දඹානේ වැදි නායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ ආශීර්වාද මැද විදේශීය කතක් වූ විවේකා සමග ස්විට්සර්ලන්තයට ගිය වන්නියලෑ ඇත්තෝ ජගත් ආදිවාසී සමුළුව අමතා මව්බිමට පැමිණ වසර 2ක පමණ කාලයක් ගතවිය. එහෙත් රැහේ අයට වනය තුළ වැදි සංස්කෘතියට අනුව නිදහසේ ජීවත්වීමේ අයිතිය නොලැබුණේය. මේ පිළිබඳව නායක තිසාහාමි අපමණ සංවේගයට පත්ව සිටියේය. සියවසක් ජීවත් වූ ඔහුගේ කායික ශක්තියද දිනෙන් දින පිරිහීමට පත්විය. පියාගේ සිහිනය සැබෑ කරන්නට ගත් සියලූ උත්සාහ සඵල නොවූයෙන් වන්නියල ඇත්තන් ද පසුවූයේ කනස්සල්ලෙනි. 1998 මැයි 28 වැනිදා සිදුවූයේ කුමක්ද? නගරයේ මිනිස්සු වැල නොකැඞී වැදි රාජධානියට ඇතුළුවෙමින් සිටියහ. වෙනදා තම පැල්කොටේ ඉස්තෝප්පුවේ මැටි පොළවේ වාඩි වී මග බලමින් සිටි කිරුළ නොපලන් දඹානේ වැදි රජු එදා පෙනෙන්නට සිටියේ නැත. ඒ වනවිටත් වැදි රජුගේ දේහය තියුණු ආයුධවලට හසුවී තිබිණ. අගුපිලේ මුල්ලක වන්නියලෑ ඇත්තෝ නිහඬව බලා සිටියේය. ඔහුගේ දෙනෙත් කඳුළින් පිරී තිබුණේය. ”මොනව කරන්නද මෙච්චර දෙයක් වෙලත් නිදහසක් නැහැ. අපේ සංස්කෘතියට අනුව නම් ‘මිනියක්’ කපල කොටල මෙහෙම වද හිංසාවට පත් කරන්නේ නැහැ.” වන්නියලැ ඇත්තෝ බිඳුණු ස්වරයෙන් කියනු ඇසිණ. රජයේ උසස් නිලධාරීහුද දඹානට ආවෝය. වැදි රජුගේ පැල්පත ඉදිරියේ තුරු සෙවණක ඉඳගෙන දැන් කතා කරන්නේ ඉහළම පැලැන්තියක අවමඟුලක් ගැනය. ”අපි මේ අවමඟුල ඉහළින්ම කරන්න ඕනෑ. රජයේ අදහස ඒකයි. බොහොම වටිනා මිනී පෙට්ටියක් අපි ගේනවා” නිලධාරියෙක් පැවසීය. ”නැහැ... අපි එහෙම කරන්නේ නැහැ. ‘හික්’ ගහේ පොතුවලින් මිනී පෙට්ටිය අපේ අයම හඳනවා. වන්නියලෑ ඇත්තෝ බිම බලාගෙනම නිලධාරීන්ට කීවේය. ‘එහෙමද?... දැන් හැම පැත්තෙන්ම නැදෑයන් ඒවිනේ... අපට පුළුවන් ඒ අයට කෑම බීම සපයන්න.” නිලධාරිහු පැවසූහ. ”නෑ... නෑ... මට පුළුවනි අපේ අයට කෑම දෙන්න. ඒක අපේ සම්ප‍්‍රදාය වන්නියල ඇත්තෝ බිම බලාගෙනම කීවේය. ”කොහොමද? සුදු කොඩි බැනර්, මඟ සැරසිලි මල් වඩම්?” නිලධාරියෙක් ප‍්‍රශ්න කළේය. ”අප්පිල ඇත්තෝ මට කියල තියෙන්නේ පරිසරයට හානිවන කිසිවක් කරන්න එපා කියලයි.” ”අපොයි එහෙම කරන්න බැහැ. දේහය පෙරහරෙන් මහියංගනය ටවුමට අරන් ගිහින් මහජන කී‍්‍රඩාංගනයේ දී ආදාහනය කරලා. අළු ගෙනැත් දඹානේ තැන්පත් කරන්නයි අපි හිතාගෙන ඉන්නේ...” ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක් කීවේය. වන්නියලැ ඇත්තන්ගේ මුහුණ අඳුරු විය. ඒ අදහසට කිසිවක් නොකීවත් දැඩි අප‍්‍රසාදය ඉරියව්වලින් පෙනිණ. බැනර් සුදු කොඩි ගැන යළි කතා බහට ලක්වෙද්දී වන්නියලැ ඇත්තන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. ”ඔහේලට ඕනෑ සැරසිල්ලක් අපේ සීමාවෙන් එහා. මෙහේ ඒවා කරන්න එපා. ඒක අප්පිල ඇත්තන්ගේ නියමය.” කතාව එතැනින් අවසන් විය. එහෙත් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මෙම අවමඟුල් උත්සවය කිරීමට ඉහළින් කතාවෙමින් තිබිණ. තිසාහාමිගේ වරිගේ ඇත්තෝ ඒ වන විට කැලෑවට ගොස් ‘හික්’ ගසක් පොතු ගසමින් සිටියහ. අඟල් 1/2ක් පමණ ඝනකම ඇති හික් පොත්තෙන් අපූරු මිනි පෙට්ටියක් නිර්මාණය විය. පට්ට හතර වටේට තබා වැල්වලින් ගැට ගසා යට තට්ටුවද එලෙසින්ම නිර්මාණය කර තිබිණ. අවමංගල්‍ය ශාලාවකින් පැමිණ බටහිර ක‍්‍රමයට බේත් ගැල්වූ වැදි රජුගේ මෘත දේහය එම මිනීපෙට්ටියේ තැන්පත් කෙරිණ. ”අපේ සම්ප‍්‍රදාය අනුව හික් ගහේ පොතුවලින් හැදු පෙට්ටියක තැන්පත් කළාම ඒ ඖෂධීය ගුණය නිසා මිනිය නරක් වෙන්නේ නැහැ.” ”අප්පිල ඇත්තෝ කියලා තිබුණේ. දිනක් ඇතුළත භූමිදාන කරන්න. ඒත් දඩයමේ කැලෑ වැදුන අපේ රැහේ අයත්, පිට ප‍්‍රදේශවල ජීවත්වන රැහේ අයත් එනකල් දින තුනක් තියා ගන්න මං හිතුවා. නිලධාරි මහත්තුරු ඒකට තව දිනයක් එකතු කළා. මිනිය නරක් නොවී තියාගන්න ඕනෑ කියල එම්බාම් කෙරෙව්වෙත් රජයේ නිලධාරි මහත්තුරු. වන්නියල ඇත්තෝ පැවසූහ. මේ යුග පුරුෂයාගේ අභාවය ගැන ජනමාධ්‍යවලින් විශාල ප‍්‍රචාරයක් ලැබිණ. සිරිලක සිව්දෙසින් ජනයා වැළ නොකැඞී දඹානට ඇදෙන්නට වූහ. පරිසරයට ආදර කළ ආදරණීය මිනිසකු බැවින් දුර බැහැර නොතකා අවසන් ගෞරව දැක්වීමට පැමිණි බව සමහරු පැවසූහ. තවත් සමහරු ජනමාධ්‍යවේදීන්ට පැවසූවේ මේ රටේ සිටි බොරු නොකී එකම නායකයා තිසාහාමි බැවින්. දුරබැහැර ගෙවා ගෞරව දැක්වීමට පැමිණි බවය. බොහෝ පිරිස් කණ්ඩායම් වශයෙන් පැමිණි නමුත් තනි තනිවම පැමිණි අයද දක්නට ලැබිණ. මධ්‍යම රජයත්, ඌව පළාත් සභාවත් ලෝබ නැතිව මෙම අවමඟුල සඳහා වියදම් කිරීමට සූදානම් වුවත්, වැදි ජනතාවට නම් ඒ වියදමේ අවශ්‍යතාවක් නොවීය. ”මම නම් හිතාගෙන හිටියේ වැදි සම්ප‍්‍රදායට අනුව සියලූ කටයුතු කරන්න. ඒත් දේශපාලනඥයන් හා නිලධාරින් කළ සියලූම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන්න හොඳ නැති නිසා ඒ අයගේ සහභාගිත්වයෙන් සොහොනේ දී උත්සවයක් කරන්න ඉඩ දෙනවා. නන්දෙසින් පැමිණි ජනමාධ්‍යවේදීන්ට වන්නියලැ ඇත්තෝ කියා සිටියහ. සංවිධායක මණ්ඩලයක් පත්කරන ලද්දේ රජයේ නිලධාරීන් හා දේශපාලඥයන් විසිනි. ඔවුන්ගේ මෙහෙයවීම යටතේ විදුලි ජනන යන්ත‍්‍ර (ජෙනරේටර්ස්) යොදා විදුලි බුබුළු ආලෝකයෙන් වනපෙත ආලෝමත් කළේය. ශාන්ත, සුන්දර. පරිසරයක තිබූ වැදි නායකයාගේ පැල්පත් මාලිගාව ඉදිරියේ තාවකාලික මඩුවක් ඉදිකර ශබ්දවාහිනී ප‍්‍රචාරක සේවයක් ආරම්භ කළහ. අතොරක් නැතිව ඇසූන ඒ යකඩ කටේ හඬ කන් කරච්චලයක් විය. පළමු දවස් 3 තුළ මේ නායකයාට ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනයා හැට දහස ඉක්මවා ගියේය. විශාල තදබදය ඇතිවූයේ අවසන් දිනයේ ය. ජනතාව පැමිණි කාර්, ලොරි, බස්, අත්ට‍්‍රැක්ටර්, පාපැදි, යතුරුපැදි නිසා දඹාන මාර්ගයේ විශාල තදබදයක් ඇතිවිය. වැදි සම්ප‍්‍රදායට අනුව නිවසේ දී කළයුතු අවසන් චාරිත‍්‍ර ඉටු කළේ වැඩිහිටි ආදිවාසීන් විසිනි. පොල්තෙල් හා දෙහියුෂ මිශ‍්‍රකර මෘතදේහයේ ගල්වන ලදී. වැදි රජුගේ මෘත දේහය සවස 2.30ට පැල්පත් මාලිගාවෙන් එළියට ගැනීමට සැලසුම් කර තිබුණද, අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනයාගේ අවසානයක් නොවූයෙන් තවත් පැය 2ක පමණ කාලයක් ඉවසා සිටීමට සංවිධායකයන්ට සිදුවිය. ජනතාව හැසිරවීම පොලිස් නිලධාරීන්ට පවා දුෂ්කර රාජකාරියක් විය. වරෙක පොලිස් නිලධාරීන් පවා තල්ලූ කර දමමින් ඉදිරියට ආවෝය. කෙසේ නමුත් කාලය පියඹා ගිය බැවින් අවසන් ගෞරවය දැක්වීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට අහිමි කරමින් මෘත දේහය පැලපතෙන් එළියට ගැනිම කි‍්‍රයාත්මක විය. වියැළුණ කැලෑ කෝටුවලින් නිර්මාණය කළ දෙනක් මත මිනිපෙට්ටිය තබා දෙන රැුහේ ඥාතීහු මහජන ගංගාව පීරාගෙන සාම්ප‍්‍රදායික වැදි අවමඟුල් පෙරහරට එක්වූහ. අවමඟුල් පෙරහර සොහොන් බිම බලා ගමන් කළේය. එය වැදි නායකයාගේ පැල්පතේ සිට හූවක දුරින් පිහිටි වැදි සොහොන් බිමය. අපේ ඇත්තන්ගේ වුවමනාවට සියක් නමක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වැඩම කරවා තිබිණ. කිතුණු පියතුමන්ලා සිව් දෙනෙක්ද, පැමිණ සිටියහ. මතක වස්ත‍්‍රය පූජා කරද්දී ආශ්චර්යමත් වැස්සක් ඇද හැළුණේය. දඹානට කිසිදා නොවූ තරම් ඉවසිය නොහැකි තරමේ දැඩි උණුසුමක් තිබූ මේ මොහොතේ විනාඩියක් පමණ කාලයක් තුළ වැටුණු දිය බිඳු කීපය කඳුළු බිඳු කීපයක් සේ දිස්විය. රජයේ හා විපක්‍ෂයේ දේශපාලනඥයෝ යකඩ කටින් කතා පැවැත්වූහ. සමහරුන්ට මෙය වැදි නායකයාගේ අවමඟුල් උත්සවය බව පවා අමතක වී ගුණ කතා මැදින් එකිනෙකාට පහර ගසන්නට උත්සාහ කළහ. වැදි ජනයා හෝ අවමඟුලට පැමිණි සෙසු ජනයා ඒ කතා පිළිබඳව කිසිම උනන්දුවක් නොදැක්වූවා පමණක් නොව, බොහෝ දෙනකුගේ දෝෂදර්ශනයට එම කතා බඳුන්විය. තිසාහාමි ඇත්තන් දෑස පියාගෙන මේ විපරීත දසුන් බලා සිටියා විය යුතුය. ඔහු මෙහි සිදු වූ බොහෝ දේ අනුමත නොකරන බවටද සැක නැත. මොල කළඳක් හෝ තිබූ පණ ඇති මිනිසුන්ගේද අදහස වූයේ මෙම අවමඟුල වැදි ජනයාගේ සංස්කෘතිය හා අභිමතය පරිදි කරන්නට ඉඩ දී සෙස්සෝ බලා සිටියානම් වඩා හොඳ බවය. සඳහටම දෑස් පියාගත් වැදි නායකයාගේ දේහය ඉදිරියේ දීම නව නායකයා රැහේ සාම්ප‍්‍රදායානුකූලව නිල ගැන්වීමට මෙහිදී සැලසුම් කර තිබිණ. ඒ සඳහා සුදුසුකම් ලබාසිටි ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ට හිටපු වැදිනායක පියාණන් (තිසාහාමි) පාවිච්චි කළ දුන්න හා පොරව භාරදීම රැහේ වැඩිහිටියන් අතින් සිදුවිය. තිසාහාමි නම් වූ පාරිසරික මිතුරා, වන රජා, මිහිදන් කෙරුනේ ඉන්පසුය. කෙසේ නමුත් ‘තිසාහාමි’ මිය ගියේ නැත. වන පෙතේ ගහකොළ, සතා සිව්පාවා අතර මෙන්ම රැුහේ ඇත්තන්ගේ හදවත් තුළ ඔහු තවමත් ජීවත්වන්නේය. (ලබන සතියට) වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුළු වනපෙතම හැඬූ දවසක්
ලියොන් ගුණවර්ධන Saturday, 13 December 2014 04:18 PM
මෙතුමාට නිවන් සුව පතමු! (නි)
ලියොන් ගුණවර්ධන Saturday, 13 December 2014 04:37 PM
ලක්මවට කීර්තියක් ගෙනදුන් මෙම ආදීවාසී ලක් පුතුන් අළලා ඔබ පිටුවේ ලිපි පෙළකින් පළකර ඇති විස්තර පොතක් වශයෙන් සිංහල සහ ඉංග්‍රීසි බස්වලින් පළකළොත් අප ආදිවාසීන්ගේ සංස්කෘතිය මුළු ලොවටම හෙළිකළ හැකි නොවේද? (නි)