මේ ලිපිය ලිවිය යුතුද යන්න තීරණය කරගැනීමට මට බෙහෙවින් අසීරු වූයේ මෙම විෂය ගැන දශක කිහිපයක් තිස්සේ ලියන ලද ලිපි බීරි අලින්ට වීනා වයන්නා සේ ප්‍රතිඵල නොලැබී ගිය නිසාය.
1988 දී ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ වී මාර්ග ආරක්ෂාව පිළිබඳව මා පුහුණුව ලැබීමෙන් පසුව ඒ පිළිබඳ සම්මන්ත්‍රණ දෙකක් සහ අනුරූ යොදාගෙන කළ ප්‍රදර්ශනයක්, ඊට සම්බන්ධ වෘත්තිකයන් සම්බන්ධ කරගෙන ‘මාර්ග ශික්ෂණයේ මූලිකාංග හඳුන්වාදීම’ යන මාතෘකාව යටතේ පැවැත්වූයෙමි. වෙනත් සියලු යහපත් දේ කඩාකප්පල් වන්නා සේ එම වැඩසටහන ද එයින් ආයෝජන ගන්නවුන් විසින්ම කඩාකප්පල් කර දමන ලදී. ඒ ගැන ද මම 2005 දී පුවත් ලිපියක් ලියා ඇත්තෙමි.
මාර්ග ශික්ෂණය යනු නිකම්ම නිකං වචනයක් පමණක් නොවේ. එය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ගණිත විෂය උගත් සිසුවකුට පවා පහසුවෙන් අවබෝධ කරගත හැකි සමස්ත විෂයකි. එබැවින් අපගේ අවධානය මුලින්ම යොමු වනුයේ රියැදුරු පාසල් හා ඉහළ මට්ටමේ විෂයන් උගන්වන විවිධ සංවිධාන වෙතය. හොඳින් වැටුප් ලබන ඒවායේ ඉන්නා කාර්ය මණ්ඩල ලැබූ සුදුසුකම් වී ඇත්තේ ඔවුන් කාගේ හෝ කවුරුන් වීමය.
මෑතකදී අහිංසක මිනිසුන් 15 දෙනකු මරුමුවට යවමින් පස්සර සිදුවූ ඛේදවාචකය හොඳ උදාහරණයකි. හරි හැටි පුහුණුවක් නොලැබූ ට්‍රක් රථ රියැදුරා හට එහිදී සියලු දෝෂාරෝපණ එල්ල විය. එහි වීඩියෝ දර්ශනයෙන් පෙනී යන පරිදි:
1) පාරේ පටුබව පෙනෙන්නට තිබුණේ ට්‍රක් රථ රියදුරා සිටි පැත්තෙන් නිසා වාහනය නවතා ඉදිරියට එන බස් රථයට ඉඩ දිය යුතුව තිබුණේ ට්‍රක් රථ රියදුරාය.
2) නිසි පරිදි පාර ඉඩ දෙන්නට අසමත් වූයේ ට්‍රක් රථ රියදුරාය. බස් රථය කන්ද නැගවිත් තිබූ අතර ට්‍රක් රථය තිබුණේ පල්ලම බසිමිනි.
බස් රථ රියදුරා හට කිසිවක් කරකියාගත හැකි නොවූවා විය යුතුය. මන්දයත් සෙනඟ පිරී තිබූ බස් රථය නවතා ගන්නට සිදුවූයේ කන්ද නගින අතරේය. එම නිසා ඔහුට එය පාලනය කරගත හැකි නොවූවා විය යුතුය.
හොඳින් වැටුප් ලබන මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතුවල නිරතවන මහත්වරුන් මේ ගැන කියවා ඊළඟ ඛේදවාචකය සිදුවනතුරු ඒවා අමතක කර දමනු ඇත. එහෙත් මේ සිද්ධිය තුළින් මා වාර්තා කර හෝ දැක ඇති මාරාන්තික රිය අනතුරු කිහිපයක් මගේ මතකයට නැගේ.
1) තම කුළුදුල් දරුවා ලැබෙන්නට ගර්භණීව සිටි කාන්තාවක් යතුරුපැදියක පසුපස ආසනයේ තම මව හමුවන්නට යමින් සිටියදී ටිපර් රථයක හැපී එතැනම මරුමුවට පත්වූවාය. ටිපර් රථ රියැදුරු එහි වැලි පටවාගෙන පාර්ලිමේන්තු පාරේ ගිය අයෙකි.
2) කැලණි පාලමේ ගිය ඩබල් ඩෙකර් බස් රථ රියදුරකු අතින් රථය අත් කරත්තයක ගැටිණි. පාරේ වැරදි පැත්තෙන් ගිය අත් කරත්තයේ පුරවා තිබුණේ උණ බම්බුය. එය තල්ලු කරගෙන ගිය අසරණ කොළුවාගේ උදරය පසා කරගෙන උණ බම්බුවක් ගොස් තිබිණි.
ඉහත කී රියදුරන් දෙදෙනා තවමත් පාරේ වාහන පදවනු නොඅනුමානය.
3) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන තරුණ වෛද්‍යවරියක් ගිලන් රථයක ගමන් ගනිද්දී අනතුරකින් ජීවිතය අහිමි කර ගත්තාය. ඒ වනවිට අපගේ විශ්වාසය වූයේ ගිලන් රථය වඩාත් ආරක්ෂාකාරීව ගමන් යා හැකි වාහනයක් ලෙසය. රිය අනතුරු වැළැක්වීම පිළිබඳ ජාතික මණ්ඩලයේ (NCPA) ලේකම් ධුරයේ සේවය කළ තවත් කාන්තා වෛද්‍යවරියක් එම ආයතනයේ සේවය කළ සියලුම ඉංජිනේරුවන්ගෙන් එය මුදවා, එය NCPI ලෙස නම වෙනස් කළේය. ඉන් පෙනී යන්නේ ඇගේ මානසිකත්වය පරීක්ෂා කළ හැක්කේ වෛද්‍යවරුනට පමණක් බවය.
මම වඩාත් කනගාටුවට පත්වූ දිනය වූයේ NCRC (මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික මණ්ඩලය) ගොඩනැගීම සඳහා වූ යෝජනාව විග්‍රහ කරමින් ඊට අදාළ දිවා භෝජන සංග්‍රහයට සහභාගි වූ දිනයයි. මා එහිදී කියා සිටියේ එය දේශපාලකයන්ගේ ඥාති මිත්‍රාදීන්ට රැකියා ලබාදීම පිණිස වූ සුදු අලියකු වන බවයි.
ඊට අනුග්‍රහය දැක්වූවෝ අගමැතිවරයා නොමග යවා මෙම සුදු අලියාට අනුමැතිය ලබාගෙන සාර්ථකත්වය ලැබූහ. ඔවුන් 2011 සිට 2020 දක්වා දශකයක් තිස්සේ කළ කටයුතුවලින් ඔවුනට ගැටලු විසඳාලිය නොහැකි බව සනාථ කළහ. දැන් 2021-2030 දෙවැනි දශකයට එළැඹ ඇති අවස්ථාවේ අපට තවත් අපේක්ෂා කළ හැක්කේ මොනවාද යන්න 2021 ජනවාරියේ මාර්ග අනතුරු තීව්‍ර ලෙස වැඩිවීමෙන් පෙනේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ විෂය පැවතිය යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ, ‘මාර්ග ඉංජිනේරු අංශය’ නම් වූ වෙනම ශාඛාවක් යටතේය. සිංගප්පූරුවේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ හොඳින් පුහුණුව ලැබූ සිවිල් ඉංජිනේරුවරුන්ගෙන් මෙකී අංශය සමන්විතය. නිවැරදි මාර්ග සලකුණු, නිවැරදි මාර්ග සංඥා, මාර්ග සංඥා එළි පවත්වා ගැනීමේ මෙහෙයුම්වල වගකීම ඇත්තේ ඔවුන්ටය. පොලිසිය නිරත වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල පමණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විෂය තමාගේ යටතට ගැනීමේ බලාපොරොත්තුවේ එළි දල්වති. මේ පිළිබඳව පෞද්ගලිකව මැදිහත් වෙමින් මාර්ග ආරක්ෂාව සඳහා ක්‍රියාකරන අති දක්ෂ වෘත්තිකයන් මේ සඳහා පත්කිරීම, ප්‍රමාණවත් ලෙස විදේශ රියදුරු අත්දැකීම් ලැබූ අය යොදා ගැනීමට මගින් පිළියම් යෙදීම ඔහුට කළ හැකිය. ඔවුන් විසින් කටයුතු සොයා බලා තොරතුරු වාර්තා කිරීම කළ යුතු අතර ඒ සඳහා වාර්තාව ලබාදීමට තුන් මසකට වඩා ඔවුන්ට කල් නොදිය යුතුය.
NCPI, CEYSPA, AA, NCRC ආදී ආයතන වෙතින් මෙම විෂය ඉවත් කිරීම උදෙසා කළ යුතු හොඳම කාර්ය එයයි. වඩාත් හොඳ අරමුණක් කරා යමින් මූල්‍ය වියදම් අඩුකර ගැනීම ද එමගින් කළ හැකි වේ.
(***)
ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර
වරලත් සිවිල් ඉංජිනේරු.
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මාර්ග අනතුරු වැළැක්වීම
Pradeep Sunday, 18 April 2021 08:05 AM
මාර්ග අනතුරු සඳහා ප්‍රධානම සාධකය රියදුරන්ගේ ඇති නොහික්මුණු කමයි. ඊට ආසන්නතම සාධකය අප රටේ ඇති අවිධිමත් අධ්‍යාපන ක්‍රමයයි. මෙම අධ්‍යාපන ක්‍රමය හානි කරන්නේ මාර්ග අනතුරු සඳහා පමණක් නොව රටේ සමස්ථ පද්ධතියේම කඩා වැටීමට මූලිකම කරුණ එයයි. අනෙකාගේ ජීවිතය ගැන සංවේදී නොවන වෘත්තිකයින් අපට සෑම ක්ෂේත්‍රයකින්ම දකින්නට ලැබේ. වෛද්‍ය, ගුරු යන සමාජයේ බුහුමනට පාත්‍රවන වෘත්තිකයින්ගේ පටන් සෑම වෘත්තිකයෙකුම මෙන් උත්සාහ කරන්නේ තමාගේ පැවැත්ම පවත්වා ගැනීම පමණි. යම්කිසි රාජකාරී කටයුත්තක් ඉටුකර දීමට අල්ලස් ලබා ගන්නා පුද්ගලයන් සිටින තම හිතවතුන්ට අවශ්‍ය විදියට රටේ නීති වෙනස් කරන නීති වේදීන් සිටින සහ මේ සෑම දෙයක්ම නොදුටූ දෑස්ව, නොඇසූ කන්ව සිටිමින් ඔවුන්ට අනුබල දෙන පාදඩ දේශපාලකයින් සිටින රටක් මාර්ග භාවිතයෙන් පමණක් සංවර වේවිද..?