IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාලනී ගෝවින්නගේ - ‘මතක පූජාව’

ඉතාලියානු ලේඛක ඉග්නාට්සියෝ සිලෝනි ලියූ ‘ෆොන්ටමාරා’ නම් අපූරු නවකතාව එක්තරා අවදියක මෙරට සාහිත්‍යලෝලීන් මහත් සේ අමන්දානන්දනයට පත්කළ නවකතාවක් බවට පත්විය. එය එසේ වූයේ, එහි එන සමාජ, දේශපාලන හා ආර්ථික තත්ත්වයන් බොහෝ දුරට අප රටට සාපේක්ෂව සමානව පැවතීමයි.

මොස්කව් හි ප්‍රගති ප්‍රකාශන මන්දිරයටත්, දැදිගම වී. රුද්‍රිගු සහ පද්ම හර්ෂ කුරණගේ වැනි කෘතහස්ත පරිවර්තකයන්ටත්  පින්සිදුවන්නට උසස් සෝවියට් පරිවර්තන කියවීමට හැට හැත්තෑව දශකවල දී අපි පුරුදුව සිටියෙමු. එසේ සිටි අප ලොව වෙනත් භූගෝලීය කලාපවල සංස්කෘතිය, දේශපාලනය හා ජන සමාජය කියවීම ආරම්භ කරන්නේ මෙම  ‘ෆොන්ටමාරා’ නවකතාව සහ නයිජීරියානු ලේඛක චිනුආ අචිබේගේ ‘බැද්දෙන් සිද‌ාදියට’ වැනි විදෙස් නවකතා හරහාය. 

එම අපූරු නවකතා අපට දායාද කරන ලද්දේ කලක් ඒ වකවානුවේ මෙරට ඉදිරියෙන්ම සිටි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් වන ‘මාර්ග ප්‍රකාශන ආයතනය’ විසිනි. එම ආයතනය මෙවැනි විශිෂ්ට පරිවර්තන ගණනාවක් අපට සමීප කළා පමණක් නොව, එමගින්  විශිෂ්ට පරිවර්තකයන්  ගණනාවක්ම සිංහල සාහිත්‍ය ⁣ක්ෂේත්‍රයට දායාද කරන්නට ද ඔවුහු කටයුතු කළෝය.

ඔවුන’තුරින් ඉදිරියෙන්ම  සිටි එකම කෘතහස්ත පරිවර්තිකාවක වූයේ,  පසුගිය ද‌ා අප අතරින් වියෝ වූ ප්‍රවීණ ලේඛිකා මාලනී ගෝවින්නගේ බව පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මාර්ග  ප්‍රකාශන ආයතනයේ මුල්ම පරිවර්තන නවකතාව වන ‘ෆොන්ටමාරා’ ඇතුළු දෙස් විදෙස් ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට නවකතා සහ වෙනත් කෘති රැසක් ඒවායේ මුල් රස නුසුන් කර සිංහල පාඨකයාට තිළිණ කරන්නට කටයුතු කළ මාලනී ගෝවින්නගේ අවසන් ගමන් ගියේ තවත් බොහෝ දේ කරන්නට ඉතිරිව තිබියදීය.

ගමේ පාසලෙන් ද්වීතියික අධ්‍යාපනය නිමකර උසස් අධ්‍යාපනය සඳහා ඇය කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවන්නේ  ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පුළුල් දැනුමක් නොමැතිවය. එහෙත්, වැඩිකල් නොගොස්ම එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාව හදාරා  ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ලබාගන්නට ඇය සමත්වන්නීය.

ඇය පළකළ එම කුසලතාව නිසාම විශ්වවිද්‍යාල ජීවිතයේදීම ‘ෆොන්ටමාරා’ වැනි ලෝ පතළ  නවකතාවක් පරිවර්තනය කරන්නට ඇයට අවස්ථාව සැලසුණේ ඇගේත්, මෙරට සිංහල පාඨකයන්ගේත් වාසනා මහිමයට ය. එයින් ආරම්භ වූ ඇගේ සාහිත්‍ය නිර්මාණ චාරිකාව එකිනෙකට වෙනස් සාහිත්‍ය කෘති රැසක් සමඟ අතු ඉති විහිදා සරුසාරව වැඩෙන්නේ දශක තුනකටත් අඩු කාලවකවානුවක් තුළ ය.

පරිවර්තනය සඳහා ඇය අත පත්වූ පළමු කෘතිය වන ‘ෆොන්ටමාරා’ සිටම පරිවර්තනය සඳහා ඇය තෝරාගත් සියලුම පොත්වල කිසියම් වෙසෙස් බවක් අපට දක්නට ලැබෙයි. ඒ, වෙසෙස් බව වන්නේ එම සියලුම කෘතිවල අන්තර්ගතය තුළ සිහින් හුයක් මෙන් දිවෙන මානවවාදී සහ වාමවාදී දේශපාලනයයි.

මානව දයාවෙන් සහ සටන්කාමීත්වයෙන් පිරි විප්ලවීය නායක අර්නස්ට් චේ ගුවේරාගේ ස්වයං චරිතාපදානය වන ‘මෝටර් සයිකල් දිනපොත’ සහ ඔහුගේ විප්ලවීය ජීවන තොරතුරු දිගහැරෙන ‘බොලීවියානු දිනපොත’ පරිවර්තනය කරන්නට ඇය අත ගසන්නේ එහෙයිනි.

ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වන චිලී දේශයේ සිදු වූ මහා හමුදා ක්‍රමන්ත්‍රණය මගින් සැල්වදෝර් අයියෙන්දේගේ සමාජවාදී රජය ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් පෙරළා දැමීම පිළිබඳව පිලාර් අගුයිලේරා සහ රිකාඩෝ ෆ්‍රෙඩෙස් විසින් ලියන ලද Chile the order September 11 කෘතිය ‘ඉතිහාසයෙන් පාඩමක් හෙවත් නිර්ලජ්ජී පාවාදීමක් !’  යනුවෙන් ඇය සිංහලට නගන්නේ ඒ අනුව ය.

ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ඛේදවාචකය ගැන කියැවෙන ඕස්ට්‍රේලියානු ලේඛක ඩී. වොන්ගර්ගේ Gabo Djara කෘතිය  ‘දූවිලි දේදුන්න’ නමින් පරිවර්තනය කිරීමට ඇය අවධානය යොමු කරන්නේ එනිසා ය.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වෙසෙන දුප්පත්ම ජන කොටස වන එහි මුල් උරුමකරුවන් වූ රතු ඉන්දියානුවන් මුහුණ දුන් සුදු ජාතික ඇමෙරිකානුවන් විසින් මනුෂ්‍ය ප්‍රජාවක්, මානව සංස්කෘතියක් විනාශ කරන ලද යුගයක අවසාන දශක දෙක ගැන ඇමෙරිකානු ලේඛක ඩී. බ්‍රවුන් ලියූ Burry My Heart at Woonded Knee කෘතිය ‘මා හද සඟවන් වූන්ඩඩ් නීයේ’ යනුවෙන්  ඇය අප වෙත ප්‍රදානය කළේ එහෙයිනි.

නාසි වද කඳවුරක් තුළ දී සිය සගයන් උදෙසා ජීවිතාපේක්ෂාව දල්වා දුන් මිනිසෙකුගේ අත්දැකීම් විවරණය කරන ඔස්ට්‍රියානු ලේඛක වික්ටර් ෆ්‍රැන්කල්ගේ Manzs Search for Meaning කෘතිය  ‘දිවි අරුත’ නමින් ද, කේම්බ්‍රිජ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකීය මහාචාර්යවරියක වන  සොනාලි දැරණියගලගේ විඳි සුනාමිය පිළිබඳ සැබෑ දුක්මුසු මතක ඇතුළත් The Memoir of Life After the Tsunami කෘතිය ‘රළ’ නමින් ද ඇයතින් නිර්මාණය වූයේ ඒ අනුවය.

වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, ඔවුනොවුන් කෙරෙහි උත්පාදනය කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්ත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයක් ගෙන එන  ඇලන් පේටන්ගේ Cry the Beloved Country කෘතිය ‘හඬනු ! පෙම්බර දේශය’ නමින් ද, 1997 වසරේ ලෝක ප්‍රකට ‘බුකර්’ ත්‍යාගය දිනාගත් ඉන්දියානු ලේඛක අරුන්දතී රෝයිගේ The God of Small Things කෘතිය  ‘පා සටහන් නැති දෙවියෝ’ නමින් ද ඇය අප වෙත තිළිණ කළාය.

මාලනී ගෝවින්නගේ යනු අපට සිටි ප්‍රශස්ත ගද්‍ය පරිවර්තිකාවක පමණක් නොවේ. ඇය හොඳ පද්‍ය පරිවර්තිකාවක ද වූවාය. විදෙස් කවි කිවිඳියන්ගේ නිර්මාණ එකතුවක් සිංහලට පරිවර්තනය කරමින් ඇය පළකර ඇති ‘මතක පූජාව’ නම් පරිවර්තිත කාව්‍ය සංග්‍රහයත්, බුද්ධදාස ගලප්පත්ති කවියාගේ තෝරාගත් කවි රැසක්  ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් පළකළ The Valley Below කෘතියත් ඊට උදාහරණ ය.

එයින් නොනවතින ඇය අපේ සිංහල කවිය පෝෂණය කරන අදහසින් සහ කාව්‍ය විචාරය හා කාව්‍ය නිර්මාණය පිළිබඳව අලුතෙන් සිතා බලන්නට පාඨකයා නැඹුරු කරවන අදහසින් විසිවන සියවසෙහි යුරෝපයේ පහළ වූ විශිෂ්ටතම කවියෙකු වන රයිනර් මරියා රිල්ක විසින් ලියන ලද Letter to a Young Poet කෘතිය ‘කිවිඳ හදට එබී බලන් !’  යනුවෙන් අප වෙත තිළිණ කරන්නීය.

මීට අමතරව,  පෝල් ගැලිකෝගේ ‘හිම පාත්ති’, සන්ස්ට්සුගේ ‘යුද කලාව’,  කාලෝස් මාරියා ඩොමින්ගුවෙස්ගේ ‘කඩදහි ගෙදර’,  අර්නස්ට් චේ ගුවේරාගේ දෙවන බිරිඳ වන ඇලෙයිඩා මාර්ච්ගේ ‘එන්න ! අපි ඇවිද යමු !’,  ජෝන් බර්න්ස්ගේ ‘තැනිතලාවේ දේවතාවිය’,  රිචඩ් බැච්ගේ ‘අකීකරු මුහුදු ලිහිණියා’, ෆ්‍රැන්කොයිස් ගිලට් සහ කාල්ටන් ලේක්ගේ  ‘මගේ පිකාසෝ’,  සරූ බ්‍රියර්ලිගේ ‘සිංහ චාරිකා’,  ආර්.එෆ්. ක්‍රිස්ටිගේ ‘පැරීසියෙන් ලන්ඩනයට ගිය බළල්ලු’ ඇතුළු තවත් කෘති ගණනාවක් ප්‍රකාශයට පත්කළ මාලනී ගෝවින්නගේ, 2015 වර්ෂයේ දී හොඳම පරිවර්තන කෘතියට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය විසින් පරිවර්තනය කරන ලද මහාචාර්ය  සොනාලි දැරණියගලගේ The Memoir of Life After the Tsunami  කෘතිය  ‘රළ’ නමින් සිංහලට නැගීම වෙනුවෙනි. එසේ ම, ඇය විසින් පළකරන ලද සරූ බ්‍රියර්ලිගේ ‘සිංහ චාරිකා‘ කෘතිය 2019 වසරේ රාජ්‍ය සම්මාන නිර්දේශිත කෘති අතරට එක්වී තිබිණි.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සාහිත්‍ය කෘති විස්සකට අධික සංඛ්‍යාවක් හා පුවත්පත් ලිපි විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කරමින් සිංහල පාඨකයන් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ මාලනී ගෝවින්නගේ ප්‍රවීණ ලේඛිකාව අප අතර ඉතිරිකර තබා ගිය සාහිත කුසුම් චිරාත් කාලයක් යනතෙක් අපේ නැණනුවණ සුවඳවත් කරන්නේ යම් සේ ද, ඇය නොමැති අඩුව ඊටත් වඩා වැඩි කාලයක් යනතෙක් අපට දැනෙනු නොඅනුමාන ය.

(*** අනුර බී. සෙනෙවිරත්න)



අදහස් (0)

මාලනී ගෝවින්නගේ - ‘මතක පූජාව’

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 790 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12690 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site