එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට එල්ල වූ ප‍්‍රහාරය පිරික්සීම සඳහා පත් කළ ශ්‍රීනාත් පෙරේරා විමර්ශන කමිටුවේ වාර්තාව ඉකුත් දා එළි දැක්විණි. එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට චෝදනා එල්ල කළ එම කමිටු වාර්තාව ගැනත් එ.ජා.ප යේ අර්බුද ගැනත් කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වූ ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා කියන්නේ කුමක්ද? මේ ඒ සම්බන්ධ සංවාදයේ කෙටුම්පතය. ප‍්‍රශ්නය:- එ.ජා.ප.ය පොදුවේ කියන කාරණයක් තමයි මේ ආණ්ඩුව හැම තැනම අනාගෙන අවුල් කරගෙන ඉන්නවා කියන කාරණය. ජාත්‍යන්තරය හමුවේ මේ ආණ්ඩුව අසමත්. ආර්ථික කළමණාකරණය හමුවේ මේ ආණ්ඩුව අසමත්. රට හදන වැඩපිළිවෙළේදී ආණ්ඩුව අසමත්. එ.ජා.ප.ය එහෙම කිව්වත් ඇයි එ.ජා.ප.යට බැරි වුණේ ආණ්ඩුවක් හදන්න? පිළිතුර:- ආණ්ඩුවේ හැම දෙයක්ම අසාර්ථකයි කියලා කියන්න තරම් දේශපාලන කුහකකමක් මට නෑ. ආණ්ඩුව කරන හොඳ දේට හොඳ කියන්නත් නරක දේට නරකයි කියන්නත් තරම් ආත්ම ශක්තියක් මට තියනවා. ආණ්ඩුවේ දරදඬු ප‍්‍රතිපත්ති, ඒකාධිපති ස්වරූපය, හැමදේම දන්නවා කියලා කරන්න ගිහින් ගොඩක් වැරැදි වෙලා තියෙනවා. ප‍්‍රශ්නය:- එහෙමනම් ඇයි ඔය ඇත්ත කියලා ජනතා පෙළගැස්මක් හදලා එ.ජා.ප. ආණ්ඩුවක් බිහි කරන්න බැරි වුණේ? පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එහෙම ගැටුමක් නෑ. අපි පොදුවේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරනවා. මට මතකයි මේ ආණ්ඩුව එක පාරක් අසීමිත විදියට ණය ගන්න ගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟෙව්වා. අපි කිව්වා සීමාවක් ඇතිව ණය ගන්න කියලා. මේ ඔක්කොම නිසා අන්තිමට වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාවනේ. අපි දැන් ණය ගෙවීම සඳහා ණය ගන්න ජාතියක් බවට පත්වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා, අපි මෙයට වඩා සමගි සම්පන්නව ගියොත් ලොකු බලවේගයක් හදන්න පුළුවන් කියලා. මෙතැනදී රජයට විරුද්ධව සටන් කරන්න අපි අතර එකමුතුකමක් අවශ්‍යයි. මම නම් හැම වෙලාවෙම උත්සාහ කළේ ඒ එකමුතුව හදන්නයි. මම දැනුත් පෙනී සිටින්නේ අන්න ඒ එකමුතුව හදන්නයි. ප‍්‍රශ්නය:- පහුගිය පක්ෂ නිලවරණයේදී පක්ෂ නායකත්වයට ඔබ ඉදිරිපත් වුණා. රනිල් වික‍්‍රමසිංහ මහත්මයාට වඩා පක්ෂ නායත්වයට ඔබ හොඳයි කියලා ඔබ හිතුවේ මොන පදනමින්ද? පිළිතුරු:- මම එදා ඉදිරිපත් වුණේ එදා සමාජ මතයක් ඇවිල්ලා තිබුණා පක්ෂය තුළ ප‍්‍රතිසංවිධානයක් අවශ්‍යයි කියලා. ඒ මතය බිම්මට්ටමේ බොහොම තදින්ම තිබුණා. සිවිල් සමාජයෙත් ඒ මතය බොහොම තදින්ම තිබුණා. ඒවගේම ආගමික නායකත්වය, මහ නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලීමක් තිබුණා. ඒ නිසයි මම ඉදිරිපත් වුණේ. නමුත් මම ඒවෙලාවේ දැනගෙන හිටියා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතයත් පිටස්තර මතයත් දෙකක් කියලා. නමුත් මම ඉදිරිපත් වුණේ බහුතර මතයට සවන් දීමක් හැටියටයි. ඒක තරගයක්. ඒක තරගයෙන් අවසන් වෙන්න තිබුණා. නමුත් ඒක එහෙම වුණේ නෑ. ඊට පස්සේ එතැන වුණේ මොකක්ද කියලා මේ රටේ ජනතාව දන්නවා. ප‍්‍රශ්නය:-කොහොම වුණත් මේ නිලවරණයට ඉදිරිපත් වුණාට පස්සේ ඔබට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අහිමි වුණා. පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය අහිමි වුණා. එහෙම බලනකොට ඒ තීන්දුව ගැනීම නිසා ඔබ දේශපාලන පොරපිටියේ අතරමං වුණා. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද? පිළිතුර:- ඇයි මට පාර්ලිමේන්තුවේ කාමරයත් අහිමි වුණානේ. හැබැයි අතරමං වුණා කියලා මම හිතන්නේ නෑ. එදාටත් වඩා අද මම සන්තෝෂයෙන් ඉන්නවා. පක්ෂයේ නියෝජ්‍ය නායකකම මට අහිමි වුණත් එදාට වඩා අද මට ජනතාවගේ සහයෝගය ලැබිලා තියෙනවා. එදාටත් වඩා අද මට සෑහෙන්න වැඩ කොටසක් කරන්න වෙලා තියෙනවා. ජනතාවගේ ආදරය සෙනෙහස හැම පැත්තෙන්ම මට ලැබෙනවා. පදවි තානාන්තර කියන ඒවා එහෙම බැලූවොත් මම එක්සත් ජාතික පක්ෂයට ආවේ පදවි තානාන්තර බලාගෙන නොවෙයි. පදවි තානාන්තර නොලැබුණාට මගේ එකම සිහිනය වෙන්නේ මගේ ජීවිත කාලය තුළදී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමයි. පීඩාවට පත්වෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහනයක් ලබාදීමත් මේ රටේ සියලූ ජනතාවට යහ පාලනයක් තුළින් සෙත සලසන්නත් මට අවශ්‍යවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මම ඉදිරියේදිත් පෙනී සිටිනවා. ප‍්‍රශ්නය:- සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ ”ලණුවක් කාලා” ඔබ සියල්ල අහිමි කර ගත්තා කියලා හිතන්නෙ නැද්ද? පිළිතුර:- ඒ එක එක මත. කිසිම අවස්ථාවක මට එහෙම හිතෙන්නෙ නෑ. මට හිතන්න ඕනෑ කමකුත් නෑ. සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මගේ ගමනට ශක්තියක් ලබා දෙනවා. තවත් විශාල පිරිසකගේ සහයෝගය මට ලැබෙනවා. ඒ නිසා මම ලණු කන්න තරම් මෝඩයෙකුත් නොවෙයි. මේවා ගැන කියනකොට මම හුඟාක් දෙනෙකුට කිව්වේ මම උපන් හැටියෙ බිව්වේ මව්කිරි මිසක් ලැක්ටෝජන් හරි, කව් ඇන්ඞ් ගේට් නොවෙයි කියලයි. ඒ නිසා ගඳ සුවඳ තෝරා ගැනීමේ ඉව මට හොඳට තියෙනවා. මෙතැනදී මම මගේ හෘදය සාක්ෂියට එකඟ වුණා මිසක් කිසි කෙනෙකුගේ ලණු කෑවා නොවෙයි. මම ඒ තීරණය ගත්තේ හැම තැනින්ම ආපු ඉල්ලීමට. පක්ෂය ඇතුළෙන් ඉල්ලීම ආවා. ජනතාවගෙන් ඉල්ලීම ආවා. සිවිල් සමාජයෙන් ඒ ඉල්ලීම බරපතල විදියට ආවා. මහා සංඝරත්නයෙන් බලවත් ඉල්ලීමක් ආවා. ඔබ දන්නවා මහා නායක හිමිවරුන් හතර දෙනා ලංකා ඉතිහාසයේ පළමු වතාවට පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න කියලා මගෙන් ඉල්ලීමක් කළා. ඒවා මට අහක දාන්න පුළුවන් ඉල්ලීම් නොවෙයි. මම රනිල් වික‍්‍රමසිංහ මහත්මයා සමග එකඟ වෙච්ච දේවල් තියෙනවා. එකඟ නොවිච්ච දේවල් තියෙනවා. හැබැයි ඒවා පත්තරවල දැම්මේ නෑ. අපි ඒවා කාමරේ ඇතුළේ බේරගත්තා. පස්සේ තමයි ඒවා එළියට එන්න පටන් ගත්තේ. ඊට පස්සෙ තමයි මටත් ඒවට පිළිතුරු දෙන්න සිද්ධ වුණේ. රුක්මන් සේනානායක මහත්තයා අයින් කළාම බාකිර් මාකර් මහතා අයින් කළාම රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයාට ඡුන්දය දෙන්න එපා කියලා ප‍්‍රසිද්ධියේ කිව්වාම මටත් නියෝජ්‍ය නායකයා විදියට ප‍්‍රසිද්ධියේ කතා කරන්න සිද්ධවුණා. මටත් පක්ෂය ඇතුළෙන් විශාල දෝෂාරෝපණයක් ආවා. මම කතා කරන්නේ නෑ. නිශ්ශබ්දව ඉන්නවා කියලා. නමුත් මම කතා කළා. ඒත් මම එහෙම කතා කරනවා කියලා ජනතාව දැනගෙන හිටියේ නෑ. නියෝජ්‍ය නායකයා කතා කරන්නෙ නෑ. එහෙම කොන්දක් නෑ කියලා මටත් චෝදනා කළා. නමුත් මම කතා කළා. එතැනදිත් වුණේ ඒකම තමයි. මට රනිල් වික‍්‍රමසිංහ මහත්මයා එක්ක වෛරයක් ක්‍රෝධයක් නෑ. මම එයාට ගරු කරනව. එතුමා මට පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දුන්නා. එතුමා ජනාධිපති අපේක්ෂකයා වුණාම මාව අගමැති අපේක්ෂකයා කළා. ඒවා එහෙම තිබුණා. නමුත් එදා ගත්තේ ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මට තිබුණු ඔක්කෝටම පයින් ගහලා මම තරග කළේ. මේ යන විදිය වැරැදියි. ඒක වෙනස් කරන්න ඕනෑ නිසයි, මම උත්සාහ කළේ සියලූ දෙනා එකට එකතු කරන්නයි. ඒක මම ඉදිරියටත් කරනවා. ප‍්‍රශ්නය:- ඔබේ පාර්ශ්වය කියන කතාවක් තමයි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ දුර්වලකම නිසා පක්ෂය දුර්වල වෙනවා කියන එක. නමුත් එජාපයේ මන්ති‍්‍රවරුන් දාහත් දෙනෙක් එක්ක ඔබ ආණ්ඩුවට ගියා. ඒ නිසා පක්ෂය දුර්වල වුණා කියලා ඔබ හිතන්නේ නැද්ද? පිළිතුර:- ඒ ගැනත් විවිධ මත තියෙනවා. මේ ගැන මම පුන පුනා කතා කරලා තියෙනවා. හමුදා මූලස්ථානයට කොටි ආවා කියලා කියන්නේ ඒක මොනතරම් භයානකද? මාවිල්ආරුව වහපු වෙලාවේ මම එතැනට ගියා. මම හිටපු හමුදා නිලධාරියෙක්. එතැනට ගියාම මම දැක්කා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න හැටි. කොළඹ හමුදා මූලස්ථානයට කොටි කතක් ආවා. හමුදා මූලස්ථානයට සතුරා ආවා කියන්නේ ඒක තමයි භයානකම අවස්ථාව. ඒ වෙලාවේ තමයි මම හිතුවේ මට මෙහෙම නිශ්ශබ්දව ඉන්න බෑ. තීරණයක් ගත යුතුයි කියලා. මහා සංඝරත්නය රටට කිව්වා ඒ වෙලාවේ එක මතයකට ආ යුතුයි කියලා. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමත් මට කතා කරලා කිව්වා. ඒ වෙලාවේ මට හැඟීමක් ආවා. ඒ වෙලාවේ තමයි යුද්ධය වෙනුවෙන් පමණක් පදවි තානාන්තර ගන්න නොවෙයි ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනෑ කියලා. ඒ වෙලාවේ ඒ සහයෝගය අපි නුදුන්නානම් රජය කඩා වැටෙනවා. එහෙමනම් යුද්ධයට ඉස්සරහට යන්න බෑ. එදා රටේ තිබුණේ යුද මානසිකත්වයක්. මම අයවැය දෙකකට සහාය දුන්නා. 2008 අයවැයට මම ඡුන්දය දීලා මම හවස හයයි තිහට එළියට ආවේ අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉල්ලීමට අනුවයි. ඊට කලින් තිබුණ පක්ෂයේ සම්මේලනයේදි මට ආරාධනා කරලා තිබුණා. මම ගියාම නියෝජ්‍ය නායක පදවියට කවුරුවත් දාලා තිබුණේ නෑ. මට ඒක භාරගන්න කිව්වා. මම භාර ගත්තා. ප‍්‍රශ්නය:- ඔබ කියනවා යුද්ධය වෙනුවෙන් ආණ්ඩුවට සහාය දුන්නේ කියලා. නමුත් අවසන් යුද ජයග‍්‍රහණය පෙනි පෙනී ඔබ ආපහු එජාපයට යනවා. ඔබට පාර වැරදුණාද? පිළිතුර:- කිසිම පාර වැරැදීමක් වුණේ නෑ. මට පොරොන්දු වෙලා ගියේ අවුරුදු දෙකකට සහාය දෙනවා කියලයි. අවුරුදු දෙක ගත වුණාම මම ආවා. තානාපතිකම භාරගත්තෙත් කොළඹ නගරාධිපතිකම භාරගත්තෙත් ඒ විදියටයි. මට කාල රාමුවක් තිබුණා. එහෙම නැත්නම් ඉඳලා මටත් වරදාන ලබාගන්න තිබුණා. ඒ ගැන එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් මැරෙන වෙලාවේ වුණත් මම දන්නවා. මම කළේ මොකද්ද කියලා. ප‍්‍රශ්නය:- ඇත්තටම ඇයි ඔබ ඒ මොහොතේ ආණ්ඩුවෙන් එළියට ආවේ. මොකද්ද ජනාධිපතිතුමා එක්ක ඇති කරගත් ප‍්‍රශ්නය? පිළිතුර:- කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒ ගැනත් විවිධ ප‍්‍රකාශ තියෙනවා. මම ගියේ අවුරුදු දෙකකටයි. සමහර කරුණුවලදී මම එතුමා සමග එකඟව හිටියා. සමහර කරුණුවලදී මම විරුද්ධව හිටියේ ඒත් ඒ නිසා එළියට ආවා නොවෙයි. ප‍්‍රශ්නය:- දැන් ඔබම කිව්වා ඔබ ආණ්ඩුවෙන් එලියට ආවම පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය ඔබට පිරිනැමුවා කියලා. ඒ නායකයාට එරෙහිව ඔබ නායකත්වයට ඉල්ලනවා. මේක පිටිපස්සෙන් ගිහින් පිහියෙන් ඇනීමෙන් වෙනස් වෙන්නේ කොහොමද? පිළිතුර:- ඔය මතය දාන්නේ කවුද කියලා මම දන්නවා. නමුත් මේක මගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියයි. රටෙන් ඉල්ලීමක් ආවා. මම නියෝජ්‍ය නායකයා මට නායකත්වයට තරග කරන්න පුළුවන් නම් ඒක වරදක් වෙන්නේ කොහොමද? ඔය පිහි පහර කතාව කීප දෙනෙක් පමණක් නිර්මාණය කරපු කතාවක්. මට ඒවායින් වැඩක් නෑ. මගේ හෘදය සාක්ෂිය දන්නවා මම මොකද්ද කළේ කියලා. ප‍්‍රශ්නය:- පාක්ෂිකයකුට පක්‍ෂ මූලස්ථානය බෞද්ධයාට දළදා මාළිගාව වගෙයි. සිරිකොත සුන්බුන් ගොඩක් බවට පත්වුණා. ඒ සඳහා සහාය දැක්වූ කෙනෙක් හැටියට ගිහාන් පෙරේරා විමර්ශන වාර්තාවෙන් ඔබටත් බරපතළ චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඔබ මොකද කියන්නේ? පිළිතුර:- සිරිකොත දළදා මාළිගය කියලා මාත් සළකන කෙනෙක්. ඔය සිරිකොත නඩත්තු කටයුතු වලට මාත් දායක වෙච්ච කෙනෙක්. තමන්ගෙ ගේ කඩන්න තරම් කුහකත්වයක් මා තුළ නෑ. ඒවගේම ග‍්‍රීනාත් පෙරේරා මහතාට මමත් ගරු කරනවා. ඒත් මම හරියට කණගාටු වුණා ඒ වාර්තාව දැකලා. එතැන අපේක්ෂකයන් දෙන්නෙක් හිටියා. කණ්ඩායම් දෙකක් තිබුණා. රනිල් වික‍්‍රමසිංහ මහත්මයාට පක්ෂපාති කණ්ඩායම සිරිකොත ඇතුළේ. හාර පන්සියයක් එළියේ හිටියා. ගල් ගැසීම අනුමත නොකරන බව මම ප‍්‍රසිද්ධියේ කිව්වා. ප‍්‍රශ්නය:- කමිටු වාර්තාවේ තියෙන්නේ ඔවුන් සංවිධානය කරලා ගෙන්වපු පිරිසක් කියලා. ඔබ ඒක පිළිගන්නවද? පිළිතුර:- මම ඒක පිළිගන්නේ නෑ. එතකොට සිරිකොත ඇතුළේ හිටියෙත් සංවිධානය වෙච්ච පිරිසක්. ඒ අයත් පොලූ අරන් හිටියා කියලා ටීවී එකෙත් පෙන්නුවා. දේශපාලනයේදි තමන්ට කැමැති කෙනෙකුට සහාය දෙන්න පිරිස හිටියා. සජිත් මහත්තයාගේ හිතවත්තු දයාසිරි ජයසේකර මහත්තයාගේ හිතවත්තු වගේම මට ආදරය කරන පිරිස් එදා ඇවිත් හිටියා. ප‍්‍රශ්නය:- ඔවුන් ආවේ ඔබේ ආරාධනයෙන්ද? පිළිතුර:- ආරාධනා කරලා නොවෙයි. ඒ අය කැමැත්තෙන් ආව අය. ඔය කමිටුව මගෙන් ඇහුවේ නෑනේ. ඒ වාර්තාවේ තියෙනවා අපි ගිහින් ඒ පිරිසට ස්තුති කළා කියලා. අපි මේ ගල් ගැහුවට ස්තුති කළා කියලා ඒකේ තියෙන්නේ. අපි ස්තුති කළේ ආපු අයට. කවුරු හරි ගල් ගැහුවානම් ඒ අය අල්ලා ගන්න. නමුත් මෙතැන තිබුණේ වෙන දෙයක්. හිටියෙවත් නැති අයගේ නම් පොලිසියට දීලා තිබුණා. ප‍්‍රශ්නය:- ඔබම කියනවා මේ පැමිණි පිරිස ඔබේ හිතවතුන් කියලා. ඔවුන් පාලනය කරන්න ඔබට බැරිවුණේ ඇයි? පිළිතුර:- කිසිම අසමත් වීමක් වුණේ නෑ. පළමුවැනි ගල ගහපු හැටියෙම මම පල්ලෙහාට යන්න ලෑස්ති වුණා. ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරීන් මට යන්න දුන්නේ නෑ. ඒක මම වගකීමෙන් කියනවා. එහෙම නැත්නම් පළමුවැනි ගල ගහපු හැටියෙම මම පල්ලෙහාට යනවා. අපි වෙනුවෙන් ජය ඝෝෂා නගපු අය එතැන හිටියා. ඒක ඉතින් අමුතු දෙයක් වුණේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. ජේ.ආර්. මහත්තයාගෙයි, ඩඞ්ලි මහත්තයාගෙයි ප‍්‍රශ්නෙ වෙලාවෙත් ඔහොම පිරිස හිටියා. නමුත් මේ විදියට පන්න පන්න පළිගත්තේ නෑ. පළමු ගල්පාර එනකොට මම නැගිට්ටා. යන්න දුන්නේ නෑ. ඒත් ටික වෙලාවකින් මම පහළට ගියා. නමුත් ඒ වාර්තාවේ ඇතුළේ හිටපු අය ගැන මුකුත් සඳහනක් නෑ. මේ වාර්තාව මධ්‍යස්ථ විය යුතුයි නේ. ප‍්‍රශ්නය:- මේ විමර්ශන වාර්තාවට ඔබ කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ? පිළිතුර:- මුහුණ දෙන්න දෙයක් නෑ. මම ඒ ගැන පැහැදිළි කිරීමක් කරලා නිවේදනයක් නිකුත් කළා. අපි පහලට ගියේ අපි වෙනුවෙන් ආපු අයට ස්තුති කරන්න මිසක් ගල්ගහපු අයට ස්තුති කරන්න නෙමෙයි. උඳේ ඉඳන් නොකා නොබී හිටපු අයත් එතැන හිටියා. ප‍්‍රශ්නය:- ඒ අයට හේමා පේ‍්‍රමදාස මහත්මිය ආහාරපාන දුන්නා කියලා කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. පිළිතුර:- ඒකේ කිසි වරදක් නෑ. ආහාර පාන දෙන එක වරදක් වෙන්නේ කොහොමද? තමන්ගේ පුතා වෙනුවෙන් ආපු කෙනෙකුට සළකන එක වරදක් නෙමෙයිනේ. සිරිකොත ඇතුළේ හිටපු අයටත් කන්න දුන්නේ. ඒත් ඒ ගැන කිසිම සඳහනක් නෑ. ප‍්‍රශ්නය:- ඒ නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාසට නියෝජ්‍ය නායක ධුරය සඳහා බහුතරයක් ඡුන්දය දෙනවා. නමුත් ඔබ පරාද වෙනවා. කෘත්‍යාධිකාරි මණ්ඩලය ඔබට එහෙම සැළකුවේ ඇයි? පිළිතුර:- ඒකට විවිධ හේතු තියෙනවා. ප‍්‍රශ්නය:- ශ්‍රීනාත් පෙරේරා කමිටු වාර්තාව දැන් තියෙන්නේ පක්ෂයේ විනය කමිටුව ඉදිරිපිට. ඔබ විනය කමිටුව ඉදිරියට යන්න සූදානම්ද? පිළිතුර:- යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් එල්ලූම්ගහට වුණත් යන්න සූදානම්. ප‍්‍රශ්නය:- මැයි දිනේට මොකද වෙන්නේ. නායකයා තීරණය කරනවා. නමුත් සජිත් ඇතුළු පිරිස කියන්නේ යාපනේ යන්න බෑ කියලයි? ඔබේ ස්ථාවරය මොකද්ද? පිළිතුර:- පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙච්ච දවසෙ ඉඳලා උදේට පේ‍්‍රමදාස සැමරුම තියෙනවා. එතැනින් එහාට දෙයක් මම දන්නේ නෑ. මම පත්තරවලින් දැක්කා මැයි දිනය පවත්වනවා කියලා යාපනේ. මටත් ලියුමක් එවලා තියෙනවා. නමුත් පේ‍්‍රමදාස ගුණ සමරු උත්සවයක් පැවැත්වෙනවා. ප‍්‍රශ්නය:- ඔබ යාපනේ මැයි දිනයට යන්නේ නැද්ද? පිළිතුර:- පේ‍්‍රමදාස ගුණ සමරු කමිටුවේ සභාපති මමනේ. ඒ නිසා මම එතැන ඉන්න එපැයි. ගිය පාර බදුල්ලේ මැයි දිනය පැවැත්වුවාමත් මම මේ ගැන කියලා නතර වුණා. ප‍්‍රශ්නය:- ග‍්‍රීනාත් පෙරේරා කමිටු වාර්තාවේ තියෙනවා මෙබඳු ගැටුම්වලට හේතුව ඡුන්දවලට යාම කියලා. ඒ නිසා තනතුරුවලට ඡන්දයෙන් පත් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්නත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා. අන්තිමට ඒකෙන් ජයග‍්‍රහණය කළෙත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයාම නේද? පිළිතුර:- කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වුණේ මොකද්ද කියලානම් මම දන්නේ නෑ, නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව තනතුරු සඳහා ඡන්ද පැවත්වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති රටවල ඡන්ද පැවැත්වෙන්නේ නැතිව ඇති. ඉතින් මෙතැන වුණේ ඡන්දවලට ඉදිරිපත් වෙච්ච අය ද්‍රෝහින් ලෙස සළකන්න පටන් ගත්තා. මේ ඔක්කොටම මුල ඒකයි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම ලණු කන්න මෝඩයෙක් නොවෙයි
අලිබබා Sunday, 08 April 2012 02:18 PM
ඇත්තෙන්ම ලණු නොකාඉන්න තරමට හොදයි මහත්තයෝ.
රුචිර Sunday, 08 April 2012 09:03 PM
මම ලණු කන මෝඩයෙක් නෙමෙයි, තණකොල කන ගොනෙක්.