IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


යාපනය කොටුවෙන් සෙබළුන් මුදාගත් “සුයිසයිඞ් එක්ස්ප්‍රස්” මෙහෙයුම

    03-Page-4-S2-05  

 

“මගේ දේශය.... මගේ ජාතිය,
මගේ ආගම.... මට ලබාදුන් ත්‍යාගයයි....
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්....
නිවටයින්ගේ දෙපා අභියස
බියෙන් හැකිලී නැමී යානම්
එවන් සිරුරක් කුමකටද මට
ගෙලෙන් සිඳ එය ඉවතලනු මිස....”

 


දශක තුනකට ආසන්නව පැවැති කුරිරු යුද්ධය අවසන්වී ඇත. උතුරුකරයේත් දකුණුකරයේත් ජනතාව අද නිදහසේ ජීවත්වෙති. ඒ නිදහස ලබාදීමේ ගෞරවය හිමිවෙන්නේ ජීවිත පරිත්‍යාග කරමින්, සතුරු කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් එඩිතරව ඉදිරියට ගිය දේශයේ සිංහ පැටවුන්ටය. ඔවුන් කළ ආත්ම පරිත්‍යාගයන්ටය.

1
අද යුද්ධය පිළිබඳව බොහෝ කතා ඇසේ. එහෙත් එදා මුළු ලක්වාසීන්ම මරණ බියෙන් තැතිගෙන සිටි බව අප අමතක නොකළ යුතුය. ඒ නිසාම අපි දේශයේ මුරදේවතාවුන් සතුරාගෙන් සිය මව්බිම බේරාගත් වික්‍රමාන්විතයන් පිළිබඳ සටහනක් තබන්නෙමු. ඔවුන්ගේ ලේ, කඳුළු, දහඩිය තුළින් ජාති, ආගම්, භේදයකින් තොරව කළ කැපකිරීම් පිළිබඳව සටහන් තබන්නෙමු. වෙඩි හඬ, බෝම්බ හඬ පරයා නිවහල් දේශයක් ගොඩනැගීමට කැපවූ නියමුවන්ගේ ආත්ම පරිත්‍යාගයන් පිළිබඳ සටහන් තබන්නෙමු.


එම වීර වික්‍රමාන්විතයෙන් පිළිබඳව කතා කිරීමට සතුරාගේ උණ්ඩයට පපුව දුන් දේශයේ පුත්‍රයෙකු වූ කර්නල් රාජ් වීජේසිරි මහතා සම්බන්ධ කරගත්තෙමු. එය 1990න් ඇරඹි දශකය වූවේය. ඒ වනවිට යාපනය නගරය පුරා ත්‍රස්තවාදීහු සන්නාහ සන්නද්ධවී සිටියහ. යාපනයේ කොටුව තුළ පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන්, බැංකු නිලධාරීන් සිරවී සිටි අතර මුදල් සහ රත්‍රන් භාණ්ඩ ද විය. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුකොට ගෙන ඔවුනට එළියට ඒමට නොහැකි විය.
මේ පිරිස බේරා ගැනීමට දිවා කාලය නුසුදුසු විය. හේතුව ත්‍රස්තයන්ගේ ඉලක්කයන් වීමය. මිනිස් ජීවිතවල වටිනාකම මිල කළ නොහැකිය. ඒ නිසා කෙසේ හෝ ඔවුන්ව බේරාගත යුතුය. ඒ සඳහා වූ මෙහෙයුම් සිදුකළ යුත්තේ ද රාත්‍රියේය.


මේ අසීරු කර්තව්‍ය සිදුකිරීම විශේෂ බළකා සෙබළුන්ට බාරවිය. කළපුවත්, රාත්‍රියත් භාවිතයට ගත් විශේෂ බළකා සෙබළු ඒ අසීරු කර්තව්‍ය ත්‍රස්ත ඇසට වැලි ගසා සිදු කළහ. මිනිස් ජීවිත හා රාජ්‍ය දේපල ත්‍රස්ත ග්‍රහණයෙන් නිදහස් වූවේය.


ඒ රණකාමී වික්‍රමාන්විතයේ වගතුග කර්නල් රාජ් විජේසිරි විස්තර කළේ මෙසේය.

 

03-Page-4-S2-01
● මොන කාලයේ ද කොහේ ද මේ මෙයෙහුම සිදු කළේ?
1990 වසරේ යාපනය කොටුව ප්‍රදේශයේ.

 


● මොකක්ද මේ මෙහෙයුමේ නම?
සුයිසයිඞ් එක්ස්ප්‍රස්.

 


● ඇයි ඒ නම මෙහෙයුමට දැම්මේ?
මේක බැරූරුම් මෙහෙයුමක්. රාත්‍රී කාලයේ සිදුකළ යුතු වුණේ. මිනිස් ජීවිත හා දේපල බේරාගැනීම සූක්ෂමව සිදුකළ යුතු වුණා. ඇත්තටම තමන්ගේ ජීවිත නැතිකර ගන්නවා වගේ අවදානමක සිටයි මෙහෙයුම සිදුකළ යුතු වුණේ.

 


● කවුද මෙහෙයුමට සම්බන්ධ වුණේ?
මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයත් බි්‍රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙනුත් මේ මෙහෙයුම ආරම්භ වුණේ. එය සැලසුම් කළේ මේජර් හෙට්ටිආරච්චි සහ 2 වැනි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කළ මේජර් ජයවි ප්‍රනාන්දු.
මේ මෙහෙයුමේ මූලික කටයුතු කර්නල් ලෆිර්ගේ බ්‍රාවෝ බලගණයට බාරවුණා. ඊට ලෙෆ්ටිනන් සුජිත් කද්ගොඩආරච්චි සහ ලෙෆ්ටිනන් ධම්මික හේවගේ සහාය ලබා දුන්නා.

 

03-Page-4-S2-03
● විශේෂ බළකා සෙබළුගේ සහය ලබාගත්තේ යාපනය කොටුව ප්‍රදේශය අල්ලා ගැනීමට ගිය තවත් සෙබළ පිරිසක් සහ නිලධාරීන් පිරිසක් බේරාගැනීමට. මොකක්ද ඒ මෙහෙයුම?
යාපනේ කොටුවේ මෙහෙයුමක් සිදුකරලා යාපනය රෝහල් ප්‍රදේශය අල්ලාගැනීමයි ඔවුන්ගේ අදහස වෙලා තිබුණේ. එවකට ආරක්ෂක ඇමැති හිටියේ රන්ජන් විජේරත්න මහත්තයා. ඔහුගේ උපදෙස් මතයි ජනරාල් කොබ්බෑකඩුව ඒ මෙහෙයුම දියත් කළේ.

 


● කවුද ඒ මෙහෙයුමට එකතුකර ගත්තේ?
ෂ වැනි සිංහ රෙජිමේන්තුව ගත්තා. එහි අණ දුන්නේ ජනරාල් ෆොන්සේකා. ඔහු එවකට කර්නල්වරයෙක්. ඊට අමතරව ෂ වැනි ගජබා රෙජිමේන්තුව භාවිතා කළා. එහි අණ දෙන්න හිටියේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ. මේ දෙන්නගේ අණ දීම යටතේ ෂ සිංහ රෙජිමේන්තුව සහ ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුමට සම්බන්ධ කරගත්තා. 

 


● ඒ මෙහෙයුම ආරම්භ වුණේ කොහොමද?
මුලින්ම යාපනය කොටුව අසල ඇති ටෙලිකොම් කුළුණ පැත්ත අල්ලාගැනීමට ෂ සිංහ රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළා. ෂ ගජබා රෙජිමේන්තුව මෙහෙයුම දියත් කළේ ඊට විරුද්ධ පැත්ත අල්ලා ගැනීමට. (මාකට් එක පැත්ත). ඒ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක පොළව යට බංකර් හදාගෙන වටේ බිල්ඩින් අල්ලාගෙන සන්නද්ධ වෙලා ඉඳලා තිබෙන්නේ. ඒ නිසා අපේ හමුදා සෙබළුන්ට මීටර් 75ට 80ට එහායින් යන්නට හම්බ වුණේ නෑ. සියයකට ආසන්න සෙබළුන් ප්‍රමාණයක් ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරු වුණා. එහිදී සෙබළු 20ක් 30ක් විතර මරණයට පත්වුණා. ඒ විදියට මියගිය සෙබළුන්ගේ සමහර මළ සිරුරු ලබාගැනීමට පවා නොහැකි වුණා. හේතුව ඒ මළ සිරුරු ගැනීමට ගිය සෙබළුන්ටත් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වීමට සිදුවීම.


මේ වනවිට හෙලිකොප්ටර්වලටත් කොටුවට ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබුණේ. ඒවාටත් එල්.ටී.ටී.ඊ. එකෙන් වෙඩිතියන්න පටන්ගත්තා. මේ අවස්ථාවේදී තමයි බි්‍රගේඩියර් කොබ්බෑකඩුව විසින් ෂ වැනි විශේෂ බළකායේ අණ දෙන නිලධාරියාව සිටි මේජර් හෙටිට්ආරච්චිට උපදෙස් දුන්නේ විශේෂ බළකා සෙබළුන් කොටුවේ සිරවී සිටින පිරිස මුදවා ගැනීමට යොමු කරන්න කියලා. මේ වෙනකොට අපේ විශේෂ බළකා සෙබළුන් නැගෙනහිර ප්‍රදේශයේ මෙහෙයුමක් සාර්ථකව නිමකරමින් සිටියේ. ඒත් සමගමයි අපිට යාපනය කොටුව මෙහෙයුමට සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ.

 

03-Page-4-S2-04


● විශේෂ බළකා සෙබළු කොහොම ද ඒ මෙහෙයුම සැලසුම් කළේ?
මුලින්ම අපිව පලාලිවලට එක්කරගෙන ආවා. ඊට පස්සේ කයිට්ස්වලට ගියා. ඊළඟට මණ්ඩතිව්වලට ගිහින් එතනින් චිරුතිව්වලට රැගෙන ගියා. එතනින් තමයි අපි මෙහෙයුම ආරම්භ කළේ. එහිදී අපට පැවරුණේ කොහොම හරි යාපනය කොටුවට ගිහිල්ලා එහි හිරවෙලා හිටපු පිරිස සහ තුවාලකරුවන් මණ්ඩතිව්වලට ගෙන්වා ගැනීම.

 


● කවුද මීට සම්බන්ධ වුණේ?
අපේ බළගණ 4ක් තිබුණා. ඇල්ෆා, බ්‍රාවෝ, චාලි, ඩෙල්ටා කියලා. ඒකෙන් ඇල්ෆා බළගණයේ අණදෙන්නා ලෙස මේජර් ප්‍රශන්න සිල්වා කටයුතු කළා. ඔහුගේ යටතේ තවත් නිලධාරීන් කීප දෙනෙක් හිටියා. බ්‍රාවෝ බළගණයේ අණදෙන්නා විදියට කටයුතු කළේ මේජර් ෆස්ලි ලෆීර්. චාලි බළගණයට අණදුන්නේ මේජර් මහේෂ් ජයසිංහ. ඩෙල්ටා බළගණයට අණ දුන්නේ මම.

 


● කොහොමද මෙහෙයුම දියත් කළේ?
මුලින්ම චාලි බළගණය කොටුව දෙසට ගමන් ගත්තා. අපි රාත්‍රියයි කොටුවට ඇතුළුවීමට භාවිතා කළේ. ඒ වගේම කළපුව දිගේ තමයි අපිට යාමට සිදුවුණේ. මේ විදියට චාලි බළගණය මුලින්ම කොටුව දෙසට ඇතුළු වුණා. එහිදී එල්.ටී.ටී.ඊ එක ප්‍රහාර දියත් කළා. අපේ සෙබළුන් කීප දෙනෙක් තුවාල ලැබුවා. ඒත් සෙබළු පසුබැස්සේ නෑ. කොහොම හරි කොටුවට ඇතුළු වුණා.


ඔවුන්ට පවුර පල්ලෙහා ප්‍රදේශයක් අල්ලා ගැනීමට හැකි වුණා. ඊට පස්සේ ඇල්ෆා, බ්‍රාවෝ සහ ඩෙල්ටා කියන අපේ බළගණ තුනත් කොටුවට ඇතුළු වුණා. අපි කොටුවට ඇතුළු වීමෙන් අපේ පළවෙනි අරමුණ ඉටු වුණා. ඒ අරමුණ ඉටුකර ගත්තේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දීලා. ඒත් අපේ අටදෙනෙක් විතර තුවාල ලැබුවා.


එදා රෑම අපි සැලසුම් කළා තුවාලකරුවන් සහ සිරවී සිටි පොලිස් නිලධාරීන් ආපසු යවන්න. ඔවුන්ව කළපුව දිගේ රැගෙන ගියා. ඒ වගේම බෝට්ටුවල එනිජින් ක්‍රියාකරවන්නේ නැතිව ඒවත් අපේ සෙබළු තල්ලුකරගෙන ගියේ. හේතුව බෝට්ටුවේ එන්ජිමේ හඬ ඇසුනොත් එල්.ටී.ටී.ඊ ප්‍රහාර සිදුවීම. මේ මෙහෙයුම සිදුකරද්දී පුංචි ශබ්දයක් පිළිබඳව පවා අපට හිතන්නට සිද්ධ වුණා. මේ විදියට අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස පිටත් කරලා දෙවැනි දවසේ සිටයි මෙහෙයුමේ ඉතිරිය ක්‍රියාත්මක කරවන්න සිදු වුණේ.

 

03-Page-4-S2-06

 


එහිදී යාපනය කොටුව ඇතුළට ආහාර ද්‍රව්‍ය ගෙන ඒම සහ අපේ තුවාලකරුවන් ආපසු යැවීම පිළිබඳවත් කටයුතු කිරීම සිදුකළ යුතු වුණා. හේතුව හැමදාම එල්.ටී.ටී.ඊ. එක “බබා මෝටාර්” එවීම. මහ ශබ්දයක් එක්ක මේ “බබා මෝටාර්” පුපුරණවා. ටෙලිකොම් ටවර් එක පැත්තේ ඉඳන් ඔවුන් ඒවා අපි ඉන්න දිහාවට එවන්නේ. එය වැටෙන ප්‍රදේශයට සෑහෙන විනාශයක් වෙනවා. කාමරයක් වගේ ඇතුළට වැටුණොත් කාමරයම පුපුරලා යනවා. මේ නිසා කොටුවේ සිරවෙලා සිටිය පිරිස කොහෙම හරි රාත්‍රී කාලයේ කොටුවෙන් ආරක්ෂිතව පිටත් කිරීම සිදු කළ යුතු වුණා.


මේ රාජකාරිය පැවැරුණේ බ්‍රාවෝ බළ ඇණියට (මේජර් ලෆීර්ගෙ කණ්ඩායම) සහ චාලි බළ ඇණියට.


ඒ අය රෑ වෙද්දී කළපුවට බහිනවා. ඊට පස්සේ එල්.ටී.ටී.ඊ. එකට කවර් වෙන විදියට ඇළක් දිගේ ගමන් ගන්නවා. එසේ ගමන් ගන්නා පිරිසෙත් විශේෂ බළකා සෙබළු 280ක් විතර සිටියා. කර වටක් වතුරේ බැහැලා ලණුවලින් එකිනෙකා සම්බන්ධ වෙලා තමයි මෙහෙයුම සිදුකළේ. ඒ අය බිම ප්‍රදේශ එහෙම කවර් කරද්දී අපි කොටුවේ උඩ බැම්මේ ඉඳලා (ඩෙල්ටා, ඇල්ෆා) ඒ අයට ආරක්ෂාව සපයනවා.


එහිදී ඨඡඵඨල ඛඵඨ වගේ බර අවි භාවිතයට ගැනීම සිදුකළා. උඩ ඉඳලා අපි ඒවායෙන් එල්.ටී.ටී.ඊ එකට වෙඩි තියනකොට ඔවුන්ට කළපුවේ ඉන්න පිරිසට වෙඩි තියන්න නොහැකි වෙනවා. ඒ උපක්‍රමය භාවිත කරලයි අපි කළපුවෙන් පිටකර යවන අයට ආරක්ෂාව සැපයුවේ. මේ ආකාරයට දවස් කීපයක්ම අපි මෙහෙයුමේ නිරත වුණා. මේජර් ජනරාල් කොබ්බෑකඩුවගේ උපදෙස් පරිදි කර්නල් ෆොන්සේකා, කර්නල් ගෝඨාභය රාජපක්ෂ යන පිරිස මේ මෙහෙයුම නැවත සිදුකරන ආකාරය සාකච්ඡා කළා.


ඒත් ඒ වනවිට එය දිගටම ගෙන යා නොහැකි තත්ත්වයක් තිබුණේ. අවසානයේ රන්ජන් විජේරත්න අමාත්‍යවරයාත් මණ්ඩතිව්වලට ආවා. අපේ අණදෙන නිලධාරීනුත් ඔහුව මුණ ගැසීමට ගියා. එහිදී සාකච්ඡා කර අවසානයට ගත් තීරණය වූයේ මෙහෙයුම අවසන් කර විශේෂ බළකා කණ්ඩායම් ආපසු ගෙන්වා ගැනීම. මෙය බැරෑරුම් සහගත තත්ත්වයක්. හේතුව වුණේ මේ වෙනකොටත් කොටුව ඇතුළේ 1000කට ආසන්න සෙබළුන් සංඛ්‍යාවක් සිරවී සිටීම.


මීට අමතරව පොලිසියේ අය 100කට ආසන්න පිරිසක් හිටියා. ඒ වගේම බැංකු නිලධාරීන් සිටියා. ඒ වගේම ලංකා බැංකුවේ මුදල් මිලියන ගණනක් තිබුණා. ඒ වගේම රත්‍රන් බඩු තිබුණා. පුපුරණ ද්‍රව්‍යත් තිබුණා. මේ සියලු දේ අපි මණ්ඩතිව් වෙත රැගෙන යා යුතු වුණා. එය එල්.ටී.ටී.ඊ. යට නොදැනෙන්න කළ යුතු වුණා. මෙය ඇත්තටම අපිට ලොකු අභියෝගයක්.

 


● කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
අපි අපේ කණ්ඩායමක් අත ආහාර ගෙන්වා ගද්දී කොටුව තුළ සිටින පිරිසෙන් 100ක් 150ක් විතර ඒ සමඟ ආපසු යවනවා. රැයකට එහෙම කීප සැරයක්ම දින කීපයක්ම කාණ්ඩ කාණ්ඩ යවලා කණ්ඩායම අඩු කරා.


ඒ කණ්ඩායම අඩු වුණත් අපි එල්.ටී.ටී.ඊ. එකට අපේ කණ්ඩායම අඩු බව නොපෙන්වන්න සුපුරුදු පරිදි වෙඩි තැබීම් සිදුකළා. කිසිවිටකත් අපි යාපනය කොටුව දාලා යන බව ඇඟෙව්වේ නෑ. සිරවී සිටි මිනිසුන් වගේම තිබූ වටිනා දේවලුත් අපි මණ්ඩතිව්වලට යැව්වා.

 


● මේ කාලසීමාව තුළ මුහුණදුන් අභියෝග මොනවා ද?
ප්‍රධානම අභියෝගය කළපුවේ වඩදිය බාදිය ගැලීම. වතුර මට්ටම හිටපු ගමන් ඉහළට එනවා. අපේ හිටිය හැමෝම උස අය නෙවෙයි. කළපුවේ තැනින් තැන පොඩි පොඩි වළවල් තිබෙනවා. ඒවාට වැටෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා හැමෝම ඉණ වටා කඹයක් ඔතාගෙන සම්බන්ධ වෙලයි කළපුවේ ගමන් ගත්තේ.


ඊළඟ අභියෝගය තමයි එල්.ටී.ටී.ඊ. ප්‍රහාර. අපේ කීපදෙනෙක්ම ඒ ප්‍රහාරවලින් තුවාල වුණා. බර අවිවලින් වෙඩි තියලයි එය යම් ප්‍රමාණයකට පාලනය කළේ.


මීළඟට නැව්, බෝට්ටු සහ ගුවන් යානා ගෙන්වා ගැනීමට නොහැකි වීම තවත් අභියෝගයක් වුණා. හේතුව මීට පෙර ආ සියාමා සෙට්ටි ගුවන් යානයත් එල්.ටී.ටී.ඊ. ය බිමට වට්ටවා තිබුණා. එය කඹ දාලා ඇදලා ගන්න පවා ඔවුන් උත්සාහ කළා. ඒත් අපි ඉන්න දවස්වල ඒකට ඉඩ දුන්නේ නැහැ. ගුවන් යානයේ තිබූ මළ සිරුරු අපි නිදහස් කර ආපසු එවීමට කටයුතු කළා.


කොටුව ඇතුළේ ඉද්දි තිබ්බ අභියෝගය තමයි බබා මෝටාර් එවීම. එහිදී අපි අගල් කපලා, වැලි කොට්ට ගහලා බංකර් හදාගෙන තමයි ආරක්ෂා වුණේ. එකපාරටම කවුරු හරි කෑ ගහනවා “බබා එනවෝ” කියලා. එතකොට අපි දැනගන්නවා බබා මෝටාර් එකක් එනවා කියලා. එතකොට කන බොන ඒවා පැත්තකට විසිකරලා බංකරය ඇතුළට දුවනවා. එළියේ හිටිය නම් තුවාල වීම හෝ ජීවිතක්ෂයට පත්වීම සිදුවෙනවා.


තවත් අභියෝගයක් තමයි එල්.ටී.ටී.ඊ එකේ හිටපු සැඟවුණ වෙඩික්කරුවෝ. අපි කොටුවේ සමහර තැන්වලින් යද්දි ඔවුන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්වුණ අවස්ථා තිබුණා. කීප දෙනෙක් ඉන් ජීවිතක්ෂයටත් පත්වුණා.


අපෙත් සැඟවුණු වෙඩික්කරුවෝ සිටියා. කර්නල් දයා රාජසිංහ යටතේ සැඟවුණු වෙඩික්කරුවෝ (ස්නයිපර්) කණ්ඩායමක් පුහුණුවෙලා සිටියා. ඔවුන් එල්.ටී.ටී.ඊ එකටත් වෙඩි තියලා ලොකු හානියක් සිදුකළා.

 


● කොහොමද මෙහෙයුම අවසන් කළේ?
පෙර කී පරිදි කොටුවේ සිරවී සිටි සියලු දෙනා සහ තිබුණ වටිනා දේ මණ්ඩතිව් වෙත යැව්වා. ඊට පස්සේ උදා වූ අවසන් දවස හරිම තීරණාත්මකයි. මේ වනවිට කොටුව ඇතුළේ හිටියේ විශේෂ බළකායේ කණ්ඩායම් හතර විතරයි. අපේ ඉංජිනියර්ස්ලා බාරව හිටියේ මේජර් ආනන්ද චන්ද්‍රසිරි. එයාට වගකීම පැවරුවා ගෙනියන්න බැරි උපකරණ පුපුරවා හරින්න. එය ටයිමින් අනුව පුපුරන්නයි සූදානම් කළේ.


අපි මණ්ඩතිව්වලට ළඟා වුණාට පසුව එය ටයිමින්වලට අනුව සිදුවන ආකාරයට සෙට් කරලා චාලි බළගණයට කොටුවෙන් පිටත්වීමයි අවසාන සැලසුම වුණේ. අන්තිම දවසේ රාත්‍රියේ අපි කොටුවේ තිබූ උමං දිගේ ගමන් කළා. කිසිවෙක් නෑ. අපේ අඩි ශබ්දය විතරයි අපිට ඇහුනේ. හරියට හොල්මන් ගෙයක් ඇතුළේ දුවනවා වගේ. අමුතු භයංකාර හැඟීමකුත් ආවා ඒ වෙලාවේ. එදා රෑ උමං ඔස්සේ ගමන් කරලයි කළපුවට අවතීර්ණ වුණේ. අවසන් අවස්ථාවේ චාලි බළගණයත් රැගෙන මේජර් උපුල් වීරසිංහ වෙඩි නූල් පත්තු කරලා කොටුවෙන් පිටත්වුණා. අපිට මණ්ඩතිව්වලට කිට්ටුවෙන්න පැය තුනක් පමණ ගියා. ඊටත් පැය 1 1/2ට විතර පස්සේ තමයි (පාන්දර එකට දෙකට පමණ) කොටුව ඇතුළේ මහා පිපිරුම් හඬක් ඇසුණේ. පැය ගාණක් එය පත්තු වුණා. ඒ වෙලාවේ අපි එල්.ටී.ටී.ඊ. එකේ රේඩියෝවලට ඇහුම්කන් දුන්නා.


එයාලා කතා වුණේ ආමි එකේ බෝම්බයක් පිපිරිලා ලොකු විනාශයක් වුණා කියලා. ඒ වෙද්දිත් අපි කොටුවෙන් එළියට ඇවිත් සිටි බව ඔවුන් දැන සිටියේ නෑ. අපි දුරදක්නවලින් දැක්කා එල්.ටී.ටී.ඊ එක ඇවිත් ඒ අවට පරීක්ෂා කරන ආකාරය. මේ ආකාරයට සියලුම සෙබළුන් ඉවත් කරගෙන කඳවුර අතහැරලා එන කටයුත්තට සති තුනක් විතර ගියා. විශේෂ බළකා සෙබළුන් 500ක් පමණ මේ කටයුත්තට සහභාගී වුණා.

 


● මෙහෙයුමට භාවිත කළ ආයුධ මොනවා ද?
අපි බර අවි හැටියට භාවිතා කළේ ජී.පී.එම්.ජී. අවි, එල්.එම්.ජී. අවි (සුළු යාන්ත්‍රික අවි). ඊට අමතරව ස්නයිපර්ස් අවි භාවිතා කළා. මිලිමීටර් 60 මෝටාර්ස් භාවිතා කළා. ඇතුළේ මිලිමීටර් 80 මෝටාර්ස් තිබුණා. රොකට් ලෝන්චර්ස් තිබුණා. ආර්.පී.ජී. අවි භාවිතා කළා. ඒ වගේම ටී56 අවි භාවිතා කළා.

 


● මේ වෙද්දි එල්.ටී.ටී.ඊ. එක කොතරම් ශක්තිමත් ද?
අපේ ශක්තිමත් පාබල හමුදාවක් තිබුණා. ඔවුන්ට නොහැකි වුණා එල්.ටී.ටී.ඊ එකට ගහන්න. ඒ වෙද්දි සෑහෙන බංකර් හදාගෙන, ආයුධවලින් සන්නද්ධ වෙලයි ඔවුන් හිටියේ. රේල් පීලි, යකඩ පතුරු පවා ඔවුන්ගේ බංකර් හදන්න භාවිත කරලා තිබුණා. ඇත්තටම අපේ විශාල පිරිසක් ඉඳලත් යාපනය රෝහල් ප්‍රදේශය අත්පත් කර ගැනීමට නොහැකි වුණේ එල්.ටී.ටී.ඊ එක එතරම් ශක්තිමත් නිසා.


මේ කාලයේදී තමයි සාම සාකච්ඡා බිඳ වැටිලා යුද්ධයේ දෙවැනි අදියර පටන් ගත්තේ. කලවංචිකුඩි වැනි ප්‍රදේශවල තිබ්බ පොලිස් ස්ථාන ඔක්කොම ඔවුන් අල්ලා ගත්තා. එවැනි ශක්තිමත් බවක් උතුරේ සහ නැගෙනහිර සිටි ත්‍රස්වාදීන්ට තිබුණා.


ඝන අන්ධකාරය, සීතල මුහුදු වතුර, මැසි මදුරු උවදුරු, සතා සර්පයාගේ අනතුරු සියල්ලක් මැද ත්‍රස්ත ප්‍රහාර මැඩ පවත්වමින් ජීවිතය පරදුවට තබා විශේෂ බළකා සෙබළු සිදු කළ එක් වික්‍රමාන්විතයක් එසේ අවසන් වුවේය.

 

m



අදහස් (0)

යාපනය කොටුවෙන් සෙබළුන් මුදාගත් “සුයිසයිඞ් එක්ස්ප්‍රස්” මෙහෙයුම

අබය Saturday, 10 December 2016 03:14 AM

අහෝ කොබ්බෑකඩුව සෙන්පතිතුමනි, ඔබ නැති අඩුව කිසිදිනෙක අප හට පිරවීමට නොහැක (නි)

:       0       0

නුවන් Tuesday, 13 December 2016 01:31 PM

සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය! (හේ)

:       0       0

ඇසළ Saturday, 17 December 2016 02:43 PM

එ්ක නිසා තමයි අපේ සමහරු දැන් බන්දේසියේ තියලා මස් රාත්තලම දෙන්න හදන්නේ, අතීතයේදී කිසිම දෙයක් සිද්දවෙච්ච නැති විදියට. (නි)

:       0       1

රාහුල Saturday, 10 December 2016 02:00 PM

ඔබ කළ කැපකිරීමට අපගේ උත්තමාචාරය. (නි)

:       0       0

කුමාර Wednesday, 07 December 2016 04:33 PM

විරුවනි, ඔබට මගේ ආචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 487 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 88 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 996 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 170 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 712 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site