IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මවුපිය ප‍්‍රශ්න මැද අවලංගු කාසියක්වූ තාරකාව

28_page_3-RS  

 

‘‘මුන්ගේ ජාතකේ වැරැද්ද?’’


‘‘ආයේ.... ගහේ කටු උල් කරන්න  ඕනේ නෑනේ...  ඕකිගේ අම්මත් මිනිස්සු හතර දෙනෙක් එක්ක ගිහින් ආපු ගෑනියෙක්.’’


ඇයි එහෙම කියන්නේ මම ඇසුවෙමි.

m
”හරිහමන් අම්මෙක් අප්පෙක් හිටියනම් ළමයින්ට මෙහෙම වෙනවද?” ඇසූ ප‍්‍රශ්නයට ලැබුණු පිළිතුර විය.


ඇය බැලූ බැල්මෙන් වැහැරුණු ශරීරයකින් හෙබි කාන්තාවකි. ඇය පවසන ඇතැම් දේවල් ඉබාගාතයේ මෙන් කියවන ලද දේවල් දැයි විටෙක මට හැඟිණි. එහෙත් ඒ මිත්තණියගේ හිතේ දැවෙන දරු දුක, වේදනාව පිට කරන්නට මඟක් ද ඇය සොයනුයේ එලෙසින් යැයි මට සිතිණි. යුක්තිය පසිඳලන භූමියේ වැඩ ඉන්න දෙවියන් යදින උදවියගේ මුවින් පිටවන මේ වදන් අපේ දෙසවන් හටද අමුත්තක් නොවනු ඇත. 


‘‘මගේ මිනිපිරීව බලා ගත්තේ මං මිනිපිරී කිව්වෙ මගේ පුතාගෙ දරුවා. පුතාගේ ගෑනි නම් මහ උඩැක්කියක්. මගේ පුතා මේසන් බාස් කෙනෙක්. ලේලිත් රස්සාවක් කළා. ලේලි වැඩ කළේ රෙදි කඬේක. මගේ මිනිපිරිටයි මුනුපුරටයි මහ තේරුමක් නැහැ. මහ ගෑනිට තෙලේ ගහලා වෙන මිනිහෙක් එක්ක ගියා. ගෑනි ගියාම පුතාත් තව ගෑනියෙක් ජෝඩු කරගත්තා. තව වැඩිමහල් මුනුපුරෙක් ඉන්නවා. අනේ ඉතින් මම තමයි පුළුවන් විදිහට මේ ළමයි දෙන්නව බලාගත්තේ. 


ඇගේ හදවතේ දැනෙන වේදනාව පිටවෙන හැම වචනයක් ගානෙම රිදුම් දෙනවා. ඒ තාරුකා (මිනිපිරී) කුසින් නොවැදුවත් දරු සෙනෙහස ඇගේ ලේ බිඳුවක් ගාණේම ජීවත් වුණ නිසා. තාරුකා මට මුණ ගැහෙන්නේ බලාපොරොත්තු නොවූ විලසින්්. කඳුළුත් එක්ක ලියවුණු මේ අවනඩුව අහන්න ලැබීම අප සතු අභාග්‍යයක් වුණත් මේ ඉර හඳ යට ඔබ මා බලාපොරොත්තු නොවන අසන්නට නොලැබේවායි ප‍්‍රාර්ථනා කරන කොයිතරම් නම් දේවල් සිදුවෙනවද? මේකේ අවාසනාව කාගෙද කියන්නවත් මේ දේවල්වල නිර්මාණකරුවා කවුද කියන්නවත් අපි දන්නේ නැහැ. අපි හිතන තරම්ම හමන සුළං සුවදායික නැහැ. අපි හිතන තරම්ම සුන්දරත් නැහැ. හරියට තාරුකාගේ ජීවිතෙත් ඒ වගෙයි. 


‘‘තාරුකා කැමතිද ටිකක් කථා කරන්න... ඇගේ නිහඬ වත බිඳ දමමින් මම ඇසුවෙමි.’’ 


‘‘කැමතියි’’


”තාරුකාගේ ගම කොහේද?


”අනුරාධපුරේ.”


”කීය වසරට වෙනකම් ඉස්කෝලේ ගියාද?”


”දහය වසරට වෙනකම් ගියා.” 


”ඇයි දහය වසරෙන් නතර වුණේ?”


තාරුකා එකවරම නිහඬ වුණා. අනුරාධපුර ප‍්‍රදේශයේ දුප්පත් පවුලක දෙවෙනි දරුවා විදිහට තමයි තාරුකා ඉපදෙන්නේ. තාරුකාගේ තාත්තා සුනිල් වෘත්තියෙන් පෙදරේරුවෙක්. තාරුකාගේ අම්මා පුෂ්පා සුනිල්ට ආර්ථික වශයෙන් ශක්තියක් වෙන්න කියලා අනුරාධපුර ප‍්‍රදේශයේ නිමි ඇඳුම් සාප්පුවක සේවයට ගියා. සුනිල්ගේ බීමත්කම නිසාම තාරුකාලගේ ගෙදර ඇතුළේ පුංචි පුංචි දබර නොතිබුණාම නෙමෙයි. 


ඒ මේ පුංචි පුංචි අඬ දබර අස්සේ නගරයේ රැුකියාවට යන තමන්ගේ බිරිඳ ගැන සුනිල්ගෙ කන වැකුණේ ඒ තරම්ම සුබ ආරංචිම නොවෙයි. මුළු දවසම ගඩොල්, සිමෙන්ති එක්ක හැප්පිලා හවසට ඇඟ රත්කරගන්න වාඩියට යන බොහෝ අවස්ථාවලදී සුනිල්ගේ යාළුවෝ බිරිඳ ගැන කියන විවිධ කථා නිසා සුනිල් ඒ වෙනකොට හිටියේ ජීවිතේ ගැන ලොකු කලකිරීමකින්. 


මේ දේවල් එක්ක සුනිල් සහ පුෂ්පා අතර නිතරම පාහේ අ`ඩදබර ඇතිවුණා. 


‘‘උඹට ළමයි ලොකු වුණහමද මඟුල් විසේ ගැහැව්වේ. පුෂ්පා උඹ මේක මතක තියා ගනිං හැමදාම හැංගි හැංගි වෙස් බඳින්න බැහැ කියලා.’’


”පොඩි එවුන්ට පාරේ බැහැලා යන්න ඉඩ තියලා උඹ  ඕන මඟුලක් නටාගනින්.”


සුනිල් වරද පෙනි පෙනිත් බොහෝ අවස්ථාවලදි දරුවො දෙන්න ගැන හිතලා ඉවසුවා. අවසානයේ මේ ප‍්‍රශ්න නිසාම තාරුකාගේ වැඩිමහල් සහෝදරයා සසුන්ගත කරන්න සුනිල් තීරණය කළා. ඒ තීරණයත් එක්ක තාරුකා ගෙදර අ`ඩදබර මැද්දේ බොහෝ වෙලාවට තනිවුණා. ඔය අතරතුර තාරුකා වැඩිවියට පත්වීමත් එක්ක තාරුකාගේ වගකීම පැවරෙන්නේ මිත්තණියට. හේතුව සුනිලූත්, පුෂ්පත් රැුකියාව එක්ක ගෙදර රැුඳෙන කාලසීමාව අඩු නිසා. 


හිරිමල් වියේ පසුවුණ තාරුකා දවසින් දවස අඟ පසඟින් වර්ධනය වූයේ සුන්දර රූ සපුවකටද හිමිකම් කියමින්. වයසට වඩා මුහුකුරා ගිය ඇගේ සුන්දර රූපයට පේ‍්‍රම ආරාධනාවලින් අඩුවක් තිබුණේ නැහැ. තාරුකාගේ හිරිමල් වයසත්, දඟකාරකමත් එක්ක පේ‍්‍රමයේ අමුතු හැඟීම ඇයටත් දැනුණා. ඇගේ පේ‍්‍රමවන්තයා වුණේ තාරුකාගේ පියා සමග අත්උදව්වට ගිය තරුණයෙක්. ආදරය කියන්නේ මොකද්ද කියලවත් නොතේරුම් අවධියක ඈ පෙමින් බැඳුණේ තාරුකාට වඩා අවුරුදු නවයකින් වැඩිමහල් සුජිත් සමග.


සුජිත් කියන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියෙන්ම අධ්‍යාපනයට සමුදීලා පෙදරේරුවන්ගේ අත්උදව්වට ගිය තරුණයෙක්. සුජිත් අධික ලෙස මත්පැනට ලොල් වෙලා සිටියත් තාරුකා ඉදිරියේ සෑම විටම ආදරණීය පේ‍්‍රමවන්තයෙකුගේ වෙස් ගත්තා. තාරුකා සුජිත්ව තමන්ගේ මව්පියන්ටත් වඩා විශ්වාස කළා. 
‘‘ඔව් මම සුජිත් අයියව ගොඩක් විශ්වාස කළා. විශ්වාසය කොච්චරද කියනවනම් යාළු වෙලා මාසයක් විතර ඇති අපි කථා බහ කළා විතරයි. ඒකත් මුණ ගැහිලා නෙමෙයි ෆෝන් එකෙන්. සුජිත් අයියට හදිසියකට සල්ලි වගයක්  ඕන වෙලා මම ලොකු ළමයෙක් වුණ වෙලාවේ තාත්තා මගේ කරට දාපු චේන් එක දුන්නා තියලා සල්ලි ගන්න කියලා. මම සුජිත් අයියට ගොඩක් ආදරය කළා. ඔය අතරතුර අම්මා වැඩ කරපු වැඩපලේ කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් තිබිලා තාත්තට අහුවුණා. ඒකේ ලජ්ජාවට අම්මා ගෙදර ආවේ නැහැ. අවුරුද්දකට විතර පස්සේ තාත්තා තව කෙනෙක් බැන්දා. කුඩම්මා ගෙදර ආවට පස්සේ මම ආච්චි ළඟට ගියා. අම්මයි තාත්තයි අතර ප‍්‍රශ්න ඇති වුණ දවසේ ඉඳලා ආච්චි තමයි මාව බලා ගත්තේ. ඒත් අම්මාගෙයි තාත්තගෙයි ප‍්‍රශ්නවල ඉවරයක් තිබුණේ නැහැ. ඊට වඩා අම්මා මෙහෙමයි. තාත්තා මෙහෙමයි කියකියා ගමේ මිනිස්සු විවිධ දේවල් කිව්වා. ඒ දේවල් එක්ක මට පාසල් ගමන විතරක් නෙමෙයි, ජීවිතෙත් එපා වෙලා හිටියේ. 


එපා වෙලා තිබුණු ජීවිතේට සුජිත් අයියා ළං වුණ නිසා තමයි ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති වුණේ. පස්සේ පස්සේ කුඩම්මා තාත්තා අපි එක්ක සම්බන්ධතා තියාගන්නවට කැමති වුණේ නැහැ. තාත්තා වියදමටවත් ආච්චිටයි, මටයි සල්ලි දුන්නේ නැහැ. සමහර දවස්වලට ගෙදර කෑමට බීමට වියදම් දුන්නේ සුජිත් අයියා. ඒත් ආච්චි සුජිත් අයියා අපේ ගෙදර එනවට කැමති වුණේ නැහැ.


දවසක් සුජිත් අයියා අපේ ගෙදර ආවා. එදා ආච්චි හිටියේ නැහැ.


තාරුකා නිවසේ මිත්තණිය නොමැති බොහෝ අවස්ථාවල සුජිත් නිවසට ගෙන්වා ගැනීමට කටයුතු කළේ මිත්තණියගේ පමණක් නොව අවට සියල්ලන්ගේම දෑස් වසාය. එහෙත් එදින සුජිත් සහ තාරුකා කිසිවෙකුත් නොසිටි නිවසේ පෙම්සුව වින්ඳේ ඔවුන්ගේම ලෝකයක තනි වෙමිනි. නොසිතූ පරිදි නිවසට පැමිණෙන මිත්තණියට දෑස් අදහාගත නොහැකි විය. මිත්තණියගේ ආවේගය මුළු නිවෙසම දෙදුරුම් කන්නට වූයේ ඒ මෙහොතේය. 


ඒ සිදුවීමත් එක්ක මට ආච්චිට මුහුණ දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සුජිත් අයියා කිව්වා කොළඹ ගිහින් කුලියට කාමරයක් අරගෙන ජීවත් වෙමු කියලා. මම ඒකට කැමති වුණා. මම කොළඹ එනකොට අවුරුදු පහළොවයි. දහයේ පන්තියේ හිටියේ. ඇවිල්ලා කටුනායකින් කාමරයක් කුලියට ගත්තා. සුජිත් අයියායි, මමයි දෙන්නම එකම ගාමන්ට් එකේ රැුකියාවට ගියා. මට අවුරුදු දහඅටක් නැති නිසා ගාමන්ට් එකට යන්න මාස තුනක් විතර ගියා. වයස වැඩිපුර දාලා ලිපිලේඛන ඔක්කොම හදා ගත්තා. 


ඒවා හදලා දුන්නේ කවුද?


මරදානේ පැත්තේ තැනකින් තමයි හැදුවේ. සුජිත් අයියගේ යාළුවෙක් තමයි උදව් කළේ. මම ටිකක් උස මහත නිසා වයස අඩුයි කියලා බැලූ බැල්මට හිතන්න අමාරුයි. ඒකත් මට වාසියක් වුණා. ඔය විදිහට සුජිත් අයියයි මමයි මාස 6ක් විතර එකට ජීවත් වුණා. පුංචි පුංචි ප‍්‍රශ්න අපි දෙන්නා අතරත් තිබුණා. එයාට නිතරම සල්ලි  ඕන. හරියට බොන්න පුරුදු වුණා. ඔය අතරතුර දවසක් මට කිව්වා ගාමන්ට් රස්සාවට අමතරව තව රැුකියාවක් තියෙනවා යාළුවෙක් මාර්ගයෙන් සෙට් වුණේ කැමති වෙන්න කියලා. කසාද නොබැන්දත් අපි අඹු සැමියන් විදිහට ජීවත් වෙද්දි සුජිත් අයියාගේ යෝජනාවට මම කැමති වුණා. 
දවසක් ? යාළුවො ටිකකුත් කාමරේට ගෙන්න ගෙන සුජිත් අයියා බොන්න ගත්තා. මම එදා හොඳටම රණ්ඩු වුණා. මෙතන බොන්න එපා. එළියට ගිහින්  ඕන තැනක බීලා එන්න කියලා. කවරදාවත් මට අතක් උස්සපු නැති සුජිත් අයියා මගේ කනට ගහලා නොසෑහෙන්න බැන්නා. ඌ මාව එදා ? බොන්න ආපු යාළුවන්ට විකුණුවා. දෙනෝ දාහක් ගැවසෙන කොළඹ රටේ එදා ? මේ අපායෙන් ගැලවිලා යන්න තැනක් තිබුණේ නැහැ. මම ජීවිතේ අන්තෙටම අසරණ වුණා. මාව යාළුවන්ට විකුණනා සුජිත් සන්තෝසෙන් ජීවත් වුණා. 


තාරුකාගේ දෑස්වලින් කඩා වැටෙන කඳුළු වල නිමක් නැහැ. ඇගේ ජීවිතේ දැන් අවලංගු කාසියක්. අවලංගු කාසියක් වුණත් ලස්සන ජීවිතයකට තාරුකාත් හීන දකිනවා. 


තාරුකාගේ පේ‍්‍රමවන්තයා මේ විදිහට තාරුකාව කටුනායක ප‍්‍රදේශයේ පමණක් නෙවෙයි. පිටකොටුව, මරදාන ප‍්‍රදේශයේ ගණිකා සේවයේ යොදවලා මුදල් ඉපයෙව්වා. තමන් එක දවසක් හෝ ආදරය කළ පේ‍්‍රමවන්තිය තමන්ගෙම යහළුවන් අතරේ මුදලට විකුණන්න තරම් තිරිසනෙක් වුණ සුජිත් ඇතුළු ඊට සහය දක්වපු හතරදෙනෙකු පොලිස් භාරයට පත්වෙන්නේ පොලිසිය කළ වැටලීමකදී. 


ඒ අවස්ථාවේ තාරුකා බාලවයස්කාර දැරියක් ලෙස පරිවාසභාරයට පත් වෙනවා. අවසානයේ තාරුකා වෙනුවෙන් කඳුලක් හෙළන්න හරි හිතේ දරු දුකක් තිබුණේ තාරුකාගේ ආච්චිට විතරයි. ඇය ශරීරයෙන් කෙතරම් දුබල වුණත් තාරුකා මේ පැනපු ගිනි ගොඩෙන් ගොඩට ගන්න ඇය තවමත් උත්සාහ කරනවා. 


දෙමාපියන්ගේ විරසක වීම් පුංචි දරුවන්ගේ ජීවිත විනාශ කරන මහ පාරට ඇද දාන තෝතැන්න බව හොඳට මතක තියාගන්න. තාරුකා මේ නරකාදියට වැටුණේ කුඩා කාලේ ඉඳලම මව්පියන්ගේ ආරක්‍ෂාව රැකවරණය නොලැබුණු නිසා. අම්මා තාත්තගෙන් නොලැබුණු ආදරය තාරුකා පිට සමාජයෙන් සොයන්න පෙළඹුනා. ඇගේ ජීවිතේ වැරදුණේ එතැනින්. 

MM



අදහස් (0)

මවුපිය ප‍්‍රශ්න මැද අවලංගු කාසියක්වූ තාරකාව

සම්පත් Friday, 04 December 2015 09:00 AM

ගොඩක් පවුල් ප්‍රශ්න වලට මුල ගැහැණු අයගේ මෝඩකම.අවසානේ දරුවොයි අනාත වෙන්නේ .කසාදෙන් පස්සේ ජීවත් වෙන්න ඕන දරුවෝ වෙනුවෙන් .මේවා දකිනකොට අපේ අම්මලට උදේ හවස වැඳගෙන හිටියත් මදි කියල හිතෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3306 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1020 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site