‘නා කපන වැස්ස
ගස් කොළන් කඩා වැටිලා ගඟක් හොඳටම
උතුරලා පොඞ්ඩියේ...
අද ඉස්කෝලේ නොගිහින් හිටපන් මයේ පුතේ අක්කා යන්නෙත් නැහැ”
“අනේ බැහැ ආත්තම්මේ අද කොහොමහරි ඉස්කෝලේ යන්නම ඕන. අක්කා නැතුව මම වෙනදටත් තනියම ඉස්කෝලේ ගියානේ.”
“එහෙනම් පරෙස්සමෙන් ගිහින් වරෙන් මගේ පුතේ මගේ පුතාට බුදුන්ගෙම සරණයි වැස්සට එහෙම තෙමෙනවා නෙමෙයි ඔන්න..... හවස පන්ති යන්න ඕනේ නැහැ. ගෙදර එන්න ගඟේ උඩහ වතුර පාර දැන් හොඳටම සැරයිලු”
ආත්තම්මගේ උපදෙස්වලට අවනත වුණ සමනලී නා කපන වැස්සට යටින් පාසලට සේන්දු වුණා. වෙනදාට තමන්ගේ වැඩිමහල් සොහොයුරිය සමග පාසලට යන සමනලීට එදා මේ පාසල් මාවතේ තනිකම මකන්නට කිසිවෙකුත් සිටියේ නැහැ.
එදා පාසල නිම වෙලා සමනලී නිවසට එන්න ආවේ අනෝරා වැස්සේ. කවුරුවත් නැති පාළුමාවතේ සමනලී බයක් නැතිව ආවේ මේ ගමේ පුංචි එකීට කරදරයක් කරන්න තරම් නපුරු මිනිස්සු නැහැ නේද කියලා හිත හිතා මහ වැස්සේ මල් වැටිච්ච කුඬේට මුවාවෙලා ගෙදර යන සමනලීව අතර මඟ හිටපු නරුමයෙකුගේ රාක්‍ෂ ඇස්දෙකට අසුවුණා.
ඒ මූසල හෝරාව ටිකෙන් ටික ළංවුණා සුනන්ගු වුණොත් ආත්තම්මගෙන් කෝටුපාර වදියි කියලා ඇය විදුලි වේගයෙන් පය ඉක්මන් කළා ඇයට තනියට හිටියේ උඩ වැඩ ඉන්න දෙවියොයි මහ වන්තරේ තිබෙන ගස් කොළන් විතරයි. ඒත් එක්කම හැඩි දැඩි දෑත් දෙකක් අතරට ඇය හිරවුණා.
“අනේ මට යන්න දෙන්න මාමේ” ආත්තම්මා මම එනකම් බලාගෙන ඇති පුංචි සමනලීගේ කඳුළු ගිගුරුම් දෙන අහස ගිල ගත්තා. දරදඬු අතපය එක්ක හැප්පෙන්න ශක්තියක් මේ පුංචි අතපයවලට තිබුණේ නෑ. ඇස් දෙකෙන් කඳුළු කැට දෝරේ ගලනවා. මහ වැස්සේ කැලෑ රොදකට ඇදගෙන ගිහින් ඒ තිරිසනා මේ රෝස පොහොට්ටුව තලා පෙලා දැම්මා. පුංචි සමනලීගේ කඳුළු කැට එදා මහ වැස්සට සේදිලා ගියේ කාටවත්ම නොකියා.
පොළවට ඇද හැලෙන වැහි බිංදු මහා ජල කඳකට එකතුවෙලා. නිසොල්මනේ ගලාගෙන ගිය ජල කඳ වෙනදා වගේ අහිංසක වුණේ නැහැ. මිනිස්කම පසෙකට දාලා මහජල කඳ එකපාරටම ඇවිල්ලා හැමදේම අරගෙන ගියා. වැටෙන වැහි බිංදු ඒ තරම්ම දරුණු වේවි කියලා කවුරුත්ම හිතුවෙ නැහැ.
සොබාදහම පුදුම විදිහට දරුණු වෙලා පස් යට සිරවෙච්ච කඳුළු කැට මහ පොළවට උරාගෙන හමාරයි. පසුගිය දිනවල මිනිස්සු මහ ජල කඳ අරගෙන ගියා. නොමිනිස් කම් තියෙන තිරිසන්නු මේ පොළව උඩ ඉතිරිකලා.
අහස පොළවවත් උහුලන්නේ නැති මේ අනුවේදනීය කථාව අපට අහන්න ලැබුනේ රත්නපුර ප්‍රදේශයෙන්. එදා මේ අහස, මේ පොළව මේ දේවල් දිහා බලාගෙන හිටියා. ඒත් දඬුවමක් දුන්නේ නැහැ. එදා සොබාදහම ඒ තරමටම අකාරුණික වුණා.
සමනලී ජීවත් වුයේ රත්නපුර ප්‍රදේශයේ පුංචි ගමක කුඩා අවධියේදීම පිය සෙනෙහස අහිමි වෙච්ච සමනලීට උරුම වුයේ මවගෙත් මිත්තණියගෙත් වැඩි මහල් සොහොයුරියගෙත් සෙනෙහස විතරයි. සමනලීගේ පියා මෙලොව අතහැර යනකොට සමනලීට අවුරුදු පහයි. ස්වාමියාගේ වියෝවෙන් පසුව සමනලීගේ මවට ජීවත් වෙන්න ආර්ථික ගැටලුවලට විශාල ලෙස මුහුණ දෙන්න සිදු වුණා. ගෙදර බිත්ති හතර මැද්දේ තෙරපෙන අඟහිඟකම් එන්න එන්නම වැඩි වෙද්දී සමනලීගේ අම්මා විදේශගත වෙන්න තීරණය කළා. ඒ වෙනකොට ඇයට විදේශගත වෙනවා ඇරෙන්න වෙන කළ යුත්තක් තිබුනේ නැහැ.
වැඩිමහල් දියණියත් සමනලීවත් මිත්තණියට භාර කරලා සමනලීගේ අම්මා (පුෂ්පා) විදේශ ගත වුණා. එතැන් සිට එහාට මේ දරුවන්ගේ භාරකාරු වුණේ මිත්තණිය.
සමනලී කියන්නේ මගේ ලොකු දුවගේ දියණිය. ලොකු දුවගේ මහත්තයා ඒ කියන්නේ සමනලීගේ තාත්තා නැති වුණේ හොයා ගන්න බැරි ලෙඩක් හැදිලා. එයාගේ ලෙඬේ සනීප කරන්න අපිට තිබුණ සේසතම වියදම් වුණා. අන්තිමේදී අපට මිනිය භූමිදානය කරන්නවත් මුදල් තිබුණේ නැහැ. ඒක කරලා දුන්නේ ගමේ මිනිස්සු. අන්තිමේදී මගේ ලොකු දුව රට යන්න තීරණය කළා.
ලොකු දුව රට ගිහින් අවුරුද්දක් විතර යනකොට සමනලීගේ අක්කා වැඩිවියට පත්වුණා. මම ඒ වැඩ කටයුතුත් ඔක්කොම කළා. එදා ඉඳලා මේ දරුවො දෙන්නා ගැනම මම නිතරම හිටියේ හොඳ සෝදිසියෙන්. කරදරේට ලක් වෙච්ච දරුවා තවම වැඩිවියටවත් පත්වෙලා නැහැ. මොනවා තේරෙනවද මේ කිරිසප්පයන්ට අනේ මේ තිරිසනා මේ හයක් හතරක් නොදන්න දරුවට කරදරයක් කළේ මොන හිතකින්ද කියලා මට හිතා ගන්න බැහැ. හැමදාම සමනලී පාසල් ගියේ අක්කා එක්ක. තනියම යන හැම දවසකම මම පාසලට එක්කගෙන ගියා. මටත් යන්න බැරිම වුණොත් තමයි තනියම එන්නේ. ඒත් එන්නේ යාළුවෝ එක්ක. එදා මොන කරුමෙකටද මන්දා මේ දරුවා විතරයි ඇවිල්ලා තියෙන්නේ.
එදා හොඳටම මහවැස්ස මගේ හිත කිව්වෙම එදා ඉස්කෝලේ යවන්න එපා කියලා. ඒත් සමනලී ටිකක් හිතුවක්කාරයි. ඉස්කෝලේ යන්නම ඕනේ කියලා ගියා. වෙනදටත් තනියම යන දවස් තිබුණා. මේ ගමේ ඔය විදිහේ තිරිසන් වැඩ කරන්න කවුරුවත් ඉදිවි කියලා හීනෙකින්වත් සිතුවෙ නැහැ.
අම්මා රට ගිය දවසේ ඉදලම මගේ ඇස්දෙකවගේ මේ දරුවෝ දෙන්නව බලාගත්තා”
එදත් මම පාසල ඇරිලා ගෙදර එන වෙලාව ළංවෙනකොට පාර දිහා ඇස් දෙක රිදෙනකම් බලාගෙන හිටියා. ඉස්කොලේ දරුවෙක් ගියත් පොඞ්ඩිව මුණ ගැහුණද කියලා ඒ දරුවන්ගෙනුත් ඇහුවා.
ටිකෙන් ටික එන වෙලාව සුනන්ගු වෙනකොට හිතට පුංචි බයක් දැනුනා. නා කපන වැස්ස. ඒත් මේ වගේ විපතක් වේවි කියලා හිනෙකින්වත් හිතුනේ නැහැ. මම හිතුවා යළුවොත් එක්ක වැස්සේ දඟලනවද දන්නෙත් නෑ කියලා. ඇස් දෙක රිදෙනකම් බලාගෙන හිටියා. හිතේ බය ටිකෙන් ටික වැඩිවුණා. ලොකු දුවට ගෙදර දොර වහගෙන ඉන්න කියලා මහ වැස්සෙම මම පාරට බැස්සා. ඒ යන අතරමඟ දී අනේ මගේ පුංචි එකී ලේ පෙරාගෙන මහ වැස්සේ දුවනවා. අනේ මං කොහොම මේ දේවල් දරාගන්නද?
මිත්තණියගේ දෑස් වලින් වැටෙන කඳුළු කැට මේ අපරාධය කළ නරුමයාට සාපකරනවා. පුංචි දරුවෝ දූෂණයට ලක් වෙච්ච සහ දූෂණය කරලා මරලා දාපු සිදුවීම් දිනකට එකක් හෝ අපේ රටේ වාර්තා වෙනවා. ඒ අතුරින් අප දන්නා සිදුවීම්වලට වඩා නොදන්නා සිදුවීම් විශාල ප්‍රමාණයක් මේ සමාජය ඇතුලේ සිද්ධ වෙනවා. සේයා දූෂණය කරලා මරලා දැම්මේ මොන වරදක් කළාටද ? විද්‍යා මරලා දාපු වෙලාවේ මුළු රටම කඳුළු සැලුවා මතකද මේ රටක් ආන්දෝලනය කළ සිදුවීම් දෙකක් විතරයි. දවසකට දරුවන් කීදෙනෙකුට නම් අතවර වෙනවද. එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ නොදැනුවත් කම නිසා මෙවැනි සිද්ධීන් බොහොමයක් වෙනවා. මේවා ලෝකෙට කියලා අඬබෙර ගහන්න නෙමෙයි. තමන්ගේ දරුවා පවසන සෑම දෙයකටම හොඳින් ඇහුම්කම් දෙන්න දරුවාට කුමක් හෝ අතවරයක් වී ඇත්නම් වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න. ලජ්ජා වෙන්න එපා. නීතිය හමුවේ කතා කරන්න. එය දරුවට අවමානයක් කියලා හිතන්න එපා.
එදා මහ වැස්සේ පුංචි සමනලීව කැලෑ රොදකට ඇදගෙන ගිහින් ඒ තිරිසනා ආශාවන් සන්සිඳුව ගත්තා. තමන්ගේ අශාවන් ඉෂ්ඨ කරගන්න නරුමයා සමනලීගේ ජීවිතේට හානික් කළේ නැහැ. සමනලීගේ විලාපය ඝන වානන්තරය පුරාම දෝංකාර දුන්නා. ඒත් කාටවත්ම ඇහුනේ නෑ. මුළු ශරීරයම අප්‍රාණික වෙලා ආශාවන් ඉෂ්ඨ කරගත්ත ඒ තිරිසනා සමනලීව බියවද්දලා පැනලා ගියා. අතපය අප්‍රාණික වුණාට පුංචි එකීගේ හිතේ ශක්තිය නැති වුණේ නැහැ. දෙපාවාරු නැතත් ඇය ගෙදර යන්න උත්සාහ කළා. සමනලීගේ සුදුපාට පාසල් ඇදුම රතු පාටින් තෙත් වෙලා දියණිය සොයාගෙන මහ පාර දිගේ එන මිත්තනිය දුටු සමනලී සිදුවූ සියල්ල එලෙසින්ම පැවසුවා. මිත්තණිය සමනලීව ඉතා ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළා. මාස කිහිපයක්ම වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද සමනලී මේ සිදුවීම් සමඟ මානසිකවද විශාල ලෙස පීඩා වින්දා. ඔබ අප මේ කථා කරන මොහොත වන විටත් පුංචි සමනලී තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබනවා.
දරුවෝ දෙන්නගේ අනාගතය ගැන හිතලා කහවනු සොයන්න විදේශ ගතවුණු සමනලීගේ අම්මා හැම බලාපොරොත්තුවක්ම වැලිකතරෙන් එතෙර තියලා ලංකාවට ආවා. ඒ අම්මගේ හිතේ පිච්චෙන ගින්දර අපට වචනයෙන් කියන්න බැහැ. පුංචි සමනලීට මේ අපරාධය කළ ඒ තිරිසනා සමනලීගේම දුරින් ඥාති සබඳතාවක් ඇති කෙනෙක්.
තවමත් වැඩිවියටවත් පත්වෙලා නැති පුංචි රෝස පොහොට්ටුවක්. මානසික රෝගීන්ගේ කාමුක ආශාවන් සන්සිඳුවා ගන්න පුංචි දරුපැටව් බිල්ලට ගන්න බලාගෙන ඉන්න රාක්ෂ ඇස් මේ සමාජයේ හැම තැනම ඉන්නවා. පරිස්සමෙන් මේ විනාශය හෙට ඔබේ දරුවාට වෙන්න පුළුවන්. මේ දිනවල පවතින අයහපත් කාලගුණයට මිනිස්කම් නැහැ. සිදුවන අනතුරු දවසින් දවස වැඩි වෙනවා. දරුවන්ගේ ආරක්ෂාව ගැන වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. අද සමනලී හෙට තවත් දරුවෙක් මෙවැනි තිරිසනෙකුගේ ගොදුරක් වෙන්න පුළුවන්. සමනලීව දූෂණයට ලක්කළ ඒ තිරිසනා මේ වන විටත් නිදැල්ලේ සැරිසරනවා. නීතියට නැතත් සොබාදහමට හෝ මේ අවනඩුව ඇසේවි කියලා අපි හිතනවා.
මෙහි ඇති සියලු නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මල් කැකුළු තලන යක්ෂයෝ
ඉන්දු Wednesday, 01 June 2016 01:33 AM
ගණිකා වෘත්තිය නීතිගත කළයුත්තේ මේ නිසයි. (නි)
සුජි Wednesday, 01 June 2016 03:43 AM
මේ වාගේ උන්ට දඩුවම් දිලා මදි (ම)