පැරණි ඕලන්ද සිතියම් වල මේ භූමිය මුඩු බිමක් ව සටහන් වූ අතර 1785 දී ඕලන්ද ඉංජිනේරු බළකායේ කපිතාන් ජොහැන්ඩර් විසින් පිළියෙල කරන ලද සිතියමක ගොඩනැගිල්ලක් සහිතව සටහන් කර තිබේ.
ගාලූ මුවදොර හරහා ජනාධිපති මාවත ඔස්සේ රාජ මන්දිරය වෙත දිවයන මතකයන් සියල්ල දරාගෙන අහස උසට නැගි ගොඩනැගිල්ලද අදටත් නිසොල්මනේ බලා සිටියි.
අගමැතිගේ නිල නිවෙස වන අරලියගහ මන්දිරය ජනාධිපතිතුමාගේ නිල නිවෙස බවට පත් වන්නේ එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම මන්දිරයේ පදිංචියට පැමිණීමත් සමගය.
ආණ්ඩුකාරවරුන්, අග‍්‍රආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරුන් ස්වකීය වාස භවනක් කර ගත්තා වුද රාජ්‍ය පාලනය සඳහා ඔවුනට විවේක බුද්ධියත්, ආරක්ෂාවත් සැලසුවා වූද මෙම මහේශාක්‍ය මන්දිරයට ශතවර්ෂ දෙකකට ආසන්න ඉතිහාසයක් ද ඇත.
මේ ඒ ඉපැරණි ඉතිහාසය සොයා ගිය ගමනකි.
එකල ඉංග‍්‍රීසි පාලකයින්ට එංගලන්ත රජයෙන් පාලනමය කටයුතු සඳහා කිසිදු මුදලක් නොලැබුණි. සොයාගත යුතු වූයේ යටත්විජිතයෙන්මය.
එසේ සිටියදී 1797 දී ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලාගැනීමෙන් පසු මෙහි ප‍්‍රථම ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඞ්රික් නෝර්ත් මෙම මුදල් හිඟය නිසාම හැකි පමණින් රජයේ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරන ලෙස සියලූම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ඉංග‍්‍රීසීන් හා ලන්දේසීන් සතු වූ මනහර ගොඩනැගිලි කිහිපයක් කොළඹ නගරයේ තිබුණද රජයේ පැවැති මුදල් හිඟය නිසා තම තනතුරට සරිලන අන්දමට නිල නිවෙසක් මිලට ගැනීමට ආණ්ඩුකාරවරයාට හැකියාවක් නොවීය. මේ නිසා සිංහල දිසාවක සතුවූ රජයට පවරාගත් සාන්ත බස්තියමේ තිබු තරමක් කුඩා නිවෙසක් ෆෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ රාජ මන්දිරය විය.
මෙසේ කල්ගත වෙත්ම අනුන් සතු නිවෙසක් කෙරෙහි අධික තණ්හාවෙන් එම මන්දිරය දෙස ආණ්ඩුකාරවරයා තම බැල්ම හෙළා සිටියේය. මේ ඉඩම් පැටලැවිල්ල දිගින් දිගටම උත්සන්න විය. මේ අවධියේදී 1798 බි‍්‍රතාන්‍ය යටත් විජිත ඉන්දියාවේ මදුරාසි ප‍්‍රාන්තයේ සිවිල් සේවයේ නියුතුව සිටි ජොර්ජ් මෙල්විල් ලෙස්ලි ඉහළ පදවියකට තනතුර උසස් කරමින් ලංකාවට සේවය සඳහා පැමිණියේය. මොහු බි‍්‍රතාන්‍ය රජ පෙළපතට කිට්ටු ලේ නෑකම් තිබු අයෙකි. මොහු ලංකාවේ සේවයට ආ පළමු වසරේදීම එකල විසූ ප‍්‍රබල ප‍්‍රභූවරයෙකුගේ නිවෙසක සැඳෑ සාදයකට ඇරයුම් ලැබෙන්නේ තම ජීවිතයේ මනරම් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටය. ඒ මෙල්විල්ගේ පේ‍්‍රම වෘතාන්තයේ මුණ ගැස්මය. මේ සැඳෑ සාදයේදී නොසිතූ මොහොතක එක්තරා රූමත් ලලනාවක් මෙල්විල්ගේ නෙත් වශීකරවූවාය. ඇය ලැකොමිනා නම් රූමත් තරුණියයි. ඇගේ ආදර වදන් හමුවේ පේ‍්‍රමය කෙමෙන් කෙමෙන් මල්ඵල ගැන්වුණේ කාටත් හොර රහසේය. නමුත් මේ රහස සඟවා සිටීමට තරම් මෙල්විල්ටත් ලැකොමිනාටත් නොහැකි විය. මේ පේ‍්‍රම වෘතාන්තයේ ගැටුම ඇතිවන්නේ මෙතැන් පටන්ය.
ලන්දේසීන්ගෙන් රට උදුරාගත් ඉංග‍්‍රීසීන් සමග ඔවුන් ප‍්‍රබල හතුරන් බවට පත්වූහ. මෙම හතුරුකමත් සමග මෙල්විල් එංගලන්ත රජ පවුලේ පුරුකක් වීම නිසාත් ලැකොමිනා ලන්දේසි ජාතික වීම නිසාත් නිරන්තරයෙන් මේ දෙපලගේ පේ‍්‍රමයට නැගුණු බාහිර බාධාවන් අනන්තය අප‍්‍රමාණය.
එනමුත් කොතරම් බාධක පැමිණියත් ආශ්වාදජනක බන්ධනයක් ලෙස මේ ආදරය බැඳුණි. මේ පේ‍්‍රම වෘතාන්තයේ මතකයන් අවදිවන විට අතීතයේ රෝමියෝ - ජුලියට් තම පවුල් දෙක අතර පැවැති විරසකය ආදරයට බාධාවක් කර නෙගෙන ඔවුහු පේ‍්‍රමයේ නාමයෙන් මරණින් ජීවිත පුජා කළෝය. එවැනි ඉතිහාසයකට පත්වු ආදර කථාවක් ලෙස මෙල්විගේ ආදරයද ඉතිහාසයට එක් නොවු එහෙත් එයට සුදුසු අපුරු වෘතාන්තයකි.
මේ සියලූ බාධාවන් හමුවේ තම උසස් තනතුරුද උසස් අභිමානවත් වංශාධිපති බි‍්‍රතාන්‍ය ජන්මයද අමතක කරමින් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඇතුළු ඉහළ පෙළේ සෙසු නිලධාරීන්ගේ ආසිරි පැතුම් මැද්දේ එම වර්ෂයේ නොවැම්බර් 27 වැනිදා ඇය සමග අතිනත ගන්නේ ලෝකයක් දිනු තවත් එක් රෝමියෝ කෙනෙකු ලෙසය.
ලැකොමිනා ලංකාවේ ඕලන්ද ආණ්ඩුකාරධුරය දැරූ වොන් ඩි ග‍්‍රාප්ගේ එකම දියණිය වීමද විශේෂත්වයක් විය.
එසේම ඇය ලංකාවේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයාව සිටි කි‍්‍රස්ටින් වොන් එන්ජල්බෙක්ගේ ලේලිය වූවාය. එදා මුළු කොළඹටම මේ මංගල්‍යය සුවිශේෂී විවාහ මංගල්‍යයක් විය. වසය අවුරුදු 15 දී භාර්යාවක් ලෙස ජීවිතය ඇරඹි ඇය අවුරුදු 16 දී උතුම් මව්පදවියද ලැබීමට වාසනාවන්ත වූවාය.
හුදෙක්ම ෆෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා මේ විවාහයට ඊර්ෂ්‍යා බැල්මකින් කටයුතු කළේය. මන්ද විවාහයෙන් පසු කොළඹ නගරයේ තිබෙන විශාලම ගෘහය මෙල්විල් හා ලැකෝමිනා නව තරුණ යුවළට දෑවැද්ද වශයෙන් ලැබෙන නිසාවෙනි. සියලූ සැප පහසුකම් සපිරි ‘‘රජගෙදර’’ තිබියදිත් මෙම සරණ මංගල්‍යය පැවැත්වූයේ කොල්ලූපිටියේ ‘‘කි‍්‍රස්ටියස්’’ නම් ලැකෝමිනාගේ මාමාගේ නිවසේය. බිරිඳ මිය යාමෙන් තනිව හුදෙකලා වූ කි‍්‍රස්ටින්ගේ දැඩි කැමැත්ත මත මෙම විවාහ මංගල්‍යය ඔහුගේ මන්දිරයේ පැවැත්වූයේ යැයි අපට සිතිය හැක.
ඊළඟ වර්ෂයේදී එනම් 1799 දී අසන්නට ලැබුණේ සිහිනෙකින්වත් නොසිතු අසුබ ආරංචියකි. ඒ මෙල්විල් ලන්දේසි තරුණියක් විවාහ කර ගැනීමෙන් බි‍්‍රතාන්‍ය රාජ්‍යයට පක්ෂපාති අයකු නොවන බව ඒත්තු ගැන්වීමට නෝර්ත් සහ සෙසු පිරිස් හැකි සෑම අවස්ථාවකදීම මෙල්විල්ට විරුද්ධව එංගලන්තයට කේලම් කියමින් ඔහුව එම තනතුරෙන් පහ කරන ලෙසට ඉල්ලා සිටියහ.
එහෙත් එවකට එංගලන්ත රැුජින කියා සිටියේ ජෝර්ජ් ඉතා කාර්යක්ෂම උගත්, රජ පෙළපතකින් පැවත එන නිසා ඔහුගෙන් යම් සුළු වරදක් වූවේනම් එය අමතක කරන ලෙසයි.
නමුත් පහව නොගිය යටිසිතේ ඊර්ෂ්‍යාවත් සමග නෝර්ත් සහ සෙසු නිලධාරිහු පිරිස කළ හදිසි මුදල් පරීක්ෂණයකදී ලෙස්ලිගේ අතින් සිදු වූ සුළු වරදකින් ඔහු භාරයේ තිබූ රජයේ මුදල් රික්ස් ඩොලර් 100,000ක අඩුවක් අනාවරණය විමෙන් පසු ඔහු තම ධුරයෙන් ඉවත් කොට සුළු තනතුරකට පත්කර ඇත. මෙම හදිසි මුදල් වංචාව නෝර්ත් විසින් යෙදවූ සේවකයන්ගේ වුවමනාවෙන්ම මෙල්විල් අමාරුවේ දැමීමට කළ වංචාවක් බව මෙල්විල් මිය යනතුරුම දැන සිටියේ නැත.
මෙල්විල් තමන් අතින් සිදු වූ වරද පිළිබඳ සිත් තැවුලෙන් කාලය ගත කරන අතරතුර පෙඞ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා සමග ලිපි කිහිපයක් හුවමාරු විය. නෝර්ත්ගේ සිත තුළ තිබූ කුමන්ත‍්‍රණය සාර්ථක කර ගැනීමට මේ ලියුම් හුවමාරුව උපකාරයක් විය.
‘‘දැන් ඉතින් තියෙන්නේ අඩුවුණ මුදල් පියවන්න මාමාගෙන් ලැබුණු ඉඩම රජයට විකුණන එක තමයි. මම එංගලන්තෙට ලියන්නම් මෙල්විල් ඔබ අතින් එහාමෙහා වුණ රික්ස් ඩොලර් 100000 වැනි සුළු මුදල වෙනුවට ඒ වගේ හය ගුණයක් වටින මන්දරයක් රජයට රික්ස් ඩොලර් 35000ට තක්සේරු කර රජයට පවරා දෙනවා කියලා. මම ඔබ ගැන හිතලයි එවැනි තීරණයක් ගන්නේ. ෂ. ්ප ඩැරහ ිදරරහ නැත්නම් මට සිද්ධවෙනව ඔබට විරුද්ධව එංගලන්තයට දන්වන්න.’’
නෝර්ත් අගක් මුලක් නොදත් මෙල්විල්ව මුලා කළේ ඒ ආකාරයටය.
නොර්ත්ගේ තුරුම්පුවෙන් මන්දිරය 1804 ජනවාරි 14 දින රජයට පවරාදීමේ ඔප්පුව අත්සන් තැබූ අතර එම මන්දිරය ‘‘කිංග්ස් හවුස්’’ වී ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවෙස බවට පත්විය. නොසිතූ අයුරින් පෙර අකුසල කර්මයක් හිසේ කඩා වැටුණු මෙල්විල් සියලූ දේ අතහැර තම බිරිඳ සහ එකම දියණිය ද කැටුව නැවත එංගලන්තයට පා තැබුවේය. එරටට ගොස් 1812 හදිසියේම මෙල්විල් තම ජීවිතයෙන් සමුගත්තා යැයිද ඉතිහාසයේ සඳහන් වේ.
මේ පේ‍්‍රමය එදා කාලයේ වැලි තලාවට යටවී නොගියානම් රෝමියෝ - ජුලියට් යුවළ සහජාන්-මුම්ටාස් යුවල මෙන් සදාදරණීය මතකයක් පේ‍්‍රම ඉතිහාසයට එක්වන්නට ඉඩ තිබුණි. ඒ පේ‍්‍රමයේ මතකයන් සමග රජ ගෙදර ප‍්‍රථම මංගල සීනුව නාද වූයේ 1919 සීතල මාසයේ නත්තල් අසිරිය සමගිනි. මෙම විවාහ මංගල්‍යයේ මනමාලයා වූයේ ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරවරයාය. ලංකාවේ විවාහපත්වූ එකම ආණ්ඩුකාරවරයා වෙමින් රජගෙදර ඉතිහාසයට එක්විය.
රජගෙදර සිදු වූ පළමු අවමංගල්‍යය හැටියට සැලකෙන්නේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර්ජෝන් ඇන්ඩ‍්‍රසන් ගේ අභාවයයි.
ඉංග‍්‍රීසි ආණ්ඩුකාරයින්ගේ පාලන සමය නිමා කරමින් රජ ගෙදර පදිංචියට ගිය ප‍්‍රථම සිංහල අග‍්‍ර ආණ්ඩුකාරවරයා වශයෙන් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාද පළමු සිංහල බෞද්ධ අග‍්‍ර ආණ්ඩුකාරවරයා හැටියට ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාද ඉතිහාසයට එක් වෙමින් ක්වින් හවුස් රජ ගෙදර පදිංචි විය. විධායක ජනාධිපතිධුරය ස්ථාපිත වීමත් සමගම ජනාධිපති මන්දිරය යනුවෙන් ව්‍යවහාරයට පත්වූ අතර ශ්‍රීමත් විලියම් ගොපල්ලව මහතාගේ බෞද්ධ ලක්ෂණ ආධිපත්‍යයෙන් ආණ්ඩුකාර උතුමන් යන යෙදුම වෙනුවට ‘‘ලකිසුරු’’ යන නම භාවිත විය.
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප‍්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් ජේ.ආර්. ජයවර්ධන මහතා මෙහි පදිංචියට පැමිණි අතර ඉන්පසු ආර්. පේ‍්‍රමදාස සහ ඞී.බී විජේතුංග යන ජනාධිපතිවරුන්ගේ ද නිල මන්දිරය බවට රජ ගෙදර පත්විය.
රජ ගෙදර සිට නිල දැරූ සියලූම ආණ්ඩුකාරවරු, අග‍්‍ර ආණ්ඩුකාරවරු ජනාධිපතිවරු මෙම නිවසට බොහෝ සෙයින් ඇලූම් කළහ. එකල කොළඹ නගරයේ පිහිටි විශාලම ගෘහයද මෙම මන්දිරය විය.
මෙල්වින්ගේ ආදර කථාවත් සමග වැළලී ගිය ඒ අපූරු රජ ගෙදර අදටත් නාමිකව ජනාධිපති නිල නිවෙස ලෙස හඳුන්වනු ලබයි.
එදා මෝගල් පරපුරේ සාජහාන් අධිරාජ්‍යයා ස්වකීය ප‍්‍රියාදරිය වූ මුම්ටාස් මහල් දේවිය සිහිපත් වීමට අග‍්‍රාහි යමුනා ගංතෙර ටජ්මහල් සදාකාලික ආදර සිහිවටනයක් ලෙස නිර්මාණය කළේ තම උත්තුංග පේ‍්‍රමයේ නාමයෙන් බව අපි දනිමු. එනමුත් එවැනි ආයාසයක් මේ මන්දිරය තුළ නොවුණත් ඊට එක්විය යුතු තරමේ තවත් එක් පේ‍්‍රම වෘතාන්තයක් මෙල්විල්ගේ පේ‍්‍රමය මගින් මේ මන්දිරය තුළ සාක්ෂි දරනු ඇත.
යුගයක සතුට, දුක, බාධක අතර දිව ගිය හුදෙක් ජීවිත වලට සෙවණ දුන් රජ ගෙදර මතකයන් හිස දරාගෙන ගාලූමෝදර වෙරළ ඔබ්බෙන් ස්වභාවික ආදර සිහිවටනය ලෙස අදටත් ප්‍රෞඪ ඉතිහාසයක් සහිතව ආඩම්බරයකින් බලා සිටිනු ඇත. මේ ඒ ආදර ඉතිහාසයයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජගෙදර ආදර කතාව
ගාමිණී සිරිවර්දන Tuesday, 14 October 2014 05:00 PM
ලන්දේසීන් විසින් ගෘහ නිර්මාණය සඳහා මෙම භුමිය තෝරාගැනීමට හේතුව නම් මුළු කොටුවම පෙනෙන උසම ස්ථානය මෙයවීමයි.ගොඩනැගිලි ඉදිනොවූ බැවින් ශ්‍රීපාද ස්ථානය , ඉරසේවය හා මහා සයුර පෙනෙන දර්ශනීය ස්ථානයක්. ගෙවත්ත උද්‍යානයක් ලෙස විවේකී සුවයෙන් නැරඹීමට මහජනයාට 70 දශකය දක්වා පමණ ඉඩහැර තිබුනා.මෙහි ඇති උස ගලක සිහිවටන ලෙස පෘතුගීසි හෝ ලන්දේසී ලාංඡන කොටා ඇත.සොර සතුරු ආක්‍රමණයකදී හදිසියේ නැවකට ගොඩවීමට හැකිවන පරිදි සාදා ඇති උමගේ පිටවීමේ දොරටුව වරායේ අදටද දක්නට ඇති අතර එය තාවකාලිකව වසා ඇත. (නි)
අනුර Tuesday, 14 October 2014 09:49 AM
ලස්සන කතාව ..... අපි නොදන්නා දෙයක් ලිව්වාට ස්තූතියි.(හේ)
ශාන්ත කුමාර Thursday, 16 October 2014 06:54 AM
මේ වගේ රසවත් ලිපි පල කරලා අපි නොදන්නා කරුණු කියාදෙන ලංකාදීපයට මගේ ගෞරව ප්‍රණාමය. තව තවත් මෙවැනි ලිපි මගින් අතීතයේ සිදුවුන දේ ගැන අපිව දැනුවත් කරන්න. (නදී)