IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


රජිනිකාන්ත් ඉන්දියාවේ වැඩ නවතයි

    06-page-11-s2-8

 

වසරක සිර දඬුවමක් ගෙවූ වතු සේවකයකු මැලේසියාවේ සිරගෙයකින් නිදහස ලබයි. ඔහුට නිරපරාදේ සිරබත් කෑමට සිදු වූයේ එක්තරා මැර කණ්ඩායමක ක්‍රියා කලාපය හේතුවෙනි. රට පුරා මත්ද්‍රව්‍ය බෙදා හැරීම, ගණිකා ව්‍යාපාරය සහ විවිධාකාරයේ වංචනික ක්‍රියා සිදු කරන මෙම කණ්ඩායමේ නායකයා චාඕ නමැති පුද්ගලයෙකි.  සිරගෙදරින් නිදහස ලබන පුද්ගලයා තමා බොරු චෝදනාවකට ලක් කොට සිරබත් කන්නට සැලසූ එම මැර කණ්ඩාමට එරෙහිව සටන් වදින්නට තීරණය කරයි. පාතාල නායකයකු බවට පත් වන ඔහු නපුර පරාජය කිරීමට වෙහෙසෙන්නෙකි. ප්‍රථමයෙන් තම බිරිය සොයා ගැනීමට උත්සාහ ගන්නා ඔහු තම සතුරන් එකිනෙකා විනාශ කිරිමට පියවර ගනියි. මැලේසියාවේ ජීවත් වන දෙමළ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන මෙම පුද්ගලයා අවට ගම්වල තරුණයන් සඳහා අධ්‍යාපනය හා ජීවනෝපාය සැලසීමේ අරමුණින් ආයතනයක්ද ස්ථාපනය කරයි. ඔහු කබලීස්වරන්ය. 

 


ඉහත දැක්වුණේ පසුගිය ජුලි  22 වැනි දින ඉන්දියාවේ හා ලොව රටවල් ගණනක එකවර ප්‍රදර්ශනය ඇරඹූ දෙමළ චිත්‍රපටයක් වන ‘කබාලි’ චිත්‍රපටයේ තේමාවය. මේ වන විට උන්මාදයක් බවට පත්ව ඇති කබාලි චිත්‍රපටය සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වෙයි. එය දකුණු ඉන්දියාවේ සිනමාහල් 2200ක් ඇතු`ඵ ඉන්දියානු සිනමාහල් 3200ක එකවර ප්‍රදර්ශනය ඇරඹුණු අතර එයට සමගාමීව ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ ජපානය යන රටවලද ප්‍රදර්ශනය ආරම්භ විය.


පසුගිය මැයි මාසයේ මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර් ජාලයට එක් කෙරිණි. දිනක් ඇතුළත එය මිලියන පහකට අධික පිරිසක් නරඹා තිබිණි. එය දෙමළ චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර උන්මාදයක් ඇති කළේය. ඔවුහූ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියහ.  පසුගිය 22 දින ප්‍රදර්ශනය ඇරඹීමත් සමග නන් දෙසින් පැමිණි ප්‍රේක්ෂකයෝ සිනමා ශාලා අසල රැස්කන්නට වූහ. පැය දෙකහමාරක ධාවන කාලයකින් යුතු කබාලි චිත්‍රපටය දිනකට දර්ශන වාර හතක් පමණ පැවැත්වෙන අතර පළමු දර්ශනය ආරම්භ වන්නේ අලුයම 5ටය. සෑම දර්ශනයක්ම අතුරු සිදුරු නොමතිව පිරී යන අතර එක් දර්ශනයක් නැරඹිය නොහැකි වූ ප්‍රේක්ෂකයෝ දිනය පුරා වරු ගණන් පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකිය. 

 

06-page-11-s2-1

 


චිත්‍රපයට තිරගත වූ ප්‍රථම දිනයේ ඉන්දියාවේ සහනදායී ගුවන් සමාගමක් වන ‘එයාර් ඒෂියා’ ගුවන් සමාගම බැංගලෝරයේ සිට චෙන්නායි දක්වා ‘ස්පෙෂල් කබාලි ෆ්ලයිට්’ නමින් ගුවන් ගමනක් සංවිධානය කළේය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන රජිනිකාන්ත්ගේ රසිකයන් 180 දෙනෙක් එම සංචාරයට එක් වූ අතර ඔවුනට රජිනිකාන්ගේ ප්‍රියතම ආහාර පානවලින් සංග්‍රහ කිරීමටද ගුවන් සමාගම කටයුතු කළේය. පළමුවැනි දිනයේ පළමුවැනි දර්ශනය නැරඹීම සඳහා ගුවන් ගමන් වියදම්, ආහාරපාන සහ ප්‍රවේශපත්‍රය වෙනුවෙන් එක් රසිකයකුට වැය වූ මුදල ඉන්දියානු රුපියල් 7860ක් (ඇ.ඩොලර් 116) විය.

ජපානයේ සිටද ප්‍රේක්ෂකයන් පිරිසක් චෙන්නායි වෙත පැමිණ තිබුණේ පළමු දිනයේ ප්‍රථම දර්ශනය නැරඹීමේ අරමුණ ඇතිවය. පළමු දිනයේ ප්‍රථම දර්ශනය නැරඹීම බොහෝ ප්‍රේක්ෂකයන් සිතනුයේ එක්තරා අන්දමක වීර ක්‍රියාවක් ලෙසිනි. 

06-page-11-s2-2
චෙන්නායි සහ බැංගලෝරයේ බොහෝ ආයතන චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹූ සිකුරාදා දිනයේ තම සේවකයන්හට නිවාඩු ලබා දී තිබිණි. ඇතැම් සමාගම් චිත්‍රපටය නැරඹීම සඳහා නොමිලයේ ප්‍රවේශ පත්‍ර ලබා දීමටද ක්‍රියා කළහ. එම ආයතන ප්‍රධානීන් සඳහන් කර සිටියේ තම සේවකයන් රජිනිකාන්ත් උන්මාදයෙන් පෙළෙන හෙයින් එදින අසනීප බවට හෝ වෙනත් විවිධ ව්‍යාජ හේතු දක්වමින් සේවයට වාර්තා නොකරන අතර එදිනට තම ජංගම දුරකථනද ක්‍රියා විරහිත කර තබන බවයි. එහෙයින් එයට පිළියමක් ලෙස මෙම පියවර ගත් බවකි. එදිනට තම සේවකයන්ගේ නිවාඩු ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක්  මානව සම්පත් අංශයේ ගොඩගැසෙන හෙයින් එයට පිළියමක් වශයෙන් එදින නිවාඩු ලබා දුන් බැව් තවත් ආයතන ප්‍රධානියකු පවසා තිබිණි. මේ අතර ප්‍රථම දිනයේ චිත්‍රපටය නැරඹීමට නොහැකි වීමේ ශෝකයෙන් ඇතැම් පුද්ගලයන් දිවි නසා ගත් බවද වාර්තා විය. රජිනිකාන්ත්ගේ චිත්‍රපට ලෝලයකු වන සිරිනිවාසන්  ජයසීලන් නමැත්තකු 22 සහ 23 යන දෙදින පුරා සිනමා ශාලාවෙන් පිටතට නොපැමිණ කබාලි චිත්‍රපටය එක දිගට දස වතාවක් නරඹා තිබිණි.
ත්‍රිරෝද රථ, බස් රථ, මෝටර් රථ හා ඇතැම් ගුවන් යානාද කබාලි චිත්‍රපටයේ රූපරාමුවලින් හැඩවැඩකොට තිබූ අතර එම රූපරාමුවලින් අලංකාර කළ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ඉතා කෙටි කලකදී අලෙවි කර ගැනීමට තමාට හැකිවිනැයි ඉන්දියාවේ මෝටර් රථ අලෙවිකරුවකු මාධ්‍යයට කියා සිටියේය. 


ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹූ කබාලි  චිත්‍රපටය පළමු සතියේ ඉන්දියානු රුපියල් දසලක්ෂ 211.25ක් (ඩොලර් මිලියන 31) උපයන්නට සමත් විය. ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමෙන් පළමු දිනයේ පමණක් උපයන ලද මුදල ඉන්දියානු රුපියල් දසලක්ෂ 44.75ක් (ඇ. ඩොලර් මිලියන 6.6ක්) විය. ඉන් දෙසතියකට පෙර ප්‍රදර්ශනය ඇරඹූ සල්මන් කාන් රඟ පෑ ‘සුල්තාන්’ නමැති චිත්‍රපටය තබන ලද ආදායම් වාර්තාව බිඳ දමන්නට කබාලි සමත් වූ අතර මෙතෙක් පළමු දින වැඩිම ආදයමක් ඉපැයූ චිත්‍රපට අතරින් කබාලි දෙවැනි වන්නේ ‘ප්‍රේම් රතන් දහන් පායෝ’ නමැති චිත්‍රපටයට පමණි. එය පළමු දිනයේ ඉන්දියානු රුපියල් දසලක්ෂ 53 (ඇ. ඩොලර් මිලියන 7.9ක්) උපයා තිබිණි. කබාලි චිත්‍රපටයේ ආදායම් වාර්තා අනුව එය තමිල්නාඩුවේ එක් දිනක් තුළ ඉන්දියානු රුපියල් දසලක්ෂ 20 (ඇ. ඩොලර් මිලියන 3ක්) සීමාව ඉක්මවූ පළමු දෙමළ චිත්‍රපටය ලෙස වාර්තා ගතවෙයි. පළමු දින තුන ඇතුළත එය ඉන්දියානු රුපියල් දසලක්ෂ 124.25ක් (ඇ. ඩොලර් මිලියන 18ක්) උපයා ගැනීමට සමත් වූ අතර එයද වාර්තාවකි. පළමු දින හතර තුළ ශ්‍රී ලංකාව ඇතු`ඵ විදේශ රටවල ප්‍රදර්ශනයෙන් කබාලි ඉන්දියානු රුපියල් දසලක්ෂ 87. 5ක් (ඇ. ඩොලර් මිලියන 13ක්) උපයා ගැනීමට සමත් විය. ඉන් පෙර එම වාර්තාවට හිමිකම කීවේ ‘ඩූම් 3’ චිත්‍රපටයයි. එය විදේශ ප්‍රදර්ශනයෙන් පළමු සතිය තුළ උපයා තිබූ මුදල ඇ. ඩොලර් මිලියන 10.32කි. 

06-page-11-s2-3
අති විශාල ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වන කබාලි චිත්‍රපටය මෙතරම් ජනතා ආකර්ෂණයක් දිනා ගත්තේ කෙසේද? ඒ එහි ප්‍රධාන චරිතය රඟන රජිනිකාන්ත් නිසාය. කබාලි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කබලීස්වරන්ගේ චරිතයට පණ පොවන්නේ දකුණු ඉන්දීය සුපිරි න`ඵ රජිනිකාන්ත්ය. ඉන්දියාවේ වැඩිම මුදලක් අයකරන නළුවන් අතර රජිනිකාන්ත් ඉදිරියෙන්ම සිටින්නෙකි. දශක හතරකට ආසන්න කාලයක් දෙමළ සිනමා ක්ෂේත්‍රයේ වැජඹුණු රජිනිකාන්ත් දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයාය. දරු මුනුබුරන් සිටින 65 හැවිරිදි මේ වයෝවෘද්ධයා ප්‍රේක්ෂක හදවත් තුළ තවමත් තරුණයකු ලෙසින් වැජඹෙයි. 


තමිල්නාඩුව නළුනිළි වන්දනාව ඉහළින්ම අගයන ප්‍රාන්තයකි. එම්. ජී. රාමචන්ද්‍රන්, ඇන්. ටී. රාමරාඕ, සිවාජි ගනේෂන්, ජයලලිතා වැනි චරිත ඔවුන්ගේ දෙවිවරු බඳු වුහ. වර්තමානයේ ඔවුන්ගේ දෙවියා රජිනිකාන්ත්ය. චිත්‍රපට 170කට ආසන්න ප්‍රමාණයක විවිධ චරිත නිරූපණය කළ ඔහු මේ වන විට තමිල්නාඩු සිනමා රසිකයන් අතර දේවත්වයෙන් සැලකෙන්නෙකි. රජිනිකාන්ත් සිනමාවේදී අයුක්තිය වෙනුවෙන් සටන් වදින්නෙකි. සිගරට්ටුව කටේ දමා විවිධ හරඹ පාන, වේගයෙන් පිස්තෝල අදින, එක පා පහරින් තම ප්‍රතිවාදියා අඩි ගණනක් ඈතට විසිවන ලෙස පහර දෙන, ලී බඩු කැබලි වන ලෙස සතුරා පොළොවේ ගසන මේ වීරයාගේ කටවුට් හා ඡායාරූප කිරිවලින් දෝවනය කරන, ඒවාට මල්මාල දමන, සුවඳ දුම් අල්ලන, ඔහුගේ රුව සහිත සාරි අඳින රසික රසිකාවියෝ පිරිසක් තමිල්නාඩුවේ සිටිති.


1950 දෙසැම්බර් 12දා බැංගලෝරයේ උපත ලද රජනිකාන්ත්ගේ සැබෑ නම සිවාජි රාඕ ගයික්වෝඞ්ය. පොලිස් නිලධාරියකු වූ රාමෝජි රාඕගේ සහ ගෘහණියක වූ රමාබායිගේ පුත්‍රයකු වූ ඔහු දරුවන් සිවුදෙනකුගෙන් යුතු පවුලේ බාලයා විය. රජයේ ගවිපුරම් කණ්නඩ ප්‍රාථමික පාසලින් මූලික අධ්‍යාපනය ලද රජිනිකාන්ත් පාසල් අධ්‍යාපනයෙන් පසු මදුරාසියේ හා බැංගලෝරයේ කුලීකරුවකු, වඩුවකුගේ අත්උදව්කරුවකු වැනි විවිධ වෘත්තීන්හි නිරත විය. පසුකාලයේ ඔහුට බැංගලෝර් ප්‍රවාහන සේවයට අයත් බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස රැකියාවක් ලැබිණි.


කණ්නඩ නාට්‍ය රචකයකු වූ ටොපි මුනියප්පා රජිනිකාන්ත්හට තම නාට්‍යවල සු`ඵ චරිත රඟපෑම සඳහා අවස්ථාව ලබා දුනි. රඟපෑමේ නොතිත් ආසාවෙන් පෙළුණු රජිනිකාන්ත් මදුරාසි චිත්‍රපට ආයතනයට ඇතුළත් වන්නට උත්සාහ කළද ඒ සඳහා මුදල් නොමැති විය. එහිදී ඔහුගේ පිහිටට පැමිණියේ ඔහු සමඟ සේවය කළ රාජ් බහදූර් නමැති මිතුරාය. බහදූර් මදුරාසි චිත්‍රපට ආයතනයේ අධ්‍යාපනය සඳහා රජිනිකාන්ත්හට මුදලින් උපකාර කළේය. චිත්‍රපට ආයතනයේ අධ්‍යාපනය ලබන කාලයේ ඔහු රඟපෑ නාට්‍යයක් දුටු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ කේ. බාලචන්දර් ඔහුට උපදෙසක් දුන්නේය. රජිනිකාන්ත් භාවිත කළේ කන්නට සහ මරාති බස පමණි. බාලචන්දර්ගේ උපදෙස වූයේ දෙමළ ඉගෙන ගන්නා ලෙසටය. රජිනිකාන්ත් ඔහුගේ අවවාදය අනුව දෙමළ හැදෑරීය. 


රජිනිකාන්ත් චිත්‍රපටයක ප්‍රථමවරට රඟපෑවේ 1975 බාලචන්දර්  අධ්‍යක්ෂණය කළ ‘අපූර්ව රාගන්ගල්’ නමැති චිත්‍රපටයේය. එහි ඔහු රඟපෑවේ සුළු චරිතයක් වුවද එම චරිතය තුළින් අනාගත සුපිරි නළුවකු බිහිවනු ඇතැයි බාලචන්දර් හෝ රජිනිකාන්ත් හෝ නොසිතන්නට ඇත. ඔහුගේ රංගනය විචාරකයන්ගේ ප්‍රසාදයට ලක්විය. බාලචන්දර් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකම රජිනිකාන්ත් රඟපෑවේය. කතා සංගමා, පුට්ටන්න කනගල්, අන්තුලෙනි කතා, අවල් ඔරු තෝඩායි කතායිඕ, මූන්ඞ්රු මුඩිචු, බාලු ජෙනු වැනි චිත්‍රපටවල සුළු චරිත නිරූපනය කළ රජිනිකාන්ත් එම චිත්‍රපටවල සිගරට්ටුව උපයෝගී කරගනිමින් පෑ හරඹ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්විය. ඔහු ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ ‘චිලක්කමා චෙපින්දි’ නමැති තෙලිඟු චිත්‍රපටයේය.

 

06-page-11-s2-5

 


1980 වන විට ඔහු දකුණු ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු බවට පත්ව සිටියේය. ‘ඩොන්’ නමැති බොලිවුඞ් චිත්‍රපටය ඇසුරින් නිෂ්පාදනය කළ ‘බිල්ලා’ නමැති දෙමළ චිත්‍රපටය ඔහු රඟපෑ සියලු චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය විය. මරට්ටු කාලයි, ගජනි, නිට්රිකන්, තිල්ලු මුල්ලු, තී, පොකිරි රාජා, මූන්ඞ්රු මුගම්, තනිකට්ටු රාජා, වැනි චිත්‍රපට බෙහෙවින් ජනප්‍රිය විය. මූන්ඞ්රු මුගම් චිත්‍රපටයේ ඔහු පළමුවරට ත්‍රිත්ව චරිත නිරූපණයක නිරත විය. 1983දී ඔහු බොලිවුඞ් සිනමාවට ප්‍රවිෂ්ට වූයේ අමිතාබ් බච්චන් හා හේමා මාලිනි සමග ‘අන්ධා කානූන්’ නමැති චිත්‍රපටයේ රඟපෑමෙනි. ඔහු රඟපෑ හින්දි චිත්‍රපට අතුරින් පළමුවරට බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ රාජේෂ් කන්නා සමඟ රඟපෑ බෙවාෆායි චිත්‍රපටයයි. ඔහු රඟපෑ ප්‍රථම ඉංග්‍රීසි චිත්‍රපටය වූයේ 1988 නිෂ්පාදනය වූ, ඞ්වයිට් ලිට්ල් අධ්‍යක්ෂණය කළ බ්ලඞ්ස්ටෝන් නමැති චිත්‍රපටයයි. නිනයිත්තාලේ ඉනික්කුම්, තිල්ලු මුල්ලු, තලපති, මුතු, බාෂා, එන්තිරන්, සිවාජි, පඩෙයප්පා වැනි චිත්‍රපට ද බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් විය.


රජිනිකාන්ත් ඉන්දියාවේ මෙතරම් ජනප්‍රිය චරිතයක් බවට පත් වූයේ කෙසේද? ලොව සියලු රටවල් අතුරින් සිනමා උන්මාදයෙන් පෙළෙන වැඩිම පිරිසක් සිටින රාජ්‍යය වන්නේ ඉන්දියාවය. සිනමාව, නර්තනය, සංගීතය හා  නාට්‍යය ඉන්දියානු ජන ජීවිතයට බද්ධ වූවකි. ඉන්දියානු සිනමා රසිකයන්ගෙන් වැඩි පිරිසක් නිර්ධන පාන්තිකයෝය. රජිනිකාන්ත් රඟපෑ චරිත නිර්ධන පන්තිය නියෝජනය කළ අතර සැමවිටම ඔහු සටන් කළේ ධනවතුන්, ඉඩම් හිමියන්, දුෂ්ට දේශපාලනඥයන් වැනි චරිත සමඟය. එහිදී දුෂ්ටයා පරාජය කරන මේ නිර්ධන පාන්තිකයා තම පන්තිය වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම ඔහු දෙබස් උච්චාරණය කරන්නේ ඔහුටම ආවේණික ශෛලියකිනි. විශිෂ්ට චරිත, උද්වේගකර චරිත මෙන්ම විකට චරිතද ඔහුට එකසේ රඟපෑ හැකිය. නැටුමට මෙන්ම සටනටද ඔහු දක්ෂයෙකි. මෙකී චරිත ලක්ෂණ තුළින් ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගැනීමට රජිනිකාන්ත් සමත් විය. සිනමා විචාරකයන් රජිනිකාන්ත් හඳුන්වන්නේ හොලිවුඞ් සිනමාවේ රොබින් විලියම්ස්, සිල්වෙස්ටර් ස්ටැලොන් හා ඩස්ටින් හොෆ්මන් යන තිදෙනාගේ සුසංයෝජනයක් ලෙසිනි.


ඉන්දියාවේ සුපිරි චරිතයක් වුවද රජිනිකාන්ත් පොළොවේ පය ගසා සිටින මිනිසෙකි. නිහතමානී, ආගම දහමට ළැදි ඔහු බොහෝ සමාජ සත්කාර සඳහා තම ධනය වියදම් කරන්නෙකි.  දිළිඳුකම හේතුවෙන් විවාහ වීමට නොහැකි තරුණ තරුණියන්ට විවාහය සඳහා උපකාර කිරීමටත්, දිළිඳු දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටත්, රැකියා නොමැති පුද්ගලයන්හට ස්වයං රැකියාවන්හි නිරත වීම සඳහා ත්‍රිරෝද රථ ලබා දීම වැනි කටයුතු සඳහා  ඔහු තම ධනය නොමසුරුව වැය කරයි.


තමිල්නාඩු මහ ඇමති පදවියට පත් වැඩි දෙනෙක් නළු නිළියෝය. රජිනිකාන්ත්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් දේශපාලනයට පිවිසෙන ලෙසට ඔහුට බොහෝ ඇරයුම් ලැබෙයි. ඔහු කලක් ඉන්දීය ජාතික කොන්ග්‍රසයට සහය දැක්වූවෙකි. එහෙත් දේශපාලනයට පිවිසීමේ අදහසක් ඔහුට නොමැත. කොයිම්බටෝරයේ රජිනිකාන්ත් රසික පිරිසක් රජිනිකාන්ත් වෙනුවෙන් ‘දේසිය ද්‍රවිඩ මක්කල් මුන්නේත්‍ර කසාගම්‘ නමින් පක්ෂයක් නිර්මාණය කොට එම පක්ෂයෙන් තමිල්නාඩු මහ ඇමති ධුරයට තරග කරන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු සියලු මාධ්‍යවලට ලිපියක් යවමින් පවසා තිබුණේ සිනමාවේ රැඳී සිටිනු විනා දේශපාලනයට පිවිසීම සඳහා කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.


රජිනිකාන්ත්ගේ බිරිය ලතා රංගචාරිය. 1981 විවාහ වූ ඔවුනට ආශ්වර්යා සහ සෞන්දර්යා නමින් දියණියෝ දෙදෙනෙකි. රජිනිකාන්ත් දිළිඳු දරු දැරියන් උදෙසා ආරම්භ කළ ‘ආශ්‍රම්’ නමැති පාසල පවත්වාගෙන යනු ලබන්නේ ලතා විසිනි. ආශ්වර්යා විවාහ වී සිටින්නේ නළුවකු හා ගායකයකු වන ධනුෂ් සමඟිනි. පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ ‘වයි දිස් කොලවරි’ ගීතය ගයන්නේ ඔහුය. සෞන්දර්යා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක හා නිෂ්පාදිකාවකි. ෆිල්ම්ෆෙයාර්, තමිල්නාඩු ප්‍රාන්තීය සිනමා සම්මානය, කලෙයිමනි, එම්. ජී. ආර්. පද්ම භූෂන්, පද්ම විභූෂන්, ඇතුළු සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා තිබේ.


බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වන රජිනිකාන්ගේ නවතම චිත්‍රපයට වන කබාලි අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පා. රන්ජිත් විසිනි. ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් වැය කොට නිපදවන ලද එහි රජිනිකාන්ත් සමග රාධිකා අප්තේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

m



අදහස් (0)

රජිනිකාන්ත් ඉන්දියාවේ වැඩ නවතයි

ශෙහානි Wednesday, 17 August 2016 01:23 PM

එයාගේ මුහුණට නෙමෙයි ගතිගුණ වලට ආශා වෙන්න. දුප්පතුන්ට පිහිටවෙන නළුවෙක් (නි)

:       0       1

ජයනාත් Sunday, 21 August 2016 03:05 PM

නළුවාටම හරියන රසිකයෝ..රසිකයනටම හරියන නළුවෝ ..! දකුණු ඉන්දියාවනේ..!(රේ)

:       0       0

රුවන් Friday, 12 August 2016 06:08 PM

ඇත්තටම නළුවෙක්(රේ)

:       0       0

අමාලි Saturday, 13 August 2016 12:19 PM

අනේ මන්ද මුනේ හැටි ....(රේ)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 27 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 14 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 842 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 106 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 149 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 388 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site