IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යථාර්ථයෙන් පිටපැන්න අයවැයක්

ජාතික අයවැය යනු මුල්‍ය සැලැස්මක් විනා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවේ. විශේෂිත අයවැය යෝජනා සමස්තයක ස්ථාවර කොටසක් නොවන්නේ නම් ඒවා අර්ථ විරහිත තත්ත්වයට පත්වේ. අවාසනාවකට 2021 අයවැයේ අංග සමස්තයක නිශ්චිත කොටසක් ලෙස ගිනිය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම නායකත්වය ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනෙන්නට නැත.


2021 අයවැය කෙරෙහි දැක්වූ පාර්ලිමේන්තුවේ සහ ආයතනික ප්‍රතිචාර
2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2020 නොවැම්බර් 17 වැනිදාය. දැනුමත් අත්දැකීමත් සහිත විචාරකයන් කිහිප දෙනෙක් මෙම අයවැය සම්බන්ධව මෙසේ වාර්තා කළහ.
1. අයවැය යෝජනාවල බලපෑමෙන් ලැබෙන ආදායම පිළිබඳ සංඛ්‍යාත්මක ඇස්තමේන්තු එහි ඉදිරිපත් කර නොමැත. (උදා- බදු ප්‍රතිශෝධන හා බදු සහන හේතුවෙන් ලැබෙන හෝ අහිමවන ආදායම)
2.  අයවැය කතාවේ සහ සංඛ්‍යා ලේඛන වගුවල ඇති මූලික ඇස්තමේන්තුවල සංඛ්‍යා එකිනෙකට වෙනස්ය. එම වෙනස්කම් රුපියල් බිලියන 50- සිට බිලියන 70 දක්වා වෙනසකින් සටහන්ව ඇත.  (උදා- ආදායම් දැක්වෙන සටහන් රුපියල් බිලියන 1961 හා 2019 යනුවෙන් ද වියදම් දක්වන සටහන් රු.බි. 3525 හා රු.බි. 3594 යනු වෙන් ද වෙනස්ය.)
3.  අය වැය යෝජනා හා ඊට අනුබද්ධ සංඛ්‍යාත්මක ඉලක්ක අතර පැහැදිලිව දිස්වන නොගැළපෙන තැන් ඇත. (ඒවා පහත හුවා දක්වා තිබේ.)
කෙසේ වුවද 2020 දෙසැම්බර් 10 වැනිදා 2021 අය වැය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වී තිබේ.

මම ජාතික අයවැය රාශියක් අවුරුදු 15 කට වැඩි කාලයක් පශ්චාත් අයවැය සම්මන්ත්‍රණ වලදී ඇගයුම් කොට ඇත්තෙමි. රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප් කමිටුව) වෙතින් ද මේ වසරේ සහ පෙර වර්ෂයේ, ඔවුන් හට අයවැය විග්‍රහ කර ගැනීමට සහායවීම සඳහා මට ආරාධනා ලැබී ඇත.

මෙරටේ මූල්‍ය කළමනාකරණය කෙරෙහි මෙතරම් අපේක්‍ෂා භංගත්වයක් මට මින් පෙර කිසිදා දැනී නැත.

සමාගම් (ආයතනික) අංශයේ සමාජිකයන් ප්‍රසිද්ධියේ පළ කරන නිරීක්‍ෂණ වලින් පෙනී යන්නේ අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳ සිතුවිල්ලකින් ඔවුන් නොසන්සුන් වී ඇති බවය. නැතහොත් ඔවුන් පූර්ව නිගමනයකට එළඹ ඇති බවකි. ඔවුන්ගේ නිරීක්‍ෂණ ඉදිරිපත් කර ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරවලට දෙනු ලැබු බදු ඉවත් කිරීම් හා බදු සහන පිළිබඳව පමණකි. මාධ්‍යවල ප්‍රශ්නවලට පිළිතුරු දුන් එක් සමාජිකයෙක් පරස්පර ලෙස වදන් බිනුවේය. ඔහු කියන්නට පටන් ගත්තේ 2021 අයවැයෙන් තමන්ගේ අංශයට සහනාධාර වෙනුවට දිරිදීමනා දීම ගැන තමා කෙතරම් සතුටට පත්වන්නේද? යන්න ගැනය. එසේ කියා කට ගන්නටත් පෙර කොරෝනා කාලය වෙනුවෙන් තමන්ගේ අංශයටත් සේවකයන්ට සහනාධාර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. පුවත් පත් වලින් එම ප්‍රකාශය උපුටා ගෙන තිබිණි. කනගාටුවකට මෙන් සමාගම් අංශය කියන කතා එක හා සමාන ලෙස අර්ත විරහිතය. සමස්තය වැය බලා කිසිවකු අදහස් දැක්වූයේ නැත. අයවැය කතාවේ සංඛ්‍යා ලේඛන නොගැළපීම් ගැන සහ ඉදිරිපත් කරන ලද මුලෝපායන් ඔවුන් කි අරමුණට නොගැළපීම ගැනත් ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අතිශය අසීරු මූල්‍ය තත්ත්වය ගැනත් ඔවුහු කිසිවක් නොකීහ.


ශ්‍රී ලංකාව නව රජයත් සමඟ සන්ධිස්ථානයක
මෙය ජනතාවගේ ආශිර්වාදය ලබා පත්වූ 20 වැනි සංශෝධනයේ යටතේ බලගැන් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ඇති ප්‍රබල නව රජයේ කුළුදුල් අය වැය වූයේය.
ශ්‍රී ලංකාව තුළ පුමුඛතාව දිය යුතු අසිරු ප්‍රතිසංස්කරණ දියත් කරන්නට 2021 අයවැය දක්‍ෂ රජයකට හිමු වූ අද්විතීය අවස්ථාවකි.

කොරෝනා වසංගය විසින් නිර්මාණය කරනු ලැබූ නව ගෝලීය යථාර්ථය ඉදිරියේ ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සිඳී බිඳී ගිය ගෝලිය සම්බන්ධතා මෙම යථාර්ථය තුළ ඉස්මතුව පෙනේ. කොරෝනාවට පෙර පැවති ආර්ථික ක්‍රියාකාරකම් අස්ථාවරව පැවතීම එම යථාර්ථය තුළ කැපී පෙනෙන තවත් ලක්ෂණයකි.

ජනයාගේ දේශීය හා අන්තර්ජාතික ගමන් බිමන් භාණ්ඩ හා සේවා නිෂ්පාදන තව දුරටත් පෙර පරිදි පවත්වා ගත නොහැකිය. ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය දිය යුතු දැ මෙම යථාර්ථයට අනුකුලව සකස් විය යුතුය.

ශ්‍රී ලංකාව කඩිනමින් පහත සහන් කරුණුවලට ප්‍රමුඛත්වය දිය යුතු බව මම දකිමි.

• වසංගතයට අදාල සෞඛ්‍ය සහ සුබසාධන පහසුකම් සැපයීම සහ නොපැහැදිලි ආර්ථිකයක පැවතීම හා ණය අර්බුදය.
• ශ්‍රී ලංකාව දීර්ඝ කාලීනයේ ප්‍රමුඛතාව පහත සඳහන් ගැටලු වෙත යොමු කළ යුතුවේ.
• වඩා හොඳ ජීවන තත්ත්වයක් සොයමින් වාර්ෂිකව 200000- 300000 ක පමණ නිපුණ ජනකායක් විදේශ ගත වීම.
• පරිසර විනාශය කෙටි කාලයේ මුදල් ඉපයීම සඳහා වර්ෂා වනාන්තර අභය භුමි, වගුරුබිම් හා වෙරළ තීර විනාශ කිරීම.
• ආයෝජන ගාලා ඒම පහත මට්ටමක පැවතී,ම එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට වඩා අඩු මට්ටමක තිබීම.

2021 අයවැය යථාර්ථය නොතකා වසංගතයත් ප්‍රමුඛතාව දිය යුතු අනෙකුත් අංගත් නොසලකා හැර තිබේ.


අදාල නොවන අයවැය
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වූ සෞභාග්‍යයේ දැක්මේ මූලික අංග 10 ක් අන්තර්ගතයේ. එම මූලිකාංග ජනතාව, පරිසරය හා අන්තර්ජාතික සබඳතා යනුවෙන් කොටස් 3 කට බෙදා වර්ග කළ හැකි බව මට පෙනී යයි.

ජනතාව - ජනතා කේන්ද්‍රීය ආර්ථික වර්ධනය (6) තාක්‍ෂණය මත පදනම් වූ සමාජයක් (7) මුලදායී පුරවැසියෙක්, සශ්‍රික මානව සම්පතක්, (5) නීතිගරුක විනයගරුක ගුණගරුක සාධාරණ සමාජයක් (10) දූෂණ රහිත පරිපාලනයක් (3) ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛතාව.

පරිසරය - භෞතික සම්පත් සංවර්ධනය (8) තිරසාර පරිසර කළමනාකරණය (9)

අන්තර් ජාතික සබඳතා - රටේ ස්වෛරීත්වයට බාධාවක් නොවන මිත්‍රශීලී, නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක් (2) වර්තමානයේ ශ්‍රී ලංකාවේ යථාර්ථයට ගැළපෙන ඔවුන්ගේ දැක්මට අනුරූප ඇතැම් යහපත් දේ අයවැය කතාවේ අඩංගු විය. ග්‍රාමීය ප්‍රදේශ නැංවීම සඳහා සහාය කෘෂි සහ කුඩා පරිමාණ ව්‍යවසාය පරිසර සංරක්‍ෂණය, තාක්‍ෂණය ප්‍රවර්ධනය හා  වෘත්තීය පුහුණුව ආයෝජන නැංවීම, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම හා අපනයන වර්ධනය යනාදිය ඒ අතර විය. එසේ වුවද අය වැයෙන් මුදල් වෙන් නිරීමට අදාළ පනතේ සඳහන් වූයේ හාත්පසින් වෙනත් කතාවකි.

ජනතාව - ආරක්‍ෂක අමාත්‍යාංශය (රු.බි. 355) හා මහාමාර්ග (රු.බි. 330) වෙනුවෙන් මුළු වියදමෙන් සියයට 26 ක් (රු.බි. 2678 ක්) වෙන් කෙරිණි. ඒ අතර සෞඛ්‍ය සඳහා (රු.බි. 220) වෙන් කෙරුණේ කොරෝනා අර්බුදය මධ්‍යයේය. අධ්‍යාපන හා ඊට සම්බන්ධ අමත්‍යාංශ වලටත්, ඖෂධ උදෙසාත් දුරස්ථ අධ්‍යාපනය, තාක්‍ෂණ හා වෘත්තීය නිපුණතා හා අධ්‍යාපන ප්‍රතිසංස්කරන (රු.බි. 177) ආදි සියල්ලටත් වෙන් කෙරුණේ සමස්ත වියදම් වලින් සියයට 15 ක් පමණි. ග්‍රාමීය ප්‍රජාවට අයත් ජනයා වැඩිපුර සිටිය දී, මවුන්ගේ මූලික අවශ්‍යතා උදෙසා අමාත්‍යාංශ 15 ක් වගකිව යුතුව තිබිය දී (කෘෂිකර්ම, ධීවර හා සත්ව පාලන, වරිමාර්ග හා ජල සැපයුම්වලට අදාළව) ඒ සියල්ලටම වෙන් කොට ඇත්තේ සමස්ත වියදම් වලින් සියයට 10 ක් හෙවත් රු.බි. 262 කි. ශ්‍රී ලාංකීය සේවකයන්ගෙන් දළ දේශීය නිෂ්පාදිතයට වැඩි දායකත්වයක් දරනුයේත් අවිධිමත් අංශ විනා සමාගම් අංශ නොවේ.

ශ්‍රී ලංකාවේ ශ්‍රම හමුදාවේ සියයට 53 ක් වැඩ කරන්නේ අවිධිමත් අංශයේය.

ඔවුන්ට සමාජ ආරක්‍ෂණයක් නොමැත. සියයට 18 ක් වැඩ කරන්නේ රාජ්‍ය අංශයේය. විධිමත් පෞද්ගලික අංශයේ වැඩ කරන්නේ සියයට 29 ක් පමණි. එසේ වුව ද අයවැයට පෙරාතුව, වැඩිපුර බදු සහන දීමෙදීත් අයවැයන් දිරි දීම් ප්‍රදානය කරද්දිත් ප්‍රමුඛතාව දී ඇත්තේත්, සමාගම් වලටය.

අති බහුතරයක් ඔවුන්ගේ මූලික පරිභෝජන උදෙසා වක්‍ර බදු ගෙවීම නොකඩවා කරගෙන යති. එය 6 වැනි මූලිකාංගය සමග කොහෙත්ම ගැළපෙන්නක් නොවේ.

අධ්‍යාපන පද්ධතියේ පවතින නොගැළපීම්වලට විසඳුම් දීම සඳහා වූ තීරණාත්මක හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ උදෙසා සහ ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතා උදෙසාත් විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය, ගණිතය, විශ්ලේෂණාත්මක හා තාක්‍ෂණික නිපුණතා උදෙසාත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි මුදල් වෙන් කිරීම අවශ්‍යවේ. එසේ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෘත්තීය පුහුණුව පර්ෙ‌ය්ෂණ හා නවිකරණයේ උදෙසා ලැබී ඇත්තේ. රු.බිලියන 15 ක සොච්චමකි. (සමස්ත වියදම් වලින් 0.5 % කි.)

සේවක අතෘප්තිකර භාවයටත් වෘත්තීන්හි පුහුණු නුපුහුණු පුද්ගලයන් ශ්‍රී ලංකාව හැරයාමටත් පිළියමක් ලෙස කම්කරු නීති හා වැටුප් ව්‍යුහයේ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අර මුදල් අවශ්‍යවේ. එවැනි ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් නොකර දිගින් දිගට සිදුවන බුද්ධි ගලනය පුහුණු ශ්‍රමය විදේශයන් වෙත ගලායමක් නවතාලිය නොහැකිය. ඒ සඳහා මුදල් ප්‍රමාණවත් ලෙස වෙන් නොකිරීම 5 වැනි මූලිකාංගයට පරස්පර වේ.

පරිසරය - පරිසර කටයුතු සඳහා වෙන්කොට ඇත්තේ මුළු මුදල් වෙන් කිරීම් වලින් සියයට 3 ටත් අඩු ප්‍රතිශතයකි, හෙවත් රු.බිලියන 9 කි. එය ආරක්‍ෂක වියදම් හා මහාමාර්ග උදෙසා වෙන් කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයකි.

නිසි සැලසුමකින් තොරව කරන ඉදිකිරීම් අනවසර පදිංචි වීම් නීති විරෝධි ලෙස ඉඩම් අල්ලා ගැනීම් නීති විරෝධි දැව කැපීම් ජාතික උද්‍යාන විනාශ කිරීම, වියළි කලාපයේ වන වැස්ම වර්ෂා වනාත්තර වගුරු බිම් හා තෙත් බිම් ඉවත් කිරීම ආදී කටයුතු හේතුවෙන් පරිසරය දරුණු ගැටලුවකට මුහුණ දී තිබේ. යාල, විල්පත්තුව, සිංහරාජ, අනාවිලුන්දෑව, මන්නාරම, මොණරාගල සිදුවූ පරිසර විනාශය උදාහරණ සේ දැක්විය හැකි අතර මෑත කාලයේ සමාජ මාධ්‍යවල ඒ පිළිබඳ තොරතුරු සංසරණය විය. 8 සහ 9 මූලිකාංග පිළිබඳව මෙම අයවැයේ අවධානය යොමුකර ඇත්තේ කතාවෙන් පමණි.


අන්තර් ජාතික සබඳතා.
මෙම අයවැයෙන් විදේශීය ආයෝජකයන්ගේ දීර්ඝ කාලීන විශ්වාසය දිනා ගැනීමට හැකි වී නොමැත.

(පහත ඒ පිළිබඳව කරුණු හුවා දක්වා තිබේ.) ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දෙවැනි මූලිකාංගයෙන් විදෙශ ආයෝජන නැංවීම පිළිබඳව දක්වා තිබුණ ද අයවැයෙන් ඊට අවශ්‍ය පසුබිම් සකසා නැත.
සාරාංශයක් ලෙස 2021 අයවැයේ මුදල් වෙන්කිරීම් රජයේ දැක්මට හෝ ශ්‍රී ලංකාව කෙටි කාලයේ හා දිගු කාලයේ දී ප්‍රමුඛතාව දිය යුතු කාරණවලට ගැළපෙන්නේ නැති බව කිව යුතුය.
යථාර්ථවත් නොවු අයවැයක් වීම.

2021 අයවැයේ ඇස්තමේන්තු හා ක්‍රමෝපාය යථාර්ථවත් නොවන ඒවාය. උදාහරණයක් ලෙස අයවැයේ 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහන්ව ඇත්තේ - 1.6‌% ක් යනුවෙනි.

2021 එය +5.5% කි. නිළ වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට අදාල සංඛ්‍යා ලේඛන දෙසැම්බර් 15 දින මුදාහල අතර එය, 2020 මුල් කාර්තු උදෙසා සියයට 5.3 ක් වූයේය. කොරෝනා දෙවැනි රැල්ලත් සමග දළ දේශීය නිෂ්පාදිතය නියත වශයෙන් සියයට 5.3‌‌ ට වැඩි ප්‍රතිශතයකින් සංකේතමනය වනු ඇත. මෙයින් දළ දේශීය නිෂ්පාදිත ඇස්තමේන්තුවල යථාර්ථවත් නොවන ස්වභාවය ප්‍රශස්ථ ලෙස මතුව පෙනේ.

ආයෝජන ඇස්තමේන්තු ද ප්‍රශස්ථ ලෙස ඇස්තමේන්තු ගතකර ඇත. 2020 වසරේ දෙවැනි කාර්තුවට අදාලව නිකුත් දළ දේශීය නිෂ්පාදිතයේ (අඩුවීම) සංකෝචනය -15.3% ක් බව සඳහන්ය.

ඒවා නිකුත් කරනු ලැබුවේ මාස 3 ක ප්‍රමාණයකින් පසුවය.

නිල සංඛ්‍යා ලේඛන මුදානොහැර රඳවා තබා ගැනීමෙන් අහිමි වී යන දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බදු ඉවත් කිරීමෙන් හා දිරි දීමනා වලින් යළි ගොඩනැගිය නොහැකිය. ෆිච් (Fitch) සහ මුඩි (Moody) යන ග්‍රේණිගත කිරීමේ ආයතන දෙක මෑතක දී ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණියකට හෙළුවේ ආර්ථික කළමනාකරණය විවේචනයට ලක් කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස Citi Group තවත් ඈතට යමින් කියා සිටියේ රජයේ සැබෑව ප්‍රතික්ෂේප කරන බවය. දීර්ඝ කාලී ප්‍රතිඵල ගැන බැරෑරුම්ව සිතන ආයොජකයන්ට ශ්‍රේණිගත ආයතන වෙතින් ධනාත්මක වූ සංඥ අවශ්‍ය වේ.

උද්ධමනය සහ පෞද්ගලික අංශයේ ණය ව්‍යාප්තිය පිළිබඳ ඇස්තමේන්තු එකිනෙක නොගැළපේ. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුල්‍ය සහාය නොලබන බවයි. ඒ අතර අයවැය කතාවේ පැවසුවේ ද්වීපාර්ශවික ණය සහ දේශීය ණය ගැණුම් වලින් අයවැය හිඟය පියවාගත හැකි බවයි. මෙයින් පෙනී යන්නේ රජය, රාජ්‍ය බැංකු, සේ. අරමුදල, සේ භාරකාර අරමුදල ආදී දේශීය ප්‍රභවයන්ගෙන් ණය ගන්නා බවය. මේ දක්වා පෞද්ගලික ණය ඉල්ලුම පහත් මට්ටමක පවතින අතර පොලී අනුපාතිකය ද අඩු මට්ටමක පවතී.
පෞද්ගලික අංශයේ ඇස්තමේන්තුගත ප්‍රශස්ත ණය වැඩි වීම සියයට 14.7 කි. (2020 වසරේ සියයට 6 කි.) එය රජයේ ණය ගැනුම් ඉහළ යාම හා පහළ පොලී අනුපාතිකය හා එක් වූ විට එම ත්‍රිත්වය යහතින් ඒ ආකාරයෙන්ම පවතින්නේ නැත. ඊට විකල්පයක් ලෙස මුදල් අච්චු ගැසීම නිසා ඇස්තමේන්තු ගත උද්ධමනයටත් වඩා සියයට 5 කින් පමණ උද්ධමනය වැඩි වනු ඇත.
ආදායම ඔක්තොම්බර් දක්වා සැබෑ දත්ත අභිබවා ඇස්තමේන්තුගත කොට ඇත. දෙනු ලද බදු සහන බදු විරාම, බදු ඉවත් කිරීම් වලින් පසු මෙම දැවැන්ත ආදායම පවතින වාතාවරණය මැද ලැබිය හැකි බව පෙනී යන්නේ කෙසේ ද?

2021 අයවැයෙන් රාජ්‍ය අංශයේ වියදම් අඩු කිරීමට උත්සහයක් ගෙන නැත.

එය ප්‍රතිපත්ති ප්‍රකාශනය හා පරස්පරය. පවතින ඉහළ මට්ටමේ වියදම් සහ ණය ආපසු ගෙවීම් සමග අයවැය හිඟය, ඇස්තමේන්තුකර ඇති පමණට වඩා ඉහළ යන සෙයක් පෙනේ. අතීතයේ කළාක් මෙන් ආයෝජන අයවැයෙන් දක්වා නොදැනවුවහොත් ඉහත ප්‍රතිඵල නියතය.

යථාර්ථවාදී නොවූ ආර්ථික ක්‍රමෝපාය සහිත යෝජනා ආනයන ආදේශනය, අපනයන සහ ආයෝජන ප්‍රවර්ධනය උදෙසා දක්වා ඇත. ඒවා 70- 77 බණ්ඩාරනායක රජයේ දී සහ 77- 90 ජයවර්ධන රජයෙන් උත්සාහ කොට අසාර්ථක වූ ඒවාය. අතීතයේ දී සිත්ගන්නා සුළු කතා කියා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත් පියවර අවුරුදු 30- 50 ක කාලයකින් පසුව අනුගමනය කළ විට සාර්ථක වේද?

අවසාන වශයෙන් කිව යුත්තේ 2021 අයවැයෙහි සඳහන් ගණන් හිලව් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික හා මුල්‍ය තත්ත්වයට නොගැළපෙන ආර්ථික හා මුල්‍ය තත්ත්වයට නොගැළපෙන යථාර්ථවා දී නොවු ඒවා බවයි.

මේ අනුව මෙම අයවැය යථාර්ථයට එරෙහිව ගිය අසංවිධානාත්මක නිෂ්ඵල ප්‍රයත්නයක් වග නිගමනය කළ හැකිවේ. එය සැකසු අය සහ ඊට සහයෝගය දුන් අය සිතීමේ හැකියාවෙන් විනිර්මුක්ත වූවෝ ද නැතහොත් අපේ ජනනාව හා පරිසරය ගැන සැලකිලිමත් වීම සිතාමතාම ඔවුන් මග හැරියේ ද යන්න මට තේරුම් ගත නොහැකිය. නැතහොත් තමන්වම රවටාගන්නට ඔවුහු පැස්බරුන් සේ හිස වැල්ලේ සගවා ගනිත් ද නැතහොත් පෙරෙහැරේ යන රජ්ජුරුවන් හා අනෙක් අය රවටමින් ඔවුන් රජුට අලුත් ඇඳුම් අන්දවන්නන් සේ ක්‍රියා කරත් ද?

කෙසේ නමුදු 2021 වර්ෂය තුළත් ඉන් ඔබ්බටත් ශ්‍රී ලංකාව මහා විභවතාවකින් හෙබි එහෙත් සියලු අවස්ථා අහිමිකරගත් රටක් සේ පවතිනු ඇත.


(***)
2021 ජනවාරි 19 වැනිදා Daily Ft පුවත්පතේ පළවු
Budget 2021 playing ostrich or parading in the Emperor's New clothes ?
නම් ලිපියේ පරිවර්තනය.
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

යථාර්ථයෙන් පිටපැන්න අයවැයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 38 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1251 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 588 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4556 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12916 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site