IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මහ කැබිලිත්ත දේවාලයට යන්නට ආ දැරියට දෂ්ඨ කළ සර්පයා

වරින්වර හමන සුළගට සෙලවෙන ගහක අතුවලින් පිටවන ශබ්දය හැරුණු විට කුඹුකන් ඔයේ මාලූන් උඩපනින ශබ්දය ඝන අන්ධකාරය තුළින් ඇසේ. ඒ හඩ අබිබවමින් නිශාචර සතෙකුගේ හඩ තැළීම ප‍්‍රදේශය පුරාම දෝංකාර දෙයි. ඈත ගංඉවුරේ එළි කිහියකද පෙනේ. ඒ අතර ඈතින් බෝධි වන්දනාකරන බැතිමතුන්ගේ ගායනාහඩ පරිසරයට ගෙනාවේ අමුතුම මිහිරියාවකි. නින්දේ පසුවූ තව පිරිසක් තිගැස්සී අවදිවූයේ කුඩා දරුවෙකුගේ විළාපය ඇසීමෙනි. ගස්යට මෙන්ම කූඩාරම්වලත් පැදුරු, ඉටිකොළ ආදිය එළා නිදාවුන්  අය ඒ විලාප හඩ ඇසුනු දෙස කොහේදැයි විපරම්කරන්නට විය. ‘‘කුඹුකන් ඔයේ ඉවුර පැත්තෙන් ඇහුණේ’’ කෙනෙක් කියන්නට විය. උදෑසනම අවදිවන කුරුල්ලන් එකා දෙන්නාගේ හඩ වනාන්තරය තුළින් ඇසුනත් පරිසරය තවමත් අදුරුය. එකිනෙකා කවුරුන්දැයි නොහදුනන කණ්ඩායම් කිහිපයකම අය නිහඩවම හඩ ඇසුනු දෙසට ඒ වනවිටත් දිවගොස් හමාරය. නිහඩ බව බිදලමින් කාන්තාවකගේ හඩක් ඇසෙන්නට විය. ‘‘අනේ දරුවට සතෙක් ගැහුවා......’’ ඒ එක්කම විදුලි පන්දම් එළියකින් කුඩා දරුවෙකු වත්තම් කරගෙන එන කිහිපදෙනෙකුගේ ඡායාවන් අඩඅදුරේම කාගේත් නෙත ගැටුණි. ‘‘අනේ මොකද වෙලා තියෙන්නේ’’ හිමිදිරි පාන්දර අවදිව කුඹුකන්ඔයේ මුහුණ දොවමින් සිටි අයද එහි දුවවිත් විමසන්නට විය. ‘‘අපි දේවාලේ පූජාවට යන්න කියලා හිතාගෙන මුහුණ හෝදන්න කූඹුකන් ඔයට ගියා දරුවා ඔයේ ඉවුරේ හිටියේ. මොකෙක්ද කෑවෝ කියලා දරුවා කෑගැහුවා. අනේ මේ බලන්න සර්පයෙකුගේ දත්පාරවල්.’’ දැරියගේ මව යැයි විශ්වාස කළහැකි කාන්තාවක් එක හුස්මට කියාගෙන ගියේය. තවමත් ප‍්‍රදේශය පුරා ඇත්තේ අදුරය. මේ වනවිට දැරිය වටකරගෙන ලොකු පිරිසකි. ඒ අතර පිරිස අතරින් මැදිවියේ පිරිමියෙකු එහි ආවේය. ’‘මොකද වුණේ’’ දැරියගේ මව සිද්ධිය ඔහුට කීවේය. තුවාලය පිරික්සු ඔහු මතුරන්නට විය. දැවිල්ල නිසා බෙරිහන් දෙමින් සිටි දැරියගේ කැගැසීම ක‍්‍රමයෙන් අඩුවිය. ටික වෙලාවක් මැතිරූ මේ වැඩිහිටියා දැරිය අමතමින් ‘‘ දැන් රිදෙනවා අඩුයිද’’ විමසිය. ඇය හිසනමා ‘‘ඔව්’’ යැයි පිළිතුරු දුන්නත් ඇගේ දෙනෙත් වල තිබු බිය, සන්තාසය විදුලි පන්දම් එළිවලින් ඉස්මතුව පෙනුනේ අනෙක් අයද ත‍්‍රාසයට පත්කරවමිනි. මැතිරීම කළ වැඩිහිටියා විදුලිපන්දමක් ඉල්ලාගෙන කැලේ ඇතුළට ගියේ ‘‘ඔහොම පොඞ්ඩක් දරුවා අල්ලා ගන්නට’’ යැයි කියමිනි. මොහොතකින් එළියට පැමිණි ඔහු කැලෙන් කඩාගත් කොළ ටිකක් අසළවු පොල්කටුවක් ගෙන එහිදමා කෙටුවේය. ඒ කොළටික ඉස්මත් එක්කම දැරියගේ සිරුර සර්පයා කෑ තුවාලය මත තැබීය. ‘‘දැන් ඔන්න මම විස බැස්සුවා. බයවෙන්න දෙයක් නෑ කොහාට හරි එක්ක ගිහිං ප‍්‍රතිකරයක් ඉක්මනට කරන්න’’ මේ වැඩිහිටියා පිරිසට අවවාද දෙද්දී එහි සිටි හැමෝම දිගු සුසුම් හෙළුහ. ‘‘අපේ ඥාතියෙක් මහ ට‍්‍රැක්ටරයක් ගත්තා. ඉතිං ඒ සතුටට කතරගම දෙවියන්ට පූජාවක් තියන්න කියලා හිතාගෙන අපි පවුල් කිහිපයක් කැඹිළිත්ත දේවාලයට ආවා. කොටියාගලින් ට‍්‍රැක්ටරක් කුලියට අරගෙන ආවේ. ගෑණු අය කිහිප දෙනෙකුත් ආවා. අපිට දේවාලෙට යන්න හම්බවුනේ නෑ. මුහුණ හෝදන්න ලැබුණේත් කිහිප දෙනෙකුට විතරයි. දරුවට සර්පයෙක් දෂ්ඨකළා’’ දැරියගේ නඩයේ පිරිමියෙක් කිහිපදෙනෙකු සමග කීවේය. ‘‘මේන් කාපු සතා. පෙනුමෙන් නම් පොළොන් තෙළිස්සෙක්. ඔයගොල්ලෝ ඉක්මනට දරුවා රෝහලකට ගෙනියන්න. ඒ යනකොට මේ සතාත් අරගෙනම යන්න’’ සර්පයෙකු සහිත බෝතලයක් පෙන්වමින් කෙනෙක් කීවේය. ඒවනවිටත් එහි දෙසිය පනහක් තුන්සියයක්වු පිරිසක් තැන තැන රැස්වී හිමිදිරියේ වු මේ සිදුවීම ගැන කතා කරන්නට විය. මේ මීට දින කිහිපයනට පෙර කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ මහකැබිලිත්ත දේවාලයට පිවිසීම සදහා බැතිමතුන් වාහන වලින් පැමිණ නවතින කුඹුකන්ඔයේ ඉවුරේදී සිදුවු සිදුවීමකි. ‘‘මේ කාණ්ඩෙ ගෑණු අයත් අරගෙන ඇවිත් තියෙන්නේ. කතරගම දෙවියන් වැඩහිටින මහකැබිලිත්තේ සියඹලා දේවාලෙට ගෑණු අය සාමාන්‍යයෙන් යන්නේ නෑනේ. අනික මේ අය වැඩි කාලයක් පේවෙලා නෙවෙයිලූ ඇවිත් තියෙන්නේ. අද බලන්ඩකෝ හයසියක් විතර මිනිස්සු ඇවිල්ලානේ. ඒ අතරත් ගෑණු ඉන්නවා. දැන් මේක පූජා බිමක් නොවන තැනට වැටෙන්නයි යන්නේ. භක්තියට එන අයට මේ පිරිස් බාදාවක්. නිකරුනේ මෙහෙට එන්න එපා කියන එකද දන්නේ නෑ මේ සිද්ධියෙන් පෙන්නුම් කළේ.’’ කිහිපදෙනෙකු එසේ කතාකරනු ඇසිණි. සර්පයා දෂ්ඨකළ දැරිය අගේ දෙමාපියන් සහ තවත් කිහිප දෙනෙක් සමග පසෙකය. වරින්වර ඔවුන් හමුවට ආ අය යම්යම් දේ විමසමින් ආපසු යති. දැන් අදුර පහව ගොසිනි. කුඹුකන්ඔය ඉවුර දැඩි කලබලකාරීය. පිරිසක් ඔයේ බැස දියනාති. තව පිරිසක් ශරිර කෘත්‍ය කරගගැනීම පිණිස එතැන ඇති වැසිකිළියට යාමට පෝලිමේය. තවත් තැනක සුදුපිරුවට අ`දින පිරිසකි. අල්ලාප සල්ලාපයේ යෙදෙන්නෝද ඒ අතරය. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ කිහිප තැනම මුරුතැන් පූජාව සකසන බැතිමතුන්ය. පූජාවන් රැගෙන ඔය තරණය කරන සුදුවතින්  සැරසුනු  බැතිමතින් මෙන්ම පුජාවන් පවත්වා ආපසු එන බැතිමතුන්ගේ දසුන්ද දෙනෙත්වලට ගෙන දුන්නේ පහන් බවකි. සර්පයා දෂ්ඨකළ දැරිය කොටියාගල හරහා රෝහලකට ගෙන යන්නේ නම් මොනරාගල රෝහලට කිලෝමීටර් හැටකට ආසන්න  දුරක් තිබේ. දැරිය රෝහලට ගෙනයන්න ඔවුන් පැමිණි කණ්ඩායමේද උවමනාවක් පෙනෙන්නට නොවුණි. නමුත් ඇගේ දිවි බේරාගන්නටනම් එය කළ යුතුය. දැරියගේ මාපියෝ අසරණව සිටිති. වන්දනාවේ මෙහි පැමිණෙන සෙසු වාහනවල ඉඩක්ද නැත. මේ අතර මහකැබිලිත්තට නිතරම යනඑන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සමග පැමිණි කණ්ඩායම ඒවනවිට පුජාවන් පවත්වා අවසන් කර මෙගොඩට පැමිණ තිබුණි. සාමාන්‍යයෙන් එසේ පැමිණ දහවල් ආහාරයට යමක් කුඹුකන්ඔය ඉවුරේදීම පිසගෙන ඒවාත් රැුගෙන ආපසු පිටත්වීම සිරිතය. නමුත් මේ දැරියට පිහිටවිය යුතුයැයි විමල්ගේ හිත කියන්නට විය. තම කණ්ඩායමට ඒ ගැන විමල් කීවේය. ‘‘ආ ඒකට කමක් නෑ අපි ලෙඩාව අරගෙන යමු. ඒ පිනත් කතරගම දෙවියන්ට ලැබෙයි’’ පිරිසේ කෙනෙක් කීවේ මහකැබිලිත්තට ඇවිත් තවත් පිනක් කරගන්නට ලැබුණු සතුට පිටකරමිනි. ඒ අනුව පාන්දර හයට පමණ සර්පයා දෂ්ඨකළ දැරියත් ඇගේ අම්මාත් තාත්තාත් රැගෙන විමල්ගේ පිරිස ඔහුගේ ජිප් රථයෙන් පිටත්වූහ. කැලැවේදී කිසිදු බාධාවක් නොවී  පිරිස කුමණ වනාන්තරයෙන් එළියට ආවේ කොටියාගල ගමටය. එතැනින් මොණරාගලට පැමිණෙනවිට පස්වරු දෙකට ආසන්න ව තිබිණි. පිරිස  රෝගී දැරිය මොනරාගල රෝහලට ඇතුළුකර විමල් ඇතුලූ පිරිස පිටත්ව ගියේ දැරියත් ඇගේ මාපියනුත් මොරණගාල නගරයට ආසන්න පදිංචිකරුවන් වු නිසාය. මහකැබිලිත්තට එන පිරිස් දැන් එතැනට ඇවිත් කරන්නේ මහ විනාශයකි. කලකට පෙර එහි තිබු සුන්දර පරිසරය දැන් වැනසෙමින් පවති. පූජාවන් ස`දහා ගෙනෙන තැඹිලි කෝම්බ තැන තැන දමාගොසිනි. ඉටිකොළ, පෝරකවර, පොල්කටු, මැටි මුට්ටි වනාන්තරයේ තැනින් තැන දමා ඇත. කතරගම දේව අඩවිය වැනසීම තමන්ටම අවැඩක් කගරන්නා මගක් බවට බොහෝ දෙනාගේ අදහසයි. මේවනවිට මහකැබිලිත්තේ හාස්කම් නැතැයි ඔප්පුකර පෙන්වීමට එහි එන්නෝද සිටිති. ඒඅතර සමහරු කාන්තාවන්ද කැදවාගෙන එති. දින කිහිපයක් පේවී (සියලූ දුසිරිත්වලින් වැළකී) පැමිණීම බැතිමතුන්ගේ සිරිතක් වුවද අද එහි එන්නෝ වැඩිදෙනෙක් එසේ නොකරන බව බැලූ බැල්මට පෙනේ. නමුත් කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද ලබන්නටනම් තෙරුවන්ගුණ සිහිකර ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන් හි යෙදී දෙවියන්ට පිං අනුමෝදන් කළ යුතුය. එසේ කිරීමෙන් හැර යම් පිහිටක් ආරක්‍ෂාවක් පැතීමෙන් ඵලක් නොවනු ඇත. අනුන්ට පළිගහන්නට, විපත් කරන්නට යැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලීමෙන්ද ඵලක් නැත. කතරගම පිහිටි දේවාලයට නොගොස් මහකැබිලිත්තට ආවාට ගියාට පැමිණිම දිගුකාලින්ව හෝ විපාක දෙන කරුණකැයි මෙහි වසර ගණන් තිස්සේ යනඑන සහ පුදපුජා පවත්වන භක්තිවන්තයෝ කියති. කතරගම දෙවියන් ගැන සදහන් කරනවිට කතරගම කිරිවෙහෙර භූමියද කිසිවෙකුටත් අමතක කළ හැකි තැනක් නොවේ. කතරගම වන්දනාවේ එන වැඩි දෙනෙක් කිරි වෙහෙර වදින්නට නොඑති. දේවාලයට පුජා වට්ටියක් පූජාකර ආපසු යන පිරිස් වැඩිය. එහෙත් කතරගම කිරිවෙහෙර චෛත්‍ය මළුවේදී සුදු ඇදගත් තාපස වෙස් ඇති උපාසක ඇත්තෙකු දුටු බොහෝ දෙනෙක් රටේ විවිධ ප‍්‍රදේශවල සිටිති. ඒ හැම කෙනෙක්ම මේ උපාසක ඇත්තා දැක ඇත්තේ චෛත්‍ය මලූවට පැමිණ ආමිස හා ප‍්‍රතිපත්ති පුජාවන් පැවැත්වීමේදී හෝ ඉන් අනතුරුව බව කියති. රාත‍්‍රී දහය එකොළහට පමණ කිරිවෙහෙර වන්දනා කළ පිරිසක් අතර සිටි මැදිවියේ කාන්තාවකට චෛත්‍ය මළුවේ භාවනාකරන උපාසක ඇත්තෙකු දැක තිබේ. තමන්ගෙනා හදුන්කූරු තෙල්, කපුරු, පහන්තිර ටිකක් ඒ ඇත්තාට දෙමුයැයි   කිරිවෙහෙර වන්දනා කර ආපසු පඩිපේලි කිහිපය බසින අතරේ සෙසු පිරිසට යෝජනා කළාය. සෙසු අය කීවේ තමන් එවැන්නෙකු චෛත්‍ය මළුවේදි නොදුටු බවයි. එහෙත් මේ කාන්තාව තමන් එවැනි උපාසක ඇත්තෙකු දුටු බවත් පවසා ඔහුට පුජාභාණ්ඩ ටිකක් පරිත්‍යා කිරිමට යළි යද්දී ඒ ඇත්තා දකින්ට ලැබී නැත. පසුව මේ කාන්තාව තම නඩයේ විහිළුවටද පාත‍්‍රව තිබේ. නමුත් එවැනි දසුන් කිරිවෙහෙර චෛත්‍ය මලූවේදී දුටු කිහිප දෙනෙකුම සිටීම නිසා මේ කාන්තාව කී දෙය සත්‍යයකැයි අනික් අයද විශ්වාස කරන්නට වුහ.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 මහ කැබිලිත්ත දේවාල බිමේ බැතිමතුන් ගෙනා  කුරුම්බා කෝම්බ සහ වලං ආදිය වනයේ තැනතැන දමා ඇති අයුරු කතරගම කිරිවෙරෙ චෛත්‍ය භුමිය



අදහස් (0)

මහ කැබිලිත්ත දේවාලයට යන්නට ආ දැරියට දෂ්ඨ කළ සර්පයා

අචිනි Sunday, 24 June 2012 06:53 PM

කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා!

:       0       0

කුමාර Saturday, 21 July 2012 11:27 PM

කතරගම දෙවියන්ගේ දේව හාස් කම් ගැන කොච්චර කතාකලත් මදි (දී)

:       0       0

රන්ජිත් Monday, 25 June 2012 10:22 AM

මෙම ලිපි මාලාව මගින් දැනුවත් වීම නිසාද යන පිරිස වැඩි වීමට හේතුවක් විය හැක. එවිට පරිසරයට හානි කරන පිරිසද සාපේක්ෂව වැඩිවේ. එය එසේ වුවහොත් සද්භාවයෙන් යුතුව කලද එයින් බලාපොරොත්තු වන ප්‍රථිඵල නොලැබේ.එයින් සිදු වන අකුසලයේ කොටස්කරුවන් බවට ඔබලා ද පත්වේ එම නිසා මෙම ලිපි සමග පරිසරය ආරක්ෂාකර ගැනීමට වන්දනාකරුවන් කල යුතු හා නොකල යුතු දේවල් ගැනද ඉඩක් වෙන් කර එය හයිලයිට් කර පෙන්වීම සුදුසුය.

:       0       0

ඩැනියෙල් Thursday, 28 June 2012 09:15 AM

දෙවියෙකු නැතද එහි බලයක් තිබෙනු පෙනේ

:       0       0

දුලානි Friday, 06 July 2012 09:47 AM

අප රැක දෙන්න සුරිදුනි කතරගම !!!. ඔබ වහන්සේට පින් සිදු වේවා !!!

:       0       0

දිලංග Friday, 29 June 2012 01:58 PM

කතරගම දෙවියන්ට පින්සිදු වේවා

:       0       0

කුමාරි Tuesday, 26 June 2012 09:37 AM

කතරගම දෙවිදුන් ඉන්නවද නැතිද යන්න නෙවෙයි ගැටලුව. අනවශ්‍ය භක්තියක් ඇති කරන්න ගියාම දෙවියෝ උනත් රට හැර යනවා. දැන්වත් අපේ පූජනීය ස්ථාන කෙළසන්න එපා. මේවා කාලයක් තිස්සේ පැවතුන හාස්කම් තිබුන තැන්.

:       0       0

එරංගා Monday, 25 June 2012 02:25 PM

කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා.

:       0       0

ජයරත්න Thursday, 28 June 2012 10:19 AM

කඳ සුරිඳුනි ඔබ ජීවමානයි.....

:       0       0

සුදර්ශන Monday, 02 July 2012 11:16 AM

පංචහීලයේ පිහිටමින් කතරගම දෙවියන්ට පුද පූජා කරමු.එම පින් බෙලෙන් මෛත්‍රී බුදුන් දැක පින් ලබා උතුම් වූ නිර්වාණයට පැමිණෙමු.

:       0       0

ප්‍රියන්ත Monday, 25 June 2012 09:01 PM

කතරගම දේවාලයට හොදින් පේ වෙලා එන්න.ඒ වගේම මැණික් ගගේ දියවරද අපිරිසිදු නොකරන්න

:       0       0

චාමිකා Friday, 29 June 2012 03:51 PM

කෝ අපේ ආචාරියතුමා?

:       0       0

පෙරේරා Monday, 25 June 2012 06:35 AM

අනේ මේ වගේ හාස්කම් ඇති තැන් නිකන් බොරුවට අපිරිසිදු කරලා දාන්න එපා.කතරගම දෙවියන්ගේ බැල්ම අපි හැමෝටම තියෙනවා

:       0       0

ගාල්ලෙ කොලුවා Thursday, 28 June 2012 05:46 PM

කතරගම දෙවියන්ට පිං අනුමෝදං වේවා... කවුරැන් කෙසේ කීවද, කතරගම දෙවියන් මිනිසුන්ට පිහිට වනු ඇත...

:       0       0

හේමන්ත Tuesday, 26 June 2012 05:32 PM

කතරගම දෙවිදුන්ට පින් සිදුවේවා!!!!

:       0       0

අභිලාශිනී Tuesday, 26 June 2012 12:35 PM

කතරගම දෙවියන්ට පින්සිදු වේවා !!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 492 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 544 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 107 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 378 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site