මරණ ද`ඩුවම පිළිබ`ද කොතරම් විවේචන තිබුණ ද තවමත් ලෝකයේ එය කි‍්‍රයාත්මකය. මිනිසා ලොව බිහිවූ දා පටන් මිනිසා විසින් ම මිනිසුන් ඝාතනය කිරීම සිදුවන්නට ඇත. නීති හා ද`ඩුවම් කි‍්‍රයාත්මක වූ දා පටන් මරණ ද`ඩුවම ද කි‍්‍රයාත්මක විය.
මරණ ද`ඩුවම කවර ආකාරයෙන් කි‍්‍රයාත්මක කළ ද සිදුවන්නේ මරණයට පත්වීමයි. මෙහිදී වඩාත් විවාදයට තුඩු දෙන්නේ මිය යන පුද්ගලයාට වේදනාත්මක මරණයක් අත්කර දෙන්නේ ද නැතිනම් අවම වේදනාවක් සහිත ක්ෂණික මරණයක් අත්කර දෙන්නේ ද යන්නයි.
දැඩි වධ වේදනා පිරි වධක ක‍්‍රම භාවිතා කරන්නේ එම ද`ඩුවම් දකින්නන්ගේ සිතේ බියක් ඇතිකර ඉන් නීතිය ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙනි.
ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, උල සි`දුවීම, ගල් ගසා මැරීම, ගෙල වැලලෑම, කුරුසියේ තබා ඇණ ගැසීම ආදී සියලූ ද`ඩුවම් එවැනි වධ හිංසා සහිත ද`ඩුවම්ය.
ගල් ගසා මරා දැමීම ලෝකයේ මිනිසුන් මරා දැමීමේ පැරණිතම ක‍්‍රමය විය යුතුයැයි ඉතිහාසඥයෝ කියති. ගල් යනු මිනිසාගේ ඉතිහාසයේ මුල්ම ආයුධයයි. අතට අසුවන ගලක් අහුලා එය දමා ගැසීමෙන් සතුන් මරා ආහාරයට ගත් ආකාරයෙන් ම මිනිසුන් ද ගල් ගසා මරා දමන්නට ඇත.
කුඩා ගෝති‍්‍රක කණ්ඩායම් අතර ඇතිවූ සටන්වල දී ගල් විරුද්ධවාදියා මරා දැමීමට මහෝපකාරී වන්නට ඇත. අන් සියලූ ආයුධ නිපදවීමේ මූලාරම්භය සිදුවන්නේ ද ගල්වලිනි.
ගල් ගසා මරා දැමීම පිළිබ`ද පළමු ඓතිහාසික සාධක ලැබෙන්නේ පුරාණ රෝමයෙනි. ඒ අදින් වසර තුන් දහසකට පමණ පෙර යුදෙව් ආගමේ පැවති ද`ඩුවම් ක‍්‍රමයකි. ඉස්ලාම් ලබ්ධිකයෝ මේ ආගමේ මරා දැමීමේ සම්ප‍්‍රදාය කොපි කළහ.
මුල් කාලයේ දී යුදෙව් දහමේ යමකු ගල් ගසා මරා දමනවිට ඔහුට හෝ ඇයට අයත් ගව මහීෂාදී සතුන් ද ගල් ගසා මරන්නට නියෝග කැරිණි. දැන් සතුන් නිදහස ලබා ඇත.
එකල පුරාණ රෝමයේ පුද්ගලයකු ගල් ගසා මරා දැමීමට හේතු කිහිපයක් තිබිණි. ඉන් පළමුවැන්න වන්නේ ආගමික කටයුතු ස`දහා වෙන්කැර ඇති දිනය හෙවත් උපෝසථ දිනයේ දී පින් දහම් නොකර වෙනත් වැඩපල කිරීමයි. දෙවියන්ට අපහාස කිරීම ද ගල් ගසා මරා දැමීමට හේතුවක් විය. සමලිංගික සේවනය, කන්‍යාවක් නොවන කාන්තාවක් කන්‍යාවක් බව කියමින් විවාහ වීම, වෙනත් පුරුෂයකු සමග විවාහ ගිවිසගෙන ඇති කාන්තාවක් සම`ග අඹු සැමි සම්බන්ධතා පැවැත්වීම මෙන් ම පිළිම වන්දනාව ද කෙනකු ගල් ගසා මරා දැමීමට හේතුවක් වී තිබිණි.
ගල් ගසා මරා දැමීමේ වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූ අවස්ථාව වන්නේ ‘‘මරිය මග්දලේනා’’ ගල් ගසා මරා දැමීමට උත්සාහ ගැනීමයි.
මේ අවස්ථාවේ ඉදිරිපත් වූ යේසුස් කි‍්‍රස්තුස් වහන්සේ ‘‘කිසිදා වරදක් නොකළ තැනැත්තකු සිටීද, ඔහු පළමු ගල ගසන්න’’ යැයි කීවේය. මරිය මග්දලේනාගේ ජීවිතය බේරුණේය. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසද්දී ඒ අසළින් ම හ`ඩා වැළපෙමින් සිටියේ ඒ මරිය මග්දලේනා යැයි පවසයි. ඒ අනුව පැහැදිලි වන්නේ ජේසුස් වහන්සේ කියූ පරිදි මරිය මග්දලේනාට පළමු ගල ගැසීමට වැරදි නොකළ අයකු සිටින්නට නැත.
එකල සිරිත වූයේ යම් අපරාධයක් කර යම් අයකු වරදකරු වූ විට චෝදනා විභාග කර ප‍්‍රසිද්ධියේ වධ හිංසා පමුණුවා මරා දැමීමයි. මරණයට පත්කරන පුද්ගලයා වධක භූමියට රැගෙන ගිය පසු එහි රැස්වන ජනයා අතරින් සුදු ඇ`දුමින් සැරසී ඉදිරියට එන පුද්ගලයකු වරදකරුට පළමු ගල ගසයි. මේ තැනැත්තා මරණයට පත්වන පුද්ගලයාට චෝදනාව නැගූ තැනැත්තාය. ඔහු පළමු ගල ගැසූ පසු රැුස්ව සිටින සියලූ දෙනා එක්ව ගල් ගසති.
ඇතැම් අවස්ථාවල දී මරණයට පත්වන තැනැත්තා බිම ඇද වැටී ගල්වලින් ම වැසී යන තරමට ගල් ගසන බව අතීත කතාන්තර සාක්ෂි දරයි.
වරදකරු සම්බන්ධයෙන් චෝදනා කරන ලද පුද්ගලයා පළමු ගල ගැසීමේ අරුත් දෙකක් තිබිණි. ඉන් පළමුවැන්න නම් වරදකරු නීතිය හමුවට ගෙන ඒමේ කාර්යය කරන ලද්දේ ඔහු විසින් බව දැන්වීමයි. දෙවැන්න වන්නේ ලබාදුන් තීන්දුව නිවැරදි නොවේ නම් ඒ නිවැරදි නොවන තීන්දුව සම්බන්ධයෙන් වගකීම චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයාට ම යොමු කිරීම ස`දහාය.
වරදකරු මරා දැමීමට භාවිතා කරන ගල් පමණට වඩා විශාල නොවිය යුතු බවත් පමණට වඩා කුඩා නොවිය යුතු බවත් මේ නීතියේ දැක්වේ.
පමණට වඩා විශාල වුවහොත් එක් ගල් පහරකින් වරදකරු මියයාමට ඉඩ ඇත. එසේ වුවහොත් මරණය වේදනාකාරී නොවන බැවින් එම කොන්දේසිය දමන්නට ඇත.
කෙසේ වෙතත් ගල් ගසා මරා දැමීමේ ද`ඩුවම ලොව බොහෝ රටවල් පිළිකුල් කරන්නකි. මිනිස් ශිෂ්ටාචාරයට එය නොහොබිනා බවත් මැරිය යුතුම නම් මරණයට පත්වන පුද්ගලයාට අවම වේදනාවක් ඇතිවන ක‍්‍රමයක් යොදා ගත යුතු බවත් බොහෝ රටවල මතයයි.
එසේ වුව ද ගල් ගසා මරා දැමීම ෂරියා නීතිය යටතේ තවමත් කි‍්‍රයාත්මක වන්නකි. මීට කලකට ඉහත දී සිරියාවේ කාන්තාවක් ගල් ගසා මරා දමද්දී සුදෝ සුදු ඇ`දුමින් සැරසී ඇයට පළමු ගල ගසන්නේ ඇගේ ම පියා විසිනි. ඒ මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක වූයේ ද ෂරියා නීතිය අනුවය.
සෞදි අරාබියේ ෂරියා නීතිය අනුව, කෙනෙකු අනාචාරයේ හැසිරුණු බව සනාථ කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන්, ගැහැනුන් අට දෙනකු හෝ පිරිමි හතර දෙනකු අවශ්‍යය. අනාචාරයේ හැසිරීම නීතිය හමුවේ අපරාධයක් ලෙස සලකන අතරම එය ඔප්පු කිරීමට දුෂ්කර දෙයක් ලෙස ද පවතී.
ගල් ගසා මරා දැමීම වත්මන් ශී‍්‍ර ලංකා සමාජයේ කතා බහට ලක්වන්නේ ශී‍්‍ර ලාංකික කාන්තාවක් සෞදියේ දී ගල් ගසා මරා දැමීමට තීරණය වූ බව ප‍්‍රචාරය වීමත් සමගිනි.
මරදානේ පදිංචි විවාහක කාන්තාවක වන ඇය සෞදියේ දී ශී‍්‍ර ලාංකික පිරිමි පුද්ගලයකු සමග අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්වීමට වරද කරු වී සිටියි. ඇය මේ සම්බන්ධයෙන් වරද පිළිගත්තාය. පසුව ඇය මරා දැමීමටත් පිරිමියාට කස පහර දීමටත් නියෝග කර ඇත.
විදෙස් රටක ගෘහ සේවයට යන කාන්තාවෝ සංක‍්‍රමණික ශ‍්‍රමිකයෝය. ඔවුන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් පිළිබ`ද සම්මුතියක් ද පවතී. ඒ සම්මුතියට ශී‍්‍ර ලංකාව අත්සන් කර ඇතත් සෞදි අරාබි රජය ඊට අත්සන් කර නැත. එබැවින් එරට රැු`දී සිටින ශ‍්‍රමිකයන් සම්බන්ධයෙන් සෞදියට සිය අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාව ලැබෙයි.
සෞදියේ ගල් ගසා මරා දැමීමට බොහෝ දෙනකු විරුද්ධය. එසේ වූවද තවත් රටවල් රැසක මරණ දඬුවම කි‍්‍රයාත්මක කරයි. ඇමෙරිකාවේ සිදුකරන්නේ වස එන්නත් කිරීමයි.
මෙයින් වඩාත් සුදුසු ක‍්‍රමය කුමක් ද යන්න නිශ්චිතව තේරුම්ගත නොහැකි දෙයකි.
කෙසේ වෙතත් ශිෂ්ට සමාජය පිළිගන්නේ කවර ආකාරයකින් වුව ද මරණ ද`ඩුවම කි‍්‍රයාත්මක කළ ද එය නූතන සංස්කෘතික සමාජයට නොගැළපෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීතිය ලංකාවටත් ඕනෑ කියන අයත් ඉන්නවනේ (නි)
හුසේන් මොහමඩ් එන්න අරාබියට ඇවිල්ල බලන්න ඔය ෂරිය නිතිය යටතේත් අරාබි ගැහැනුන් මොන තරම් අනාචාරයේ හැසිරෙනවද කියල. වරදට දඩුවමක් තිබිය යුතුයි. එත් එය සාදාරන දඩුවමක් විය යුතුයි. මෙවැනි මිලේච්ච දඩුවම් ලෝකයට පිළලයක්. (ස)
ගුණවර්ධන , පිරිමියාත් විවාහකයි නම් ඔහුටත් මරණ දඩුවම හිමිවිය යුතුයි. අවිවාහකයි නම් කස පහර. (ස)
හුසේන්, මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද ඒ වගේ කාන්තාවන් සමඟ සිටින පිරිමින්ට වෙන්නේ කුමක්ද කියලා (නි)
උපුල්ගේ කතාව මමත් අනුමත කරනවා. අපේ ලංකාව අරාබියේ කොලනියක් වන්න දෙන්න බැහැ (නි)
හොඳ ලිපියක් (නි)
මෙතන අදහස් දැක්කහම හිතාගන්න පුළුවන් ලංකාව අරාබියේ කොලනියක් කරන්න කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියලා (නි)
ජීවන් නමින් ඉන්න කෙනාට කියන්නේ, ඔයාට ඔච්චර ආසනම් අරාබියට යන්න ලංකාවේ අපිට ඉන්න දීලා (නි)
මෙතන මහා ලොකුවට මේ නීති අගයන අය දන්නේ නැතුව ඇති කොච්චර තද නීති තිබුනත් අරාබිකරේ කී දෙනෙක් හැම මාසෙම මේ වගේ මිලේච්ඡ දඬුවම් විඳිනවද කියලා (නි)
මුලින්ම මේ ලිපිකරුට ස්තුතිවන්ත වෙනවා "ටිකක් හෝ ' මධ්‍යස්තවීම ගැන. හොඳ සහ කාලෝචිත ලිපියක්.මට ලාලින්ට කියන්න තියෙන්නේ, මෙම ලිපිය ආයේ සැරයක් හරියට කියවා බලන ලෙසයි. මේ දඩුවමට පාත්‍ර වූ ස්ත්‍රිය විසින්ම තමා අනාචාරයේ යෙදුනු බවට එකවතාවක් නෙමේ හතර වතාවක්ම පිළිගෙන තියෙනවා. සමාජයේ යහපත වෙනුවෙනුයි ආගම්වල සහ රට රටවල්වල නීති සම්පාදනය කරලා තියෙන්නේ. වඩාත්ම වැදගත් වෙන්නේ, ඔය නීති සහ ලබාදෙන දඩුවම් නිසා කොයිතරම් දුරට සමාජය ඔය වැනි වැරැදිවලින් වැලකී සිටීමට තරම් හේතු සාධක වෙන්නේ කියනෙකයි. (කෞ)
හොඳ ලිපියක් (නි)
මේ වැඩේනම් අනුමත කරන්න බෑ.(හේ)
සෆීක් කිව්වා වගේ 12 දෙනෙක් ඉදිරියේද ලංකාවේ කාන්තාව අනාචාරයේ හැසිරුනේ. එතන ගැහැණු 8 දෙනෙකුත් හිටියද? මේ නීති තියෙන්නේ කිසිම පදනමක් ඇතුව නෙමෙයි. ගෝත්‍රික නීති. (බ)
ගල් ගහන්නේ පොඩි මිනිස්සුන්ට විතරද? ඇයි ඔය ගල් ගහන අය වැරදි කරලම නැති අයද? ලංකාවේ වැරදි කරපු අය ලංකාවේ හිර ගෙවල් වලට හරි එවන්න පුළුවන්නේ නේද? ඔය වැරදි වලට දඩුවම් කලොත් ගොඩක් දෙනෙක් අහුවෙයි. ගොඩක් කනගාටුයි. (ර)
ෂරියා නීතිය අනුව, කෙනෙකු අනාචාරයේ හැසිරුණු බව සනාථ කිරීමට ඇසින් දුටු සාක්ෂිකරුවන් කොහොමත්ම සොයා ගන්න බැහැ. මොනකෙනාද 4 දෙනෙක් හෝ 8 දෙනෙක් ඉස්සරහා අනාචාරයේ හැසිරෙන්නේ. ඒ නීතියේ ඒ ආකාරයට සදහන්ව ඇත්තේද එවැනි දඩුවමක් මගහැරිමටත් වැරදි කරන අයව බය කීරිමටත්ය. කෙසේවෙතත් ශ්‍රී ලංකික කාන්තාවට යම් අසාධාරණයක් වී ඇත.
මම හිතන්නේ ෂරියා නීතිය පමණයි අපරාධ වැළැක්වීමේ අරමුණ ඇතුව ක්‍රියාත්මක වෙන්නේ කියලා. අනික් සියළුම නීති ක්‍රියාත්මක වනුයේ දඬුවම් කිරීමේ අරමුණකින්. (නි)
මේ තිරිසන් නීතියේ නාමයෙන් මේ දඩුවම තව අනාදිමත් කාලයක් පවතීවිද? (බ)
හුසේන් මොහොමඩ් කියන කෙනාට කියන්නෙ , - මිනිහෙක් ට ලේ එනකන් ගල් වලින් ගහල මරන්නත් , ඒ දිහා , කිසිම පැකිලීමකින් තොරව බලන් ඉන්නත් පුළුවන් ද කියල , මං ඉස්සරවෙලාම අහන්න කැමතියි. තමන් ට කවුරු හරි ඇවිල්ල , ගලකින් ගැහුවොත් , ඇතිවන වේදනාව වගේ , සිය ගුණයකින්, වේදනාවක්, දඩුවම් ලැබෙන මිනිසාට දැනෙනවා . තමන් උපමා කරගෙන , තවත් ප්‍රාණියකුට දැනෙන වේදනාව , ගැන හිතල බලන්න , ඔයාට කවුරුත් කියල දෙන්න ඕන නෑනේ . කොහොමත් , මිනිසුන් ට විතරයි , තවත් ප්‍රාණියකුගේ දුක තේරෙන්නෙ. යක්කුන්ට ඒවා තේරෙන්නෙ නෑ .