ධාන්‍ය වර්ග හයක් ආනයනය කිරීමට තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයක් පසුගියදා ප්‍රකාශයට පත්විය. එම තීන්දුවට අනුව කව්පි, උඳු, මුංඇට, කුරක්කන්, සෝයා සහ රටකජු යන ධාන්‍ය වර්ග 06 ක් පිටරටින් මෙරටට ගෙන්වීමට තිබූ බාධාව ඉවත් කර තිබේ. මේ තීන්දුව පදනම් වී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ ආර්ථික උපදේශක කමිටුව මගින් කර තිබූ නිර්දේශයක් මත බවද සඳහන්ය. ආනයනකරුවන් පිළිපැදිය යුතු උපදෙස් ලබාදීමට ද එම කමිටුව ක්‍රියා කර ඇත.
මේ තීන්දුව අපට පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති අතින් අපේ රට කොතරම් පසුබෑමකට ලක් වී තිබෙන්නේද යන්නයි. මේ රට තුළ පහසුවෙන් වගා කළ හැකි ඉහත කී ධාන්‍ය වර්ග පිටරටින් ගෙන්වීමට තරම් දුර්වල මට්ටමකට අපේ රට වැටී තිබීම සම්බන්ධයෙන් අපට දැනෙන්නේ කනගාටුවකි. වැලිකතරේ රටවල් පවා තමන්ගේ රටේ වගා කළ නොහැකි එළවළු සහ ධාන්‍ය වර්ග විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් වගා කර ගන්නා කාලයක හිරුඑළිය, වැස්ස, අව්ව සහ සරුසාර පොළොවක් තිබෙන ශ්‍රී ලංකාවට තමන්ට අවශ්‍ය ධාන්‍ය ටික හෝ වගා කරන්නට නොහැකි වීම අපේ රටට මදිකමක් නොවේද? ඒ ගැන රටේ දේශපාලන අධිකාරිය ඇතුළු කෘෂිකර්මය පිළිබඳ බලධාරින් තවදුරටත් නිහඬව සිටීම ද තේරුම් ගත නොහැක.
දැනට සති කිහිපයකට පෙර තිබූ සමුළුවක දී මෙරට කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කළ යුතු බවට වන යෝජනාවක් කතා බහට ලක් වූවේය. හැමදේම ‘‘ස්මාර්ට්’’ වෙන කාලයේ එවැනි අදහසක් පිළිබඳ කතිකාවක් ඇතිවීම වැරැද්දක් නැත. එහෙත් අපටම වගා කර ගත හැකි ධාන්‍ය ටික පවා රටින් ගෙන්වා ගන්නා තත්වයකට රට වැටී තිබියදී කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කිරීම ගැන කතා කිරීම පවා විහිළුවකි. ලොවේ දියුණු රටවල් කෘෂිකර්මය ‘‘ස්මාර්ට්’’ කළ පමණින් ශ්‍රී ලංකාවට එසේ කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා ආයෝජනය කළ යුතු මුදල ඉතා විශාලය. එහෙත් අපේ ධාන්‍ය ටික වගා කර ගැනීමට අප වැය කළ යුත්තේ සුළු මුදලකි. අවශ්‍ය වන්නේ ගොවින්ට ඒ සඳහා ප්‍රමාණවත් මග පෙන්වීමකි. ඔවුන් ධාන්‍ය අස්වැන්න නෙළාගන්නා කාලයට එය අලෙවි කරදීමට පහසුකම් සැලසීමකි. කෙසේ වුවද අපේ රටේ බොහෝ විට සිදුවන්නේ අස්වනු නෙළා ගන්නා කාලයට එම නිෂ්පාදන පිටරටින් ගෙන්වා රටේ වෙළෙඳපොළට මුදා හැරීමයි. එවැනි තමන්ගේ සාක්කුවට මුදල් වැටෙන ‘‘ස්මාර්ට්’’ තීන්දු ගන්නා දේශපාලකයන් සහ නිලධාරීන් හේතුවෙන් අපේ රටේ කෘෂිකර්මය එක තැන පල් වෙමින් තිබේ. ලොකු ලූනු ගොවින්ට එම තීරණ හේතුවෙන් දිගින් දිගටම සිදුවූ අසාධාරණයට එම ගොවීන් විශාල පිරිසක් ලොකු ලූනු වගාවෙන් ඈත්වීම මේ සඳහා කදිම උදාහරණයකි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙහිදී පැවරෙන්නේ විශාල වගකීමකි. එය නිරතුරුවම තනි විෂයක අමාත්‍යාංශයක් වශයෙන් පවත්වාගෙන යා යුතු වන්නේත් එම හේතුවෙනි. කෘෂිකර්මය සම්බන්ධ විවිධ ආයතන විශාල සංඛ්‍යාවක් ද රට තුළ ක්‍රියාත්මකය. එසේම විශ්වවිද්‍යාලවලද පර් යේෂණ මට්ටමින් කෘෂිකර්මය සම්බන්ධව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. මේ සියල්ල සම්බන්ධීකරණය කර ගනිමින් රටේ ගොවීන්ගේ අවශ්‍යතා සපුරා දීමත් රටට අවශ්‍ය වගා කළ හැකි ධනය ඇතුළු සියලු කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනයට රුකුල් දීමත් අමාත්‍යාංශය මගින් සිදුවිය යුතුය. රටපුරා කෘෂිකර්මය සම්බන්ධ සම්මන්ත්‍රණ සහ උත්සව පැවැත්වීමෙන් මේ ඉලක්කය ජය ගැනීමට හැකියාවක් නැත. රටේ වගා කළ හැකි ධාන්‍ය පවා පිටරටින් ගෙන්වන තත්වයට රට ඇද වැටී ඇත්තේ ඒ පිළිබඳව විධිමත් සැලැස්මක් රට තුළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අසමත්වීම හේතුවෙනි.
අපේ රටේ වගා කළ හැකි මුං ඇට වැනි ධාන්‍ය වර්ගවලට රටපුරා වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පැවතීමද ඒවා පිටරටින් ගෙන්වීමේ තීන්දුවට බලපෑමක් ඇති කළා විය හැක. එහෙත් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වීම නොව අඩු මිලට ඒවා නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිගැන්වීම බව පෙන්වා දෙමු.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මෙරට වගා කළහැකි ධාන්‍ය රටින් ගෙන්වන්නේ ඇයි?
vernon Sunday, 09 June 2024 12:50 PM
බිත්තර රටින් ගෙන්වන්න වුනේ ඇයි කියලා බලන්න...
Bandara Monday, 10 June 2024 03:37 PM
කුමක් හෝ රැකියාවක් නිර්මාණය වීම වලකාලිමක්. ගොවියා නැත්තටම නැති කිරීමක්. අපේ මුදල් විදේශවලට ඇදී යාම වැඩිවීමක්. රැකියා වියුක්තිය වැඩි වීම තුළ අසහනකාරි තත්වය වර්ධනය වීම මේ තුළින් සිදුවේ.
මුං ඇට ප්‍රශ්නය Monday, 10 June 2024 05:16 PM
"අපේ රටේ වගා කළ හැකි මුං ඇට වැනි ධාන්‍ය වර්ගවලට රටපුරා වෙළෙඳපොළ තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පැවතීමද ඒවා පිටරටින් ගෙන්වීමේ තීන්දුවට බලපෑමක් ඇති කළා විය හැක. එහෙත් කළ යුත්තේ ඒවා පිටරටින් ගෙන්වීම නොව අඩු මිලට ඒවා නිෂ්පාදනය කිරීමට ගොවියා දිරිගැන්වීම බව පෙන්වා දෙමු." : ඒක එහෙම වෙන්නේ නැහැ. මේ වගේ ඒවායේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම අනුවම විතරක් නෙවි.. මිල ඉහළ යන්නේ නිෂ්පාදන වියදම් වැඩි නිසාම නෙවි. ඒව ඉහළ මිලට විකුනන්න පුළුවන් නිසා. තරගයක් නැති නිසා. මේවගේ ඒවාවලදී පුළුවන් නිෂ්පාදකයට මිල අඩු වැඩි කරන්න. ඉල්ලුම මිල අනුව අඩු වැඩි වෙනවා.
බන්ඩාර Monday, 10 June 2024 10:28 PM
මෙරට නිෂ්පාදනය කල හැකි , වගා කළ හැකි සෑම භාණ්ඩ යක්ම විදේශ වලින් ගෙනවීම තරම් අමනොඥ , දුෂ්ට දෝහි ක්‍රියාවක් තවත් නැත