පසුගිය වසරේ දෙසැම්බර 23 වැනිදා රාත්‍රි 9.20ට ජෙනෝවා දුම් රිය ස්ථානයේන් මිලානෝ නුවර බලා පිටත්වන විශේෂ ශීඝ්‍රගාමි දුම්රිය බලාපොරොත්තුවෙන් මා නැවතී සිටියෙමි. මෙදින ඇඟ කිලි පොලායන සීත දෙශගුණයක් සහිත දිනක් විය.
සෙන්ටිග්‍රේඩ් අංශක රින 4 දක්වා උෂ්ණත්වය පහත බැස තිබිණි. දුරියට තවත් වෙලා තිබු බෑවින් මා අසල තිබු කෝෆි මැෂිමක් අසලට ගියේ කෝපි කෝප්පයක් මිලදි ගැනීම සඳහාය. ඔබට පුලුවන්ද මටත් කෝපි කෝප්පයක් අරන් දෙන්න? මා පිටුපසින් පැමිණි හැඩිදැඩි මිනිසෙක් මගෙන්ඇසීය.
මුහුණ පුරාම රෑවුල වවා තිබු ඔහු කුඩා ළමයින් බෙහෙවින් ආස කරන නත්තල් සීයා වැනිය. එහෙත් ඔහුගේ රැවුල මෙන්ම ඇද සිටි ඇදුමත් පාවහන් පවා දුර්වර්ණ වී තිබිණි. අත රැදි තරමක් වීශාල ගමන් මල්ලකි. මොහු යාචකයෙකු බවට අනුමාන කළ මම කෝපි කොප්පයක් ගෙන ඔහුට ලබා දුන්නෙමි.
ඔබට බෙහෙවින් ස්තුතියි. යාචකයා එසේ කීය. ඔහුගෙ ස්තුතිය පිළිගත් බවට ඇග වු මම අසල ගිමන් හලට ගියෙමි. ඒ අධික සීතලෙන් බේරීම සදයාය.
විනාඩි කිහිපයකට පසු යාචකයා ද මා අසලට විත් අසුන් ගත්තේය. ‘ඔබ මොන රටේද? ‘ ඔහුගෙන් පැනයකි. ‘මම ශ්‍රි ලංකාවේ.‘
‘ හරියට හරි මම නිකමට හිතුවා ඔබ ලංකාවේ වෙන්න ඇති කියා. මා තුන් පාරක් ලංකාවට ගිහින් තියෙනවා හරිම ලස්සන රටක් මම මේ වන විට රටවල් 14ක සංචරය කර තියෙනවා. ඒ අතරින් මම ආසම රට ශ්‍රි ලංකාව.
යුද්දේ ඉවර වුණා කියලා මම පත්තර වලින් දැක්කා. දෑන් රට දියුණු ඇති නේද? යුද්ධය තිබුනේ නැත්නම් ඔබේ රට ලොකේ දියුණුම රටක්. බලන බලන අත ස්වාභාවික සම්පත් වලින් පිරිලා රට වටේම සුන්දර මුහුද. ඒ හැම එකකටම වඩා වටින සම්පතක් ඔබේ රටේ තියෙනවා. ඒ තමයි තරුණ සම්පත.
මගේ රටේ රැකියා නියුක්ත තරුණයන් දහයකට විශ්‍රාමිකයින් හත් දෙනෙක් ඉන්නවා. ඒක රටක ආර්ථිකයට බරක්එ. ඔබේ රටෙ ඒ ප්‍රතිශතය බෙහෝ අඩුයි. තරුණ සම්පතින් හරියට වැඩක් ගත්තොත් එයම ඇති රටක් දියුණු කරන්න.‘
යාචකයා කියන දෙයින් මා තැති ගෙන සිටිමි. මෙවන් පුද්ගලයකු යාචකයකු විය හැකිද? නැතහොත් මොහු රහස් පරික්ෂක වරයෙක්දැයි මා සැක කළෙමි.
‘මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද?‘
‘ඔව් අහන්න.‘
‘ඇත්තෙන්ම ඔබ කව්ද? මම ඔහුගෙන් ඇසීමි.
‘මා ගැන ඔබට කියන්න බොහෝ දේ තියෙනවා. ඔබට වෙලා තියෙයිද? ‘
‘ඔව් මට තව වෙලා තියෙනවා.‘
යාචකයා ජැකට් සාක්කුවට අත දමා කුමක් හෝ සොයයි. ඔහු හැදුණුම්පතක් ගෙන මා අත තැබීය. සොප්‍රානා මර්තින් අවුරුදු 58යි. නාවික ඉංජිනෙරු ජෙනෝවා වරාය අධිකාරිය එහි සටහන්ව තිබිණි. ඉංජිනේරුවකු වු මොහු යාචකයකු වුයේ කෙසේද? මා හට සිතිමට පවා නොහැකිය.
‘ඇයි ඔබට මෙහෙම වුණේ?‘ මාගේ පැනයට දුර්වර්න රැවුල අතරින් අහිංසක සිනාවක් පෑ ඔහු මෙසේ කීය.
‘මට හොදට සල්ලි තිබුණා. අම්මා තාත්තා මගේ බිරිද මගේ පුංචි පුතා එක්ක අපි හැමෝම සතුටින් ජිවත් වුණා. මීට අවුරුදු හතකට කලින් මගේ බිරිද රිය අනතුරකින් මිය ගියා. ඇය ගුරුවරියක් . එක හරිම වේදනාවක්. ඒ වේදනාව යටපත් කරගෙන මමත් මගේ අම්මත් තාත්තත් අවුරුදු තුනේ පුංචි පුතත් අලුත් ජීවිතයක් පටන් ගත්තා.
ඒ මූසල දවසේ අපි එකට වාහනයෙන් ගමනක් යමින් සිටියා. එය දෙවැනි පෙළේ අධිවේගී මාර්ගයක්. මගේ පුතා අඩන්න ගත්තා එයාට වැසිකිලි යන්න ඔනෑ කියා. පාරෙන් එහා පැත්තේ තිබුණ කෝපි හලකට යන්න කියා මම මොටර් රථය නැවැත්තුවා. අම්මයි තාත්තයි පුතා මැදි කරගෙන විගහට පාර පැන්නා.
නළාව ගහගෙන අධික වේගයෙන් ආ විශාල ලොරියක් ඒ තුන් දෙනාව යටකරන් ගියේ මගේ ඇස් ඉදිරි පිටමයි. මගේ ජිවිතේ සියලු දේ මට නැතිවුණා.
අපි මධු සමය ගෙවන්න ගියේ ලංකාවට මාසයක් එහේ හිටියා. මගේ බිරිද ගොඩාක් ආසයි ඔබේ රටට. මධුසමය ගෙවා අපි ඉතාලියට එනකොට මගේ බිරිද අම්මා කෙනෙක් වෙලා. ඒ මූසල ගෙදර අතහැර මා පාරට බැස්සා. මට මට භෞතික දේවලින් වැඩක් නැහැ. අද මම නාදුනන මිනිස්සු එක්ක මේ විදියට ජිවත් වෙනවා.
අද මෙතන හෙට තව තැනක. මුදල් නැතිව දුම් රියේ යනකොට ටිකට් පරික්ෂකලා මා බස්සන තැන මගේ නැවතුමයි.‘
ගල් ගැසී ඔහුගේ කතාව අසා සිටි මා පියවි සිහියට පැමිණියේ දුම්රිය තුන්වන වෙදිකාවට පැමිණි පසුය.
පසුගිය දිනක මා මිලානෝ සිට පාදෝවා බලා අධිවෙගි දුම්රියෙන් පැමිණෙමින් සිටියෙමි.
දුම්රිය බ්‍රේසියා නැවතුමෙන් නවත්වා නැවත සෙමින් ගමන් ආරන්භ කැරිණි. ජිවිතේ තමන් ආස කල ආදරය කළ සියලු දේ නැතිවුණු භෞතික දේ අතහැර යාචකයකු බවට පත් වු මෙම සොඳුරු උගත් යාචකයා වේදිකාවේ බංකුවක් මත ඉදගෙන සිටිනු මා දුටුවෙමි. ඔහුගේ කිසිවක් වෙනස් වි නොමැත. දුර්වර්ණ රැවුල කාලෙකින් නොපීරෑ හිසකෙස් එසේමය. කඩ මල්ලද ඔහු අසලම විය. හැරමිටියක් වැනි ලී දණ්ඩක් බංකුවට හෙත්තු කොට තිබිණි. ජිවිතයෙ කෙදෙනක හෝ මෙම සොදුරු යාචකයා මා හට නැවත මුණගැසෙනු ඇත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙහෙමත් ජීවිත
නිමල් Saturday, 14 September 2013 02:33 AM
මෙවන් විපත් කිසි කලෙක කිසිවිටක කිසිම කෙනෙකුට නොවේවා! මේ මගේ ප්‍රාර්ථනාවයි...... (නි)
ඩොන් Saturday, 14 September 2013 04:39 AM
ලංකාව හරිම සුන්දරයි. ඕස්ට්‍රේලියාවේ සැළයකට ගියත් කන්න පළතුරක් නැහැ. ලංකාවේ එහෙමද? (නි)
ජයී තිසර Wednesday, 11 September 2013 02:45 PM
දුක්බර කථාවකි. පටාචාරා චරිතයන් අතීතයේ පමණක් නොව වර්තමානයේද ඉතාමත් දියුණු රටවලද නිතර නිතර දකින්නට ඇත. සුන්වූ බලාපොරොත්තු ඇති මනසක් වියරු වැටීමෙන් වලක්වා ගැනීමට විශාල ආත්ම ශක්තියක් නැතිනම් ජීවිතයේ අතරමං වේ. භෞතික දේවල් පමණක් නොව බොහෝ විට ජීවත්වීමද එපා වේ. ඔහුගේ සත්‍ය නෑදෑ හිතමිතුරන් මේ අවස්ථාවෙදී ඔහුව මේ විපතින් ගලවා ගත යුතුයි. මා සිතන්නේ ඔහුගේ ජීවිත කළකිරීම මෙහි ඇති විශාලම ප්‍රශ්නයයි. (ස)
ශශිනි Friday, 13 September 2013 02:46 PM
මම නම් කැමති නැහැ යාචකයා කියනවට (නි)
රූපවතී Saturday, 14 September 2013 11:39 PM
ඔහුට සැනසීම ලැබේවා...! හිතට වේදනාවත් සමග නෙතට කදුලක් ආවා,,ඒ ලිපිය කියවද්දී ...? (නදී)
දිල් Friday, 13 September 2013 07:32 PM
බුදු දහමින් ඔය ප්‍රශ්නයට නියම පිළිතුර තිබෙනවා. අපේ බෞද්ධයොත් වයසට යනකම්ම ඉන්නවා ධර්මාවබෝධය ලබා ගන්න. (නි)
දුලා Monday, 23 September 2013 05:23 PM
සමහර විට බලපොරොත්තු නැති ඒ ජිවිතේ ගොඩක් හොදයි (නි)
තුෂාර Thursday, 12 September 2013 11:14 AM
අපේ ජිවිත අස්තිරයි ඕක සාමාන්‍ය දෙයක් (දී)
තරු Thursday, 12 September 2013 11:14 AM
තිසර හරි (දී)
පෙරේරා Wednesday, 11 September 2013 11:45 PM
වෙලාවකට ජීවිතේ හරිම සුන්දරයි ඒ වගේම ගැඹුරුයි .........ඔය වගේ කතා අනන්තයි ඉතාලිය කියන්නේ ලස්සන රටක් හැබැයි මගේ රට වගේ නෙමෙයි ,,,,,,,,,,,,,ඔය වගේම කෙනෙකුට මම හැම උදේම කෝපි කෝප්පයක් දුන්නා ....උදේ පාන්දරම මම රෙස්ටුරන්ට් එක අරිනකම් බලන් ඉන්නවා හොඳටම හීතලේ ...........නමුත් දැන් කාලෙකින් අවේ නැහැ .........පුදුම ජීවිත ........ (අ)
නිශාන්ත -නාපොලි නගරය Monday, 16 September 2013 05:15 PM
මම නම් බුදු දහම නම් දර්ශනය ගැන ඒ අහිංසක මනුස්සයට කියලා දෙනවා .ඔහුගේ දුක වේදනාව තරමක්වත් තුනීවෙන්න.කාට හරි ආයෙත් හම්බ වුනොත් ඒ දෙය කරන්න. ඒක මහත් පිනක් (නි)
චන්ද්‍රා Thursday, 12 September 2013 12:33 PM
ජිවිතයේ අනිත්‍ය දකින කෙනෙකුට මේක හොද කමටහනක් , හේතුපල දහම මේකයි , ජිවිත අවබෝධ කරගැනීමට උතුම් භාවනාවක් වේවා (දී)
මැනුවෙල් Sunday, 22 September 2013 10:51 PM
ඒ මනුස්සයාව අපේ රටට ගෙනල්ලා සළකලා උගතාගෙන් වැඩක් ගත්තානම් හරි (නි)
නදුන් Thursday, 19 September 2013 06:22 PM
දුප්පත් පොහොසත් භේදයක් නැහැ, බඩගින්න කාටත් පොදුයි (නි)
බුද්දික Wednesday, 11 September 2013 05:43 PM
හරිම දුක හිතෙන කතාවක්. මමත් ඉන්නේ ඔය කියන පැත්තක තමා. (නි)
දිසානායක Saturday, 14 September 2013 07:36 PM
අපි ඒ අතින් වාසනාවන්තයි. මොකද අපිට නිර්මල බුදු දහමේ සුවද ආග්‍රාහණය කරන්න පුළුවන් පරිසරයක උප්පත්තිය ලබලා තියනවා. කුඩා කල සිටම දහමට නැඹුරු විය යුතුයි. එවිට ජීවිතය පිරිපුන් බව හැගෙනවා. යම් වැටීමක් වූ කල නැගී සිටීමේ ආත්ම ශක්තිය බුදුදහම තුලින් මනස පොසණය කරනවා. මහලු වී මනසේ ක්‍රියා කාරිත්වය අඩපන වූ විට දහමට නැබුරුවීම නිෂ්පල දෙයක්. ලද මනුස්ස ආත්මයට වටිනාකමක් ලබා ගැනීමට සියලු දෙනා විර්‍ය ගත යුතුයි. සියලු දෙනාට තෙරුවන් සරණයි.(නදී) .
රූමි Wednesday, 11 September 2013 12:35 PM
මෙලොව කිසිවෙකුටත් මෙවන් දෙයක් සිදු නොවේවා...... (ස)
හිමාෂි Saturday, 14 September 2013 08:00 PM
ඇයි මෙහෙම උනේ ? කිසිම දවසක කාටවත් මේ වගේ දෙයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.(නදී)