නගෝ පුංචි කාලේ ඔය හිතට කොතෙකුත් ප‍්‍රශ්න නැගෙන්න ඇති. මල් පිපුණෙ කොහොමද ඒ මල්වලට පැණි ආවෙ කොහොමද මල්වල පැණි තියෙන බව සමනල්ලූ දන්නේ කොහොමද කියලා ප‍්‍රශ්න කප්පරක් නුඹේ හිතට නැෙඟන්න ඇති නේද? පුළු පුළුවන් විදිහට නුඹේ අම්මා ඒවට උත්තර දෙන්නත් ඇති. සිතිවිලි පරිණත කරගෙන කාලය තරුණ වෙලා නෙඟා්. එදා වගේ නෙවේ. නුඹ අද තරුණ කෙල්ලෙක්. දැන් නුඹ ඉස්සරහා තියෙන කිසිම දෙයක් සරලත් නෑ, සුන්දරත් නෑ. ඒ විතරක් නෙවෙයි අද අම්මා ළඟ නුඹට දෙන්න උත්තරත් නෑ. සරලත් නැති සුන්දරත් නැති ජීවිතේදී නංගියේ නුඹ මලක් නම් සමනලයගේ පැණිබීම පුංචි කාලේ වගේ සුන්දරම නෑ කියලා අද වැටහේවී. උත්තර නැති ප‍්‍රශ්න ළඟදී ප‍්‍රශ්නත් වධ වෙනවා නගේ. එහෙව් වේලාවට අම්මා තාත්තාත් අසරණ වෙනවා. ඒ නිසා පරෙස්සමෙන් ජීවත්වෙන්න හිතට ගනින්. මාධ්‍ය එක්ක තමාගේ ප‍්‍රශ්න බෙදා ගන්න ඇය දැක්වුයේ බියක්. ඒ කාලය හොඳ බෙහෙතක්. හොඳ නරක යුතු අයුතුකම් පැහැදිලි වුණාම අකමැත්තත් කැමැත්තක් වෙනවා. ඉතිං, අපි අහමු අශේනිගේ කතාව.
අශේනි උපන්නේ දකුණු පළාතේ. උපතින්ම ලැබුණ සුන්දරත්වයට ඇයගේ දිගු වරලස ගෙන ආවේ අපූර්වත්වයක්. මම උපන්නේ දකුණු පළාතේ ගොසියාවගකිත්ත කියන ගමේ. දුප්පත් පවුලක. නංගි මල්ලී අම්මයි තාත්තායි තමයි මගේ පවුලේ සාමාජීකයෝ. මම ඉස්කෝලේ ගියා. ඒත් පවුලේ වැඩිමල් දුව හැටියට ඉස්කෝලේ යනවට වඩා වැඩ රාජකාරී මට කරන්න පැවරිලා තිබුණා.
අම්මා තාත්තා වගේම මමත් ගෙදර දොරේ වැඩ කරන්න හරි හරියට මහන්සි වුණා. පොල් අතු වියන්න, අම්මාට උදව් කළේ මම. පොල් ලෙලි ගලවා ළණු අඹරන්න. නංගිලා මල්ලිලා බලා ගන්න ගෙදර බතක් මාළුවක් උයන්න මම ඉගෙන ගත්තේ පුංචි කාලෙදිමයි.
මගේම පංතියේ ළමයි ශිෂ්‍යත්වෙට මහන්සිවෙන කොට එයාලගේ මව්පියෝ එයාලව පංති අරං දුවනකොට මම ගෙදර ගිහින් පුළුවන් විදිහට පාඩම් කළා. ප‍්‍රශ්න පත්තර හොයාගෙන ඇවිත් ඒවා ගෙදරදි කළා. මේ කොයිම තැනකදි වත් අම්මාගේ උදවු මට ලැබුණේ නෑ. මොකද එහෙම උදව් කරන්න අම්මට ඉස්පාසුවක් තිබුණේ නෑ. තාත්තා රස්සාවක් කළා. සමහරදාට මුහුදු ගියා. සමහරදාට කුලී වැඩට ගියා. මොනවත්ම නැති දවසට තාත්තා කොහුමෝලේ වැඩ කළා.
අනෙක් ළමයින්ට තිබුණ කිසිම දෙයක් මට තිබුණේ නෑ. මිස්. කොටින්ම කියනවා නම් මට සෙල්ලම් කරන්න වුණෙත් වත්තේ ගෙදරින් විසි කරපු අංග විකල බෝනික්කෙක් එක්ක. මගේ ළඟ හිටපු බෝනික්කගේ අතකුත් නෑ, කකුලකුත් නෑ. එසේ කියමින් අශේනි සිනාසෙන්නට උත්සහ දරන්නීය. නැවතත් සුසුමකින් ළය පුරවාගෙන දොඩමළු වන්නීය. කියන්නට බැරි තරම් දුක් කරදර මැද්දේ උණත් අපේ අම්මයි තාත්තයි අපට බොහෝම ආදරේ කළා. කොහොමින් කොහොම හරි මට ඉගෙන ගන්න පුළුවන් වුණේ නවය පංතියට යනකන් විතරයි. අපේ තාත්තා එකතැන් වුණායින් පස්සෙ අපි කබලෙන් ළිපට වැටුණා වගේ වුණා. තාත්තා එකතැන් උණේ ගාල්ලේදී සුනාමියට අහුවෙලා සිද්ධ වුණ තුවාල නිසා.
එදා ගාල්ලට ගිය තාත්තා ඔය තරමින් වත් බේරුණ එක අපිට ලොකු දෙයක් වුණා. ගෙදර දොරේ වැඩ වගේම තාත්තාව බලාකියා ගන්න වැඩපලත් කළේ මම. ඒත් කොහු මෝලේ වැඩ කරලා හොයන සොච්චම අපට ජීවත්වෙන්න තියා හැරෙන්නවත් මදි. ප‍්‍රශ්න. සමහරදාට අපි බඩගින්නට කෑවේ කොස් තම්බලා පොල් අනලා. මම මේවා කියන්න ලජ්ජ වෙන්නේ නෑ මිස්. මොකද ගාමන්ට් කෙල්ලෝ කිව්වහම අමුතු විදිහට අපි දිහා බලන කොල්ලෝ දැනගන්න ඕන. මේ සමාජය දැන ගන්න ඕන, අපි ගාමන්ට් එහෙක වැඩට යන්නේ නැතිබැරි කමට කියලා. හිඟා කන්න අතපාන්න බැරි කමට කියලා. ඇඟ විකුණන්න බැරි කමට කියලා. හුඟක් කොල්ලෝ ගාමන්ට් එහෙක වැඩ කියලා දැනගත්තම අපි දිහා බලන්නේ ගණිකාවෝ දිහා බලන්නා වගේ. මිස් අපි කරන ජොබ් එක නිසා අපේ සිතුම් පැතුම් ගති ලක්ෂණ වටිනාකම් නොවටිනා තැනට දානඑක අපරාධයක්.
මම දන්නවා සමහර මහලොකු දැනුමක් තියෙනවා කියන වැඩිහිටියො පවා අපි දිහා බලන්නේ කැත විදිහට. මම මහා ලොකු විභාග පාස් කරලා නෑ තමයි, මිස්. ඒත් අපි ළඟ මනුස්සකම තියෙනවා. කෙනෙකුගේ දුකකදී වේදනාවකදී උදව් කරන්න හිතෙන හිතක් තියෙනවා. නැතිබැරිකම් දහසක් මැද්දේ උණත් අම්මා අපට කියලා දුන්න ගුණයහපත්කම් තියෙනවා. ඇයගේ ස්වරය හැඬුම්බරය. සියල්ල සඟවා ශක්තිමත් ස්වරයෙන් කතාව කරගෙන යන්න ඇය ගත්තේ දැඩි උත්සහයකි. සුනාමියෙන් පස්සෙ අපේ ගෙදර කබලෙන් ළිපට වැටුණම මම කොතෙකුත් වැඩ කළා. අම්මට පුළුවන් හැම විදිහෙන්ම උදව් කළා. අන්තිමේ කොළඹ ආවේ හැමදේම හැමදාම කරන්න බැරි කමටමයි.
කොළඹ ආව මට ඕන වුණේ අම්මයි තාත්තයි ජීවත් කරවන්න. නංගිට මල්ලිට අකුරක් කියලා දෙන්න වැඩිපුර කීයක් හරි හොයාගන්න. කුකුල් කූඩු වගේ බෝඩිං කාමරයක ලෑලි ගහපු බංකුවක් වගේ වුණ ඇඳක ප‍්‍රමාණය තුළ මගේ අලූත් ජීවිතේ හැඩගැහුණා. වෙන කෙල්ලෝ වගේ මම කොණ්ඩ කටුවක්වත් ගන්න අනවශ්‍ය වියදම් කළේ නෑ. මම කොණ්ඩ කටුවක් ගන්න වියදම් කරන රුපියල් සීයෙන් අපේ ගෙදරට වේලකට හාල් ටිකක් ගන්න පුළුවන් නේද කියලා මට හිතුණා.
වැඩපළේ ඕටි කරන්න පුළුවන් කිසිම අවස්ථාවක් මම මග ඇරියෙ නෑ. සමහර වේලාවට අපේ කාමරේ එකට කාගෙන බීගෙන ඉන්න කෙල්ලෝ පවා මට ඉරිසියාකම් කළා. උන් හිතුවේ මට සල්ලි තන්හාවට ඕටි කරනවා කියලා. ඇත්තටම මිස් මගේ අම්මා තාත්තා නංගි මල්ලි වේලක් නැත්නම් වේලක් කෑවේ මගේ පඩියෙන්. කඬේ ණයතුරුස් බේරුවේ මගේ පඩියෙන් තාත්තාට බෙහෙත් කළේ මගේ පඩියෙන්. එහෙව් එකේ කොහොමද මම හිතු හිතු විදිහට වැඩ කරන්නේ. සමහර කෙල්ලෝ මට ලෝබ කුණා කියලා බැණලා පවා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයකට මගේ හිත රිදුණේ නෑ.
කොළඹට ආව මට දුමින්ද මුණ ගැහුණේ රත්මලානෙදි. මම වැඩට යන අතරමඟ දවස් ගාණක් දුමින්ද මං ගැන විමසිල්ලෙන් ඉඳලා තිබුණා. කොළඹ ඇවිත් කොල්ලෙක් එක්ක යාළුවෙලා ජීවිතේ වරද්ද ගන්න මට ඕන වුණේ නෑ. ඒ නිසාම දුමින්ද මට ගෙනාව යෝජනාවට මම අකමැති වුණා. මම කොයි තරම් අකමැති වුණත් දුමින්ද මං ගැන තියෙන අදහස අතැරියෙ නෑ. ඒත් මම පුළුවන් හැමවේලාවෙම දුමින්දව මග ඇරියා. මොනදේ මොන ආකාරයට කරන්නේ නෑ කියලා හිතුවත් මමත් කෙල්ලෙක් මිස් මමත් මනුස්සයෙක්. තරුණ කාළේ කොල්ලෙකුට ආදරේ කරන්න හිතුනේ නෑ කියලා බොරු කියන්න මට බෑ. දිගින් දිගටම දුමින්ද පස්සෙන් එනකොට මම දුමින්දට කැමැත්ත දුන්නා. එයා රටේ පිළිගත්තු ආයතනයක හොඳ රස්සාවක් කළ කෙනෙක්. අපි අතරේ ආදර සම්බන්ධයක් පටන් ගත්තාට පස්සෙ එයා මගේ ගෙදරට පවා උදව් කළා. සමහර දවසට තාත්තගේ බෙහෙත් වියදම් පවා දුන්නේ එයා.
එයා මට ගොඩක් ආදරේ කළා. මමත් එයාට ඒ විදිහටම ආදරේ කළා. මේ වෙනකොට අපේ සම්බන්දෙට අවුරුදු දෙකක්. පහුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි දෙන්නා කොයිතරම් ළං වුණාද කිව්වොත් එයා නිසා මම අම්මා කෙනෙක් වෙන ලක්ෂණ පහළ වුණා.
හුඟක් අයට තමං කරන වරදෙ බරපතලකම තේරෙන්නේ කාලයක් ගියාට පස්සේ මිස්. මගේ කුසට ආපු දරුවා ගැන මට තිබුණේ ලොකු ආදරයක් මම ඒ පණිවිඬේ ගැන දුමින්දට කිව්වේ ගොඩක් සතුටින්. මම හිතුවා ඒ ගැන අහලා දුමින්දත් ගොඩක් සතුටු වේවි කියලා. ඒත් මම හිතුව විදිහට දුමින්ද සතුටු වුණේ නෑ. එයා බය වුණා. ලෝකෙට මූණ දෙන්නේ කොහොමද කියලා ඇහුවා. එයාගේ ගෙදර කැමති කරගන්නකන් මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ කිව්වා.
මට කරන්න පුළුවන් වුණේ විශ්වාස කරන්න බැරි දුමින්දගේ හැසිරීම ඉස්සරහා අඬන එක විතරයි. ඇති වුණ ප‍්‍රශ්නේට පිළිතුරක් නැතුව මම ඇඬුවට දුමින්ද ළඟ විසදුමක් තිබුණා. එයා කිව්වේ බෙහෙත් අරගෙන දරුගැබ ඇබෝශන් කරමු කියලා. බඬේ දරුවෙක් එක්ක එයාගේ අම්මා තාත්තට ළඟට මාව එක්ක යන්න බෑ කිව්වා. අන්තිමට මමත් එයාගේ කැමැත්තට ඉඩ දුන්නා. මොන තත්ත්වයක් යටතේ උනත් එයා වෙනුවෙන් මගේ හිතේ තිබුණ ආදරේ අඩුවක් වුණේ නෑ. හැමදේම සාමාන්‍ය කරගෙන ජීවිතේ ගෙවිලා ගියා. තාත්තා අන්තරා උණේ මීට මාස අටකට උඩදි. අසනිපෙට මොනතරම් බෙහෙත් කළත් වැඩක් වුණේ නෑ. තාත්තාගේ මළගමට මං වැඩකරපු තැන යාළුවෝ ගොඩක් ආවා. ඒ ආව අය අතරේ පිරිමි ළමයිනුත් හිටියා තාත්තගේ මළගමට ආව දුමින්ද ඒ ගැන හිතුවේ වැරදි විදිහට. දුමින්ද කොහොමත් මම පිරිමි කෙනෙක් එක්ක කතා කරනවටවත් කැමති උණේ නෑ.
මගේ තාත්තගේ මළගමට ඇවිත් හිටපු වැඩපළේ යාළුවෝ එක්ක කතා නොකර කොහොමද මිස්. ඒක කොයිතරම් වරදක්ද ගුණමකුකමක්ද? ඒත් මගේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙක දුමින්ද හිටියෙ නෑ. මගේ යාළුවෝ අතරේ හිටපු කසුන්ව දුමින්දට පෙන්න බැරි තත්ත්වයක් තිබුණා. වැඩපළේ ඇඳුරුම්කම ඇරෙන්න ඒ ළමයාත් මමත් අතරේ මොනවත් නෑ කියලා දැනගෙන හිටියෙ අපි දෙන්නා විතරමයි. නමුත් දුමින්ද මාව සැක කළා. කසුන් මට විශේෂත්වයක් කරන බව එයා පුන පුනා කිව්වා. ඒ මොනවා වුණත් දුමින්දව මට කොයිතරම් වැදගත්ද කියලා මම කිව්වට ඒ ඇත්ත තේරුම් ගන්න දුමින්ද අකමැති වුණා.
ඒ ගැන අපි දෙන්නා අතරේ හිත් අමනාපකම් පවා ඇති වුණා. එදා පටන් ගත්තු සැකය ඉවර වුණේ නෑ. අන්තිමට මාව කසාද බඳින්න කියලා මම එයාට කිව්වා. කිසිම දෙයක් මාව මග අරින්න හේතුවක් කරගන්න එපා කියලා මම එයාට කිව්වා. දරුවෙකුත් නැති කරලා මගේ ජීවිතේ වටිනාකම් එයා නිසා නැති කරගත්තු මට තව මිනිහෙක් මොකටද කියලා මම ඇහුවා. මගෙන් බේරෙන්න බැරි තැන එයා එයාගේ අම්මාට මාව මුණ ගැස්සුවා. මිස් දන්නවද ඒ අම්මා මාව එපා කියන්න මොකක්ද කියාපු නුසුදුසු කම කියලා. මම ගාමන්ට් කෙල්ලෙක් වීම එයාලට ලැජ්ජාවක් කිව්වා. එයාගේ පුතාට හෙව්වෙ ගාමන්ට් යන කෙල්ලක් නෙවේ කිව්වා. දුමින්දට ඇත්තටම ආදරේ කළා නම් එයාව අතරින්න කිව්වා. මේ වෙනකොට දුමින්ද මාව දාල ගිහින්. ඇත්තටම මිස් මම ගාමන්ට් එහෙකට යන බව ඇත්ත. එහෙම කරන්නේ මගේ නැතිබැරිකම නිසා. අනික ගාමන්ට් කියන්නේ කව්රුවත් හිතන් ඉන්න විදිහේ නරක තැනක් නෙවේ.
අපේ රටට හොඳ ආදායමක් ගෙනන ව්‍යාපාරයක්. ඒ වගේම මේවට එන්නේ දුප්පත් මව්පියන්ගේ දරුවෝ. ඒ විතරක් නෙවේ. අපිට තියෙන්නේ නැතිබැරිකම විතරයි. ඒ අම්මා මට අකමැති වෙනකොට පුතාගෙන් මට වුණ දේ දන්නේ නෑ. කොහොම හරි තමන්ගෙන් අමාරුවෙ වැටුණ ජීවිතයක් අතාරින්න ඕන වුණාම දුමින්දලා වගේ පිරිමි හේතු දාහක් හොයාගනී මිස්. රටේම ඉන්න ගෑනු එක්ක නිදාගත්තත් ඒ වගේ අය කසාද බඳින්න හොයන්නේ පත්තිනි අම්මලා. සමහර වේලාවට පත්තිනි අම්මා කෙනෙක් කියලා හිතාගෙන කසාද බැන්ද ගෑනි නයිට් ක්ලබ්වල කාගෙත් සුන්දරි වේලා රිලැක්ස් වුණ බව
දැනගන්න කොට පරක්කු වැඩියි. මට දුකක් නෑ මොකද එයා මාව රැවැට්ටුවාට. මම එයාට ආදරේ කළා. මම කියන්න ඕන මේ සමාජය ගාමන්ට්වල රස්සාවට එන්නේ ඔයාලා වගේම මාපියන්ගේ දරුවෝ.
සමහර විට අපි අඩු පඩියකට වැඩි ශ‍්‍රමයක් ෆැක්ටි‍්‍රවල දිය කළාට ලැබෙන සොච්චම් පඩියෙන් සම්බෝලයි බතුයි කෑවට මේවට එනවා කැම්පස්වලට සිලෙක්ට් වුණත් කැම්පස් යන්න බැරි තරම් අගහිඟකම් නිසා දුක් විඳපු කෙල්ලෝ. ඇත්තටම දුමින්දලා වගේ කොල්ලෝ සෙල්ලම්බඩු වගේ දකින්නේ අපේ අහිංසකම දුප්පත්කම. ඇත්තටම එහෙම කරන්න එපා. මොකද මම ඉන්න තැනට හෙට ඔයාලගේ නංගි පත්වුණොත් ඔයාලා මං වගේ විඳ දරාගන්න එකක් නෑ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘මම ගාමන්ට් කෙල්ලක් වීම නැන්දම්මට ලජ්ජාවක් කීවා’
වත්තේගම විජිත හිමි Monday, 10 August 2015 04:21 AM
තමන් ඕනෑම දෙයක් කරන්න ඉස්සෙල්ලා ඒකෙන් මට මොනා වෙයිද හිතන්න ඕන. පස්සේ දුක් වෙලා වැඩක් නැහැ. හැම දෙයක්ම හොඳට හිතලා තීරණය කරන්න ඕන. හොඳ අනාගතයක් ලැබේවා (බ)
හේවගේ Friday, 07 August 2015 04:06 AM
හිත හොඳ කෙනා හැමදාම දුකෙන්. (නි)
ෂේන් Sunday, 09 August 2015 01:30 PM
ඇත්තටම දුක හිතෙන කතාවක්. නමුත් මේ ළමයා ටිකක් නුවණක්කාර වුණා නම් තමන්ගේ ජීවිතේ හරියාකාරව ගෙනයන්න තිබුනා. (නි)
අසෝකා Saturday, 08 August 2015 02:52 PM
අද හුඟක් අයගේ ආදරය තියෙන්නේ තමන්ගේ ආශාවන් සන්සිඳුවා ගන්න කම් විතරයි. (නදී)
හඳගම Wednesday, 12 August 2015 05:29 AM
මම ගාර්මන්ට් රස්සාවට ඇවිත් ආවුරුදු 29 වෙනවා. ලංකාව වගේම තවත් රටවල් ගනනාවක වැඩ කරලා තියනවා. මම අධ්‍යක්ෂක කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. මේ නංගී කියන කතාව 100% හරි. මම දන්නවා මේ ළමයි කොච්චර දුක් විඳිනවාද කියලා. මගේ යාළුවොත් ඔය කියන විදියට හිතනවා. මට පුදුම තරහක් එන්නේ. එකම දේ ඕව ගනන් ගන්නේ, හිතන්නේ නැතුව තමන්ගේ ගමන් යන එක. (නදී)
අකලංක Tuesday, 18 August 2015 01:44 PM
හොඳ ලිපියක් (නි)
දිලිනි Friday, 07 August 2015 10:30 AM
ලජ්ජා විය යුත්තේ ගාමන්ට් කෙල්ලක් වීම ගැන නොව විවාහයට පෙර තමන්ගේ ගරුත්වය නැති කර ගැනීමය. තමන්ව යම් කිසි පවුලකින් පිළිගත්තත් කුල කාන්තාවක ලෙස කටයුතු කර නැති බව දැන ගත්තාම ලංකාවේ සම්ප්‍රදායක කිසිම පවුලකින් මේ කාන්තාව පිලි ගන්නේ නැහැ. මේක රැකියාවේ ප්‍රශ්නයක් නෙවෙයි. බඳින්න කලින් ලැජ්ජා බය දෙක නැති වුන ලේලියක් ගෙට ගන්න මොන තරම් ලොකු රැකියාවක් කලත් මොන නැන්දම්මාද මේ ලංකාවේ කැමති (නදී)
දුමින්ද Thursday, 13 August 2015 05:44 AM
මෙය යථාර්ථය බව සත්‍යයි.නමුත් ගාමන්ට් එකේ වැඩකරන අපේ කෙල්ලෝ රටට ගෙන එන්නේ විදේශ විනිමයයි.එහි ලොකු වටිනාකමක් තිබෙනවා.එම රැකියාව සඳහා රටේ ලබා දී තිබෙන ගරුත්වය තව විශාල ලෙස වැඩි විය යුතුයි. (නි)
සුරන් Monday, 10 August 2015 10:29 AM
දිලිනි, ඔයාගේ කතාව හරි. ඒත් ලංකාවේ ගොඩක් කෙල්ලෝ ආදරය සහ නැතිබැරිකම හමුවේ හැමදේම නැතිකර ගන්නවා. එත් ගොඩක් වෙලාවට මේ දේවල් වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ඇතුවම නොවේ.වෙන කරන්න දෙයක් නැති නිසා.ඔවුන්ගේ පෙම්වතුන් බලාපොරොත්තුවෙන දේවල් නොලැබුනොත් පෙම්වතා තමාව අතහැර දමා යයි කියා සමහර අය හිතනවා. එහෙත් ඔවුන්ගේ ජීවිත දිහා බලනවිට පෙනෙන්නේ තමාගේ නංගි, මල්ලි , අම්මා තාත්ත ජීවත්කරන්න ඔවුන් නොසෑහෙන දුක් විඳිනවා. මේක මහා සමාජ ප්‍රශ්නයක්. (නි)
ගයනී Friday, 07 August 2015 11:09 AM
අපේ සමහර තරුණියන් පාරේ යන ගමන් කවුරු හරි ආදරෙයි කිව්වොත් කිසිම සිහිබුද්ධියකින් තොරව උඩ පැනලා සන්තකේම පුදනවා. ඊළඟට මුළු සමාජයටම දොස් කියනවා. (නදී)
සුසන්ත Wednesday, 12 August 2015 09:09 PM
ලැජ්ජාවෙන්න ඕනෑ තම ආත්ම ගෞරවය නැතිකර ගත්තාට (නි)
සංජීව Tuesday, 11 August 2015 01:13 AM
ගයනි කියන කතාව මොනතරම් ඇත්තද කියල තේරෙනවා මේකේ පහුගිය ටිකේ ගිය මේ වගේ කතා කියෙව්වහම. ගොඩක් ඒ වගේ වෙලා තියෙන්නේ මේ ගැහැණු ළමයි තමන් හරි හැටි නොදන්නා අයට තමන්ගේ තාරුණ්‍යය පූජා කරලා ඊටපස්සේ නරා වළට වැටීම නිසයි. ඇයි ඒ අය මේ තරම් මෝඩ වුණේ ? ඊටපස්සේ මුළු පිරිමි සංහතියටම දොස් කියන එක හරිද? ආදරේ කියන්නේ අද හමුවෙලා හෙට පිරිමියෙක් හෝ ගැහැණියෙක් එක්ක හෝටල් කාමර වලට යන එක නෙමෙයි නේද? (නි)
ජනනි Sunday, 09 August 2015 12:31 AM
සමහර ගමේ ඉන්න විසේකාරියන්ට වැඩිය සංවර තරුණියන් නගරබද ප්‍රදේශ වල ඉන්නවා. ඒ නිසා මගේ විතරක් නෙමෙයි මේ තුන් ලෝකෙම ඉන්න තරුණියන්ගේ චරිත හොඳ නැහැ කියලා කියන්න කාටවත් කොහෙද අයිතියක්? (නි)
සත්‍යා Thursday, 13 August 2015 07:41 AM
ඔය ගොල්ල බලන්න මෙහෙම තත්වයක් ඔයගොල්ලන්ට උදා වුණොත් මෙහෙම නොවෙයි කියල හදවතට එකඟව. "මමත් කෙල්ලෙක් මිස් මමත් මනුස්සයෙක්" (ම)
ධම්ම Tuesday, 11 August 2015 08:08 AM
සියලුම ගැහැණු දරුවන්ට මේ කියන්නේ. මොනතරම් ආදරය කළත් පිරිමියෙක් සමඟ කිසිදාක යහන්ගත වෙන්න එපා නිත්‍යානුකූලව විවාහ නොවී. (නි)
අජිත් Thursday, 06 August 2015 01:25 PM
පව් අහිංසක කෙල්ල. නංගියේ ඔයාට කවද හරි හොද ජීවිතයක් ලැබේවි.(නදී)