දහසය වසරක් නික්ම ගියත් එවන් ඛේදවාචකයක් සිදුවූ බව කිසිම ශ්‍රී ලාංකිකයකුට මනුෂ්‍යත්වය පිළිබඳව හැඟීමක් ඇති කිසිවකුට කෙදිනකවත් අමතක කරන්නට නොහැකි බව අපි විශ්වාස කරමු. දෙදරුම් හඬින් සලිත වූයේ අහස පොළොව පමණක්ම නොවේ. ඒ මොහොතේ කොළඹ මහ බැංකු පරිශ‍්‍රයේ සිටි සෑම කෙනෙකුම ඒ මහා විපත්තිය පිළිබඳව ඇසූ සෑම කෙනකුම මොහොතකට තුෂ්ණිම්භූත විය. කම්පිත විය.1996 ජනේරුව ගෙවී යන්නට තිබූ අවසන් දිනයේදී මහා මිනිස් ඝාතකයකුවූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයේ තවත් ඉලක්කයක් ඉටුවිය. ඒ කිලෝ දෙසිය පනහක් බර පුපුරණ ද්‍රව්‍ය ඇටවූ ලොරියක් මහ බැංකු පරිශ‍්‍රයේ පුපුරුවා හැරීමෙනි. අප‍්‍රමාණ වූ ලේ දහරා සෝ සුසුම් මැද මිනිස් ජීවිත 90ක් මරණයට ගොදුරු වූයේත් 1400 කට වැඩි පිරිසක් තුවාල ලද්දේත් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මිනිස් ඝාතකයාගේ මනදොළ සපුරමිනි. යළි යළිත් මතක් කරන්නට නොහැකි තරම් නීරස ඒ යටගියාවේ අප‍්‍රසන්න මතකය දරාගෙන ජීවත්වෙන එදා මහ බැංකුවේ සේවය කළ සේවකයන් දෙදෙනකු සමග අප කතා කළේ එදා විඳි කම්පනය අදටත් අපේ හදවත්වලටද දැනෙන හෙයින්මය. කතාබහ අතරතුරදී ඔවුන්ගේ කටහඬ හැඬුම්බර විය. සේපාලිකා අරුණසිරි මහත්මිය එදා මහ බැංකුවේ නිලධාරිනියකි. කතා බහ අතරතුරේදී ඇය ඉකි ගසා හැඬුවාය. ඒ හැම කඳුළක්ම ඒ අතීත අඳුරු මතකය හා යාව තිබුණි. මට මතක විදිහට ඒ වෙද්දි වෙලාව උදේ 10.45ට විතර ඇති. වැඩකර කර ඉද්දි යමක් පුපුරනවා වගේ ශබ්දයක් ඇහුණා. එතකොට අලූත් ගොඩනැගිල්ලක් හදමින් තිබුණේ. මට මතකයි කවුරු හරි කීවා ඒ එහි ගල් පුපුරණ ශබ්දය කියලා. ඉන් එහා මට මතක නෑ. මම බිම වැටිලා ඉද්දි මට කවුරු හරි මගේ දිහාට ඇවිදගෙන එන සපත්තු අඩි ශබ්දය ඇසුණා. ඒත් එක්කම ”ඩෙත්” කියලා කියනවත් ඒ අඩි ශබ්දය ඈතට ගියාත් මට මතකයි. ඊට පසුව මට මතක මා කොළඹ ජාතික රෝහලේ ඇඳක් උඩ ඉන්නවා. මගේ මුළු ඇඟම මූණම වෙළුම් පටිවලින් වෙළලා මට දැනුණා. ඒත් එක පාරටම ඒ ඇයි කියන්න මට හැඟීමක් ආවේ නෑ. මගේ ඇස් දෙකත් වෙළලා. මගේ ශරීරයේ ඇරලා තිබුණේ නාස් පුඩු දෙකයි යන්තම් තොල් දෙකයි විතරයි. දවස් ගණනකට පසුව තමයි මට මගේ ඇස් දෙක පේන්නේ නෑ. මාව සම්පූර්ණයෙන්ම වෙළලා කියන එක දැනෙන්න ගත්තේ. මගේ ඇස් දෙක වීදුරු කෑලිවලින් කැපිලා. දකුණු ඇහේ ස්නායුවලට හානි වෙලා. වෛද්‍යවරු පසුව කීවා ඔයාගේ දකුණු ඇහැ මැරිලා කියලා. ඇස් දෙක මුළුමනින්ම තුවාලයි. ඇස් වෙළලා පේන්නේ නැතිවුණාම මට මුලින් හිතුනේ මාව දාලා ඉන්නේ කළුවර කාමරයක කියලයි. ඒත් ඇයි මාව කළුවර කාමරයක දාලා ඉන්නේ කියලා. මට කල්පනාවක් නෑ. ඊට දවස් දහයකට විතර පසුව මාව ප්ලාස්ටික් සැත්කම් කරන වාට්ටුවට දාලා තිබුණා. ඒ ඉද්දි තමා බෝම්බයෙන් පසුව පළමුවැනි වතාවට මම කණ්ණාඩියකින් මගේ මූණ දැක්කේ. එතකොට ඇස්වල වෙළුම් පටි ඉවත් කරලා. මට පෙනුනා කියන්නේ නිකම් යන්තම් ඡායාවක් විතරයි මට පෙනුණේ. නාන කාමරයේ කණ්ණාඩියෙන් තමා මම දැක්කේ. වලාකුළු අස්සෙන් යකෙක් ඉන්නවා වගේ මම ඒ ඡායාව දැක්කේ. ඒ මොහොතේනම් මට දරාගන්න බැරි වුණා. එළියට ඇවිත් ඉර අව්ව බලන්න මට ශක්තියක් තිබුණේ නෑ. අවුරුදු දෙකක් විතර යන තුරු වරින්වර මගේ ඇස් දෙකෙන් වීදුරු කටු ගත්තා. මුලින් ගත්තේ ලොකුවට ඇනිලා තියෙන ටික විතරයි. සේරම එහෙම ගන්න ගියානම් ඇස්වලට හුඟාක් හානි වෙන නිසා වෛද්‍යවරු ඒ විදිහට වීදුරු කටු ඉවත් කරන්නෙ නෑ. ඇස් කෙවෙන්න අරගෙන කඳුළු එද්දී ඒ වීදුරු කටු ඇස්වලින් එළියට එනවා. ඒ වෙලාවට ඉක්මණින් ඉස්පිරිතාලයට යන්න ඕනෑ. ඒ ගියහම බෙහෙත් දාලා වීදුරු කටු ගන්නවා. මගේ කලවා පෙදෙසින් පවා ඒ විදිහට වීදුරු කටු ආවා. මගේ මූණම ලේ පිරුණු මස් වැදැල්ලක් බවට පත්වුණා. ඒ වෙද්දි මට අවුරුදු 35යි. මම ජීවත් වෙන්න ශක්තිය ලැබුවේ මගේ මහත්තයා සහ දරු දෙදෙනා නිසයි. ධර්මදාස ලියනගේ එදා ඇය සමග මහ බැංකුවේ රාජකාරි කළ නිලධාරියෙකි. ඔහුද අප හා කතා කළේය. ඒ වෙලාවේ මම හිටියේ පුස්තකාලයේ. මගේ ඔළුව පැළිලා කකුල් දෙකත් කැඩුණා. මට ඇවිදින්න බැරුව ගියා. ඇත්තටම මගේ ඔළුව පැලිලා තිබුණ විදිහට වෛද්‍යවරු පවා හිතුවේ මාව ජීවත් කරවන්න බැරිවෙයි කියලා. මොකද මට දවස් ගණනක් යනතුරු සිහිය ආවේ නෑ. දවස් විසි දෙකක් මම ඇස් ඇරලා නෑ. අතපය හොලවන්න බැරුව මම ඉඳලා තියෙන්නේ. අවුරුදු 16ක් වෙලා එදා ඒ ඇති වුණු ආබාධ නිසා මම අදටත් බෙහෙත් බොනවා. මේ එදා මහ බැංකු බෝම්බයට මුහුණ දුන් මහ බැංකුවේ සේවය කළ නිලධාරීන් දෙදෙනකුගේ අත්දැකීම්ය. ඒ අත්දැකීම් අප එලෙස සටහන් කළේ ඔවුන්ගේ වේදනාව පිළිබඳවද සටහනක් තැබිය යුතුම වූ හෙයිනි. මහ බැංකු බෝම්බය හා යාවුණු කිසිදා අමතක කළ නොහැකි ඒ අතීතය නැවත අපි කියවමු. 1996 ජනවාරි 31 වැනිදා අංක 42-6452 දරන බෝම්බ ඇටවූ ලොරිය ත‍්‍රස්තවාදීන් තිදෙනකුද සමග පැමිණි අතර බෝම්බ ප‍්‍රහාරයට පෙර ඔවුහු වෙඩි තැබූහ. සී 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 250ක ධාරිතාවක් ඒ ලොරියේ අන්තර්ගත විය. කොටි ත‍්‍රස්තවාදීන් මේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කළේ හරියටම පෙරවරු 10.50ටය. මහා පිපිරුම් හඬත් සමඟ සියල්ලෝම මොහොතකට සසල වූහ. මහ බැංකුවේ සේවක සේවිකාවන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී 28 දෙනෙක් සදාකාලික අබ්බගාතයන් බවට පත් කරන්නටත් ඒ අතරින් හත් දෙනෙක් සදාකාලික අන්ධයන් බවට පත් කරන්නටත් මේ ත‍්‍රස්තවාදී බෝම්බයට ”හයියක්” තිබිණි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සාපරාධි අපරාධ ලැයිස්තුවේ මුල් පෙළේ අපරාධයක් බවට පත්වූ මෙම මහ බැංකු බෝම්බයෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 90 ඉක්මවීය. තුවාල ලැබූ සංඛ්‍යාව 1400 කට අධික විය. සිදුවූ සමස්ත පාඩුව රුපියල් කෝටි 1500 ඉක්මවීය. එහෙත් භෞතික පාඩුව ඒ ලෙසින් ගණනය කළත් මිය ගිය, තුවාල වූ, අබ්බගාත වූ, ජීවත් වුවත් මිය ගිය උන් බවට පත්වූ අදටත් මැරි මැරී ජීවත්වෙන ජනතාවට වූ හානිය කෙදිනකවත් මුදලින් හෝ භෞතික කිසිදු සාධකයක් ඔස්සේ ගණනය කළ නොහැක්කකි. එදා මහ බැංකු බෝම්බයේ දසුන් රූපවාහිනී තිරය ඔස්සේ විකාශය කරද්දී ඒ දෙස බලා ගෙන සිටි ජනතාව කම්පිතව කඳුළු සැලූහ. දෑත් පපුවේ තබාගෙන වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හදවතක් නැති ත‍්‍රස්තවාදයට ශාප කළහ. ඒ ජනවාරි 31 වැනිදා මුළු කොළොම්තොටම ගිනි ගත්තේ යැයි සඳහන් කර තැබීම කෙතරම් නිවැරැදිද යන්න විවාදයක් නැත. මහ බැංකුවේ රාජකාරි කළ උදවියත් ඥාති හිතමිත‍්‍රාදීන් පමණක් නොව මේ ගැන ඇසු ඇසූ සියල්ලෝම ඔවුන් වෙනුවෙන් සංවේදී වූහ. ඇඬූහ. මේ අපේ රටේ මිනිසුන්ය යන හැඟීමෙන් ඔවුන් වෙනුවෙන් බුදුරජාණන් වන්සේගේත් දෙවියන්ගේත් සරණ යැද්දාහ. හැම කෙනකුම තමන්ට කළ හැකි යමක් වෙත්නම් ඒ දෙය ඉටු කරන්නට නොපැකිළුණහ. රාජකාරියේ නියුතු සෑම කාන්තාවක්ම පාහේ හැඳ සිටියේ සාරියයි. තට්ටු ගණනාවක් උස ගොඩනැගිල්ලක සිට මේ කාන්තාවන් පහළට ගැනීමේදී මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. ආරක්ෂිත හැම උපක‍්‍රමයක්ම ඔවුහු අනුගමනය කළහ. ගිනිදැල් නැගෙද්දී ඒ ගිනිදැල් මැද ඔවුහු මරණය පසෙකලා ජීවිතය ඉල්ලා සිටියහ. ජීවිතයේ හුස්ම පොද වෙනුවෙන් වෙහෙසුණු අතිශය සංවේදී දසුන් මොහොතකට සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් නතර කළ බව ඒ මොහොතේත්, ඒ මහා විනාශයට දහසය වසරක් සපිරෙන මේ මොහොතේත් අපට අමතක කළ නොහැක්කකි. ඇතැමුන් මරණය පෙනි පෙනී මරණය වෙතට නතුවූහ. පසුව කරන ලද පරීක්ෂණවලදී මේ මෙහෙයුම දියත් කළ රාජු නම් ත‍්‍රස්තවාදියාට කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ලබාදුන් රිදී සිහිවටනයත් හමුවිය. එහි මහ ත‍්‍රස්තවාදියාගේ ඇඟිලි සළකුණු සටහන්ව තිබුණි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රධාන ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් තිදෙනා මේ සාපරාධී කි‍්‍රයාවේ මූලික වරදකරුවන් බවට නිගමනය කරන්නට එය පැහැදිලි සාක්ෂියක් විය. පසුව ඝාතනයට ලක්වූ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා මහ බැංකු බෝම්බය සම්බන්ධ මෙම නඩුවේ නඩු තීන්දුව ලබා දුන්නේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සියලූ චංචල නිශ්චල දේපල රාජසන්තක කරමින් කොටි නායකයාට වසර දෙසීයක සිර දඬුවමක්ද තීරණය කරමිනි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නම් මහා ත‍්‍රස්තවාදියාගේ අවසානයෙන් පසු එය ඉවත් කෙරුණි. දහසය වසරක් ගෙවී ගියත් මහ බැංකු බෝම්බයේ ශේෂ වූ දුක්ඛදායී මතක අදටත් කන්දක් තරම් උසට ගොඩගැසී තිබේ. සැබැවින්ම වරෙක මැරි මැරී ජීවත්වෙමින් අදටත් ඒ අමිහිරි යටගියාව සිහිපත් කරන මහ බැංකු සේවක සේවිකාවන්ගේ කතාන්දර ඒ සඳහා හොඳම සාක්ෂියයි. එක් මොහොතකින් දෑස්, දෑත්, දෙපා පමණක් නොව ප‍්‍රකෘති සිහිය පවා අහිමි වූ තත්ත්වයකට පත්වීම දරාගත උසුලාගත හැකි දෙයක්ද? අදටත් නිහඬව ඔවුන් නගන ප‍්‍රශ්නය එය යැයි සිතේ.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ බැංකුවේ මහ බෝම්බයේ අමිහිරි මතක සටහන්