සිනාසිය යුතු ද වැළපිය යුතු ද යන්න කලින් විනිශ්චය කළ නොහැකි තරමේ සංකීර්ණ සිද්ධි දාමයක් ඉකුත් දින කිහිපයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබිණි. ඒ වැකිය කියූ සැණින් ඔබටද සිහිපත් වූ ඒ සිද්ධිදාමය ඇමැති පුතුන් දෙදෙනා හා හමුදා මේජර්වරයා සම්බන්ධයෙනි. දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මහජනයාගේ අවශ්‍යතාවන් සොයාබැලීමේ වරමක් ජනාධිපතිවරයා විසින් තමාට දී ඇතැයි කියන මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා අමාත්‍යවරයකු වන නැසීගිය මනෝ විජේරත්න මහතාගේත් දැනට තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිව සිටින භාරතී විජේරත්නගේ පුත් රොහාන් ධනුෂ්ක විජේරත්න කොළඹ ජයික් හිල්ටන් නිවාස සංකීර්ණයේ රාත‍්‍රි සමාජ ශාලාවකදී හමුදා මේජර්වරයකුට හා සෙබළකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් වාර්තා වූයේ ඉකුත් 9 වැනිදා අළුයම් කාලයේදීය. මෙම මේජර්වරයා හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙකු වන අතර පහර කෑමෙන් ඔහුගේ හිසට මැහුම් හතරක් පමණ දැමීමට සිදුවන තරමේ තුවාලයක්ද සිදුවී තිබිණි. ඇමැති පුතුන් දෙදෙනා පහරදුන් බවට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිළි කරනු ලැබුවේද පහර කෑ හමුදා බුද්ධි අංශ මේජර්වරයාමය. මාලක සිල්වාගේ නමත් රොහාන් විජේරත්නගේ නමත් කරළියට පිවිසියේ ඉන්පසුවය. සංක්ෂිප්තය කරුණු කාරණා වටහා ගැනීම පිණිසය. ඇමැති පුතුන්ට රාත‍්‍රී සමාජ ශාලාවල රැය පහන් කිරීමට තිබෙන අයිතිය ප‍්‍රශ්න කිරීමට මෙරට සුවහසක් දුගී ජනයාට අවසර නැත. මන්දයත් ඒවාද ඇමැති වරප‍්‍රසාදවලට අයත් වන හෙයිනි. තාත්තා ඇමැති කෙනෙකු නම් ඒ ඇමතිගේ පුත‍්‍රයාට රාත‍්‍රි සමාජ ශාලාවක රැය පහන් කිරිමට, නාඩගම් නැටීමට හැකියාවක් නොමැතිනම් ඒ ඇමතිකමෙන් ඇති ප‍්‍රයෝජනයක් නැත. එබඳු ඇමැති පුත‍්‍රයකුට තමන් කැමති ආකාරයෙන් සියල්ල සිදුවියයුතු යැයි සිතෙන්නේ නම් එය එසේ සිතා කටයුතු කරන්නේනම් හෝ සාතිශය දිළිඳු ජනයාට ඒ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමේ අයිතියක්ද නැත. මන්දයත් මේ රට යනු හෘදය සාක්ෂිය වළලා දැමූ එය මිනිස් කසළ මෙන් පිටු දකිමින් සිටින රටක් බවට පත්වෙමින් තිබෙන හෙයිනි. මාලක සිල්වා සම්බන්ධයෙන් ගෞරවය දනවන පුවතක් ද ඉකුත්දා අනාවරණය විය. ඒ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේදීය. මාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගතවීමට අවශ්‍ය නිසා ඒ සඳහා මාසයක කාලයක් ඇප ලබාදෙන ලෙසය. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයකට යාමට සිටින තම සේවාදායකයාට අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා වීමේ අදහසක් තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය. වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට ගොස් අනාගත ලංකාවේ අධ්‍යාපන ඇමැතිවරයා වීමට සිහින දකිමින් සිටින මාලක සිල්වා හා වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින රොහාන් විජේරත්න කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ රථ ගාලේදී තමාට පහරදුන් බවට හමුදා බුද්ධි අංශ මේජර්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කළේ ඇයි? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමට පෙර මාලක හා රොහාන් සම්න්ධයෙන් පොලිසිය ක‍්‍රියාත්මක වූ ආකාරයද සිහිපත් කැරගැනීම වැදගත්ය. හමුදා බුද්ධි අංශ මේජර්වරයාට පහර දුන්බවට සැකකරන ඇමැති පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යෙදවූ බව රටට කීවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාය. එහෙත් ඒ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකටම ඇමැති පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකිවිය. ඒ ඇයිදැයි විමසීම නොකළ යුත්තකි. ඒ අතරවාරයේදී මාලක සිල්වා කැලණි පුද බිමට ගොස් සර්වඥධාතුන් වහන්සේද වැඳ පුදා ගත්තේය. ඒ ප‍්‍රසිද්ධියේමය. එහිදී ඔහු අත්අඩංගුවට නොගත්තේ මන්දැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදියකු විමසූ විට ලැබුණු පිළිතුර වූයේ ”ස්ථානය අනුව ඔහු අත්අඩංගුවට නොගත්තා විය හැකිය” යන්නය. ඕනෑම අපරාධකාරයකුට දැන් තිබෙන්නේ පුදබිමකට වී සිටීම යැයි වරදවා වටහාගත යුතු නැත. ඒ සඳහා ඇමැති වරප‍්‍රසාදවල බල මහිමය තිබිය යුතුය. විශේෂ පොලිස් කණ්ඩායම් දෙකටම සොයාගත නොහැකි වූ මාලක සිල්වා හා රොහාන් විජේරත්න සිද්ධියෙන් දින 9කට පසුව කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වූහ. අර පොලිස් කණ්ඩායම් දෙක විසුරුවා හැරියේ දැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රටට කීවේ නැත. පොලිසියට බාර වූ මාලක හා රොහාන් ”අත්අඩංගුවට” ගත් පොලිසිය ඒ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ ඉකුත් 17 වැනිදාය. ඒ දෙදෙනා සැප්තැම්බර් 24දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේය. පහර කෑ හමුදා බුද්ධි අංශයේ මේජර් චන්දන ප‍්‍රදීප් සුසේන මේ වනවිටත් යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියේය. සත්‍යයකි! රණවිරුවකුට ඇමැති පුතුන් දෙදෙනකු පහරදීමේ සිද්ධියෙන් සමාජය බෙහෙවින් කම්පාවට පත්ව සිටියේය. තිස් වසරක කටුක යුද්ධය තුන් වසරක වික‍්‍රමයකින් ජයග‍්‍රහණය කළේ මාතෘභූමිය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත දන්දුන් වීරෝදාර රණවිරුවන්ගේ කැපවීමේත් පරිත්‍යාගයේත් මහිමයෙනි. උස් දළ රළපෙළක් සේ පසු නොබා නැගී සිටි විරෝදාර සෙබළ බලමුළු මරණයට අභියෝග කරමින් මාතෘභූමිය අසමසම ජයග‍්‍රහණය වෙනුවෙන් සිය ජීවිත පූජා කිරීමේ මාවත තෝරා ගත්හ. ඒ පෑ ප‍්‍රාතිහාර්යයේ මහිමයෙන් කොටි ත‍්‍රස්තවාදයේ සැහැසි ග‍්‍රහණයෙන් මිදී නැගී ගත් රට දේශපාලන පුතුන් අතින් කිළිටි වී යාම සම්බන්ධයෙන් ජනයා කම්පාවට පත්ව සිටියහ. රණවිරුවන් දිවිපුදා දිනාදුන් නිදහස යනු ඇමැති පුතුන්ට රාත‍්‍රි සමාජ ශාලාවලදී රණවිරුවන්ගේ ඔළු පැලීමේ නිදහස දැයි සාතිශය බහුතරයක් ජනයා කල්පනා කළහ. එහෙත් ඒ අතරවාරයේදී කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. පහර කෑබව කියන යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප‍්‍රදීප් නීතිඥයකු මගින් ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සමෙන් කියැවුණේ කොළඹ ජයික් හිල්ටන් රථ ගාලේ ආරවුල ඇතිවූ අවස්ථාවේදී මාලක හා රොහාන් එහි සිටි නමුත් ඒ දෙදෙනා තමාට පහර දීමක් හෝ ඒ සඳහා අනුබල දීමක් හෝ සිදුනොකළ නිසා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියා මාර්ගයක් අවශ්‍ය නොවන බවය. ගැටුම සිදුවූ මොහොතේ උදුරා ගත් බවට පැමිණිල්ලේ සඳහන් කළ රන් මාලය නිවසේ තිබී හමුවූ බවද ඔහු එම දිව්රුම් පෙත්සමේ සඳහන් කර තිබිණි. මෙම දිව්රුම් පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටියේ සිද්ධිය සමථයකට පත් කැරගත යුතු බවය. මෙම පෙත්සම සලකාබැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා 24 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙසද මේජර්වරයාට නියෝග කළේය. මාලක සිල්වා හා රොහාන් විජේරත්න වෙනුවෙන් ගොනුකර තිබූ මෝසම කැඳවූ අවස්ථාවේදී මේජර්වරයාගේ නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා අදාළ පෙත්සම ගැන විමසූ අවස්ථාවේදී නීතිඥවරයා පවසා සිටියේ මෙවැන්නකි. ”ස්වාමීනි! ඒ අවස්ථාවේදී පැමිණිලිකරු සිටියේ කම්පනයෙන්. ඔහු රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින විට මාධ්‍යවල පළවී තිබූ මාලකගේ හා රොහාන්ගේ ඡායාරූප දකින්න ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි පැමිණිලිකරුට කල්පනා වී තිබෙන්නේ මේ දෙදෙනා එම ස්ථානයේ සිටියත් ඔවුන් තමන්ට පහරදීමක් නොකළ බව.” කරුණු කාරණා එසේ පෙළගැසෙමින් තිබියදී 21 වැනිදා යළිත් අධිකරණය රැස්විය. සැකකාර ඇමැති පුතුන් දෙදෙනා හා මේජර්වරයා මෙහිදී අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ. එහිදී කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළ හමුදා බුද්ධි අංශ මේජර්වරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේ ”තමා මෙම දිව්රුම් පෙත්සම ඉදිරිපත් කළේ කාගේ හෝ බලපෑමක් මතද යන්නය. එයට මේජර්වරයාගේ පිළිතුර වූයේ ”නැහැ. මා ස්වාධීනව මේ දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළේ” යනුවෙනි . මහේස්ත‍්‍රාත්වරයා: තමා මේ සිද්ධිය ගැන පොලිසියට කට උත්තරයක් දුන්නාද? මේජර්වරයා: ඔව්! මුලින් රෝහල් පොලිසියට දුන්නා. මහේස්ත‍්‍රාත්වරයා: පසුව සවිස්තරාත්මක කට උත්තරයක් දුන්නාද? මේජර්වරයා: ඔව්! කොම්පඤ්ඤවීදිය පොලිසියට සවිස්තරාත්මක ප‍්‍රකාශයක් දුන්නා. මහේස්ත‍්‍රාත්වරයා: පොලිසියට සවිස්තරාත්මකව දුන් ප‍්‍රකාශයට පටහැනි දෙයක් නේද දිවුරුම් පෙත්සමේ සඳහන් වුණේ? මේජර්වරයා: ඔව්. මහේස්ත‍්‍රාත්වරයා: පොලිසියට කළ ප‍්‍රකාශයේදී ඇයි එවැනි කරුණු ඇතුළත් කරලා ප‍්‍රකාශයක් දුන්නේ? මේජර්වරයා: පැමිණිල්ල කරන වෙලාවේ මාදැඩි කම්පනයට ලක්ව සිටියා. සිදුවීම සිදුවෙච්ච වෙලාවෙදි මා රෝහලට ගෙනා අය කීවා මාලක සහ රොහාන් එතැන සිටියා කියා. ඒ අනුවයි මා ඒ දේවල් කීවේ. මහේස්ත‍්‍රාත්වරයා: තමා අවුරුදු 16ක් හමුදාවේ රාජකාරිකළ රණවිරුවෙක් නේද? මේජර්වරයා: ඔව්! මහේස්ත‍්‍රාත්වරයා: අවුරුදු 16ක් හමුදාවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකු වන තමා කොහොමද කම්පනයට පත්වුණේ? මේජර්වරයා: මට කවදාකවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේ වගේ මගේ ලේ ගලාගිහින් නෑ. ඒ වෙලාවේ අධික ලෙස මගෙන් රුධිරය වහනය වුණා. පහරදීමේ චෝදනාව සමථයකට පත් කළ හැකි වුවත් කොල්ලකෑමේ චෝදනාව සමථයට පත් කළ නොහැකි බව පෙන්වා දුන් මහේස්ත‍්‍රාත්වරයා හමුදා මේජර්වරයාගේ සාක්කිය කුමක් වුවත් මේ සිද්ධිය පිළිබඳව වෙනත් සාක්කි මෙන්ම වීඩියෝ සාක්කිද ඇතිබව සඳහන් කළේය. ඇමැති පුතුන් දෙදෙනා රුපියල් 50,000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 20 බැගින් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියේ හමුදාපතිවරයාට දැනුම් දුන්නේ හමුදා බුද්ධි අංශ මේජර්වරයාට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ඔහු යුද්ධාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය. එසේම මේජර්වරයා හෝටලයට ගොස් තිබෙන්නේ රාජකාරි අවශ්‍යතාවකට නොවන බවද එම මූලික උසාවිය පෙන්වා දී තිබේ. හමුදා පරීක්ෂණ උසාවිය පුරා සතියක් පැවැති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මේජර්වරයාට පිස්තෝලයක් රැගෙන යාමට අවසර නැති බවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්් ඕවිට මහතා අධිකරණයට දැනුම් දුන්නේ මාලක සිල්වා හා රොහාන් විජේරත්න ඇතුළු පිරිසක් ඉකුත් 9 වැනිදා අලූයම ජයික් හිල්ටන් නිවාස සංකීර්ණයේ රථ ගාලේදී තමාට පහර දුන් බවට පැමිණිලි කර ඇති යුද හමුදා මේජර් චන්දන ප‍්‍රදිප් සුසේනට එදින එම ස්ථානයේ නියමිත රාජකාරියක් පවරා නොතිබුණු බව ඔහුගේ අණදෙන නිලධාරි තැනගේ ප‍්‍රකාශයෙන් අනාවරණය වී ඇති බවය. එමෙන්ම මෙම මේජර්වරයා එහි ගියේ අපරාධ රැසකට සම්බන්ධ කැසිනෝ ව්‍යාපාරිකයකුට රැකවරණ ලබාදීමට දැයි සැකයක් මතු වී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවත් දැනුම් දුන්නේය. පැමිණිල්ල විභාගයට ගැනීම නොවැම්බර් 26 දිනට කල් තැබිණි. සමස්ත සිදුවීම් මාලාවම එක විටම ගත කල්හි අදාළ මේජර්වරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන්ද බලවත් ප‍්‍රශ්න ගණනාවක් මතුවේ. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු යනු අතිශයින්ම සම්භාව්‍යතාවට පත් නිලධාරියෙකි. එහෙත් මේ හැසිරිම එබඳු බලවත් නිලයකට තරම් නොවන බව නම් ඉඳුරාම පැහැදිලිය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද විරුවකුට වෙච්ච දේ
කුමාර Thursday, 25 October 2012 08:01 PM
ඕවා වැඩිය ගණන් ගන්න එපා. (නි)
උපුල් Monday, 01 October 2012 01:38 PM
කියන්න දේ ගොඩයි..ඒත් කියලා වැඩක් නෑ (ස)
රොකී Monday, 01 October 2012 07:33 AM
අයියෝ තාත්තේ .(ස)
හර්ෂණ Tuesday, 02 October 2012 09:34 PM
ඔය නිල ඇදුම අදින්න එපා.. මොකද ඔය නිල ඇදුම අයිති අභීත රණවිරුවන්ට පමණයි.. (නු)
නාමල් Tuesday, 09 October 2012 01:56 PM
ජිවා එතකොට මේජර් ඇමති පුතාට ගැහුවනම් මොකද වෙන්නේ (ස)
සමන්ති Monday, 01 October 2012 01:59 PM
මෙයාගේ අත තලන්න ඕනි (ස)
ජීව Friday, 05 October 2012 11:32 PM
හමුදාවෙ හිටියටම යුධ විරුවො වෙන්නෙ නැහැනෙ. කොටින්ට හමුදාව පාවලා දුන්න විරුවොත් හිටිය බව අපි දන්නවානෙ. දැන් ඔය පොලිසියේ අය නිකරුනේ මිනිසුන්ට ගහන්නෙ.ඒව නැහැයි කියන්න ද.හමුදාවෙ අයත් කාලයක් අපේ අයට තැලුවෙ නැද්ද.ඒව අපට අමතකවෙලා ද.ඒ අයට ගහන්න පුළුවන් නම්,අපෙනුත් එකෙක් ඒ අයට ගැහුවම මොකද වෙන්නෙ.හොඳයි, ඔය කියන මේජර් සාමාන්‍ය කෙනෙකුට ගැහුවා නම් මොකද වෙන්නෙ.මේ විදියට කෑ ගහයිද? අනිත් එක, ඒක ඒ අයගෙ පුද්ගලික ප්‍රශ්නයක්. මේක රටේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි. අපි මොකට ද ඒකට පෙළපාලි යන්නෙ. මේජරුයි,මාලකයි ඒ ප්‍රශ්නය විසඳගනියි. (නි)
ශිරාන් Thursday, 11 October 2012 12:16 PM
අනේ ජිව, මාලක සාමාන්‍ය මිනිහෙකුට ගැහුවනම් මොකද වෙන්නෙ.. මෙ රටේ නීතියක් කියල එකක් නැ. එක නිසයි මේක හැම කෙනෙකුගේම පොදු ප්‍රශ්නයක් වෙන්නෙ.. (නු)