IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යුද ජය පිටුපස සිටි ආබාධිත සෙබළුන්ගේ කතාව

ශ්‍රී ලංකාවේ රණවිරු දිනය මැයි 18 වැනිදා ට යෙදී තිබිණි. අබාධිත රණවිරුවන්ගේ අත්දැකීම් අළලා මේ ලිපි පෙළ සැකසෙනුයේ ඒ නිමිත්තෙනි. මේ එම ලිපි පෙළේ දෙවැන්නයි.
 

ලූතිනන් ගාමිණී රත්නායක

කුරුණෑගල පොල්පිතිගමදී උපත ලැබූ රත්නායක මුදියන්සේලාගේ ගාමිණී රත්නායක පොල්පිතිගම ජාතික පාසලෙන් අධ්‍යාපනය  ලැබීය. ඔහුට සහෝදරයෝ පස් දෙනෙක් වූහ. ගොවිතැන් කටයුතු කරන තම පියා තමන් ඇතුළු සහෝදරයන් පස්දෙනා  ජීවත් කරවීමට ගන්නා වෙහෙස දුටු ඔහු  වයස අවුරුදු 18 සම්පූර්ණ වෙත්ම තීරණයක් ගත්තේය. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වීමය. ඔහුට කුඩාකල තිබූ ලොකුම බලාපොරොත්තුව ද එයයි.

රට වෙනුවෙන් තමන්ද යමක් කළ යුතු යැයි හැඟීමක්  ඔහු තුළ විය.  ඒ අනුව  1995 මැයි 17 වැනි දා ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වූයේ සාමාන්‍ය  සෙබළෙකු ලෙසය. හතරවැනි විජයබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ ඔහු අලිමංකඩ අත්පත් කර ගැනීමේ මෙහෙයුමට සම්බන්ධවී හය වසරක් එම ප‍්‍රදේශයේ සේවය කළේය.

තවත් මෙහෙයුම් රැුසකට සම්බන්ධ වූ රත්නායක පරන්තන්, කිලිනොච්චි පෙදෙස්හි පැවැති දරුණු සටන්වල දී නොබියව පෙරටම ගියේය. යලි 2004 වසරේ දී මාදුරු ඔය ගුවන් සංක‍්‍රමණික පුහුණු පාසලේ පුහුණුවකට ආ ඔහු හය මාසයක පුහුණවක් ලැබීය.  2007 ඔක්තෝබර් 23 වැනි දින රත්නායක දෙවැනි ලූතිනන් නිලයට උසස් විය.

කොටි ත‍්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය වැසියනට ජලය ලබා ගත නොහැකි වන සේ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු ඇරැුඹි මානුෂීය මෙහෙයුමට රත්නායක 2008 ඔක්තෝබරයේ දී සම්බන්ධ වූයේ  18 වැනි විජයබා රෙජිමේන්තුවට අනුයුක්තවය.

කර්නල් වැලිකළගේ අධීක්ෂණයෙන් ඔවුහු ඉදිරියට ගියහ. රත්නායක ස්ථානගතවී සිටි තැනට පැමිණ කර්නල් වැලිකළ දිරි ගැන්වූයේය. ඔහු යටතේ ලූතිනන් කර්නල් ලක්ෂිත පෙරේරා ඔවුනට අණ දුන්නේය.

ඒ නවය මාර්ගය මාන්කුලම් ප‍්‍රදේශයන් අත්පත් කර ගැනීම සඳහා ඔවුනට තිබුණේ විශාල අභියෝගයකි. ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහාය ද ඊට ලැබිණි.

කොටි ත‍්‍රස්තවාදීහු දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කළ අතර ඒවාට සාර්ථකව මුහුණ දෙමින් යුද හමුදාව ඒ නවය මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ අත්පත් කර ගත්තේය. මඳ දුරක් යන විට කොටින්ගේ ප‍්‍රාදේශීය මධ්‍යස්ථානයක් තිබුණු අතර තවත් හමුදා බළඇණි කැඳවා කොටියාට මුහුණ දුන්නේය. කොටින්ගේ ප‍්‍රාදේශීය මධ්‍යස්ථානය  අපේ සෙබළු අත්පත් කර ගත්හ.

ඒ නවය මාර්ගය හොඳින් පෙනෙන ස්ථානයක හමුදා බංකරයක් ඉදි කළ අතර ලූතිනන් රත්නායක ඇතුළු අට දෙනෙක් එහි රාජකාරි ආරම්භ කළහ. ඊට ඉදිරි භූමිය විවෘත පෙදෙසක් නිසා කොටි ස්නයිපර් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ද තිබිණි.

දිවා කාලයේ ආරක්ෂක බංකරවල හිඳිමින් රත්නායක ඇතුළු පිරිස දින හතක් කොටි ගැන නිරීක්ෂණය කළහ. ඉන් අනතුරුව ඒ නවය මාර්ගයේ අම්බකාමන් ප‍්‍රදේශයේ රාජකාරි කළ අතර එම කැලෑවේ ඇති ඇළ දොළවල් පොඩි වැස්සකටත් පිරී උතුරා යයි. එනිසා එය යුද හමුදාවට විශාල අභියෝගයක් විය.

2008 දෙසැම්බර් 24 වැනි දා වන විට කැලයේ ඇළ දොළ වතුරින් පිරී තිබුණි. එම ඇළ මාර්ගවලින් එගොඩවීම ද අභියෝගයක් විය.

රත්නායක ඇතුළු පිරිසක් නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටිය දී එදින රාති‍්‍ර නවයට පමණ කොටි ත‍්‍රස්තවාදීහු රැුක සිට පහර දුන්හ. ක්ලේමෝ බෝම්බ තුනක් පිපිරී ගියේය. හතර දෙනෙක් තුවාල ලදහ.

රත්නායකගේ දෙපා පණ නැති විය. ඔහුට හිතේ ශක්තිය තිබිණි. ඔහු යුද හමුදාවට බැඳුණේ තුවාල වීම හෝ මරණය නියතයි කියා දැන දැනය. ඒ කුරිරු ත‍්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීම සඳහා සිතේ ශක්තිය කෙතරම්දැයි කිවහොත් තුවාලවී බිම වැතිරී සිටිමින් කොටින්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළේය. කොටියා පසු බැස්සවීමට රත්නායක ඇතුළු පිරිස සමත්වූහ.

 


ඔවුන්ගේ සහායට තවත් භට පිරිස් ආහ. ඒ වන විට රත්නායකගේ කොන්ද දැඩි ලෙස තුවාලවී තිබිණි. අතක ද දැඩි වේදනාවක් රත්නායකට දැනිණි. එතරම් තුවාලවී තිබිය දීත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකළා නම් රත්නායක ඇතුළු පිරිස ජීවිතයෙන් වන්දි ගෙවා හමාරය. විනාඩි 15කින් පමණ පැමිණි තවත් යුද හමුදා භට පිරිසක් රත්නායක ඇතුළු තුවාලකරුවෝ මාන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානයට රැුගෙන ගියහ. ඒ සඳහා කිලෝමීටර අටක් පමණ දුර යෑමට සිදු විය.

අනතුරුව කර්නල් වැලිකළගේ මැදිහත්වීමෙන් හෙලිකොප්ටරයක් ගෙන්වූ අතර රත්නායක අනුරාධපුර රෝහලටත් සෙසු සෙබළු යුද හමුදා රෝහලටත් ගෙන එනු ලැබූහ. අනුරාධපුර රෝහලේ දී රත්නායක ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබීය. ඔහුට සිහිය එන විට 26 වැනි දා උදෑසනවී තිබිණි. ඒවන විට ඔහුගේ දෑත් ගැට ගසා නහයට බට දමා තිබිණි. තුනටියෙන් පහළ කොටස අප‍්‍රාණිකවී ගොසිනි.

ඒ වන විටත් රත්නායක දෙදරු පියෙකි. එක් දියණියකගේ වයස අවුරුදු හතක් වූවාය. අනෙක් දියණියගේ වයස අවුරුදු එක හමාරකි. සිද්ධිය සැලවීමත් සමග ඔහුගේ වැඩිමහල් දියණිය මානසිකව ඇද වැටුණාය.

දියණියගේ සිත හැදීමට රෝහලේ හෙදියෝ ද වෙහෙස වූහ. රෝහලේ සෑම තැනම එක්කාගෙන ගොස් -¥ගේ තාත්තා විතරක් නෙමෙයි. ඒවගේ අය තව ගොඩක් ඉන්නවා.” යැයි කියමින් සෙසු ලෙඩුන් පෙන්වමින් සිත හැදීමට උත්සාහ ගත්හ. දෙපා වාරු නැති වූ ඔහුට බිරිඳ විශාල ශක්තියක් විය. විටෙක මිතුරියක ලෙසත්, විටෙක මවක ලෙසත් ඇය කටයුතු කළාය. එදින රෝහලට ආ රත්නායකගේ මව සහ පියා හඬා වැටුනහ. ඉන් පසු ඔහු ශල්‍යකර්ම දෙකකට භාජනය කරනු ලැබීය. 2009 ජනවාරි 13 වැනි දා සුෂුම්නාව ශල්‍යකර්මයකට භාජනය කර සුෂුම්නා බද්ධයක් කළේය.

 

අනතුරුව කොළඹ යුද හමුදා රෝහලට මාරු කරනු ලැබ එහි ද සිව් මාසයක් නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමට රත්නායකට සිදු විය. එතැන් සිට ඔහු සිටියේ රාගම රණවිරු සෙවණේය.

2009 මැයි මාසය ඔහුට අමතක නොවන දිනයක් විය. හතරවටින්ම රතිඤ්ඤා හඬ ඇසෙන්නට විය. ප‍්‍රදේශවාසීහු රැුසක් රණවිරු සෙවණ වට කර ගත්හ. රණවිරු සෙවණේ රූපවාහිනී යන්ත‍්‍රය වටා රොක්වූ ඔවුනට ප‍්‍රභාකරන් මළ පුවත ඇසිණි. රත්නායක ඇතුළු සියලූ රණවිරුවන්ගේ දෙනෙත්වලට සතුටු කඳුළු ගලා ආවේය. තම හිත මිත‍්‍රාදීහු විශාල පිරිසක් දිවි පුදා, තමන් ඇතුළු විශාල පිරිසක් තුවාල ලබා, සාමාන්‍ය  වැසියන් විශාල පිරිසක් මරා දැමුණු කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කරනු ඇසීම කෙතරම් සතුටක් ද? ඔවුහු රණවිරු සෙවණේ සිට මහ හඬින් කෑගැසූහ. ප‍්‍රීති ඝෝෂා කළහ. සිය දුවා දරුවනට බියක් සැකක් නැතිව පාරේ යන්නට පුළුවන් කාලය පැමිණ ඇතැයි ඔවුනට සිතිණි.

සියල්ලෝම පැය ගණනක් ප‍්‍රීතිය සමරමින් ගීත ගායනා කළහ. රණවිරු සෙවණේ සිටියෝ යුද ජයග‍්‍රහණයේ සතුට සැමරුවේ එසේය. තම දෙපා රට ජාතිය වෙනුවෙන් පූජා කළ සතුට රත්නායකට තිබිණි. යුද්ධය නිමා කිරීමට තමන් ද යම් තරමකට හෝ සහාය ලබාදීම ගැන ඔහු සිටියේ අපමණ සතුටකිනි.
-අම්මට, තාත්තට, බිරිඳට, දරුවන්ට දැන් ඉතින් දුක්වෙන්න අවස්ථාවක්  නැහැ. මොකද යුද්ධය ඉවරයි කියන්නේ මුළු මහත් ලෝකවාසී ජනතාවටම රටේ ගමේ මගතොටේ  බැහැලා යන්න ලොකු ශක්තියක් තියෙනවා. යුද්ධය පැවති කාලයේ අද ගෙදර ගියා නම් නැවත පැමිණෙන දිනය ගැන විශ්වාසයක් තිබුණේ  නැහැ. ඒත් දැන්  ඕනෑම තැනක මගතොටේ බැහැලා යන්න අවස්ථාව තියෙනවා. අපට ඇවිදගන්න බැරිවුණත් ඒ අය ඇවිදලා යනකොට ලොකූ සතුටක් දැනෙනවා. ඒ අය දුවල පනිනකොට ක‍්‍රීඩා කරනට විට ලොකු සතුටක් දැනෙනවා. රෝද පුටුවට සීමා වෙලා හිටියත් අපට ඒක ගොඩක් සතුටුයි.

දැන් මම ඉන්නේ කුරුණෑගල පාන්ගොල්ල අභිමන්සලේ. මේක ගොඩක් ලස්සන පරිසරයක්. මේ අභිමන්සලෙන් පුනරුත්ථාපනය වෙමින්  උත්සාහ කරන්නේ එක කකුලෙන් හරි නැගිටලා ඇවිදගන්න තමයි.  මම ලංකාවාසී ජනතාවටම කියනවා මෙහි එන්න මෙතන තුවාල ලැබු රණවිරුවෝ ඉන්නේ. ලංකාවාසී ජනතාව වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් කැප වුණ කට්ටිය තමයි මෙතන ඉන්නේ.  

මේ  අවස්ථාවේ මා ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා.  එතුමාගේ ඍජු දේශපාලන නායකත්වය නිසා තමයි අද යුද්ධය ඉවර කරන්න අවස්ථාව ලැබුණේ. එතුමාට ජාත්‍යන්තර බලපෑම් ආවත්  එතුමා නොසැලී ඒ නායකත්වය මත කටයුතු කළා. ඒ වගේම ඒ සඳහා අනගි සහයක් ලබා දුන්නා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ මානුෂික මෙහෙයුම මොන ආකාරයට ද ගෙනියන්නේ කියා තීරණය කළේ.  ඔහු දුන් උපදෙස් අනුව තමයි අප වැනි යුද හමුදාවේ සිටින අනෙකුත් රණවිරුවෝ කටයුතු කළේ. -රත්නායක අප සමග අවසන් වශයෙන් කීවේ එයයි.

විශේෂ ස්තුතිය -
යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයවීර මහතාටත්, මාධ්‍ය  අංශයේ කර්නල් ටිකිරි දිසානායක මහතාටත්, කුරුණෑගල අභිමංසලේ ලූතිනන් කර්නල් අළුදෙණිය මහතාටත්, මේජර් විජේරත්න මහතාටත් ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය.
තවත් රණවිරුවකුගේ අත්දැකීම් සමග ලබන සතියේ හමුවෙමු...


 

 

යුද ජය පතා ඇස් ඉස් ලේ මස් දන් දුන් විරුවන්ගේ කතාව
 



අදහස් (0)

යුද ජය පිටුපස සිටි ආබාධිත සෙබළුන්ගේ කතාව

අනුර ශාන්ත Tuesday, 27 May 2014 09:49 AM

මම දැක්ක පසුගිය දිනෙක පුවත් පතක යුද්දයේදී අබාදිත සෙබළුන් පිරිසක් විසින් ඔවුන්ගේ අබාදිත දීමනාව ලබා නොදීම හේතුවෙන් නඩු මගට බැහැල කියලා. ඇයි රණ විරුවන්ට එහෙම කරන්නේ. ඔවුන් නිසා නේද අද අපි බයක් හැකක් නැතව නිදහසේ හුස්මක් කටක් අරගෙන ඉන්නේ. ඔවුන්ට දියයුතු සියලු දෑ ලබාදෙන්න.(නදී)

:       0       0

රාජු Sunday, 08 June 2014 04:41 AM

ඔබට අපි හිස නමා අචාර කරනවා (දී)

:       0       0

නුවන් Monday, 02 June 2014 06:31 PM

කියන්න කණගාටු වෙනවා ,එතකොට සරත් ෆොන්සේකා මහතා දායක උනේ නැද්ද යුද්දේ දිනන්න?(නදී)

:       0       0

කෝන්ගහගේ Tuesday, 10 June 2014 09:08 AM

මේ මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න අපි ජිවත් වෙනවා (දී)

:       0       0

ලලිතා Sunday, 08 June 2014 09:19 AM

ඔබලා අද රෝද පුටුවේ ඉන්නේ අපට දෙපයින් නැගිටින්න වරම් දුන්නු නිසා නේ ඔබලාට පින් (දී)

:       0       0

ඩී.එම්.ආර්. මැණිකේ Sunday, 08 June 2014 09:20 AM

මට හරිම කනගටුයි ඔබල ගැන ජීවිත කලයම ඔබල ගැන දුක් වෙනවා (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 June 2014 10:03 AM

ඔබතුමාලා අද මෙවැනි අසරණ තත්වයක ඉන්නේ රටට සේවයක් කල නිසානේ.ඒ පිනම ඇති ඔබලාට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 464 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 61 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 142 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 353 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 239 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 960 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site