මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව පාලනය වන්නේ නව පනතින් වන අතර එම පනත මගින් මහ බැංකුවේ අයිතිය රාජ්‍යයෙන් ඉවත් කර තිබෙන ගානට වැඩ කෙරෙමින් පවතින බවද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේ පඩි වැඩිවීම සිදුවන්නේ එවැනි තත්වයකය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ ගැනය.
මහ බැංකුවේ කාර්යභාරය
මෙරට මහ බැංකුව ආරම්භ වූයේ 1950 වර්ෂයේය. එතෙක් මෙරට ආර්ථිකයේ මහ බැංකු කාර්යභාරය සිදුකර තිබුණේ ‘‘මුදල් මණ්ඩලය’’ හෙවත් Currency Board එක යටතේය. එම ආයතනය වෙනස් කර මහ බැංකුවක් පිහිටවිය යුතු බවට යෝජනාව ගෙන එනු ලැබුවේ එවකට මුදල් අමාත්‍යවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා විසින්ය. ලංකාව වැනි අපනයනය මුල් කරගත් රටකට මහ බැංකුවක් අවශ්‍ය ද යන ප්‍රශ්නය ඒ දිනවල විශාල වශයෙන් සාකච්ඡා වී ඇති බව ද ඉතිහාසයෙන් පෙනී ගොස් ඇත. එය තරමක් සංකීර්ණ කාරණයක්ය. ඒ කෙසේ වෙතත් 1950 සිට මෙරට මහ බැංකුව ස්ථාපිත කර ඇත.
මහ බැංකුවේ කාර්යභාරය අතර මූලිකම එකක් වන්නේ රටේ මිල ස්ථාවරත්වය සහ මූල්‍ය පද්ධතිය යන අංශ දෙක පවත්වා ගෙන යාමය. මේ වචන දෙකින් කියවෙන කාර්ය භාරය ඉතාමත් සංකීර්ණ එකක්ය.
රටේ මිල ස්ථාවරත්වය ඇති කිරීමටත් මුල්‍ය පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමටත් අවශ්‍ය තීරණ ගැනීමේ උපකරණ (instruments)’’ ගණනාවක්ම පනතින්ම පිළිගෙන ඇත්තේ මේ කාර්යයේ තිබෙන සංකීර්ණතාව නිසාය. Exchange rate හෙවත් විනිමය අනුපාතය සහ interest rate හෙවත් පොලී අනුපාතය යනු එවැනි මුල්‍ය පද්ධති උපකරණ දෙකක්ය. ඒවා තීරණය කිරීමේ බලය හිමිවන්නේ මහ බැංකුවටය.
අලුත් මහ බැංකු පනත
2022 වසරේ සිට මෙරට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමගින් අභියෝගයට ලක් වූ එක් ආයතනයක් වන්නේ මහ බැංකුවය. ආණ්ඩුවලට අවශ්‍ය ආකාරයට මහ බැංකුව නැටිය යුතු නැති බවත්, ආණ්ඩුව ඉල්ලන ප්‍රමාණයට අභ්‍යන්තරික ණය ලබා දීමට මහ බැංකුව බැඳී නැති බවත් මෙහිදී මතු වූ එක් තර්කයක්ය. 2005 න් පසු කාලයේ මහ බැංකුව වැඩ කර ඇත්තේ දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට මිස මධ්‍යස්ථ රාජ්‍ය නියාමන ආයතනයක් ලෙසින් නොවන බව එහි එක් තේරුමක්ය.
අනවශ්‍ය තරම් දේශීය ණය ලබාදීම කියන්නේ රට තුළට වැඩි වශයෙන් රුපියල් මුදල් මැවෙන පරිදි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත ණය ලබාදීමය. මේ ක්‍රියාදාමය පාලනයකින් තොරව සිදුවීම නිසා රට තුළ රුපියලේ බලය හීන වෙමින් උද්ධමනය වැඩි වූ බව එම තර්කයෙන් කියවුණු කාරණාවය.
මේ නිසා සමහරුන් තර්ක කළේ රටේ ආර්ථික කඩා වැටීම සිදු වුණේ මහ බැංකුව කියන නියාමන ආයතනය ආණ්ඩුවේ අය-වැය කළමනාකරණය කරන මුදල් ඇමතිගේ ‘‘යටහත් පහත් ආයතනයක් ’’ බවට පත්වීම නිසා බවය. මේ තර්කයට විරුද්ධව මතු කළ හැකි කාරණාත් තිබෙන බව සත්‍යයක්ය. එහෙත් මා මෙම ලිපියෙන් එවැනි සංකීර්ණ, කාරණයක් සාකච්ඡා කරන්නට යන්නේ නැත.
2022 අප්‍රේල් 12 වැනි දිනයෙන් පසු රටේ ආර්ථික කළමනාකරණය සම්පූර්ණයෙන් වෙනස් වූ අතර ඒ වෙනසේ එක් පියවරක් වුණේ 17 වැනි වතාවටත් IMF ආයතනයේ මුල්‍ය සහාය සඳහා ගමන් කිරීම්ය. මේ නව තත්වය යටතේ IMF ආයතනයේ එක් කොන්දේසියක් වුණේ මහ බැංකු පනත වෙනස් කළ යුතු බවත් ඒ හරහා මහ බැකුව ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බවත්ය.
ස්වාධීන වන්නේ කාගෙන්ද?
මේ ‘‘ස්වාධීනවීමේ තර්කය’’ මෙවර වැටුප් වැඩි කර ගැනීමටද සම්බන්ධ එකක් නිසා මේ පිළිබඳව තව ටිකක් කතා කිරීම සුදුසුය. ඉහතින් මා සඳහන් කළ කරුණු අනුව 2023 අංක 16 දරන නව මහ බැංකු පනත සම්මත වූ අතර ඒ තුළ සාකච්ඡා වූ එක් ප්‍රධාන ස්ථාවරයක් වූයේ ‘‘ප්‍රතිපත්ති නිශ්චය’’කිරීමේදී මහ බැංකුවට විධායකයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ ඉඩක් අවශ්‍ය බවයි. මෙතැනත් පරිස්සම් විය යුතු කාරණයක් තිබේ. මේ කියන්නේ මහ බැංකුව යම් ආකාරයකට ස්වකීය මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී විධායකයෙන් (ජනාධිපති සහ ඇමති මණ්ඩලයෙන්) ස්වාධීනව තීරණ ගැනීමේ ඉඩක් අවශ්‍ය බවයි.
රටේ මූල්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් වැදගත් වන තීරණ වර්ග දෙකක් ඇත. එයින් එකක් වන්නේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කරන ‘‘මුදල් ක්‍රියාකාරිත්වය පිළිබඳ තීරණ ‘‘හෙවත් Monetary Policy හැදීමය. අනෙක් තීරණ වර්ගය වන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය සිදු කිරීම සහ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග ඇතුළත් ‘‘රජයේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ’’ හෙවත් fiscal policy හැදීමය.
දැන් මෙවර මහ බැංකු පනත හරහා IMF ආයතනය බල කර සිටියේ මේ තීරණ දෙකෙන් Monetary policy ගැනීම තනිකරම මහ බැංකුවට ලබාදිය යුතු බවත් fiscal policy (ජනාධිපති,මුදල් ඇමැති සහ කැබිනට් මණ්ඩලය) ඉහත සඳහන් මහබැංකුවේ ‘‘ජොබ්’’ එකට අත තියන්නේ නැතිව සිටිය යුතු බවත්ය.
මේ ආකාරයට නව පනතක් සම්මත වූ හෙයින් දැන් මහ බැංකුව ක්‍රියාත්මක් වන්නේ මූල්‍ය ප්‍රතිපත්ති ගැනීම සම්බන්ධයෙන් ස්වාධීන වූ තත්වයකය.
ප්‍රතිපත්ති ස්වාධීනතාව හා පඩි වැඩි කර ගැනීම
මේ දවස්වල සාකච්ඡාවට භාජන වී ඇති මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ගැන කතා කළ යුත්තේ මේ තත්වය යටතේය. මහ බැංකුවට ලබා දුන් ප්‍රතිපත්ති ස්වාධීනතාව හෙවත් මුල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඒ අයට තිබෙන ස්වාධීනතාව පාවිච්චි කරමින් මහ බැංකුවේ ප්‍රධානීන් සිදුකර ඇත්තේ අති විශාල පරතරයකින් තම තමන්ගේ වැටුප් වැඩි කරගැනීමය. සරළවම කිවහොත් මේ වැටුප් වැඩි කර ගැනීමට අනුව ජනාධිපති ලේකම්ගේ වැටුපටත් වඩා වැඩි වැටුපක් මහ බැංකුවේ ලිපිකරුවකුට ලැබෙනවා යැයි කීම නිවැරැදිය. අමාත්‍යංශ ලේකම්වරයකුට වඩා වැඩි වැඩ කොටසක් මහ බැංකුවේ ලිපිකරුවකු සිදු කරනවා දැයි මා දන්නේ නැත. එහෙත් රටේ මුල්‍ය විනය සම්පූර්ණයෙන්ම අවුල් තත්වයකට වැටීමට මේ වැටුප් වැඩිවීම හේතුවිය හැකිය.
ව්‍යවස්ථාවේ 148 වගන්තිය
මෙහිදී අවධානයට ගත යුතු කාරණයක් වන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ ‘‘රාජ්‍ය මුදල් හෙවත් Public Finance’’යන විෂයේ අවසාන වගකීම ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. පසුගිය දිනක පැවති මුදල් කාරක සභාවේ (COPF) දී මා ඉදිරිපත් කළ තර්කයක් වූයේත් ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ ඇති ‘‘රාජ්‍ය මුදල්’’ යන කාණ්ඩයට මහ බැකුවේ මුදල් ද අයිති බවත්, ඒ නිසාම පාර්ලිමේන්තුව මෙම වැටුප් වර්ධකය සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවත්ය. මෙහිදී මහ බැංකු අධිපතිවරයාගේ ස්ථාවරය වූයේ Public Finance යටතට ගැනෙන්නේ ඒකාබද්ධ අරමුදල බවත් මහ බැංකුව ඒ යටතට වැටෙන්නේ නැති බවත්ය. මෙය සම්පූර්ණයෙන්ම වැරදි අර්ථ දැක්වීමක්ය. එම සාකච්ඡාවේ දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රකාශයෙන් ද පැහැදිලිව ප්‍රකාශ වූයේ රාජ්‍ය මුල්‍ය පාලනයට (148 වගන්තියට) මහ බැංකුවත් යටත් බවයි.
කළ යුත්තේ කුමක්ද?
මේ තත්වය යටතේ කළ යුතු කාර්යය කිපයක්ම තිබෙන බව මගේ අදහසය. පළමුවෙන්ම 2023 අංක 16 දරන පනත යටතේ කතා කරන ස්වාධීනත්වය හෙවත් Independency සංකල්පය නිශ්චිතව තේරුම් ගත යුතුය. එයින් කියවෙන්නේ ‘‘මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ තීරණ ගැනීමට’’ මහ බැංකුව ස්වාධීන ආයතනයක් වන නමුත් එම ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීන වූ ආයතනයක් නොවන බවයි. ඒ නිසාම ව්‍යවස්ථාවේ වගන්ති 148, 149 (2) මගින් තහවුරු කෙරෙන පරිදි රාජ්‍යයේ මුදල් පරිහරණයේදී පාර්ලිමේන්තුවට ඇති බලයට මහ බැංකුව යටත් බවයි. එසේම ව්‍යවස්ථාවේ 153 වැනි වගන්තිය යටතේ විගණකාධිපතිවරයා වෙත ලබාදි ඇති වගකීම්වලට ද යටත් බවයි. සරළව කිවහොත් තේරුම් ගත යුත්තේ පනතකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා වැඩි බලයක් නැති බවයි.
දෙවනුව තේරුම් ගත යුතු කාරණය වන්නේ IMF එකට අවශ්‍ය ආකාරයට හැදු මෙම මහ බැකු පනතට අවශ්‍ය සංශෝධන ඉදිරි ආණ්ඩුවක් මගින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.
තුන්වෙනුව මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ තීරණයක් ගතයුතු අතර එය ආංශික අධීක්ෂණ කාරක සභාවක් හෝ COPE කමිටුව හරහා ක්‍රියාත්මක නිර්දේශයක් ලෙසින් මහ බැංකුව වෙත ලබාදිය යුතු බව මගේ අදහසයි.
(***)
මහාචාර්ය චරිත හේරත්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක්
Chandima Tuesday, 12 March 2024 07:33 AM
පොඩ්ඩක් පෝර දාලා මහබැංකුව අවුල් කළා නම් ඡන්දෙට සල්ලි දෙන කාලෙට ඒක අවුල් කරන්න පුළුවන් නේද? අඩේ, මාර මොලේනේ...?
nimal Thursday, 14 March 2024 04:57 AM
මේ රුපියල ඉහළ නගින වේලාවේ මහබැංකුවේ අධිපති අයින් කරලා ආයෙත් මචන් කෙනෙක් විදලාම යන්න වගේ ප්ලෑන් එක. අංකුර ගැන පරිස්සමෙන්...