‘යූරියා යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි. ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක් දක්වා, ගෝලීය නිෂ්පාදනයෙන් 0.1% ක් පමණ ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙමින් පැවතුණි. ඉතිරි 99.9% ක් භාවිත කළ කිසිම රටකින් යූරියා විසවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.’
යූරියා හි කාබන් අඩංගුවේ. එබැවින් එය ‘කාබනික’ සංයෝගයකි. යූරියාවල රසායනික සූත්‍රය CH4 N2 O ය. එනම්, යූරියා අණුවක, කාබන් පරමාණුවක්, හයිඩ්‍රජන් හතරක්, නයිට්‍රජන් දෙකක් සහ ඔක්සිජන් එකක් බැගින් ඇත. යූරියා අණුවේ බරෙන් දළ වශයෙන් 20%ක් කාබන් අඩංගු වේ. නයිට්‍රජන් අන්තර්ගතය බර අනුව 46%කි.
හදිසියේම කෘත්‍රිම රසායනික’ පොහොර ආනයනය තහනම් කිරීමත්, ඒ පිළිබඳව රටපුරා ඇතිවුණ විද්වත් සාකච්ඡා සහ ගොවීන්ගේ විරෝධතා සමූහයක් රටේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා බහුලව ප්‍රචාරය වෙමින් පවතී. එහෙත්, මේ වන තුරු ඒ සියලු දේ ‘බීරි අලින්ට වීනා වාදනය කිරීමක්’ බවට පත්වී ඇත. මෙම ලිපියත් එවැනි නිෂ්ප්‍රභ උත්සාහයක් විය හැකි වුවත්, තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාව ගොදුරුවන අවාසනාවන්ත ඉරණම පිළිබඳව අනතුරු ඇඟවීමක් කිරීම අප සතු වගකීමක් මෙන්ම යුතු කමක්ද නිසා, යූරියා පිළිබද රසායන විද්‍යාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම උචිතය.
ඉතා වැදගත් වචන, කිසිම අවබෝධයකින් තොරව ‘නිදැල්ලේ’ භාවිත කිරීම අඥායන්ගේ ලකුණකි. එය ඉතා භයානක කාරණයකි. මන්ද, රටේ ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව මුළු මහත් ජනතාවගේ අනාගතයම බිඳ වැටීමට හේතුවිය හැකිය.
රසායනික’ සහ ‘කාබනික’ යන වචන මෙසේ වැරැදි ලෙස භාවිත කරන දෙකකි.
‘රසායනික පොහොර’ ආනයනය මුළුමනින්ම තහනම් කරන බව ප්‍රකාශ කෙරුණි. මෙලොව ඇති සියලු පොහොර සෑදී ඇත්තේ රසායනික මූල ද්‍රව්‍ය වලිනි. එමනිසා, රසායනික නොවන කිසිම පොහොරක් නැත! ‘කෘත්‍රිම’ යන වචනය වෙනුවට රසායනික’ යන වචනය යෙදීමෙන් වැළකිය යුතුය.
‘කාබනික’ යන්නෙහි අර්ථය ‘කාබන් අඩංගු’ යන්නය. ඉහත සඳහන් කළ පරිදි යූරියා අණුවක කාබන් 20%ක් අඩංගුය. ඒ නිසා එය සැබැවින්ම කාබනික ද්‍රව්‍යකි. එහෙත්, යූරියා පොහොර, කෘත්‍රිමව නිපදවන නිසා එය කෘත්‍රිම පොහොරක් කියාත්, ‘කොම්පොස්ට්’ ක්‍රමයට නිපදවන පොහොර ස්වාභාවික පොහොර’ කියාත් නම් කිරීම නිවැරදිය.
අත්තනෝමතික අතළොස්සක් විසින් රට වනසාලන තුරු පැත්තකට වී බලා සිටීම නිවැරැදි විකල්පයක් ලෙස සිතන විද්වත්හු දහස් ගණනක් රට තුළ සිටිති. එහෙත්, කාගේත් වාසනාවකට මෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය මණ්ඩලය විසින් මේ කාරණය බලධාරීන්ට වටහා දීම සඳහා ඉමහත් වෙහෙසක් දරා ඇත.
එලැඹෙන ‘මහ’ කන්නයට කල් වේලා ඇතිව යූරියා නොලැබුණ හොත්, ලබන අලුත් අවුරුද්ද සමයේ දී රටේ ආහාර සුරක්ෂිත භාව සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇත.
කොරෝනා වයිරසයේ දැඩි පීඩනයට හසුව දිගු කාලයක් තෙරපුණු රටවැසියන්ට, ආහාර හිඟයක දුෂ්කරතාවකට මුහුණ දීම ඉතා අපහසු වනු ඇත.
යූරියා යනු ඉතා සරල, පරිසරයේ බොහෝ සුලභව පැතිර ඇති දෙයකි. සෑම මිනිසකුම දිනකට යූරියා ග්‍රෑම් 25-30 අතර ප්‍රමාණයක් මුත්‍ර මගින් පිට කරයි. එම යූරියා ශරීරය තුළ නිපදවෙන්නේ අප ආහාරයට ගන්නා ප්‍රෝටීන දිරවීමේදීය. මව්කිරි, රුධිරය සහ දහඩියවල ද යූරියා අඩංගුය. තව ද, යූරියා සියයට 40 ක් දක්වා අඩංගු මුහුණු සහ ශරීර ආලේප ද වෙළෙඳ පොළේ බහුලය. මෙයින් පෙනී යන්නේ, යූරියා යනු ශරීරයට විශකාරී දෙයක් නොවන බවයි. එහෙත්, වෙනත් බොහෝ දෑ මෙන්ම අධික ලෙස යූරියා ශරීරගතවීම අහිතකරය.
යූරියා යනු ස්වභාවිකව ජනිත වන කාබනික සංයෝගයකි. එය ප්‍රථම වරට 1777වසරේ දී මුත්‍ර වලින් වෙන් කොට හඳුනා ගන්නා ලද අතර මේ වන විට පොහොර සඳහා වසරකට මෙට්‍රික් ටොන් මිලියන 220ක් පමණ කෘතිම ලෙස ලෝකය පුරා නිෂ්පාදනය කෙරේ. එයින්, දල වශයෙන් මෙට්‍රික් ටොන් 250,000ක්, එනම් ලෝක ධාරිතාවෙන් 0.1%ක් පමණ ලංකාවට ආනයනය කෙරේ.
නිසිලෙස භාවිත කිරීමෙන් යූරියා විෂවීමක් පිළිබඳව ලෝකයේ කිසිම රටකින් මෙතෙක් වාර්තා වී නැත. එසේ නම්, 0.1%ක් භාවිත කළ අපේ රටට පමණක් යූරියා විෂකාරකයක් වූයේ කෙලෙස දැයි අදහාගත නොහැකිය.
මෙම සියලු කාරණ කෙටියෙන් සඳහන් කළොත් එය මෙසේය.
යූරියා යනු ‘විශ්වකර්ම’ අණුවකි! හෙට ලෝකය පුරාම යූරියා තහනම් කළොත්, තව වසරක් ඇතුළත ලෝකයේ ජනග්‍රහණයෙන් අඩක් හාමතේ මියයනු ඇති බව විද්වත් මතයයි. එනම්, ලංකාවේ ජනගහනය මිලියන 10කට බසිනු ඇත.
පිරිසුදු යූරියාවල බැර ලෝහ අඩංගු වීමට කිසි ඉඩක් නැත. මන්ද, යූරියා නිපදවනු ලබන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කිරීම නිසාය.
යූරියාවල ඇති නයිට්‍රජන් සියයට 46 ප්‍රමාණයම ඉතා පහසුවෙන් ශාකවලට උරා ගත හැකිය. වෙනත් කිසිම පොහොරක (ඇමෝනියා වායුව හැර) මෙතරම් නයිට්‍රජන් ප්‍රමාණයක් අඩංගු නැත. බොහෝ කොම්පෝස්ට් පොහොරවල නයිට්‍රජන් ඇත්තේ 4-6% කි. එයද, පසට කාන්දුවන්නේ ඉතා සෙමින්ය.
යූරියා කැට, වගාවලට යෙදීම ඉතා පහසුය. ඇමෝනියා දියර වැනි දෑ පාවිච්චිය ඉතා අසීරුය.
ලංකාවේ දැනට භාවිත කරන්නේ ‘සරල’ (බාල) යූරියාය. එම යූරියා, වගාවකට යෙදූ විගස එයින් සියයට 40-50 පමණ පොළොවේ ඇති බැක්ටීරියා මගින් විනාශ කරයි. මෙය වැලැක්වීමට, බොහෝ රටවල ප්‍රතිකාර කරන ලද’ (treated) යූරියා යොදනු ලැබේ. මෙම නව යූරියා යෙදිය යුත්තේ පැරණි යූරියා මාත්‍රාවෙන් සියයට 30-40 ක් පමණි. එම නිසා මේ දෙකටම යන වියදම ආසන්න වශයෙන් සමානය.
ලංකාවේ ගොවියා පොහොර සහ වල් පැලෑටි/කෘමි නාශක ඉතා වගකීමකින් යුතුව භාවිත කිරීමට නැඹුරු විය යුතුය.
යූරියා භාවිතයෙන් පොළොව නිසරු වෙන බව කියන වැරැදි අදහසක් ජනගතවී ඇත. එය මුසාවකි. නිතරම එක දිගට එකම දෙය වගා කිරීමෙන් පස නිසරුවේ. ඒ නිසා, බෝග මාරු කිරීම හෝ කොම්පෝස්ට් ද්‍රව්‍ය විටින් විට යෙදීම කළ යුතුය.
යූරියා භාවිතයෙන් තොරව, බොහෝ භෝග සාර්ථකව වැවිය නොහැක. ගොයම්, තේ, බුලත්, මල් වර්ග, එළවළු, පලා වර්ග, හරිතාගාර වගා ආදිය මෙයින් සමහරකි.
ස්වාභාවික සහ කෘත්‍රිම පොහොර යන දෙකෙන් ශාකවලට ඇති ප්‍රයෝජන එක සමාන නොවේ. මේ දෙකම විද්‍යාත්මක සම්මිශ්‍රනයක් ලෙස භාවිත කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි.
(***)
ආචාර්ය නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යූරියාවලට මේ තරම් බය ඇයි?
goviyek Wednesday, 27 October 2021 05:23 AM
ප්‍රමිතියෙන් ඉහල යුරියා වගාවට යෙදවීමෙන් ගොවියට හානියක් නොවේ. නමුත් ලංකවේ පුද්ගලික ආයතන මගින් ගෙන්වා ලබාදෙනු ලබන යුරියා නිසි ප්‍රමිතියකින් තොරවේ. නොමිලයේ ඉහල ප්‍රමිතියෙ යුරියා පොහොර ලබාදීමට කිසිදු රජයකට නොහැක. වර්තමාන රජය දේශපාලන පොරොන්දු ඉටුකිරීම සදහා ගොවියාට නොමිලයේ ලබාදෙනු ලැබුවේ ‘සරල’ (බාල) යූරියාවේ. පසුගිය මැතිවරණ වේදිකාවේ ගොවියාගෙන් චන්දය ලබාගැනීමට ලබාදුන් දේශපාලන පොරොන්දුවක් වූ නොමිලයේ පොහොර පොරොන්දුව මේ වනවිට කඩවුණු පොරොන්දුවක් බවට පත්ව තිබේ. මේවන විට ලබදෙනාවූ හෝ ලබාදීමට සැලසුම් කරන්නවූ ද්‍රව යුරියා පොහොර ගොවින් ප්‍රතික්ෂේප කලයුතුවේ.
gamunu Wednesday, 27 October 2021 06:10 AM
කෘෂිකර්ම අද්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වාගේ නිගමනය අනුව නැනෝ නයිට්‍රජන් පොහොර ( ද්‍රව යුරියා ) ශාකයේ පත්‍ර මත ඉසීමෙන් නිසි ප්‍රතිපල ලැබේද ?කිසි සේත්ම නැත. ශාක පත්‍ර මතුපිට ඉතාම සිනිදු සිවියකින් එම පත්‍රය ආරක්ෂා කර තිබේ. එසේ ආරක්ස වී තිබෙනුයේ ශාකය හෝ පැලෑටිය වර්දනය සදහා සුර්යා ලෝකය ලබා ගැනීම සදහා පමණි. වාතය ලබාගැනීම සදහා පුටිකා පත්‍ර යේ යටි පැත්තේ පිහිටා ඇත. එමනිසා ජලය හෝ වෙනත් ද්‍රවයක් පත්‍ර මත පතිත වුවිට සැනෙකින් පොලව මතුපිටට පතිත වේ.පොහොර සහ ජලය ලබා ගැනීමට ශාක හෝ ඕනෑම පැල වර්ගයකට මුල් පද්දතියක් සොබාදහම මගින්ම ලබා දි ඇත. නිසි ප්‍රමිතියෙන් යුතු යුරියා ලබාදෙනවා වෙනුවට කෘෂිකර්ම අද්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වාගේ නිගමනය අනුව නැනෝ නයිට්රටජන් පොහොර ශාක පත්‍ර මත ඉසීම පිලියමක් නොවේ. අහිංසක ගොවීන් රැවටීම බත් කන රටක සිටින දේශපාලකයන් සහ ගොවීන් වෙනුවෙන් තීන්දු තීරණ ගන්න පුද්ගලයන් හට කල හැකිද ?
Ranawaka Wednesday, 27 October 2021 10:08 AM
ඔබ නිවැරදියි.අපේ බොහෝ මිනිසුන්ට සත්‍යය තේරුම් ගැනීමට නොහැකිය.
ටී ඒ .එම්.ඩී.තෙන්නකෝන් Thursday, 28 October 2021 09:56 AM
මේක පොහොර ගැන තේරෙන භාෂාවෙන් ලියපු වැදගත්ම ලිපියක්.
Rasitha Thursday, 28 October 2021 11:10 AM
නමුත් ලංකවේ වගා බිම් වල ආසනික් (අදික විස) ප්‍රතිශතය වැඩි වී ගොවින් ලෙඩ උනේ කොහොමද කියන එකට උතතරයක් දෙන්න පුලුවන් නම් වඩා හොදයි.