IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාව

(දයාරත්න ඇඹෝගම)

මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන්  අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති.

මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ.

එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද එම ගොවිහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු ඉවුර,පේමඩුව,පදිංචි ආර්.එම්.නන්දසේන(48) ගොවි මහතා මෙසේ පැවසිය.

‘අධික මිල ගනන් යටතේ පොහොර ලබාගෙන තමයි වට්ටක්කා වගාව සිදුකළේ. මේවන විට තඹුත්තේගම,දඹුල්ල ආර්ථික මධ්‍යථාන වල වට්ටක්කා සදහා ඉහළ මිලගනන් පවතිවා.කිලෝව රැපියල් 170 කට වගේ අලෙවි කරගන්න පුලුවන්.’රාජා’ වර්ගයේ වට්ටක්කා කිලෝවක් රැපියල් 170.00 කටත් අනෙක් එවා රැපියල් 150 කට හා 160 ක් වැනි මිලකටත් අලෙවිකර ගන්න පුළුන්.එහෙත් එවා වෙළදපලට රැගෙන යන්න වාහන වලට ඉන්ධන නැහැ’.

සමහර ව්‍යාපාරිකයන් වට්ටක්කා රැගෙන යන්න තම් ගම්වලට පැමිනෙන බවත් ඔවුන් එවා අඩු මිලට ඉල්ලන බවත් ගොවිහු චෝදනා කරති. එම නිසා තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනිම සදහා වෙළදපලට රැගෙන යාමට මැදිහත් වන ලෙස ඔවුහු බලධාරින් ගෙන් ඉල්ලා සිටිති.

විලච්චිය, තන්තිරිමලේ වැනි ප්‍රදේශවල දැනට ඇති වට්ටක්කා තොග පිළිබඳව හා ඒවා ප්‍රවාහනයට යොදා ගන්නා වාහන පිළිබඳ තොරතුරු විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගෙන

එම ඵලදාව ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට එම ගොවීන්ට සහය වීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසිය.

මේ පිළිබඳ තොරතුරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙත යැවිමට පියවර ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවසිය.

 



අදහස් (3)

මහවිලච්චියේ වට්ටක්කා ගොවියන්ගේ අඳෝනාව

lakvidu Tuesday, 19 July 2022 04:27 AM

ඒ්ත්, මන්ත්‍රීලටනම් චන්‌දෙ දෙන්න එන්න හමුදාවෙන් පෙට්‍රල් දෙනවලු.

:       0       0

Jaya Tuesday, 19 July 2022 10:26 AM

ඉන්ධන නැති හින්දා මේ සැරේ සාධාරණයි. ඒත් අපිට මේක නිතර අහන්න ලැබෙනවා. ඇයි මේ ගොවියන් සමූපකාරයක් හදාගත්තේ නැත්තේ? එකතු වුණොත් වාහනයක් කුලියට අරන් ආර්ථික මධ්‍යස්ථානයකට ගෙනියන්න පුළුවන්...

:       0       7

saman Friday, 22 July 2022 12:55 PM

පොහොර නැතුව සාගතයක් එයි කිව්ව නේද... මෙ අස්වැන්න දිහා බලපුවහම හිතෙනව ඒක බොරුවක්ද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1829 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10677 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 511 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 883 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 938 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 479 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site