IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


රුක්මණී දේවී නැවත උපදී

“දොයි දොයිය පුතා
දොයි දොයි....//1        
දොයි දොයිය පුතා....

මගෙ පුතුට සදා 
පිනි දියර හදා
සඳ දෙවිදු ගෙනැත් දෙනවා
රස සිහින ගලා ගෙන එයි”

 

 

කළු සුදු පසුබිමක් සහිත තිරයක කුඩා දරුවකු නළවමින් ගීතයක් ගායනා කරන රූමතියකි. ඇගේ හඬ මෘදුය. වත හැඟීම්බරය. චරිතයට ආවේශ වී හඬත් රඟපෑමත් සමබරව පවත්වාගෙන ගිය ඇය දහසකුත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත් රුවැති ගීත කෝකිලා රුක්මණී දේවියයි. 1923 ජනවාරි 15 වැනි දින උපත ලද රුක්මණිය රුවින් අගතැන්පත් සුමධුර හඬක් හිමි දක්ෂ දැරියක් වූවාය.


කිතු පවුලක උපත  ඬේසි ඩැනියල් නමින් ලද ඇය අධ්‍යාපනය ලැබුවේ සෙන් මැතිව් සහ සෙන් ක්ලැරිස් පාසල්වලිනි. එහිදී කැරොල් ගීතිකා ගායනයට දක්ෂතම සිසුවිය ලෙස ඇය අබිමන් ලැබුවාය. ඇගේ දක්ෂතාව ජනප්‍රියත්වය කරා ගෙනයාමට ආධාරකයක් විය. එනම් මිහිරි හඬින් ගීතිකා ගායනා කළ රූමත් සිසුවියට එවකට සිටි ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වූ වෝල්ටර් අබේසිංහයන් ආරාධනයක් ගෙන ආවේය. ඒ රාමායනයේ සීතාට පණ පෙවීමටය.

14_PAGE_06_RASAපිරිමි පමණක් රංගනයෙන් දායකවූ යුගයක ස්ත්‍රී චරිතයකට ස්ත්‍රියක් පණ පෙවීම අභියෝගාත්මකය. එහෙත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නාය. රංගනය හා ගායනය යන දෙඅංශයම සමබරව පවත්වාගෙන ගිය ඇය රුක්මණී දේවි නමින් සිනමාවේ ගීත කෝකිලාවිය හා රිදී තාරකාව වූවාය. ඇයට එම නම තැබුවේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න විසිනි. විවිධාංගීකරණය වූ චරිත සියයකට ආසන්න ප්‍රමාණයකට දායකවූ ඇය එඩී ජයමාන්නයන් සමඟ විවාහ වූවාය. ඔවුන්ගේ නවාතැන මීගමු නගරයේ ජය - රුක් නම් විය. කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, කැලෑහඳ, දෛවයෝගය, අහසින් පොළවට, ඇය රගපෑ ජනප්‍රිය සිනමාපට වෙයි.


සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා, පින්සාර මාගේ සොහොයුරා, මෝරනවා ප්‍රේමේ, මැවිලා පෙනේවි රූපේ, සුවදෙන සිත සැනසුම්, දොයි දොයිය බබා, පෙම් රජ දහනේ, ඇගේ හඬින් ගැයුණු ගීත සමුදායෙන් කීපයකි.


මෙම දක්ෂතා පූර්ණ කලාකාරිණිය 1978 වසරේ නොසිතූ මොහොතක ශෝචනීය ඉරණමකට ලක්වූවාය. එනම් සංගීත ප්‍රසංගයකට සහභාගී වී ආපසු නිවස කරා යමින් සිටියදී ඇය රැගත් මෝටර් රථය 1978 වසරේ ඔක්තෝබර් 28 වැනි දින ජාඇළ ශාන්ත මරියා පල්ලිය අසලදී අනතුරකට ලක්විය. එය ආදරණීය රුක්මණියගේ ජීවිතයේ අවසානය විය. දස දහසකුත් රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මධ්‍යයේ ඇය අවසන් ගමන් ගියාය.


එහෙත් ඇයට ලෙන්ගතු රසික රසිකාවියන්ගේ සිත් සතන් තුළ ඇය අමරණීයව වැජඹුණාය. ඇගේ ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම පැවතුණාය. එවැනි වාතාවරණයකදී තවත් අපූරු සිදුවීමක් අසන්නට ලැබුණේය. ඒ නැවත රුක්මණිය පුනරුත්පත්තිය ලබා (නැවත ඉපදී) ඇති බවකි. පුවත්පත්, කවිකොළ සහ සමාජගත විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳව කතාබහට ලක්විය.


එදා කවිකොළ විශේෂාංගයෙන් අද කතාබහට ලක් කරන්නේ ඒ අපූරු පුවතයි.

12
“හඩා වැටී ඇති පලක් තිබේදෝ ආවේ නැහැ රුක්මණි දේවි
බලාපොරොත්තුව හරියනවා වගෙ නැවත ඉපදිලා සීදේවි
හුඟක් දෙනෙක් ගොස් විමසා බැලුවා එය ඇත්තක් බව තේරේවි
රුක්මණි දේවි නැවත උපන්නා අම්පාරේ පිළිරැව් දේවි”


‘අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි සියඹලාණ්ඩුවේ එක් ග්‍රාමයක් වූ මහ කළු ගොඩැල්ල පිටිසර සුන්දර ගම්මානයකි.


එහි ඇම්.ඩී.ඇල්.ඇස්. වීරක්කොඩි සහ ප්‍රේමා උක්ගොඩ යුවල ජීවත් වූවාය. ආදරයෙන් සපිරි පුංචි කැදැල්ලේ වසර තුනක සුරතල් ළදැරියක් වූවාය. ඇය විශාකා නන්දිකා වීරක්කොඩි නම් වූවාය. දඟකාර හුරතල් දැරියක් වූ නන්දිකා කටකාරය. නිතරම කුමක් හෝ මවගේ ඇඟේ දැවටෙමින් පැවසීම සිරිතය.
දිනක් මිදුලේ සෙල්ලම් කරමින් සිට නිවසට දිව ආ නන්දිකා මවගේ ඇගේ දැවටෙමින් අපූරු කතාවක් පැවසුවාය.


“පිංසාර මාගේ සොහොයුරා
බැඳිලා කාසි බැම්මේ”
“මේක මම කියපු සිංදුවක් අම්මේ”


නදීකාගේ මවගේ දෑස විසල් විය. තෙවසරක් ඇති දියණිය කියවන්නේ කුමක්දැයි ඇය නැවතත් අවධානයෙන් ඇසුවාය. ඇය යළිත් පෙර දුන් පිළිතුරම සැපයුවාය. සිනමා, නළු නිළියන්, සිංදු ආදි බොහෝ මාතෘකා පිළිබඳ පුංචි නන්දිකාගේ මුවින් පිටවිය. ඇය රුක්මණී දේවි බව නිරන්තරයෙන්ම පැවසුවාය. නන්දිකාගේ පවුලේ අයට නිරන්තරයෙන්ම ඇසුන නන්දිකාගේ පුනරුත්පත්ති කතාව ටිකෙන් ටික සමාජය පුරා පැතිර ගියේය. රුක්මණීට පෙම් බැඳි බොහෝ දෙනා ඒ පුවත ශ්‍රවණය කළහ. ඔවුහු පුංචි නන්දිකා පිළිබඳව සොයා බලන්නට කටයුතු කළහ. ඒ නිසාම නන්දිකාගේ නිවසට ගොස් ඇගේ සුරතල් වදනින් කියන ඒ ආත්මීය කතාවට සවන් යොමු කළහ.


“අපි මාතරට ගියේ සිංදු කියන්න. ඒක ඉවරවෙලා කාර් එකකින් ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඇඩී මහත්තයා මම ළඟ වාඩි වෙලා හිටියේ. දයා මහත්තයාත් අපිත් එක්ක ආවා. අපි විහිළු කතාවක් කියලා හිනා වෙවී ආවේ. කොළඹ පහුකරලා වත්තලට ආවා. ඇඩී මහත්තයා බැහැලා ගියා. අපි මීගමුවට එන්න පිටත් වුණා. ජාඇල පහුකරලා තුඩැල්ලට ආවා. මම මී අඹයක් කකා හිටියේ. එක පාරටම කාර් එක හැප්පුණා. මට මතකයි මම මියයනවා.
ඒ වයස අවුරුදු තුනක සිඟිත්තියගේ මුවින් ගිලිහුණු පුනරුත්පත්ති කතාව විය. මේ කතාව ඇගේ මව්පියන්ටත් සමාජයටත් මහත් කුතුහලයක් විය. ඒ නිසාම ඇයව මීගමුවේ පිහිටි රුක්මණියගේ නිවසට කැඳවාගෙන යනු ලැබීණි.


රුක්මණියගේ නිවසේ ෆ්‍රෙඩී සිල්වා සිටියේය. ඔහුව දුටු විගසම සිඟිත්තිය,
‘මේ ඉන්නේ මගේ මල්ලී’ යනුවෙන් පවසා ඔහුගේ අතේ එල්ලුණාය. තවත් මොහොතකින් ඇගේ දෑස් බිත්තියේ එල්ලා තිබූ රූපයක් අසල නැවතුණාය.
“මේ ඉන්නේ මේ රටේ අගමැතිතුමා” දෑත් දිගු කරමින් ඇය පැවසුවාය. ජනාධිපතිගේ රුව දුටු සැනින් ඇය යළිත් අතීත මතකයන් ආවර්ජනය කළාය. 
“අපි උඩ තට්ටුවේ තේපැන් සංග්‍රහයක් පැවැත්වුවා. අගමැතිතුමත් ඒකට සහභාගීවුණා. අගමැතිතුමත් හරිම හොඳයි. අපි ගොඩක් විනෝදයෙන් හිටියේ.”
වයස අවුරුදු තුනක් වයසැති සිඟිත්තිය පවසනා වදන් ඇගේ වයසට ඔරොත්තු නොදෙන්නේය. ඒ කතාවලට සවන්දුන්නෝ වික්ෂිප්තවී ඇය දෙස බලා සිටියහ. අක්ඹමරු කේෂකලාපයත් සිනා පිරි ප්‍රබෝධවත් මුවමඬලත් ඇයව රුක්මණියට සමාන කර තිබුණි. එහෙත් ඒ සිඟිති සිරුරේ තැනින් තැන සීරීම් සලකුණු විය. 


“මොනාද බබා ඔය ඇගේ තියන කැලැල්.” ඒ රුක්මණියගේ නිවසේ සිටි අයෙකු නැගි ප්‍රශ්නයකි. 


“අපි ගාල්ලේ ගිහින් එද්දි සිද්ධවුණු මහ අනතුරෙන් මගේ ඇඟ හැම තැනම කැපුණා. සීරුණා. ලේ වලින් මුළු ඇගම වැහිලා තිබුණේ. සෙනඟ වටවෙලා අපි දිහා බලාගෙන හිටියා. එතනදී මගේ හුස්ම ගියේ.” පුංචි නන්දිතාගේ මෙවැනි වදන් සමාජයේ බොහෝ දෙනාට කුතුහලය ගෙන දුන්හ. ඒ නිසා ඇය පිළිබඳව තව තවත් විමසා බැලීමට කටයුතු කළහ.


පුංචි නන්දිකා මීළඟට රැගෙන ගියේ රුක්මණී දේවි සමරුහලටය. එහිදී එක පාරටම එළියට දුවගිය නන්දිකා නතර වූයේ අසල නිවෙසකය. එම නිවස රුක්මණිගේ සොයුරියගේ වූවාය.


“මට මසුයි බතුයි ඕන” පුංචි නන්දිකා පැවසුවාය. පසුව නිවසෙහි තබා තිබූ සුරුවම අසලට ගොස් දණ බිම තබා හිස නමා ආචාර කළාය. තවත් මොහොතකින් රුක්මණිය ගැයූ ගීත ගයන්නට වූවාය. ඒ ගීතවල අයිතිය ඇය සතු බවත් පැවසුවාය.


නදීකා දියණියගේ හැසිරීම් හා කියමන් ඇගේ පියාට මහා ගැටලුවක් වූවේය. ඒ නිසාම රුක්මණිය අවසානයට රගපෑ සිනමා පටය පෙන්වීමට නදීකාව රැගෙන ගියේය.


රුක්මණියගේ රුව තිරයේ සිතුවම් විය.


“අර ඉන්නේ මම... බලන්න ඒ මමයි ඉන්නේ..” පුංචි නන්දිකා අත් ඔසවමින් කෑගසන්නට වූවාය. ඒ වගේම එඩී ජයමාන්න ඇගේ ආදරණීය ස්වාමියා බවද පැවසුවාය.


මේ පුවත සමාජය පුරා රාව ප්‍රතිරාව දුන්නේය. “රුක්මණී යළිත් ඉපදිලා” බොහෝ දෙනාගේ මුවින් ගිලිහිණි. ඒ නිසාම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් එම සිදුවීම කැලණිය සිංහාරමුල්ලේ පදිංචි ඩබ්ලිව්.ඒ. තිලකසිරි මහතා කවියට නගා ප්‍රසිද්ධ කළේය. ඒ මෙසේය.

2

3

4

m

 



අදහස් (0)

රුක්මණී දේවී නැවත උපදී

ඩිලාන් Monday, 22 August 2016 06:36 AM

එතකොට කෝ දැන් ඒ ඉපදුණු රුක්මණී දේවිය? (නි)

:       0       0

ශෂික Sunday, 21 August 2016 03:59 PM

ඔය කියන විදියට ඇයට දැන් අවු,40ක් විතර කිට්ටුනේ.බැදලා දරුවොත් ඇතිනේ(රේ)

:       0       0

දෙව්මිත් Thursday, 18 August 2016 02:01 PM

එතකොට කෝ දැන් ඒ ඉපදුණු රුක්මනීදේවි (බ)

:       0       0

රුස්ලන් Tuesday, 23 August 2016 12:12 PM

(කුළුබඩු දූපත් සොයා මැගලන් ගිය ගමන) ඊලග කොටස දාන්න අදහසක් නැද්ද ලංකාදීප ට. (අ)

:       0       0

රුපවතී Saturday, 20 August 2016 09:30 AM

අනේ වර්තමානේ විස්තර දන්වන්න. මම ගොඩක් අසයි පුනරුප්පත්තිය ලැබූ. සත්‍ය ලිපි කියවන්න ...! ලංකාදීප යට ස්තුතියි..!!(රේ)

:       0       0

යොහාන් Sunday, 21 August 2016 11:23 PM

ඉතා හොඳ සාර්ථක ලිපියක් (නි)

:       0       0

වෙල්ගම Thursday, 18 August 2016 10:03 AM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

හේරත් Wednesday, 24 August 2016 02:51 AM

ඉතා හොඳ ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 373 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 982 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1471 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 450 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 622 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 542 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2077 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site