ලෝකය පාලනය කරන බහු ජාතික සමාගම් අතර ආයුධ සමාගම්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ලොව පුරා ගැටුම් අවුළුවා එමගින් තමන්ගේ මඩිය තරකර ගැනීම ආයුධ සමාගම්වල උපක්‍රමය වේ. ඒ වෙනුවෙන් ඔවුන් කළ යුත්තේ ආයුධ නිපදවා තමන්ගේ තැරැව්කරුවන් අතට පත් කිරීම පමණි. ත්‍රස්තවාදය ඔවුන්ට ‘‘සුරබිදෙනක්’’ වන්නේ ඒ අර්ථයෙනි.
ලෝකය දියුණුවත්ම ගැටුමට ඇති ඉඩකඩ අහුරණු ලැබීය. එමෙන්ම ගැටුමට එරෙහිව නව නීති සම්පාදනය කරනු ලැබීය. ත්‍රස්තවාදය මර්දනය කිරීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 වසරේ සැප්තැම්බර් 28 වැනිදා සම්මත කරගත් යෝජනාව අතිශයින්ම වැදගත්ය.
ත්‍රස්තවාදයට මුදල් සැපයීම අරමුදල් රැස්කිරීම නැවැත්වීම එම යෝජනාවේ මූලික අරමුණු විය. මෙම යෝජනාවට යුරෝපා සංගමයේ ද අනුමැතිය හිමි වීම ලෝක ප්‍රජාව ලැබූ ජයග්‍රහණයකි. යුරෝපා සංගමයේ යුරෝපා කවුන්සිලය 2019 වසරේ ජනවාරි මාසයේ දී එල්ටීටීඊ සංවිධානය තහනම් කරනු ලැබුවේත් එම යෝජනාවේ හරය මත පදනම් වෙමිනි.
2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන්ගේ යුද්ධයේ අවි නිහඬ විය. ප්‍රභාකරන්ගේ වෙඩි වැදුණු නිසල සිරුර වෙල්ලමුල්ලිවයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමක තිබී සොයා ගැනුණි. ඉන් වසර දහයකට පසුවත් යුරෝපා සංගමයේ, යුරෝපා කවුන්සිලය එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කරනු ලැබුවේ ඇයි ද යන්න තුළ ත්‍රස්තවාදයේ ස්වභාවය හඳුනා ගැනීමේ ඉඩ තිබේ. යුරෝපා කවුන්සිලය සඳහන් කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වුව ද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත් සංවිධානාත්මකව නැගී සිටීමටත් එම සංවිධානයට හැකියාව තිබූ බවය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඩෙන්මාර්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක යුරෝපීය දේශපාලන උප ශාඛාවක් එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා තිබෙන තහනම ඉවත් කරන්නැයි ඉල්ලා යුරෝපා සංගම් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ මෑතකදීය. එහෙත් යුරෝපා සංගම් අධිකරණය එම අභියාචනය ඉවත දැමුවේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්වුව ද 2019 වසර වනවිටත් ජාත්‍යන්තර වශයෙන් අරමුදල් රැස් කිරීමටත්, සංවිධානාත්මකව නැගී සිටීමටත් එම සංවිධානයට හැකියාව තිබූ බව යුරෝපා කවුන්සිලය කරනු ලබන ප්‍රකාශය එයට හිමි බරින් ගත යුතුය. යුද්ධයක් යනු පෙරමුණු ගණනාවකින් සමන්විත වූවකි. 2009 වසරේ පරාජයට පත් වූයේ එහි යුද පෙරමුණ පමණි. අනෙකුත් බලඇණිවලට ක්‍රියාත්මක වීමේ හැකියාව තිබේ. ඔවුන් සිටින්නේ සුදුසු මොහොත එළැඹෙන තුරුය. ආයුධ සමාගම් ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබා දීමට ඉදිරිපත් වෙති.
යුද්ධ සමයේ දී බොහෝ පිරිසක් සරණාගතයන්ව වෙන වෙන රටවලට සංක්‍රමණය වූහ. උතුරේ එක් පවුලකින් එක් සාමාජිකයකුට විදේශගතවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අනුග්‍රහය හිමිවිය. ඒ ඔහුගේ වැටුපෙන් අඩක් එල්ටීටීඊ සංවිධානයේ ගිණුමට බැර කළ යුතු බවට වූ කොන්දේසියට යටත්වයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූයේ ද එයය. යුද සරණාගතයන් ලෙස විදේශයට සංක්‍රමණය වූ පුද්ගලයන්ට ඒ ඒ රටවලින් අවශ්‍ය රැකවරණ හිමිවිය. ඔවුන්ට දැන් උවමනා වන්නේ විදේශයේ ගත කරන සුඛෝපභෝගී ජීවිතය දිගටම ගත කිරීමටය.
රට තුළ යුද්ධයක් නැති හෙයින් තවදුරටත් සරණාගතයන් නඩත්තු කිරීමේ වුවමනාවක් ඒ ඒ රටවලට නැත. එහෙයින් එම රටවල් සිදුකරනු ලබන්නේ එම සරණාගතයන් නැවත අප රටට පිටමං කිරීමට කටයුතු කිරීමය. මෙම මර උගුලෙන් ගැලවීමට නම් මෙරට යුදමය වාතාවරණයක් ඇති විය යුතුය. ඒ සඳහා සිදුවීම් අවශ්‍ය වේ. එම වුවමනාව ඉටු කිරීමට කැමැත්තෙන් සිටින පිරිස් ද මෙරටින් සොයා ගත හැකිය.
එහෙත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මුදල්වලටය. විදෙස්ගතව සිටින්නන් එම මුදල් එවිය යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානයට පනවා ඇති තහනම ඔවුන්ට බාධාවක් වන්නේ එම අරමුදල් සොයා ගැනීමේදීය. තහනම ඉවත් කරන්නැයි ඔවුන් අධිකරණයට යන්නේ එහෙයිනි. ඇතැම්විට ඔවුහු ඒ සඳහා ඇති මානුෂිකවාදී හේතු ඉදිරිපත් කරති. යුද්ධය නිමා වී වසර 10 ක් ගතවී තිබියදීත් මෙසේ තහනම කුමකටදැයි සාධාරණ ප්‍රශ්නයක් නගති. එහෙත් ඒ සියල්ලෙහිම තිබෙන්නේ ලේ වැගිරීමකට අවශ්‍ය අඩුම කුඩුමය.
මේ රට සියවස් ගණනාවක් ආපස්සට ඇද දැමීමට තිස් වසරක යුද්ධය හේතු විය. මේ රටේ තරුණ තරුණියෝ දහස් ගණනින් මිය ගියහ. ප්‍රභාකරන්ගේ උම්මත්තක සිහිනයට පරම්පරා ගණනාවකට වන්දි ගෙවීමට සිදුවිය. යළිත් ඒ ශාපලත් යුගයට යා යුතු නැත. අවශ්‍ය මොහොත එළැඹෙනතුරු සීරුවෙන් බලා සිටින ත්‍රස්තවාදියාට ඉඩ දිය යුතු නැත. මුළු රටම, ජාතියම අවදියෙන් සිටිය යුත්තේ එහෙයිනි.
එසේ වුවද උතුරු - නැගෙනහිර ජනතා හදවත් තුළ කිසියම් කැකෑරීමක් ඇත්නම් එයට විසඳුම් ලැබිය යුතුය. ඔවුන් සමග සෘජු සාකච්ඡාවක් පැවැත්විය යුතුය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුරෝපා සංගම් අධිකරණ තීන්දුව අගය කළ යුතුයි