IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


රෙජීම පාඩම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලවලදී ඇතැම් විට සිදුවන අපූරු දෙයක් නම් කිසිදු අංශයකට සම්මාන නොලැබුණු එක්කෝ සම්මාන ඉතා අඩු ගණනක් ලැබුණු  නාට්‍යයක් වසරේ හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන ලැබීමයි.  2014 රාජ්‍යය නාට්‍ය උළෙල ඊට කදිම නිදසුනකි. එම උළෙලේදී ප්‍රධාන සම්මාන හතක් සහ විශේෂ සම්මාන දෙකක් සහිතව වැඩිම සම්මාන ගණනක් එනම් සම්මාන  නවයක් දිනාගත්තේ චාමික හත්ලහවත්ත ගේ  -මකරට” නාට්‍යයයි.

 එහෙත් උළෙලේ හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන ලැබුවේ මට මතක ඇති ආකාරයට වෙනත් සම්මාන දෙකක් පමණක් ලබා සිටි පරාක්‍රම නිරිඇල්ල ගේ -හුණුවටයේ කතාව” යි. නාට්‍ය රසිකයෙකු ලෙස මා අන්ද මන්ද වූ තීරණය පිළිබඳ ප්‍රවීණ නාට්‍ය විනිසකරුවන්ගෙන් විමසු විට ඔවුන් ගේ පිළිතුර වූයේ එවැනි සම්ප්‍රදායක් ලෝකයේ පවතින බවයි. ඒ පිළිබඳ මතකය අලුත් වූයේ නොබෝදා පැවති විශ්වාශභංග ක්‍රියාවලිය ද මතු කී ආකාරයේ නාට්‍ය උළෙලකට සමාන වී අවසන් වූ නිසාය.

2015 ජනවාරියේ සිටම පවතින ආණ්ඩුව සහ එහි නායකයන් විශේෂයෙන්ම අගමැති ඇතුළු ප්‍රධාන පෙළේ එජාප ඇමතීන් කීප දෙනෙකු කෙරෙහි  පොදු ජන විශ්වාසය කඩවීම් රාශියක් ම විය. මහ බැංකු බැඳුම්කර  සිද්ධිය ඒ කෙරෙහි බලපෑ ප්‍රධානම සිදුවීම ය.

මුදල් ඇමතිට ඉල්ලා අස්වීමට සිදු වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අගමැති සහ ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති අතර මත භේද උත්සන්න විය. අගමැති යටතේ තිබු මහ බැංකුව වැනි ආයතන සහ ඇතැම් අංශ ඉවත් කිරීමට ජනාධිපති ක්‍රියා කළේය. ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නැතහොත් කැබිනට්ටුවේ ඇමතීන් අතර මත භේදවල ද නිමක් නොවී ය. ආණ්ඩුවේ පසු පෙළ සහ ඉදිරි පෙළ මැති ඇමතීන් අතර ද මත භේද සහ ගැටුම් උත්සන්න විය. 

එජාපයේ අභ්‍යන්තර අර්බුද උත්සන්න වී අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම පිළිබඳ අදහස එම පක්ෂයේ අයම කරළියට ගෙන ආවෝය. රංගේ බණ්ඩාර එහි ප්‍රමුඛ කාර්යභාරයක් කළ තැනැත්තාය. ඒකාබද්ධය ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව එක පයින්ම ඡන්දය දීමට තීරණය කළ බව ශ්‍රීලනිපය සහ සන්ධානය ඍජුව සහ වක්‍රව ප්‍රකාශ කළේය. ඔවුන් අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කළේය. එජාපයේ විසිගණනක් භංගයට සහය දෙන බව වාර්තා විය. ආණ්ඩුවට උදවු කරනවා යැයි ඇතැමුන්ගේ නින්දාවට ලක්වී සිටි ජවිපෙ අගමැතිට එරෙහිව භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළේ ය. අගමැතිට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා රටේ බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා පසුබිමක ඇති විය. 

මේ අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග විවාදය සහ ඡන්ද විමසීම නාට්‍ය උළෙලක් නම්, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එහි තරගකාරී අවසාන වටයට තේරුණ නාට්‍යයක් නම්, ඒ නාට්‍යය  කිසිදු සම්මානයක් නොලබා පරාජය වීමට නියමිතව තිබුණි. ඇත්තටම ඒ උළෙලේ දී ඊට කිසිදු සම්මානයක් ලැබුණේ නැත. එහෙත් උළෙලේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මානය දිනා ගැනීමට විශ්වාසභංගයට විරුද්ධ වූ අගමැති ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය. පොදුජන ප්‍රේක්ෂකාගාරයේ බහුතරයක් අකැමැති, එසේම ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයේ බහුතරයක් අකැමැති, විශ්වාසභංගයේ ප්‍රධාන චුදිතයා වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. විශ්වාස භංග ක්‍රියා දාමය අපේ රටේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමාන කිරීම සාධාරණ යැයි දැන් ඔබට ද සිතෙනු ඇත.   

මේ විශ්වාසභංග ක්‍රියාවලිය ගැන ‘ලංකාදීප’යේ මේ පිටුවටම විවාදයට දිනකට පෙර ලියු ලිපියක මා සඳහන් කළේ පුද්ගල අභිමතාර්ථවලින් තොරව මෙරට මැති ඇමතීන් කටයුතු කරනවා නම් කළ යුත්තේ ස්ථාවර ආණ්ඩුවක් සහ විපක්ෂයක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ විසුරුවා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බවය. ඒ හැර වෙනත් විකල්පයක් නැති බවය. අවශ්‍ය වන්නේ විශ්වාසභංග නොව පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම සඳහා මහජනයා සහ පාර්ලිමේන්තුව සංවිධානය කිරීම බව එහි අවධාරණය කෙරිණ. එසේම විකෘති ආණ්ඩුවක් විකෘති විපක්ෂයක් නඩත්තු කරන පාර්ලිමේන්තුවකින් මහජන යහපැවැත්ම සහ සුභ සාධනය ඉටු නොවෙන බව ද එහිදී අවධාරණය කෙරිණ.

ටික දිනකට පසුව එම ලිපිය ෆෙස්බුක් හි පළවූ පසු එම අදහස පිළිබඳ ආචාර්ය අතුලසිරි සමරකෝන් දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් වූයේ මෙවැන්නකි. ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන ආතති සහ අස්ථාවරතා සහිත සියල්ල ය. ශක්තිමත් ආණ්ඩුවක් පවතින විට ප්‍රජාතන්ත්‍රවාදය මිය යයි, නිහඬ වෙයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආඥාදායක පාලක පංතියේ දරදඬු බලහත්කාරය  රහිත ආණ්ඩුකරණය  සඳහා ඉඩක් ය. මේ ප්‍රතිචාරයෙන් ඉඟි කෙරෙන්නේ පවත්නා ආණ්ඩුව සහ පාර්ලිමේන්තු බලතුලනය ඔහේ පැවතුනාවේ යන්න නම් ඉන් කියවෙන අනිත් කාරණය වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහ ආණ්ඩුකරණයේ පැවැත්මට වඩාත් යෝග්‍ය මේ ආකාරයේ දඩාවතේ යන පාර්ලිමේන්තු-ජනාධිපති ක්‍රමයක් ය යන්න විය යුතුය. එය එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ නාමයෙන් හෝ ඒ වෙනුවෙන් හෝ මේ රටේ ජනයා පවත්නා සහචර, චෞර සහ දඩාවතේ යන පාලන තන්ත්‍රය ඉවසා දරා ගත යුතුය.

එහි තවත් පරස්පරතාවක් ද වෙයි. එනම් පවතින දේශපාලන ආතති, ව්‍යකුලතා, විකෘතිතා සහ අස්ථාවරතා වනාහි පොදු ජනයා විසින් ගොඩනගන ලද ඒවා නොවීම ය. 2015 ජනවාරි 8 දා බිහි වූ නො මේරු, විකෘති සහ ජාතික වශයෙන් අවජාතක පාලන තන්ත්‍රය එදා සිට මේ ලිපිය ලියන මොහොත දක්වාම නිරත වී සිටින නොනිමි අරගලය වී ඇත්තේ තම බලය තහවුරු කරගැනීම සහ ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස වීම පමණක් ම ය.

එසේ නොමැතිව පොදු ජන යහ පැවැත්ම සහ සුබ සාධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, මුලෝපායයන් සැකසීම, වැඩසටහන් සහ ව්‍යාපෘති සැකසීම සහ තීන්දු තීරණ ගැනීම සඳහා අරගලයක නිරත වීම නොවේ. ඒ අනුව මේ පවත්නා අර්බුදය, ව්‍යකුලතාව සහ අස්ථාවරතාව වනාහි තම බලය රැක ගැනීමට සහ තහවුරු කර ගැනීමට දඟලන ජනවාරි පාලක හවුලේ බල අර්බුදයකි. පාලක හවුලේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයකි. එම අර්බුදයේ මාපියෝ ඔවුහු ම ය. එසේ නැතිව මේ අර්බුදය ‘පොදු ජනයා ප්‍රජාතන්ත්‍රවාදය රිසි සේ භුක්ති විඳින නිසා’ ඇතිවූ අර්බුදයක් නොවේ. මා මිත්‍ර අතුල යෝජනා කරන්නේ මෙහම ම යමු කියා ද?

ඛේදාන්තයකින් අවසන් වූ විශ්වාසභංග නාට්‍ය උළෙල දෙසට නැවත හැරෙමු. එහි පාර්ලිමේන්තු විවාදය ඉතා රමණීය ය. විශ්වාසභංග ය ගෙනා සහ ඊට පක්ෂ අය ඉදිරිපත් කරන බැඳුම්කර වංචාවට අදාළ චෝදනාවලට අනික් පසින් එනම් අගමැති පාර්ශ්වයෙන් ලැබෙන්නේ තම නිර්දෝෂී භාවයට අදාළ කරුණු හෝ පැහැදිලි කිරීම් නොව භංගය ගෙනා පාර්ශ්වයේ හොරමැරකම් පිළිබඳ චෝදනාය. ඒ අනුව පාර්ශ්ව දෙකම එකිනෙකාට එරෙහිව “හොරා, හොරා” සහ “මිනීමරුවා, මිනීමරුවා” යනුවෙන් හඬ තැලීම නිසා විවාදය විකාරයක් ම විය. අනෙක් පාර්ශ්වයේ අයෙකුට හොරා මිනීමරුවා කීම සහ පෞද්ගලික තොරතුරු මුල් කරගෙන නින්දා කිරීම හැර පාර්ශ්ව දෙකේ කවරෙකුවත් තමන් අරබයා නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කොට තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙන් කිසිම පැහැදිළි කිරීමක යෙදුණේ නැත.

ඉන් හැඟවෙන්නේ මුළු පාර්ලිමේන්තුවම හොරුන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් පිරී ඉතිරී ඇතැයි කතා නොවේද? රටේ මූල්‍ය විනය, මූල්‍ය ස්ථාවරත්වය, ආර්ථික අර්බුදය, සමාජ සුබසාධනය, දූෂණය, පොදු දේපොළ අවභාවිතාව සහ නීතිය සහ පර්යාය පිළිබඳව කිසිදු විධිමත් සහ පරිණත කතාවක් කළ අයෙකු මේ විවාදය තුළ දක්නට ලැබුණේ නැත. ඉතින් අප ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රැකිය යුත්තේ මැති ඇමතීන් ම කියන හොරුන්ගෙන් සහ මිනීමරුවන්ගෙන්  යුත් මෙවැනි පාර්ලිමේන්තුවක් ද?

නාට්‍ය උළෙල වඩාත් රසවත් වූයේ නිල විපක්ෂය එහි නායකයාගේ මඟ පෙන්වීම යටතේ අගමැති සහ ආණ්ඩුව රැකීමට අපමණ වෙහෙසක් ගත් නිසා ය. තවත් විශේෂ කරුණක් නම් සුළුතර වාර්ගික නායකයන් ප්‍රතිපත්ති හෝ මූලධර්ම රැකීම නොව ආණ්ඩු හෝ පාලකයන් රැකීමේ තීරක බලවේගය බවට පත් වීමය. රැකීම සඳහා ගිවිසගත් කොන්දේසි තවම හෙළිදරව් වී නැත. ඒ කොන්දේසි සහ ඉල්ලීම් පෞද්ගලික ඒවා නම් ගැටලුවක් නැත. එහෙත් ඒවා වාර්ගික හෝ ජාතික කොන්දේසි සහ ඉල්ලීම් නම් ඒවා ඉටු කිරීමට යාමේ දී ඇති විය හැකි අර්බුද සුළුපටු නොවෙනු ඇත.  

මේ සියලු තත්ත්ව යටතේ අප සිතා බැලිය යුත්තේ හොරුන් සහ මිනීමරුවන් නැති පාර්ලිමේන්තුවක් සඳහා රෙජීම නොව ආණ්ඩුවක් පත් කර ගැනීමට සියලු_ සාධක පෙළ ගැස්සවීමය. 75 ඇරඹුණු  සිරිමා-ෆීලික්ස් රෙජීමයත්, 77 ඇරඹුණු ජයවර්ධන රෙජීමයත්, 94 ඇරඹුණු චන්ද්‍රිකා රෙජීමයත්, 2005 ඇරඹුණු රාජපක්ෂ රෙජීමයත්, 2015 ඇරඹුණු මෛත්‍රී-රනිල් ව්‍යාකුල රෙජීමයත් රටට උගන්වා ඇත්තේ රෙජීම වෙනුවට ආණ්ඩු තැනීමේ වැදගත්කම පිළිබඳ පාඩමය.

ඉන් උගත යුතු අනෙක් පාඩම නම් සමස්ත රාජ්‍ය ව්‍යුහයම ඔවුන්ගේ අණසකට සහ පාලනයට යටත් කරන රෙජීම ඇතිවීම වළක්වාලන ප්‍රජාතාන්ත්‍රික නව ජාතික සන්ධානයක් සහ සමාජ ව්‍යුහයක් නිර්මාණය කරගත යුතුය යන්නය. ජනතාව උගත් ඒ පාඩම්වලට උචිත ලෙස කටයුතු කිරීම මහින්ද,  මෛත්‍රී, බැසිල්, සම්පන්දන්, ඉම්තියාස්, අනුර, තිස්ස, ඩිව්, වාසු සහ කුමාර්ලාගේ වගකීමක්ව පවතින බව පමණක් දැනට සඳහන් කරමි.



අදහස් (1)

රෙජීම පාඩම

nilantha Monday, 23 April 2018 09:07 AM

ධම්ම දිසානායක ගේ බළලා මල්ලෙන් එලියට පැනලා. එයට හොඳම උදාහරණය නම් රාජ්‍යය නාට්‍ය උළෙල විශ්වාසභංගයට සමාන කිරීමයි. අගමැතිගේ ගොන්කමට 2015 ජනවාරි ආණ්ඩුව අරන් දින 100කින් UNP ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට රු 10,000 කින් පඩි වැඩි කිරීමට මහ බැංකු බැඳුම්කර වලින් මුදල් හොයපු නිසා සිද්ධිය ඇති වුනාට රනිල් ශතයක් හොරකම් කරලා නෑ. මහින්ද, මෛත්‍රී, බැසිල්, ඉමිතියාස්, අනුර, තිස්ස, ඩිව්, වාසු සහ කුමාර්ලාගේ නව ජාතික සන්ධානයක් නිර්මාණය කරගත යුතු බව පමණක් ඔහු දැනට සඳහන් කරයි. කව්ද හොරා කව්ද මිනීමරුවා?

:       64       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 25 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 21 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 366 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 443 2

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 276 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 10589 3

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 855 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 388 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 542 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site