IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සේවාවල වෙනස

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ අදහස, වරින් වර බලයට පත්වන ආණ්ඩු මතක් කරන එහෙත් ක්‍රියාවේ නොයොදන අංශයකි. පෞද්ගලික යන වචනය ඔස්සේ ජන සමාජයෙහි යම් භීතියක් ඇතිකොට තිබේ. පෞද්ගලික අංශය යනු රජය සතු සම්පත් කොල්ලකන ව්‍යාපාරික කණ්ඩායමක් වශයෙන් ඇතැම්හු සඳහන් කරති.

දේශපාලනඥයන් සිය පටු වාසි තකා ඇති කරන එවැනි දුර්දාන්ත මතවලින් ජන සමාජයට ඇති කරන පීඩනය බරපතළය. ජාතික සහ සමාජ සංවර්ධනයෙහි පෞද්ගලික අංශයේ දායකත්වය ආණ්ඩුවේ ප්‍රතිශතය ඉක්මවන තරමට ප්‍රබල බව දැක්විය යුතුය.

දේපළ අයිතිය, ඒවා මෙහෙයැවීමේ බලය රාජ්‍ය සතු විය යුතුය යන මතය ඉතාම පැරණි එකකි. යල් පැන ගිය වලංගු භාවයක් නැති සාධකයකි. දේපළ අනුන් අතට පත්වන හෙයින් බින්න කසාදය තෝරාගැනීම හා සමානය. ව්‍යවසාය පුළුල්වීම, තරගකාරීත්වය, අලුත් තාක්ෂණය වැනි කිසිම අංශයක් ගැන නොසලකා කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් කරගෙන යෑම රජය පමණක් භාර කළ යුතුය යන කාරණය බරපතළ මිථ්‍යාවකි. පැරණි දේශපාලන මතිමතාන්තරවලින් නෂ්ටාවශේෂ වී ඇති ආර්ථික ප්‍රතිපත්ති විසි එක්වැනි සියවසට කිසිසේත් ගැළපෙන්නේ නැත.

පෞද්ගලීකරණය තෝරා ගැනීමේ තීන්දුව

මෑත කාලයේ පෞද්ගලීකරණ වැඩපිළිවෙළ ඇරඹෙන්නේ 1930 ගණන් වල ජර්මනියේය. පසුව එය බ්‍රිතාන්‍ය, ඇමරිකාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවලට ඇතුළුවිය. රජය යටතේ පවත්වාගෙන ගිය කර්මාන්ත හා ව්‍යාපාර එයට වඩා සාර්ථක හා ගැටලු රහිතව පවත්වාගෙන යන උපායක් වශයෙන් පැවරී තිබේ. 1990 සිට 2003 දක්වා දියුණුවෙමින් පවතින රටවල් 120 ක, ඒවායේ ආණ්ඩු පාලනය කළ ව්‍යාපාර අටදහසකට වැඩි ගණනක් පෞද්ගලීකරණය කර ඇත.

එම ක්‍රියාවලිය මගින් ආණ්ඩු වහාම උපයා ගත් ධනය ඇමරිකානු ඩොලර් බිලියන 410 ක් පමණ වන බව දැක්වේ. ආණ්ඩු හා සමානව පෞද්ගලික අංශය ද මෙහෙයැවෙන ආර්ථිකයක සිදුවන වාසි අවාසි ගැන නොයෙක් පර්‌යේෂණ සිදුකොට ඇත. කිසිම රටක, කිසිම සමාජයක් විනාශයට පත් වූ හේතුවක් නොවේ. ආණ්ඩුවක පාලනයකින් තොරව නිදහසේ ව්‍යාපාර කරගෙන යන්නට හෝ එමගින් ජනතාව තලාපෙළා ධනය කොල්ලකන සමාජ රටාවක් නිර්මාණය වූ බවට සාක්ෂි නැත. 

ආණ්ඩු සහ ඒවායේ ප්‍රධානීන් අත තිබුණ බලය ගිලිහී යෑම පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයකි. තමන් යටතේ ඇති ආයතන සීමා පසු වගකිවයුතු තනතුරුවලට පත්වන පුද්ගලයන්ට හිමි වරප්‍රසාද අඩුවන අතර ආයතන රජයේ තබාගැනීම විශාල වාසියක් සේ සමාජයට හඳුන්වන්නට උත්සුක වෙති. එයින් සිදුවන හානියට වන්දි ගෙවන්නෝ සාමාන්‍ය පාරිභෝගිකයෝය.

තරඟකාරී, උසස් සේවා පහසුකම් ලබාගැනීමේ වාසිය අහිමි වේ. සාම්ප්‍රදායික ක්‍රමවේද අඛණ්ඩව කරගෙන යාම හේතුවෙන් අකාර්යක්ෂමතාව වර්ධනය වන අතර අලුත් ආයෝජනයක් සිදුනොවේ. නිසි ව්‍යාපාර ප්‍රතිපත්ති අනුගමනය නොකරන නමුත් සමාජයට ලබාදිය යුතු සහන පදනම් කරගෙන අඩු මිලට සපයන අතර එහි දී සිදුවන පාඩුව ආර්ථික හානි ඇති කරයි. 

ඇතැම් ක්ෂේත්‍ර රජයට පමණක් අයිතිකරගැනීම තවත් අවාසියකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතු සමාන අවස්ථා අහිමිවේ. රජයකට එක ආකාරයකට පාඩු පිට හා බදු රහිතව ව්‍යාපාර කරගෙන යන්නටත්, පෞද්ගලික අංශයට එවැනි වාසි රහිත ව්‍යාපාර පසුබිමකට බලකිරීමත් යුක්ති සහගත නැත.

අධ්‍යාපනය හා සෞඛ්‍ය අභිබවන රාජ්‍ය ආයතන පාඩු

රජයට අයත් කර්මාන්ත හා ව්‍යාපාර ගණන 527 ක් බව දැක්වේ. 2019 වාර්තා අනුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවලට කරන ලද රජයේ වියදම ඉක්මවන තරම් විශාල පාඩුවක් රාජ්‍ය ආයතන වලින් සිදුවී තිබේ. මතු පිටින් පෙනෙන තත්ත්වය එවැනි නමුත් ආර්ථිකයක ස්වභාවය ගැඹුරින් සලකන පසු මෙම ආයතනවල අලාභ රටට ඇති කරන පීඩනය එයට වඩා විශාලය. අන්තර් ආයතන ණයගැතිභාවයක් ඇත.

විදුලිය බල මණ්ඩලය තෙල් මිල දී ගැනීමේ බිල තෙල් සංස්ථාවට ගෙවා නැත. විදුලිය බල මණ්ඩලය පමණක් නොව, ලංගම, දුම්රිය, ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඇතුළු ආයතන ගණනාවක් ඛනිජ තෙල් මිල දී ගත් මුදල් තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබේ. ජල සම්පත් මණ්ඩලය මෙම ආයතන දෙකටම ණය ගෙවිය යුතුය. සියලුම රාජ්‍ය ආයතන එකිනෙකාට ණය වී ඇති අතර අලාභ හෙයින් පියැවිය නොහැකි මෙම ණය ගෙවන සේ මහා භාණ්ඩාගාරයෙන් ආයාචනා කරමින් සිටී. රජයේ ආදායමෙන් සියයට අසූවක් වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්නට වැය කළ යුතු පසුබිමක රජයේ ආදායම ප්‍රමාණවත් නැත.

මතු පියවන තෙක් රජයේ බැංකුවලින් තාවකාලික ණය ලබා ගෙන ඇත. රජයේ ආයතන රජයේ බැංකුවලට දිනපතා මිලියන ගණනින් ණය අයිරාවලට පොලිය ගෙවයි. රජයේ ආයතන ණය ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේ වාණිජ බැංකුවල සංචිත ඒවාට යෙදවෙන අතර අලුත් කර්මාන්ත හා ආයෝජන සඳහා ණය නිකුත් කරන ක්‍රියාවලියට අවහිර ඇතිවේ. 

අධ්‍යයන වාර්තා දක්වන පරිදි රජයේ ආයතනවල වැටුප් හා ශ්‍රම පිරිවැය පෞද්ගලික අංශයට වඩා සියයට හැත්තෑවකින් ඉහළය. පෞද්ගලික අංශයේ දෙදෙනකු කරන සේවයට රජයේ ආයතනයක හතර පස් දෙනකු යෙදවෙන බව දැක්වේ. එම පිරිවැය, බැංකු පොලිය, ඇතුළු සියලු නාස්තිකාර වියදම් ජනතාව ගෙවන බිල්පත්වලට ඇතුළත්ය.

තෙල් සංස්ථාව ජාතික සම්පතක් නමුත් ලෝකයේ ඕනෑම රටකට වඩා වැඩි මිලක් තෙල් වලට ගෙවන්නට සිදුවී තිබේ. විදුලිය විකුණන්නට එපා යැයි බල කරන වෘත්තීය සමිති ඔවුන්ගේ හා ඔවුන් ඇති කරන ලද අලාභවල පොලිය ද විදුලිය බිලට එකතු කර ඇත. පොදු මහජනතාවට මෙම ඇතුලාන්තය හෙළි නොකෙරේ. පෞද්ගලීකරණය කළහොත් රැකියා අහිමිවන අතර රටේ සම්පත් විකුණන බවක් අඟවා මහත් භීතියක් ඇති කරවයි.

තරගයක් තිබුණොත් ජන ජීවිතය සුරක්ෂිතය

ආණ්ඩුවේ දුරකථන සැපයුම පමණක් ඒකාධිකාරයක්ව තිබුණ කාලය අලුත් පරම්පරාවට මතක නැත. එවකට දුරකතන සම්බන්ධතාවක් ගැනීම මහත් දුෂ්කර ක්‍රියාවකි. වරප්‍රසාදලත් පිරිස්, දේශපාලන හැඳුනුම්කම අනුව දුරකථන පහසුව ලබාගත්හ. ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කරන අතර ජංගම දුරකථනවලට ඉඩ දීමෙන් පසු දැනට ඇති ව්‍යුහයෙන් ප්‍රයෝජන ලබන්නෝ පාරිභෝගිකයෝය.

රක්ෂණ සංස්ථාව පමණක් තිබුණ කාලයේ වාහන අනතුරක දී අත් විඳින ලද හිරිහැරය බලවත්ය. දැන් රක්ෂණ සමාගම් තරඟයට වරප්‍රසාද පිරිනමයි. සතොස හෝ සමුපකාරය පමණක් තිබුණ කාලයට වඩා දැන් ඇති සුපිරි වෙළඳසැල් සමග අලුත් පහසුවක් ඇත. තෙල් බෙදාහැරීම සංස්ථාව පමණක් අයිතිකරගෙන සිටියේ නම් ශ්‍රී ලංකාව තවමත් තෙල් පෝලිම්වලය. කොපමණ විවේචන මැද නමුත් පෞද්ගලික බස් සේවාව වාසියකි. පෞද්ගලික රෝහල් පවා අප්‍රමාණ සේවයක් සපයයි. පෞද්ගලික පාසල්, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන ලද පරිවර්තනය ද සැලකිය යුතුය.

රටට අවශ්‍ය නියම කරන මිලට විදුලිය ලබාගත යුතු ක්‍රමයක් නොවේ. පාරිභෝගිකයන්ට තෝරා ගත හැකි පරිදි අවස්ථා ඇති බලශක්ති සම්පාදනයකි. ලෝකයේ ඇතැම් රටවල සමාගම් කිහිපයක් එකම රැහැන් පද්ධතිය ඔස්සේ විදුලිය බෙදන අතර පාරිභෝගිකයන්ට තමන් කැමැති සමාගමක විදුලිය මිල දී ගත හැක. ගෑස් සපයන්නේ එවැනි ක්‍රමයකටය. ඉන්ධන සැපයුම සඳහා සැපයුම්කරුවන් කිහිප දෙනකු සිටින රටක ජනතාව තෝරාගන්නේ තමන්ට වාසිදායක මිලට තෙල් බෙදාහරින ස්ථානයකි. ශ්‍රී ලංකාව එවැනි පරිවර්තනීය සමාජයකට ඇතුළුවිය යුතුය. 

විදුලිය සැපයුමක් ගන්නට කල් බලා සිටින්නට සිදුවන, විශාල තැන්පත් ගාස්තු අය කරන අක්‍රමවත් ක්‍රම වෙනුවට සැපයුම්කාර ජාල ඇති රටක ජන ජීවිතය පහසු එකකි. ආයතනවල බලය සහ වරප්‍රසාද ආරක්ෂා කරගෙන සිටින දේශපාලනඥයන්, වෘත්තීය සමිති මෙම කැමැත්තට ඉඩ දෙන්නට සූදානම් නැත. පෞද්ගලීකරණයෙන් මහත් විනාශයක් කරන අතර රජයේ සම්පත් හිතවතුන්ට විකුණන බවට ආන්දෝලනයක් ඇති කරමින් සිටිති.

ඇත්ත හෙළිදරව් නොකරන ක්‍රමයක විපත

ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයකය. ක්‍රමයෙහි වෙස්කම් කළ යුතුව ඇත. අරගල කරන ලද ජනී ජනයා සිස්ටම් චේන්ජ් කරන සේ ඉල්ලා සිටියහ. ක්‍රමය වෙනස් කිරීම යනු පාලකයා ගේ මුහුණ වෙනස් කිරීම නොවේ. ජනතාවට දැනෙන පරිදි වෙනසක් ඇති කිරීමය. ආණ්ඩුවකට කළ නොහැකි නම් එය කළ හැකි පිරිසකට කරනන්ටඉඩ දිය යුතුය. නිදහසට පසු බලයට පත් ආණ්ඩු සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී හා පසුව ලිබරල් ආර්ථික ක්‍රම හඳුන්වා දුන්හ.

මානුෂිකකරණය, යහපාලනය සහ වියතුන් සහභාගීකරගැනීම යන ඕනෑම ක්‍රමයකින් අත්පත් වූ යහපතක් නැත. අලුත්ම වාර්තා දක්වන පරිදි මෙම වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ දහයකින් පහත වැටෙනු ඇත. මුලින් දක්වන ලද සියයට හතක ආර්ථිකය බිඳ වැටීම තවත් දරුණු වී තිබේ. 2012 දී ආර්ථිකයෙන් සියයට 6.5 ක් රාජ්‍ය ආයතන වලින් විනාශ කරන ලද අතර 2020 වන විට එය සියයට 9 දක්වා වැඩි වී ඇති බව ආර්ථික පර්‌යේෂකයෝ පෙන්වා දෙති. මෙම විනාශය ආවරණය කිරීම සඳහා අධික බදු ජනතාව වෙත පටවා ඇති අතර දැනට ආණ්ඩුව අය කරන බදුවලින් සියයට අසූවක් වක්‍ර බදු බව සඳහන් කළ යුතුව තිබේ.

තමන් බදු ගෙවන බව නොදන්නා ජනතාව එම බදුවලින් රජයේ ආයතන නඩත්තු කරන අතර ඒවා මහා ජාතික සම්පත් සේ හුවා දක්වති. 2008 සිට 2020 දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා පමණක් මහජනතාවගේ බදුවලින් ගෙවන ලද පාඩුව රුපියල් බිලියන 302 කි. මෙම ධනය ඉතිරි කරගත්තේ නම් රටට ලැබෙන වාසිය කොපමණ ද? කිසිම දවසක ගුවන් යානයක ගමන් කර නැති ජනතාව පවා ජාතික ගුවන් සේවය නඩත්තු කිරීම සඳහා වන්දි ගෙවති. අලාභ, අකාර්යක්ෂමතාව අනෙක් ආයතන වල අභ්‍යන්තරය ද එයට නොවෙනස්ය.

රජයට අයත් කර්මාන්ත, ව්‍යාපාර හෝ සේවා අංශවල පාඩු ගණනය කිරිමේ දී දූෂණ, වංචා, නාස්තිය සහ තවත් අංශ එකතු වී ඇත. පෞද්ගලික අංශයෙහි මෙම වැරැදි නැති බව නොඇඟවේ. එහෙත් එම ආයතන පාඩු ජනතාව මත නොපටවන තරඟකාරී ක්‍රමයක පවත්වාගෙන යයි. වියදම් අඩු කෙරේ. නාස්තිය කපා හැරේ. අනවශ්‍ය සේවක පිරිස් බඳවා ගන්නේ නැත. තාක්ෂණය උපයෝගී කරගනී. ඒවායෙන් ලැබෙන පිටිවහල සමාජයට වැඩදායකය.

අලුත් පියවරකට ශ්‍රී ලංකාව අවතීර්ණ විය යුතුය. පෞද්ගලීකරණය වේගයෙන් ක්‍රියාවට නැංවිය යුතුව තිබේ. ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම යන මිථ්‍යාවෙන් ගැලවිය යුතු අතර ජනතා හඬ මතු කරගැනීමට අවශ්‍යය. ආයතන පැවැරීමෙන් පසු ලැබෙන ආදායම, ඒවා පෞද්ගලික අංශයට පැවැරීමෙන් පසු අයකරගත හැකි බදු හා අනෙක් ආදායම් ජාතික අයවැයට එකතු කර ගත හැකිය. අතිරේක ආදායම ලැබෙන රටට මහජන සුබසාධනය සඳහා වැය කළ හැකිවේ. අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ පොදු ප්‍රවාහනය සඳහා ධනය වැය කළ හැකි සංවර්ධිත රටක් බවට පත්වන අවස්ථාව තිබේ.

සාරා කන්දෙගොඩ

(***)



අදහස් (1)

රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සේවාවල වෙනස

Binuli nihinsa Monday, 19 June 2023 06:32 AM

මේ ලිපිය ලියූ පුද්ගලයා සම්බන්ධව ස්තූතිය පුදකළ යුතුයි. හැකිනම් මා හට ඔහුව සම්බන්ධ කර දෙන්න.. කරුණාකර.. අනෙක් කරුණ නම්, ඉහත ලිපියේ සඳහන් අධ්‍යයන වාර්තා, 2019 රාජ්‍ය වාර්තා මා හට ලබාගැනීමට නොහැකිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1627 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10174 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 496 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 875 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 919 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 475 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site