එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බස්තියම නාගරික මන්ත්‍රී ආර්. ප්‍රේමදාස රංජිත්ගේ තාත්තා හමු වීමට එහි ආයේය. ආපු වැඩේ පැත්තකට දමා ඔහුගේ මෝටර් රථයෙන් ලෙඩා වහාම සුලෙයිමන් රෝහලට අරන් යන්නට නාගරික මන්ත්‍රීවරයා උත්සුක විය. දොස්තර නළලට මැහුම් හතක් දැම්මේය.
රංජිත්ගේ තාත්තා ගෙදර පැත්තක අච්චු කන්තෝරුවක් පවත්වාගෙන ගිය බැවින් විවිධ මුද්‍රණ කටයුතු සඳහා එහි පැමිණෙන අය බහුලය. තමන්ට රුස්සන්නේ නැති අය පැමිණි විට රංජිත් කරන්නේ “පලයන් යකෝ... මම උඹලට ගහනවා...” කියමින් බැණ වැදීමය. සමහර අවස්ථාවල අහළ පහළ ළමයින් කියන ශුද්ධ සිංහල ද මේ බැණිල්ලට එක් වෙයි. රංජිත්ගේ කට කොනිත්තා උස්සාගෙන ගෙට වැදීමට අම්මාට සිදු වන්නීය.
එහෙම දවසක රංජිත් බැණ අඬගෑවේ කපිල සෙනෙවිරත්න කවියාටය. එදින තාත්තා සූදානම් වූයේ රංජිත්ට තැලීමටය.
“ගහන්න එපා අපේ පොඩි රාලහාමිට. ලොකු වෙනකොට ඔය දඟ නැති වෙලා යාවි.”
එතැන් පටන් රංජිත්ට ‘රාලහාමි’ යන නම පටබැඳිණි. අම්මා තාත්තා පමණක් නොව ඥාති මිත්‍රාදින් ද රංජිත්ව හුරතලයට හැඳින්වූයේ ‘රාලහාමි’ කියාය.
ඒ වගේම, සෙනෙවිරත්න කවියා කී අනාවැකිය ද සැබෑ විය. කරදඬු උස් මහත් වෙද්දී රංජිත් කනට ඇහෙන නෑහෙන ගාණට කතා කරන නිවුණු තැන්පත් යහපත් දරුවෙකි. එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල මා රංජිත්ව දැන හඳුනාගන්නා විට අපි ළමා පිටියේ දරුවන් වීමු. රංජිත් හිටියේ ගුවන්විදුලි වැඩසටහන් සඳහා සහභාගි වෙන යෞවන කල්ලියකය. ඒ කල්ලියේ වඩාත්ම ශාන්ත දාන්ත අයියා වූයේ රංජිත්ය. හැබැයි මේ අයියා ළමා පිටියේ අපේ කල්ලිය සමග වැඩි වැඩියෙන් ගැවැසුණේය. තේ බොන වේලාවට කැන්ටිමට පැමිණීමෙන් නොනැවතී වැඩසටහන් පටිගත කරන මැදිරියට ද රිංගුවේය. ටික දවසක් යද්දී අපට වැඩේ තේරිණි. ළමා පිටියේ කෙල්ලක් පිළිබඳව ඔහුට සිතක් පහළ වෙලාය. කෙල්ල, දමයන්ති ජයසූරියයි.
තමාගේ ප්‍රේම සිතැඟි දමයන්ති වෙත දන්වා සිටීමට රංජිත් දූතයන් දෙදෙනකු යොදා ගත්තේය. ඒ, එවක ළමා පිටියේ සිටි රෝහණ සිරිවර්ධන හා නිරංජලා සරෝජනීය. දූතයන් දෙදෙනා කෙතරම් ප්‍රශස්ථ ලෙස කාරිය කළෝ ද යත්, ළමා පිටිය කල්ලියෙන් මුලින්ම යුග දිවියට ඇතුළු වූ කෙනා හැටියට වාර්තාවක් තබන්නට දමයන්තිට හැකි විණි.
මේ විවාහය නිසා කලින්ටත් වඩා සමීපව රංජිත් ඇසුරු කිරීමේ අවකාශය අපට උදා විණි.
මහගම සේකරයන්ගේ වචනවලින් කිවහොත්, රංජිත් ‘සීග්ගර’ වැඩකාරයෙකි.
සරසවිය පත්තරේට ඔහු සම්බන්ධ වූ කාලයේ එහි රූ රටා සහ සිරස්තල කලාව වෙනස් කළේය. එකල අද වාගේ විවිධ අකුරු හැඩතල තිබුණේ නැත. ඒ නිසා රංජිත් සිරස්තල අතින් ඇන්දේය. පුවත්පත් කලාවේදියකු හැටියට සරසවියට ඔහු ලියූ සෑම ලිපියකම පාහේ හෙඩිම ඇන්දේ රංජිත්ය. ඔහු පොත් පිටකවර කලාවට නව හැඩයක් සහ වර්ණයක් එක් කළේය. මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ ලාංකේය ලේඛක ලේඛිකාවන් රැසකගේ පොත් සැරැසුණේ රංජිත්ගේ නිර්මාණවලිනි. සිය පොත් පිට කවර එක්කොට ගාලු මුවදොර සමුද්‍ර කලාගාරයේ ප්‍රදර්ශනයක් පැවැත්වීය. පොත් කවර ප්‍රදර්ශනයක් ලංකාවේ පැවැත්වූ මුල්ම අවස්ථාව එය ය. කංචුක යන වචනයට අප හුරු වූයේ රංජිත්ගේ මේ ප්‍රදර්ශනය නිසාය.
සිනමා සිරස්තල කලාවට ද රංජිත් නව මානයක් එක් කළේය. මේ සියල්ල සමගම සිනමාව, කලාව, සාහිත්‍යය ආදි විවිධ විෂයයන් පිළිබඳ දැනුමෙන් ඔහු සන්නන්ධ විය. මේ කාරියට අනුපාන සපයන පොත් සහ පැරැණි පත්තර දහස් ගණනකින් ඔහුගේ පුස්තකාලය සන්නද්ධ වී තිබිණි. එකී ක්ෂේත්‍ර පිළිබඳ ඓතිහාසික කරුණු විමසා සැක හැර ගැනීමට බොහෝ අය කතා කළේ රංජිත්ටය.
ඔහුගේ නිර්මාණවේදය ගැන බොහෝ දෙනෙක් ලියා කියා තිබුණු බැවින්, ඒ කරුණු යළි යළි සිහිපත් කළ යුතු නොවේ. ඒ සියල්ල මැද යටින් ඉරක් ගසා අවධාරණය කළ යුතු තවත් දෙයක් ගැන කියන්නට මේ අවස්ථාව සුදුසු බව හැඟෙයි.
රංජිත් අනුන්ගෙන් උදව් නොඉල්ලූ, එහෙත් අනුන්ට පැන පැන උදව් කළ කෙනෙකි. කාගේ හෝ කවර හෝ කාර්යයක් හෝ වෙනුවෙන් තමන්ට කිසියම්ම උදව්වක් උපකාරයක් කළ හැකි බව ඔහුට දැනුණොත්, සැළවුණොත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඒ දෙය කර දෙන්නේය. මා කිසියම් පර්ෙ ය්ෂණ කාරියක නිරත වී සිටින බව වරෙක ඔහු දැනගෙන ඇත්තේ ප්‍රේම් දිසානායක මිතුරාගෙනි. එක්වරම මට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.
“මචං, අර උඹ වැඩේට අවශ්‍ය පරණ පත්තර වගයක් මං ළඟ තියෙනවා. මං ඒවා සේරම ෆොටෝ කොපි ගහලා තැපෑලට දැම්මා. හෙට අනිද්දා වෙනකොට උඹට ලැබෙයි...” ඔහු කීය.
මිතුරකුගෙන් ලද ආරංචියකට, පරණ පත්තර ගණනාවක් අවුස්සා, ෆොටෝ කොපි ගැසීමේ වියදම ද, තැපැල් ගාස්තුව ද තම අතින් ගෙවා, ‘අතින් කයිට්’ උදව් කරන්නට ඉදිරිපත් වන අය දුලබය.
ඔහුගේ ඒ අපූරු මිතුරු හිතකාමී ජීවිතය ගැන කොච්චර ලීවත් මදිය.
ඒත්, දැන් ලියන්නට සැරැසෙන්නේ ඒ ගැන නොවේ.ඔහුගේ මරණය ගැනය. අවසන් කටයුතු සිදු කෙරුණු ආකාරය ගැනය. අවසන් ගෞරව දැක්වීම සඳහා වෙන් කර තිබුණේ පැය දෙකකි. ඒ කාලයේදීත් දේහය ප්‍රදර්ශනය කළේ නැත. ඒ පැය දෙක කෙළවර සිදු කෙරුණු ආගමික වතාවත්වලින් පසුව සිරුර කොතලාවල වෛද්‍ය පීඨයට බාර දෙන ලදී. මේ සියල්ල ජීවතුන් අතර සිටියදී රංජිත් දුන් උපදෙස්ය.
හැබැයි මෙහෙම දේකුත් තිබේ.
මියගියාට පසු තමන්ගේ අවසාන ඉල්ලීම ඉටු වී ද, නැද්ද යන්න මියගිය තැනැත්තා දන්නේ නැත. ඒ නිසා ජීවතුන් අතර සිටින අය, අවසන් ඉල්ලීම පසෙකලා තම තමන්ගේ රිස්ස ඉටු කරගත් හා ගන්නා අවස්ථා බොහෝය. එහෙත්, රංජිත්ගේ කැමැත්ත ඒ අයුරින්ම ඉටු කරලීමට දමයන්ති සහ නුවන් ක්‍රියා කළහ. ඔවුන් දෙදෙනාට ද අපේ ගෞරවය හිමි විය යුතුය.
රංජිත් ජීවත් වූයේ අප කාටත් ආදර්ශයක් වෙමිනි. රංජිත් වියෝ වූයේ ද අප කාටත් ආදර්ශයක් වෙමිනි. අප අතරින් කී දෙනකුට මේ ආදර්ශය උකහා ගත හැකි ද නැති ද යන්න වෙනම ප්‍රශ්නයකි.
(*** සමන් අතාවුදහෙට්ටි)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’