වසරකට අධික කාලයක් තිස්සේ කල්යමින් තිබූ පළාත් සභා මැතිවරණය මේ වසරේදී අනිවාර්යයෙන්ම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණයට නිශ්චිත කාලයක් වෙන් කර ගත්තේය. ඒ අනුව මේ වසරේ මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ආණ්ඩුවේ කිසිදු ඇමැතිවරයෙක් විරෝධයක් දැක්වූයේ නැත. ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාව ඒකමතිකව අනුමත කළේය. ඒ කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට නම් නව පනතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කර ගත යුතුය. නව මැතිවරණ ක්‍රමය සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකිනි. එම ක්‍රමය අහෝසි කිරීමට නම් නැවත තුනෙන් දෙකකින් සම්මත විය යුතුය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු පක්ෂයක් විරෝධය නොදක්වන බවය. මුලදී ජනාධිපතිවරයාගේ කැමැත්ත මත ශ්‍රීලනිප පාර්ශ්වය පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට විරෝධය පළ කළේය. එහෙත් ජනාධිපතිවරයාම මෙවර සිය කැබිනට් පත්‍රිකාවෙන් පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට යෝජනා කර තිබිණි. ඒ අනුව පාර්ලිමේන්තුවේදී පැරණි මැතිවරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමේ පනතට තුනෙන් දෙකක ඡන්දයක් ලබාගැනීම පහසු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේ එම පනත් කෙටුම්පත පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, ඉතා ඉක්මනින්ම සම්මත කර ගැනීමට නියමිත බවය.
“පළාත් සභා ඡන්දය කල් දැම්මේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. පළාත් පාලන ඇමැති ධුරය දැරුවේ ෆයිසර් මුස්තාපා. ඔහු ශ්‍රීලනිප ඇමැතිවරයෙක්. එයාම මොකක්ද වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එයාම විරුද්ධව ඡන්දය දීලා මොකද්ද කළා. එජාපය ඡන්දයට සූදානම්” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කියයි. මේ අතර එජාපයේ තවත් ප්‍රබල ඇමැතිවරයෙක් ජනාධිපතිවරයා පිළිබඳව මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබිණ.
“ජනාධිපතිතුමා පළාත් සභා ඡන්දය කල් දම දමා හිටියා. කවදාවත් නොකෙරෙන නව ක්‍රමයම ඕන කිව්වා. එහෙම කරලා දැන් එජාපය පැත්තට බෝලේ පාස් කරලා තියෙනවා. අණපනත් ඉදිරිපත් කරලා ඡන්දය තියන්න වෙන්නේ එජාපයට. කල්දාපු ශ්‍රීලනිප ඇමැතිවරු අද කොහේද දන්නේ නැහැ” යැයි ද එම ඇමැතිවරයා කියයි.
ඒ අනුව මේ වසරේදී අනිවාර්යයෙන්ම ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වීමට නියමිතය. වසරේ අවසන් භාගයේදී පළාත් සභා මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවනු ඇත. මැතිවරණ කොමිසම මුල සිටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරමින් තිබුණේය. “අපි ඕනෑම වේලාවක පළාත් සභා තියන්න සූදානම්. අපේ ප්‍රශ්නයක් නැහැ. ඒත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය තියෙන බව අපි දන්නවා. ජනාධිපතිවරණය නොවැම්බර් මස 9 වැනි දින සිට දෙසැම්බර් මස 8 වැනි දින ඇතුළත කාලයේදී පැවැත්විය යුතුමයි. මේ ඡන්ද දෙකම තියෙන්නේ 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි” යැයි ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කරනු ලැබූයේ 2015 වසරේ නොවැම්බර් මස 13 වැනිදාය. එම කොමිසමේ නිල කාලය වසර පහකින් නිමවීමට නියමිතය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මේ දිනවල දොස් අහන්නට සිදුව තිබේ. ඒ ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයටය.
මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සහ පොහොට්ටුවේ පාර්ශ්වය දිගින් දිගටම මහින්ද දේශප්‍රියට ඇඟිල්ල දිගුකරමින් කියන්නේ පළාත් සභා ඡන්දය ඉල්ලා අධිකරණයට යන ලෙසය. එහෙත් මහින්ද දේශප්‍රිය එය ප්‍රතික්ෂේප කරන අතර, ඔහුගේ අදහස වී ඇත්තේ ඒ සඳහා පියවර ගත යුත්තේ අගතියට පත් පාර්ශ්වයක් බවය. ඒ කෙසේ වෙතත් රාජපක්ෂ කාණ්ඩායම තර්ක කරන්නේ මෙසේය.
“ජනාධිපතිවරයා ආණ්ඩුව විසුරුවලා මහ මැතිවරණයක් තියන්න හදපු වෙලාවේ ඡන්දය තියන්න එපා කියලා මහාචාර්ය රත්නජීවන් හූල් උසාවි ගියා. එයා උසාවි ගියේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු විදියට. එහෙම නම් සභාපති විදියට අද උසාවි යන්න බැරි ඇයි” ආදී වශයෙන් මහින්ද දේශප්‍රියට චෝදනා එල්ල වෙමින් තිබේ.
එහෙත් මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වෙනස්ය. “මම සහ මැතිවරණ කොමිෂන් සභාව සිරිතක් විදියට දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලට උත්තර දෙන්නේ නැහැ. අපි අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. එදා මැතිවරණ කොමිෂන් සභාව ගත්ත පියවර නිසා තමයි පළාත් පාලන මැතිවරණය මුළු රටේම තියන්න ඉඩ ප්‍රස්ථාව ලැබුණේ” යැයි දේශප්‍රිය සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ මංගල උත්සවය සම්බන්ධයෙන් විවිධ ආරංචි හා විස්තර සමාජ ජාලවල තවමත් පළවෙමින් තිබේ. එම මංගල උත්සවයේ ආරාධනාපත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ අතර, තවත් පිරිසකට විශේෂ ආරාධනාවක්ද කර තිබිණ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනකුට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම විශේෂ ආරාධනා කර තිබිණ. කෙසේ වෙතත් අගමැතිවරයා එදින වෙනත් කටයුත්තක් සඳහා බණ්ඩාරවෙලට ගොස් සිටි අතර, බණ්ඩාරවෙල සිට හෙළිකොප්ටර් යානයකින් හම්බන්තොට බලා ගියේය. අගමැතිවරයා සමග එම ගමනට සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම්, දිලිප් වෙදආරච්චි යන ඇමැතිවරු ද එක්වූහ.
මංගල උත්සවයට පැමිණි අගමැතිවරයාට හිටපු ජනාධිපතිවරයාගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, විශේෂ ආරාධිතයන්ගේ මේසයේ නායකයන් දෙපළ සුහද කතාබහක ද නිරත වූහ. එහිදී අවට විශාල පිරිසක් සිටින බව දැනගත් අගමැතිවරයා මහින්දට විහිළුවක් කළේ “අද මෙතන වැඩි පිරිසක් ඉන්නවා. මෙතන ඉන්න වැඩි දෙනා ගැන බැලුවොත් බහුතරය ඔබතුමාටයි” අගමැතිවරයා කී කතාවට අනෙක් පිරිස සිනාසුනහ. මේ අතර මංගල උත්සවයට පැමිණෙන ලෙස මලික් සමරවික්‍රමට ද ආරාධනා ලැබී තිබූ නමුත් කුමන හෝ හේතුවක් නිසා එම ආරාධනාපත මන්ත්‍රීවරයා අතට පත්වී ඇත්තේ මංගල උත්සවය පැවැති දින උදයේය. ඒ නිසා මලික්ට මංගල උත්සවයට යාමට සිදුවූයේ නැත. මලික් ගයන්තට පණිවුඩයක් දුන්නේය.
“මහින්ද රාජපක්ෂ මහත්තයට කියන්න මට එන්න බැරිවෙයි කියලා” ඒ අනුව ගයන්ත මංගල උත්සවයේ කලබල අස්සේම හිටපු ජනාධිපතිවරයාට මලික්ගේ ඇබැද්දිය විස්තර කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඉකුත් දා පැවැත්විණ. එහිදී කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් හැප්පුණේය. ලක්ෂ්මන් විජේමාන්න කීවේ, අජිත් පී. පෙරේරාගේ ක්‍රියාකලාපය නිසා තමාටත්, එජාප පාක්ෂිකයන්ටත් අසාධාරණයක් වන බවය. “අජිත් පී. පෙරේරා ඇමැතිතුමා පොහොට්ටුවේ පිරිසකටත් රස්සා දීලා. එජාප පාක්ෂිකයන්ට කරපු අසාධාරණයක්. එජාපයේ දිස්ත්‍රික් පදනම බිඳවැටෙනවා” ආදී වශයෙන් කියමින් ලක්ෂ්මන් විජේමාන්න දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය. ලක්ෂ්මන් විජේමාන්නගේ චෝදනා හමුවේ අජිත් පී. පෙරේරා ද පිළිතුරු බැන්දේය. “මම රස්සා දුන්නා තමයි. අපේ සංවිධායකවරු ලිස්ට් එව්වා. ඒ අතර පොහොට්ටුවේ අයත් හිටියද කියලා මම දන්නේ නැහැ. මම ඒක හිතලා කරපු දෙයක් නොවෙයි. හැබැයි ඔය චෝදනාව මීට පස්සේ කරන්න වෙන්නේ නැහැ. මොකද මගේ අලුත් අමාත්‍යාංශය රස්සා දෙන්න බැරි එකක්” යැයි අජිත් පී. පෙරේරා කීවේය. විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයාව සිටි අජිත් පී. පෙරේරාට මෙවර හමුවූයේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයයි. ඔහු එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයාට සහ අනෙකුත් එජාප නායකයන්ට ව්‍යංගයෙන් කීවේ තමාට ලැබුණු අමාත්‍යාංශය පිළිබඳ සතුටක් නැති බවය.
ඉන්දියාවේ හැත්තෑ වැනි ජනරජ දිනය ඉකුත් 26 වැනිදාට යෙදී තිබිණ. එදින පස්වරුවේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. මැති ඇමැතිවරුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා විශේෂ අමුත්තන් පිරිසක් ද ඊට එක්ව සිටියහ. මනෝ ගනේෂන්, දිගම්බරන් සහ මහින්දානන්ද අලුත්ගමගේ එකට හමුවී සුහද කතා බහක නිරතව සිටියෝය. එහිදී අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇමැති මනෝ ගනේෂන්ට ආරාධනාවක් කළේය. “ඔය ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැහැ. අපේ පැත්තට එන්න. අපි කොළඹට වැඩ කරන්න පුළුවන් හොඳ අමාත්‍යාංශයක් ඔබතුමාට දෙන්නම්” යැයි අලුත්ගමගේ කී විට මනෝ ගනේෂන් කිසිවක් නොකියා සිනාසුණේය. එහිදී දිගම්බරන් ඇමැතිවරයා මහින්දානන්දගේ හොඳක් කීවේය. “රාජපක්ෂ ආණ්ඩුව කාලේ අලුත්ගමගේ මන්ත්‍රීවරයා අපේ ජනතාවගේ පැත්තට කතා කළා. ගොඩක් උදව් කළා” ආදී දේ දිගම්බරන් කීවේය.
කැබිනට් මණ්ඩල රැස්වීම ඉකුත් දා අඟහරුවාදා කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. එහිදී මත්කුඩු ඇල්ලීම සඳහා පුහුණු කිරීමට විදේශ රටකින් සුනඛයින් 20ක් ගැනීමේ කැබිනට් පත්‍රිකාවක් ජනාධිපතිවරයා අතට පත්වූයේය. ජනාධිපතිවරයා එහිදී යමක් කීවේය.
“ඇයි මේ බල්ලෝ 20ක් විතර ගත්තේ. ඔය ඇමැතිවරුන්ටත් එකා ගානේ බල්ලෝ ගන්නකෝ” ජනාධිපතිවරයා කීවේ විහිළුවක් කරමිනි. ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග කීවේ “අනේ මට නම් බල්ලෝ ඕනේ නැහැ” කියා. ඒත් මංගල සමරවීර කීවේ තමාට බල්ලෙක් අවශ්‍ය බවය. අනෙක් ඇමැතිවරුන් ඊට සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
සේනා දළඹු උවදුර පැමිණි මොහොතේ සිට මේ දක්වා දළඹුවා මර්දනයටත් එයින් වැළකීමේ මග ගොවි ජනතාවට කියා දීමටත් පෙරමුණ ගත්තේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න රට පුරා ගොවි දිස්ත්‍රික්කවලට යමින් ගොවි ජනතාව හමුවී ගැටලු සාකච්ඡා කරමින් එම ගැටලු ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමේ අතරමැදියා බවට පත්විය. ඇතැම් රූපවාහිනී සංවාදවල දී නාමල් කරුණාරත්න විසින් සේනා දළඹුවා මර්දනය කිරීමේ පියවර කිහිපයක් ද යෝජනා කරන ලදී. මුල් අවස්ථාවල දී එම යෝජනා ඇතැම් පිරිස් විසින් බැහැර කළ ද එක් රූපවාහිනී වැඩසටහනකින් අනතුරුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා නාමල් කරුණාරත්නට කීවේ “හොඳ යෝජනා ටිකක්නේ ඔබතුමා ඉදිරිපත් කෙරුවේ. ඇත්තටම මේවා ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න පුළුවන්” යනුවෙනි. කෙසේ වෙතත් සමස්තලංකා ගොවි ජන සම්මේලනයේ විධායක සභාව පසුගිය 31 වෙනිදා පැවැති අතර එහිදී ද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.
මේ අතර ජෛව ජනන තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල ද බස්නාහිර පළාත තුළ සේනා දළඹුවා මර්දනය කිරීමේ වැඩසටහනක් දියත් කළේය. පළාත් සභා මට්ටමින් නිලධාරීන් සමඟ සාකච්ඡා කොට මේ වැඩසටහන දියත් කිරීමට ඔහු මූලිකත්වය ගත්තේය. බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා සහභාගි නොවුණ තත්ත්වයක් තුළ එම රැස්වීම්වල මුල් පුටුව ගත්තේ ද අශෝක රන්වල ය. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීම ලබාගැනීම සඳහා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මැදිහත් විය.
වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000/=ක් දක්වා වැඩිකර ගැනීමේ සටන පුළුල් සහභාගිත්වයකින් පැවතුනත් වතු වෘත්තීය සමිති නියෝජනය කරන, ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරයෙක් වන වඩුවෙල් සුරේෂ් සහ තොණ්ඩමාන් හිටපු ඇමතිවරයාගේ පාර්ශ්වයන් විසින් රු.700/= එකඟතාවකට පැමිණ තිබේ. කෙසේ වෙතත් මේ සටන අතනොහැර ඉදිරියට ගෙන යෑමට ජවිපෙ වෘත්තීය සමිති තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ වෘත්තීය සමිති නායකයන් සහභාගි වූ රැස්වීමක දී කතාබහට ලක්විය.
“වතුකම්කරුවන්ට රුපියල් 1000/= දිනාගැනීමේ සටන් පාඨය ගෙනාවේ අපේ වෘත්තීය සමිති. රාජ්‍ය සේවකයන්ට රු. 10,000/=ක් දිනාගැනීමේ සටනට සමගාමීව තමයි වතුකම්කරු සටන අපි පටන් ගත්තේ. ඒ වෙලාවේ දෛනික වැටුප 450යි. හැමෝම කිව්වා 1000/= සටන් පාඨය වැඩියි කියලා. 10,000/= සටනටත් ඒකම තමයි කිව්වේ. එහෙත් අපේ වෘත්තීය සමිති වැඬේ අතහැරියේ නෑ. ඒ සටන තමයි අද වර්ධනය වෙලා ඇවිත් තිබෙන්නේ.” ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත කීවේය.
“පාර්ලිමේන්තුවේ ජවිපෙන් ගෙනාපු රුපියල් 1000/= සටන ගැන කල්තැබීමේ විවාදය ගැන ලොකු කතාබහක් ඇති වුණා. ඒ වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් අයත් පිළිගත්තා දිනක වැටුප 1000/=ක් කිරීම සාධාරණයි කියලා. එහෙත් ආණ්ඩුවේ ඉන්න වෘත්තීය සමිති නායකයන් කියාගන්නා ඇමතිලා සටන පාවා දුන්නා රු. 700ට.” සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් කීවේය.
“අපි සටන අතහරින්න ඕනෑ නෑ. අපි මේ සටන දිගටම ගෙනියන්න ඕනෑ. දැන් අයවැයත් එන නිසා මේ සටන් පාඨය අපි අතහරින්න හොඳ නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ සටනත් අපි තීව්‍ර කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනෑ” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කීවේය.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ ඡන්ද දෙකක් මේ වසරේ