිබුණු බය නැතිකමක් නිසා නෙවෙයි එයා වීරයෙක් වුණේ. ඒවට මම කිසිම ප‍්‍රතික‍්‍රියාවන් නොදක්වපු නිසා. මම ඔහුට විරුද්ධව අපහාස කළා කියලා නඩු දාන්නවත් උනන්දු වුණේ නෑ. ලසන්ත වික‍්‍රමතුංගයි ෆෙඞ්ඩි‍්‍රකා ජෑන්ස් දෙන්නත් මං ගැන කැත විදියට ලිව්වා. ඒත් මම ඔවුන්ට විරුද්ධවවත් මොකුත් කළේ නෑ. ප‍්‍රතිවාදියා සටන් කරන්නෙ නැති තාක්කල් සටන් කරන පුද්ගලයා වීරයෙක් වගේ තමයි පේන්නේ. හැබැයි කතාවක් තියෙනවා ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා කියලා. ඒ කතා මොනවා වුණත් මම මගේ ප‍්‍රතිපත්තිය වෙනස් කළේ නෑ. මම මුල ඉඳලම දැනගෙන හිටියා වික්ටර් අයිවන් කරගෙන යන ව්‍යාපාරයෙන් මට කරදරයක් වෙන්නෙ නෑ කියලා.
වික්ටර් අයිවන් ඔබට එල්ල කරපු චෝදනාවල ඇත්තක් ඇත්තෙම නැද්ද?
කිසිම ඇත්තක් නෑ. වික්ටර්ගෙ චෝදනා අල්ලගෙන තමයි යූ.එන්.පී එක මට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවෙ. ඒක හරිගියෙත් නෑනේ. මේ ධුර දැරීමේ පලවිපාක තියෙනවා. මේකත් ඒ වගේ එක්තරා පලවිපාකයක් තමයි.
වික්ටර් අයිවන් එක්ක ඔබට ගනුදෙනුවක් තිබුණෙම නැද්ද?
මොකද නැත්තේ 1971 කැරැුල්ලෙන් පස්සෙ ඒ නඩුවට රජය පැත්තෙන් ගිය නීතිඥයා මම. එතකොට වික්ටර් අයිවන් අත පුපුරලා අසාධ්‍ය තත්ත්වයේ හිටියේ. ඒ වෙලාවෙ හැම අතින්ම අපි උදවු කළා. පස්සෙ කාලෙ පත්තරකාරයෙක් විදියට නීති විද්‍යාලයේ උත්සවයකට ආපු වෙලාවෙ මගේ අතින් පදක්කමකුත් ගත්තා. වික්ටර් අයිවන් මට පහරදීම තුළ තියෙන යටි සැලැස්ම මම දන්නවා.
මොකක්ද ඒ?
ඒක මේ මොහොතේ කියන්න අමාරුයි. නීතිපති වුණාට පස්සෙ තමයි එයා මට ගහන්න පටන්ගත්තේ. ඊට කලින් කිසිම ප‍්‍රශ්නයක් නෑ.
අලූත් ආණ්ඩුව එක්ක ගනුදෙනුවකට යන්න අදහසක් එහෙම නැද්ද?
එහෙම කිසිම අදහසක් නෑ. කිසිම ආණ්ඩුවක් එක්ක එහෙම ගනුදෙනුවකට යන්න කල්පනා කරන්නේ නෑ.
ඔබට ආරක්ෂාව පිළිබඳ බයක් තියෙනවද?
එහෙම බයක් නෑ. ප‍්‍රභාකරන් ඉන්න කාලෙත් මම යාපනේ ගිහින් උසාවි පිහිටුවලා වැඩ කළා. එදත් මට බයක් තිබුණෙ නෑ.
නිලයට අදාළව ආරක්ෂකයො දැන් නැද්ද?
නෑ. එහෙම කවුරුවත් තියාගෙන නෑ.
ඔබ පහුගිය කාලෙ පුරාම ආගමික වැඩසටහන්වල ඉන්නවා. රූපවාහිනී චැනල්වලත් හරියට ඒ වගේ දේට යනවා. සරත් සිල්වා කියන බණ මිනිස්සු අහනවද?
අපොයි ඔව්. ඒවා අහන නිසානේ දිගටම ඒවට මට ආරාධනා කරන්නේ. මම දැන් ඒවට යනවා අඩුයි. නැතිනම් ආගමික වැඩසටහන්වලට ඕන තරම් කතා කරනවා.
හෘද සාක්ෂියට එකඟව කියන්න, ඔබ අද ගත කරන්නේ සුවබර විශ‍්‍රාම දිවියක්ද?
අනිවාර්යෙන්ම. ඉතාම සුවබර විශ‍්‍රාම දිවියක් තමයි අද මම ගතකරන්නේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම කිසිම තනතුරකට පත්වුණේ ඞීල් දාලා නොවෙයි
රෝහණ Friday, 06 November 2015 11:22 AM
සමහරුන්ට මේ කියන දේ මේ මතක නැහැ. (නි)
වී.ස.ප.විමලසේන Monday, 09 November 2015 02:50 AM
මෙතුමා හොඳ දක්ෂයෙක්. ඉතිහාසයේ සියල්ල සටහන්වී ඇත. කෙසේවුවත් තමා කළ කී දේ තමාගේ හදවතේ සටහන් වී ඇත. බාහිර සටහනට වඩා හදවතේ සටහන ප්‍රබලය. බාහිර සටහන් මකාදැමිය හැක. මනසේ සටහන යටි හිතේම සටහන්වී ඇත. (නි)
ගයාන් Tuesday, 10 November 2015 05:58 AM
හෙල්පින්ග් හම්බන්තොට තීන්දුව මතකද? (ම)