ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදිය යුත්තේ කෙටිකාලීන අරමුණ සඳහා ද නැතිනම් දිගුකාලීන අරමුණ සඳහා ද යන ප්‍රශ්නය මගින් මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය හැඩ ගස්වා තිබෙන සෙයකි. එහි දී බොහෝ අපේක්ෂකයන් තම ඡන්ද සටනේ ප්‍රධාන සටන් පාඨය කරගෙන තිබෙන්නේ “අපි පෝලිම් නැතිකරනවා” යන්නයි.
නැතිනම් පෝලිම් පෙන්වා “මේව ආපහු ඕනෑද” වැනි අල්ලස් ලබාදෙනු ද දක්නට ලැබේ. බැලූ බැල්මට මෙය ආකර්ෂණීය සටන් පාඨයකි. එහෙත් මේ තුළ මේ රටේ ඉදිරි ගමන පිළිබඳ සංවාදය සපුරා සඟවා ඇති බව තේරුම් ගැනීම අපහසු නොවේ. පෙනෙන ලෙස එහි ඇත්තේ බුද්ධ කාලීන භාරතයේ තිබූ චාර්වක දර්ශනයේ ඉගැන්වීමයි. එනම් “දිවි ඇතිතෙක් සැපෙන් ඉන්න, ණය වී හෝ ගිතෙල් කන්න” යන්නයි. අපට විදේශ රටවලින් ණය ගෙන හෝ ඩීසල් පැට්‍රල් ටික ලැබෙනවා නම් අන් කිසිවක් අවශ්‍ය නොවේ. රටේ ඉදිරි ගමන පිළිබඳ සිතීමට වත් අවශ්‍ය නැත වැනි පණිවුඩයක් එහි තිබේ.
2022 විදේශ විනිමය අර්බුදයෙන් අප සියල්ල දෙස බලා පිළිතුරු සොයනවා නම් අපට මේ රටේ ඉදිරියක් ගැන සිතීමටවත් නොහැකි ලෙස නොමග හරින සුළු උත්තර ලැබෙනු ඇත. මුලින්ම කිව යුත්තේ අප මුහුණ දුන්නේ විදේශ විනිමය අර්බුදයකට මිස ආර්ථික අර්බුදයකට නොවන බවයි. අපට ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් හිඟ විය. ඒ මත මෙරට ඉන්ධන, ගෑස්, ඖෂධ හා කිරිපිටි වැනි භාණ්ඩවල ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි විය. මේ වැනි හිඟයක දී සාමාන්‍යයෙන් සිදුවන හදිසි භාණ්ඩා එක්රැස්කිරීම නිසා අර්බුදය තව තවත් උත්සන්න වූවේ ය. උදාහරණයක් ලෙස වෙනදා කෙනකු රුපියල් පන් දහසක ඉන්ධන ලබාගන්නේ නම්, එය දස දහසක් දක්වා වැඩි වී ගියේ ය. ඒ අනුව රටේ සාමාන්‍ය ඉන්ධන ඉල්ලුම දෙගුණයකින් පමණ එක්වරම වැඩි විය. අනිත් අතින් හොර පාරෙන් ඉන්ධන ලබාගෙන ඒවා වැඩිමිලට විකුණන කූඨ ව්‍යාපාර රටපුරා ඇති විය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ රටට එන එන ඉන්ධන තොගය අසුරු සැණින් අවසන් වී යාමයි.
විදේශ මුදල් අර්බුදයට හේතු වූ කාරණා සාධක කිහිපයක් දක්නට තිබුණි. ඊට අසන්නතම උදාහරණය වූයේ කොවිඩ් වසංගතයයි. අනෙක ඒ මතට පැමිණි යුක්‍රේන-රුසියා ගැටුමයි. කොවිඩ් වසංගතය නිසා රට දිගු කාලායක් තිස්සේ වසා තැබුණ අතර රටේ ආර්ථිකය මුළුමනින්ම අක්‍රිය වී ගියේය. පෙට්ටි කඩයක් හෝ එක දිගට සතියක් වසා තැබුවහොත් එහි අනිටු විපාකය ගැන අපට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඉදින් දිනකට රුපියල් බිලියන ගණනින් සංසරණය වන රටක ආර්ථිකයක් මාස ගණන් වසා තැබීම ගැන කියනුම කවරේ ද?
දෙවැන්න නම් රට මුහුණ දුන් අතිවිශේෂ ආර්ථික හා ආරක්ෂක කම්පනයන් ය. බොහෝ අය දන්නා පරිදි 2019 අප්‍රේල් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙරට මෙරට සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටුණේ ය. සංචාරක කර්මාන්තය හරහා අපට රටට ඩොලර් බිලියන 4.5ක් පමණ එමින් තිබුණි. එක් වරම ඒ වැනි මුදලක් ආර්ථිකයකින් ඉවත් වීමේ විපාකය ගැන සිතා බලන්න. අනෙක නම් අපගේ ප්‍රධාන විදේශ මුදල් මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ය. වසංගතය නිසා ඒවා ද රටට පැමිණීම මේ වසර 2 තුළ බොහෝ සේ අඩුවිය. මීට අමතරව සාමාන්‍යයෙන් ඕනෑම කාලයක රටට එන ආයෝජන වැනි දේ මුළුමනින්ම අඩාල විය. ආයෝජන හරහා ද රටට ඩොලර් පැමිණේ.
කොවිඩ් නිසා මෙසේ ඩොලර් හිඟවීම මතට පැමිණියේ රුසියා-යුක්‍රේන අර්බුදයයි. එහි ප්‍රතිඵලය නම් ලෝක වෙෙළඳපොළේ ඉන්ධන මිල එක් වරම ඉහළ යාමයි. වෙනදාට ඩොලර් 60-70 අතර තිබූ ඉන්ධන බැරලයක මිල එක් අවස්ථාවක ඩොලර් 140 වැනි මුදලකට අලෙවි විය. එය එකට එකක් වැඩිවීමකි. මෙහි අනිවාර්ය ප්‍රතිඵල කුමක්ද? එනම් අපට වැඩි වැඩියෙන් ඩොලර් ගෙවා ඉන්ධන ආනයනය කිරීමට සිදුවීමයි. ඒ අනුව, රටට ඩොලර් නොඑන පසුබිමක වැඩි වැඩියෙන් ඩොලර් රටින් යන තත්වයක් උදාවිය. බොහෝ අය අවධානයට නොගත් තත්වයක් ද ඒ අතර විය. ඒ වසංගතය නිසා නැව් ගාස්තු වැඩිවී ප්‍රවාහනය ගාස්තු තුන්ගුණයකින් පමණ වැඩිවීමයි. මේ සියල්ල ගෙවිය යුතු වන්නේ ඩොලර්වලිනි. ඒ අනුව, අපට සිදුවූයේ කුමක්ද යන්න ගැන පැහැදිලි පින්තූරයක් ඔබට ඇති බව අපට විශ්වාසය.
ඇතැමුන් අසන්නේ මෙය අපට පමණක් බලපෑවේ කෙසේ ද යන්නයි. මෙය අතිශයින් ම වැරදි කතාවකි. මෙය ලෝකය පුරා බලපෑවේ ය. බටහිර දියුණු රටවල සිට මැදි ආදායම් ලබන රටවල් හරහා දිළිඳු රටවල් සියල්ලට මෙය එකසේ බලපෑවේ ය. පසුගිය කාලයේ ලංකාවේ නිතර ඇසුණ කතාවක් නම් බංගලාදේශයයි. බංගලාදේශය අපට ඩොලර් මිලියන 200ක ණයක් පවා දීමට හැකි තත්වයක විදේශ සංචිත අත්පත් කරගෙන තිබුණේ ය. කෙසේ වෙතත්, මේ වසර මුල වන විට එරට සංචිත 2021 දී තිබූ ඩො.බි 46 සිට බිලියන 19ක් තරම් පහළ බැස්සේ ය. ඒ අඩකටත් වඩා කඩා වැටීමකි. පසුගිය දා සීක් හසීනාට පලා යෑමට පවා සිදුවූ විරෝධතා රැල්ල මතුවන්නේ මේ සංචිත කඩා වැටීමත් සමග පැමිණි උද්ධමනය හා විරැකියාව වැනි ප්‍රශ්න මුල්කරගෙනයි.
බංගලාදේශය අර්බුදය පැමිණීමට මදක් කල්ගත වූයේ වසංගතය පැමිණි අසබඩ එරටට ශක්තිමත් ආර්ථිකයක් පැවතීම බවද සඳහන් කළ යුතු ය. ලංකාවේ තිබුණේ ඊට වඩා බෙහෙවින් අසීරු තත්වයකි. විශේෂයෙන් ම යහපාලන ආණ්ඩුව විසින් ඩොලර් බිලියන 13ක් වැනි අතිවිශාල මුදලක් ලංකාවේ ණය කාඞ්පතින් ම අරගෙන කාබාසිනියා කළ තත්වයක් තුළ සිටි අප මතට පැමිණි සෙසු අර්බුද දරා ගැනීමට කිසිසේත්ම හැකි නොවීය.
මේ සැබෑ තත්වය තේරුම් නොගෙන අපට ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට කිසිදා පිළිතුරක් සෙවිය හැකි නොවේ. මෙය “අපි පෝලිම් නැති කරනවා” වැනි සරල හා සුගම සටන් පාඨයකට ලඝු කිරීම කොතරම් නොමගහරින සුළුද යන්න දැන් ඔබට වැටහෙනු ඇත.
ප්‍රශ්නය පෝලිම් හරහා තේරුම්ගතහොත් ඇතිවන පළමු ගැටලුව නම්, කෝවිඩ් වැනි ගෝලීය වසංගත යනු සැමදා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ද යන්නයි. ඇත්ත වශයෙන්ම එය යථාර්ථය නොවේ. මේ වැනි මහාපරිමාණ වංසගත එන්නේ සියවසකට දෙකකට වරක් ය. ඒ අනුව, එවැනි වසංගතයකින් එල්ල වූ බලපෑම මත පමණක් සිටිමින් පිළිතුරු සෙවීම ප්‍රායෝගික නොවන බව මුලින්ම කිව යුතුය.
දෙවැන්න නම්, විදේශ විනිමය අර්බුදය ලංකාවට විශේෂයෙන් ම බලපෑ සාධක සැලකිල්ලට නොගෙන ප්‍රශ්නය දෙස බැලීමයි. එනම්, කොවිඩ් අර්බුදය එන පසුබිම තුළ ලංකාවේ ඒ වන විටත් තිබූ ආර්ථික සාධක නොසලකා හැරීමයි. බිලියන 13 ණය, පාස්කු ප්‍රහාරය නිසා විනාශ වූ සංචාරක කර්මාන්තය වැනි හේතු නොවන්නට අපට අප මුහුණ දුන් තරමේ අර්බුදයක් නොඑන්නට විශාල හැකියාවක් තිබුණි. වසංගතය නිසා රට වසා තැබීමේ කම්පනය පවා දරා ගැනීමට අපට හැකියාව තිබෙනු ඇත.
මේ සියල්ල මතින් දැන් අපට අර්බුදය හා ඊට විසඳුමක් පිළිබඳ තාර්කිකව සොයා බැලිය හැකි වේ. 2015 වන විට අපගේ ආර්ථික වර්ධන වේගය සියයට 6 ඉක්මවා යමින් තිබුණි. එහෙත් අවාසනාවට යහපාලන ආණ්ඩුව පැමිණිදා සිට එය එන්න එන්නම හීන වී 2019 දී එය ඍණ මට්ටමට පල්ලම් බැස තිබුණේ ය. ඒ මතට ඉහත සඳහන් කළ මහබැංකු වංචාව හා පාස්කු ප්‍රහාරය ද එල්ල වීම ගැන සිතා බලන්න.
එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? අප විසින් මුහුණ දෙන අර්බුදය එහි යථාර්ථවාදී පසුබිම මත තබා තේරුම් ගැනීමයි. එසේ තේරුම් ගැනීමෙන් පමණක් අපට නිසි පිළිතුරු ලැබෙනු ඇත. 2005-2015 අතර කාලයේ මෙරට ආර්ථිකයට ඩො. බිලියන 55ක් අලුතින් එකතු විය. ඒ කර්මාන්ත, සේවා හා කෘෂි යන අංශ සියල්ලෙනි. එම යුගයේ අපගේ ණයබරතාව සියයට102 සිට සියයට71කට අඩුවිය. ඒක පුද්ගල ආදායම් ඩොලර් 1200 සිට 3835 දක්වා වැඩි විය. මෙන්න මේ වාර්තාව අපගේ රට ගැන දිගුකාලීන සැලැස්මක් යටතේ ඉදිරියට යන්නට අපට ගතහැකි හොඳම උදාහරණයයි. එය මෙහෙයවා තිබුණේ රට දිගුකාලීනව ආර්ථික වශයෙන් ඉහළ නංවන දැක්මක් ඔස්සේ ය. ඒ තුළ රට අත්කරගත් ප්‍රතිලාභ අපමණ ය. රටට අවශ්‍ය එවැනි දැක්මක් සහිත ජනාධිපතිවරයෙක් මිස, “මම පෝලිම් නැතිකරවා” වැනි ළාමක ජනප්‍රියවාදී කතා කියන්නකු නොවන බව ඔබට පැහැදිලි විය යුතු ය. එවැනි අරමුණකින් රටක් බාරගන්නා අයෙකුගෙන් අපට රටේ ඉදිරි ගමනක් ගැන කිසිදු බලාපොරොත්තුවක් තබාගත හැකි නොවේ.
මේ වන විට මෙරට තරුණ පිරිස් රට ගැන අලුතින් සිතන්නට පටන් ගෙන ඇති බව පෙනේ. ඔවුන්ගේ අපේක්ෂා අලුත් ය. සිහින අලුත් ය. ඒවා තේරුම් ගෙන, යථාර්ථවාදී දැක්මකින් යුතුව රට ඊළඟ තලයට ඔසවා තැබීම සඳහාය අපට නායකයකු අවශ්‍ය වන්නේ. එහෙයින් මේ ගැන බරපතළ ලෙස සිතා බලන ලෙස අපි ඔබගෙන් අවංකව ඉල්ලා සිටිමු.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
මාස දෙකකට පෙර, සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල තේරුම් ගැනීම තරමක් දුෂ්කරය.
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මනාව අවබෝධ කරගත් ධර්මය තම ශ්‍රාවක පිරිසට සමීප කරවීම සඳහා විවිධ ක්‍රමෝපාය භාවිත කර ඇති ආකාරය ඉතා ප්‍රකටය. එම දේශනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යථාර්ථවාදී දෘෂ්ඨියක අවශ්‍යතාව