IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


මම දේශපාලනයට එන්න තීන්දු කරල ඉවරයි

මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් පමණින් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසි බවට කෙරෙන ප‍්‍රචාරයේ සත්‍යයක් නොමැති බවත් තමා ක‍්‍රියාකාරී දේශපාලනය ට පිවිසීම පිළිබඳව  පක්ෂය තීරණය කරනු ඇති බවත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය සඳහන් කරන්නීය. අභාවප‍්‍රාප්ත භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය වූ හිරුණිකා ප‍්‍රකාශ කළේ සියල්ලටම පෙර තමන් දේශපාලනයට පිවිසීමේ දී මහජන පක්ෂයෙන් ඉගෙනුම ලැබිය යුතු බවයි. ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡාවේ දී අසන ලද ප‍්‍රශ්න හා ඇය ලබාදුන් පිළිතුරු මෙසේය. ප‍්‍රශ්නය :- ඔබ ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසි සිටින බව කියන කතාව ඇත්තක්ද? පිළිතුර :- මම පක්ෂ සාමාජිකත්වය ගත්තා. තාත්තා මිය යාමට පෙර සිටම ඒ අවශ්‍යතාව මට තිබුණා. මගේ අධ්‍යාපන කටයුතු අවසන් වනතුරු ඒ සඳහා මට අවස්ථාව ලැබුණේ නැහැ. තාත්තාගේ ඝාතනයෙන් ඒ අවශ්‍යතාවය ඉක්මන් වුණා කියලයි මට හැඟෙන්නේ. කොලොන්නාව ජනතාව තනි කරන්නෙ නැහැ කියල මා මාධ්‍යයට ප‍්‍රකාශයක් කළා. ඒ ප‍්‍රකාශය දේශපාලනයට පිවිසීම කියල ඇතැම් අය වටහා ගෙන තිබෙනවා. එක අතකින් ඒකෙ වැරැද්දකුත් නැහැ. කවද හරි මම කොලොන්නාවෙ ජනතාව අතරට එනවා. ඇතැම් දේශපාලන පක්ෂවලින් ඉල්ලන චරිතයක් බවට පත්වන බවක් මට තේරුම් ගියා. ඒ නිසාත් මා මහජන පක්ෂයෙන් දේශපාලන ගමන ඇරඹිය යුතුයි කියලා හිතුවා. මේ මහජන පක්ෂය සිප් හලක් වගෙයි. අද ඉන්න දේශපාලනඥයන් අතර මහජන පක්ෂයෙන් ආපු බොහෝ දෙනෙක් ඉන්නවා. මම තව පක්ෂයට බැඳෙනවා කියන එක මගේ හිතේ නැහැ. මම මහජන පක්ෂයත් එක්ක ඉන්නවා. ප‍්‍රශ්නය :- ඒ කියන්නෙ ඔබ මහජන පක්ෂයෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට එනව කියලද? පිළිතුර :- මගේ න්‍යාය වෙනස්. ජනප‍්‍රිය දේශපාලනයට හෝ එකවර පිබිදිලා කඩා වැටෙන දේශපාලනයට ඒමට සූදානම් නැහැ. පිරිසිදු වාමාංශික දේශපාලනය තියෙන්නෙ පොඩි පොඩි පක්ෂවල. ලෙනින් වාදය, මාක්ස් වාදය යන සැබෑ වාමාංශික දේශපාලනය තියෙන්නෙ මේ පොඩි පක්ෂවල. මට අවශ්‍ය දේ එයයි. ඉදිරි දේශපාලනයට එය වැදගත්. ජාතිභේද, ආගම් භේද මේ පක්ෂයෙ නැහැ. ඒකට මම ගෞරව කරනවා. රටට සාමය උදාවී තිබෙන මේ මොහොතේ සුළුතරයට අඩුපාඩු නොවිය යුතුයි. අපි සුළුතරය වුණොත්, විශාල පිරිස කරන වෙනස්කම් අපිට දැනෙන හැටි හිතන්න  ඕනෑ. වෙනත් පුද්ගලයෙක් ඉන්න තැන හිටගෙන අපි ඒ අයගෙ පැත්තෙන් හිතන්න, බලන්න  ඕනෑ. ජාති ආගම් භේද නැති මහජන පක්ෂයට මම ඉතාම කැමතියි. මට විශාල අයිතියක් ඒ පක්ෂයට තියෙනවා. විජය කුමාරනතුංග මහත්තය එක්ක මගේ තාත්තා හදපු පක්ෂය. මට ඒකට අයිතියක් තියෙනවා. මම එයාගෙ දුව. පක්ෂයකට බැඳෙන්න  ඕනෑම පුරවැසියකුට පුළුවන්. ඒක ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීම කියල විග‍්‍රහ කරන එක වැරදියි. ඡන්දයක දී ඉදිරිපත්වෙලා ක‍්‍රියාකාරීව මිනිසුන් එක්ක වැඩ කිරීම ක‍්‍රියාකාරී දේශපාලනය. මම තවම පක්ෂ සාමාජිකත්වය ගත්තා විතරයි. ඡන්දයකට තව වසර කීපයක් තියෙනවා. ඒ කාලයේ දී පක්ෂය තීරණය කරාවි මට වඩා දැන උගත් අය පක්ෂයෙ ඉන්නවා. ඔවුන් තීරණය කරාවි. ප‍්‍රශ්නය :- ඔබ මහජන පක්ෂයෙ සමුළුවට සහභාගී වුණාද? පිළිතුර :- නැහැ. මම සුභාශිංසන පණිවුඩයක් යැව්වා පමණයි. තාත්තගෙ යාළුවො හැමෝම. ඔවුන් කලින් ඉඳලම කියල තිබුණේ මට කැමති දවසක එන්න කියලයි. පක්ෂ සම්මේලනයට මගේ අදහස කියන්න බලාපොරොත්තුව හිටියා. කුඩා පැලයක් පහසුවෙන් ගලවන්න පුළුවන්. ලොකු මාර ගහක් ගලවන්න ලේසි නැහැ. ඒ නිසා සියල්ලට පෙර පරිණත වෙන්න  ඕනෑ. ඒකට හොඳම අවස්ථාව මේ වගේ පක්ෂයක්. මට ඉගෙන ගන්න හොඳම තැන මේ පක්ෂය. මගේ අධ්‍යාපන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. ප‍්‍රශ්නය :- ඔබේ ගමනට මෙවැනි කුඩා පක්ෂයක් සුදුසුයි කියා හිතනවාද? පිළිතුර :- පක්ෂ හතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය දෙනවා. මහජන පක්ෂය ඉන් එකක්. මීට පරිබාහිර ගමනක් නැහැ. ප‍්‍රශ්නය :- ඔබ බලාපොරොත්තු වෙන්නෙ කොලොන්නාව ආසනයට ඉදිරිපත් වෙන්නද? පිළිතුර :- අනිවාර්යයෙන්ම ඔව්. තාත්තගෙ ආසනය. පක්ෂයෙ ප‍්‍රධානීන් ඒක තීරණය කරාවි. මට තවම වයස අවුරුදු 24 යි. මේ වෙලාවෙ ආසන සංවිධායක තනතුරක් ගන්න සුදුසු තැනක මම නැහැ. ඒකට තව කල්යාවි. අනාගතය ඒක තීරණය කරාවි. මහජන පක්ෂය මේ ගමන යන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. ඒ නිසා ඒක සුදුසු පරිදි තීරණය වේවි. ප‍්‍රශ්නය :- ඔබේ තාත්තා දැරූ තනතුර මවට පවරන්න යනවා කියල ආරංචියක් තියෙනවා. ඒක ඇත්තද? පිළිතුර :- නැහැ. තාත්තා කළ තනතුර ඉතා අමාරු දෙයක්. ජනාධිපතිතුමා ඒ සියලූ වෘත්තීය සමිතිවල අධ්‍යක්ෂ ජනරාල් තනතුර හදල දුන්න එකක්. රටේ වෘත්තීය සමිති හැම විටම එළියට බහින පිරිසක්. ඒ අය එක්ක වැඩ කරන්න පිරිමියෙකු වූ තාත්තත් අමාරුවෙන් කළ එකේ අම්මට පුළුවන්ද ඒව කරන්න. ප‍්‍රශ්නය :- ඔබේ මවට වෙනත් තනතුරක් ලැබුණද? පිළිතුර :- දන්න තරමට නැහැ. ප‍්‍රශ්නය :- පවුලේ එකම දියණිය දේශපාලනයට සම්බන්ධවීම ගැන මවගේ විරෝධයක් නැද්ද? පිළිතුර :- තියෙනවා. නමුත් දැන් අම්ම තේරුම් අරගෙන ඉන්නෙ. ඉගෙන ගන්න කාලෙ මම  දේශපාලන විද්‍යාව කළා. නීතිය හැදෑරුවෙ ඊට රුකුලක් වශයෙන්. මම දේශපාලනය කරන්න  ඕනෑ බව කිය කියා හිටියට, ඒක කරාවි කියල අම්ම හිතුවෙ නැහැ. මම ගෑණු ළමයෙක් නිසා ඔය කියන දේවල් කරන එකක් නැහැ කියල හිතන්න ඇති. කාන්තාවකට ප‍්‍රසිද්ධ රූපයක් වෙන එක අමාරු වැඩක්. දැන් අම්ම තේරුම් අරගෙන ඉන්නෙ මම වෙනස් වෙන්නෙ නැහැ කියල. ඒක හිතුවක්කාර කමක් නොවෙයි. මගේ දර්ශනය වෙනස් බව අම්මත් දන්නවා. ඇතැම් අවස්ථාවල මම කියන දේ වෙනස් වෙලා ජන මාධ්‍යවල පල වුණා. ඒක ප‍්‍රශ්නයක් වුණා. ප‍්‍රශ්නය :- ඔබේ පියා පක්ෂයට විශාල යෝධයෙක් වගේ වුණා. ඔබට ඒ ස්ථානයට එන්න පුළුවන් කියල හිතෙනවද? පිළිතුර :- කාලයක් යාවි. බොහොම දුෂ්කර වේවි. තාත්තා පිරිමියෙක්. හොඳ ආත්ම ශක්තියක් තිබුණා. මම ගෑණු කෙනෙක්. ගැහැණිය ලිංගික භාණ්ඩයක් කියල හඳුන්වන අය අප අතර ඉන්නවා. නිරූපන ක්ෂේත‍්‍රයට ගියත්, රඟපෑමට ගියත් සමාජය බලන්නෙ වැරදි කෝනයකින්. ඒක ආසියාතික රටවල දක්නට ලැබෙන දෙයක්. වැරදි නොකරන අය දිහා බලන්නෙත් වැරදි කරන අයගෙ ස්වරූපයෙන්ම තමයි. ගැහැණු අය පිරිමින්ට වඩා පහළ කියන හැඟීමෙන් ඉන්න ජනතාවක් ඉන්නවා. මේ රටේත් ප‍්‍රථම අගමැතිනිය පත්වුණා. ජනාධිපතිනියක් හිටපු රටක් මේක. ප‍්‍රශ්නය :- තරුණියක් ලෙස ඔබත් සමාජයෙන් පීඩාවට පත්වූ අවස්ථා තියෙනවද? පිළිතුර :- දැන් නම් මම ඒවට හිනාවෙනවා. මම මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණේ තාත්තගෙ කැමැත්ත ඇතිව. මම වෘත්තියෙන් නිරූපන ක්ෂේත‍්‍රයෙ ඉන්න කෙනෙක් නෙවෙයි. නීතිය ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම්පත් කැඳවා තිබුනා. තාත්තා කිව්වෙ දෙපාරක් හිතන්න. දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙනව නම්  ඕකත් පහර ගහන්න හේතුවක් වේවි කියලයි. බය වෙන්න දෙයක් නැහැ කියල මම කිව්වා. ඇතැම් මිනිස්සු තාමත් පරණ විදියට හිතනව කියල මම හිතුවෙ නැහැ. මේ වගේ තරගවලට ගිහාම නරකයි කියල ඇතැම් අය හිතාගෙන ඉන්නවා. මේ තරගය සංවිධානය කළේ රොසිටා වික‍්‍රමසිංහ මහත්මිය. ඇය අපි බොහොම ආරක්ෂා කළා. බොහොම තදින් ගැහැණු ළමයි ටික බලාගත්තා. එංගලන්තයෙ නීතිය හදාරණ කෙනෙක් ලෙස මම ඒ තරගයට හිටියා. කැනඩාවෙ ඇමෙරිකාවෙ උපාධි හදාරන සිසුන් මේ තරගයට ඉදිරිපත් වුණා. හොඳට ඉගෙන ගත් ළමයි 12 ක් හිටියා. මේ වගේ තරගවල දී අපේ පිංතූර ගත්තා. පිංතූර 100 ක් ගත්තම එයින් 50 ක් විතර ඉවත් කරනවා. වැරදුන ඒවා. තාත්ත ඝාතනය වෙලා පසුවදා මට යාළුවෙක් කිව්වා මගේ කැත පිංතූර ටිකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියලා. මම කවුද කියල කිසිවෙක් දැනගෙන හිටියෙ නැහැ. අඩු වශයෙන් භාරත ලක්ෂ්මන්ට දුවෙක් ඉන්නවද කියලවත් නොදන්න අය හිටියා. මට හරිම දුක හිතුනා. මම රොසිටා මහත්මියට කතා කළා. කැත පිංතූර ටික කොහෙන් හරි කවුරු හරි ඉන්ටර්නෙට් එකට දාලා. පිංතූරයක් ගන්න කොට ඉන්නෙ කොහොමද කියල අපි දන්නෙ නැහැ. පිංතූරය ගන්න එක්කෙනාගෙ ඇහෙන් අපි බලන්නෙ නැහැ. තාත්තා මැරුණ දාට පසුවදා එයාගෙ දුවගෙ පිංතූර ටිකත් ඉන්ටර්නෙට් එකට දාලා. මිනිස්සු මේ තරම් පහත් තත්ත්වයට පත් වෙනවද කියල මට හරියට දුක හිතුණා. මම හරියට ඇඬුවා. තාත්තගෙ මරණෙ තරම් තවත් දුකක් තිබුණේ නැහැ. ඊට පස්සෙ ජනාධිපතිතුමාගෙ පුතත් එක්ක සම්බන්ධයක් තියෙනව කිව්වා. මට ඒකටත් දුකයි. අපි අතර එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. අපි සහෝදරයො වගෙයි. හොඳ යාළුවො. ප‍්‍රශ්නය :- ඔබට පෙම්වතෙක් ඉන්නව නේද? පිළිතුර :- මම වසර 5 ක සම්බන්ධයක් පැවැත්වුවා. එදා මම මාධ්‍ය සමග හැසිරෙන්න දැනගෙන හිටියෙ නැහැ. මාධ්‍ය අහන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න ගියා. මා නිසා තාත්තගෙ නම කැතවේවි කියල මට ලොකු බයක් තිබුණා. මගේ පිංතූර ඉන්ටනෙට් එකට දාලා. තව අය එක්ක යාලූයි කියලා කියනවා. මම කළේ රූපවාහිනියට කතා කළා. මම බඳින්න ඉන්න එක්කෙනා කියලත් ඔහු පෙන්නුවා. මම හරි මෝඩ වැඩක් ඒ කළේ. මේ රටේ දේශපාලනය කරන්න නම් මධ්‍යම ප‍්‍රතිපදාවෙ යන්න  ඕනෑ. කියල මම දැන් තේරුම් අරගෙන ඉන්නෙ.  ඕනෑවට වඩා අවංක වෙලත් හොඳ නැහැ. ඇත්ත කිව්වත් වැරැද්දක් හොයා ගන්නවා. හොඳ උදාහරණයක් කියන්නම්. තාත්තගෙ උපන් දිනයට මම පත්තරේට ලිපියක් දැම්මා. ඒකෙ කරුණු බොරු කියල ඇතැම් අය කිව්වා. මගේ ආසම සෙරෙප්පු දෙකක් තිබුණා. මට තව සෙරෙප්පු තිබුණා. ඒ සෙරෙප්පුවෙ අඩිය ගැලවිලා. මම තාත්තට කිව්වා මේක හදවල දෙන්න කියල. එයා ඇහුනෙ නැතුව වගේ හිටිය. මම ළඟට ගිහිල්ල ඇහුව මේක හදල දෙනවද? නැද්ද කියල. තාත්ත කිව්වා මිනිස්සු බලන්නෙ ඔයාගෙ මුහුණ නේ, සෙරෙප්පු දෙක දිහා නෙවි කියලා කිව්වා. ඒ සිදුවීම සටහන් කළේ මානුෂික පැත්ත හිතලා. එහෙම නැතිව මගෙ තියෙන්නෙ එක සෙරෙප්පු ජෝඩුව කියල කියන්නත් නොවෙයි. මට සපත්තු සෙරෙප්පු තියනවා. ඒත් මම ආසම කරන සෙරෙප්පු දෙක නිසා තාත්තා දක්වපු ප‍්‍රතිචාරය මට කියන්න අවශ්‍ය තිබුණා.තවත් කරුණක් කියන්නම් මෙම දේශපාලනයට එනව කියන කතාවට මට විවිධ අය ලියල තිබුණා. ලියුම් ලියන කොට අපි දැන ගත්ත එන්නෙ  ඕකටයි කියලා යැයි සමහරු ලියල තිබුණා. මමයි තාත්තයි බොහොම සමීපයි. මම නිදාගන්නෙ තාත්ත එක්ක. මේ ගෙදරට එන යන මිනිස්සු ඒක දන්නවා. මම ඉන්නෙ තාත්තගෙ ඔඩොක්කුවෙ. පොඩි ළමයෙක් වගේ මම ඔඩොක්කුවෙ තියාගෙන තාත්තා එන මිනිස්සු එක්ක කතා කරනවා. ඒ තරමට තාත්තා මට ආදරෙයි. මල්ලි පොඩියි. එයාගෙ ජීවිතය මම. එවැනි තාත්ත කෙනෙක් ඝාතනය වුණේ. දැන් නම් මම ඇතැම් අය කියන කතා ගැන දුක්වෙන්නෙ නැහැ. ගැහැණු ළමයෙක් තනි වුණාම මිනිස්සු මේ තරම් දේ කියනව කියල මට හිතන්නවත් බැහැ. මම අඬන්නෙ මාධ්‍යවල අවධානය ගන්න කියල, කියල තියෙනවා. මම අඬ අඬා කතා කළේ බොරුවට කියල කිව්ව අයත් ඉන්නවා. කවුරු මොනව කිව්වත්, මැරුණේ මගේ තාත්තා. ඔය කියන අයටත්  ඕක වුනානම් තේරේවි. තවමත් තාත්ත මගේ ළඟ නිදියනව වගේ මට දැනෙනවා. මම පිටරට විශ්ව විද්‍යාලයට ඇරලවන්න තාත්ත ආව. මාව නේවාසිකාගාරයට ඇරලවල තාත්තගෙ ඇස්වල කඳුළු පිරිල. එයා කියන්න  ඕනෑ දේ ඒ කඳුළුත් එක්ක මට කිව්වා. ඔයා පරිස්සමින් ඉන්න දුවේ. කියල කියන එක මට තේරුණා. මම ගිහිල්ල මාසයක් යනකොට මම යාළුවෙලා හිටිය ළමයත් ඒ රටට ආවා. ඔහුත් මාව හොඳින් බලාගත්තා. ප‍්‍රශ්නය :- ඔබ ඔහු සමග විවාහ වෙනවද? පිළිතුර :- දැන් ඒ සම්බන්ධය නැහැ. තාත්තගෙ සිද්ධියෙන් පසු අපි තේරුම් ගත්තා මම යන ගමන සැර වැඩියි කියල මට තේරෙනවා. ඇත්තටම ඔහු බොහොම හොඳ කෙනෙක්. මම යන ගමන එක්ක ඔහුටත් ප‍්‍රශ්නයක් වේවි. මේ වෙලාවෙ තවකෙනකුට අවධානය යොමු කරන්න අමාරුයි. මගේ ඔළුවෙ තියෙන්නේ තාත්තගෙ නඩුව දිනන එක. අපි ටික කාලයකට වෙන් වෙන්න තීරණය කළා. මේක නොකෙරෙන දෙයක් බවට පත්වෙලා ඉවරයි. ඉදිරියට කොහොම වෙනස් වේවිද දන්නෙ නැහැ. මම දේශපාලනයට එන්න තීරණය කරල ඉවරයි. අපි දේශපාලන පවුල් දෙකක්. තාත්තගෙ නම ගෙනියන්න මට අවශ්‍යයි. අපි වෛරක්කාරයො වෙලා නැහැ. තාත්ත හැර මට සමීපට හිටියෙ ඔහුයි. ප‍්‍රශ්නය :- ඔබේ අධ්‍යාපන කටයුතු අවසන්ද? පිළිතුර :- ඔක්තෝබර් වලින් ඉවරයි. ලබන ජනවාරිවල දිව්රුම් දෙනවා. ප‍්‍රශ්නය :- කොලොන්නාවෙ දේශපාලනය ඒ තරම් හොඳ නැති බව කියැවෙනවා. ඔබ වැන්නියක් ඒ ප‍්‍රදේශයට සමාජගත වන්නේ කොහොමද? පිළිතුර :- අමාරු වැඩක්. එක්කො මම ඒ අය විදියට හැදෙන්න  ඕනෑ. නැතිනම් ඔවුන් මට  ඕනෑ විදියට හැඩගැහෙන්න  ඕනෑ. වාසියට වැඩ කරල බැහැ. කොලොන්නාව ගොඩ ගැනීමට උපරිමයෙන් කටයුතු කරනවා. කොලොන්නාව මම ඉපදුන ගම්මානය. හැදුන වැඩුන තැන. අමාරු වුණත් තාත්තා වෙනුවෙන් කළයුතු දේ කරනවා. ප‍්‍රශ්නය :- ඔබේ බලාපොරොත්තුව පිළිතුර :- මගේ බලාපොරොත්තුව තාත්ත වෙනුවෙන් රටට යමක් කිරීමයි. මම දේශපාලනයට එන්න උත්සාහ කරන්නෙත් ඒ සඳහායි. මට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න මට හයිය තියෙනවා. මට භාෂා 3 ක් කතා කරන්න පුළුවන්. සිංහල, ඉංග‍්‍රීසි, හින්දි භාෂා මට පුළුවන්. දෙමළ ටිකක් පුළුවන්. දැන් මම දෙමළ කතා කරන්න ඉගෙන ගන්නවා. තාත්තගෙ ඝාතනයෙන් පසු මට එල්ලවූ ගල් මල් දෙකම දරාගන්න මට පුළුවන්. මහජන පක්ෂය මම යායුතු දුර තීරණය කරාවි.

සටහන - දයාසීලි ලියනගේ



අදහස් (0)

මම දේශපාලනයට එන්න තීන්දු කරල ඉවරයි

මාරියන්ස් Sunday, 12 February 2012 07:44 PM

අදහස ගොඩක් හොදයි. ඒත් ගොඩක් අහිංසක වුණොත් අමාරුයි.සුභපැතුම්..

:       0       0

කසුන් Sunday, 12 February 2012 09:02 PM

ගොඳ අදහසක්.. සුභපැතුම්..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 659 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 273 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 627 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 285 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 208 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 172 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site