ජාතික වැදගත්කමත් ප්‍රමුඛත්වයත් දී රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට වහාම යා යුතු බව පසුගියදා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සඳහන් වී තිබිණි. එය එසේම සිදුවීම රටේ ආර්ථිකයට යහපතක් මිස අයහපතක් නොවේ. පාඩු ලබන රාජ්‍ය ආයතන රටට මහා බරක් වී තිබීම එයට හේතුවය.
කාලයක් තිස්සේ පවතින එහෙත් බොහොමයක් දේශපාලන බලධාරීන් කතා කිරීමට අකැමැති විෂයක් යටතට පාඩු ලබන රාජ්‍ය ආයතන ද වැටෙයි. 400කට වඩා ක්‍රියාත්මක රාජ්‍ය ආයතනවලින් ලාබයක් පෙන්වා ඇති ආයතන සංඛ්‍යාව 55කට වඩා අඩු බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි වී තිබේ. එපමණක් නොව මෙම 400කට අධික රාජ්‍ය ආයතනවල සම්පූර්ණ ලැයිස්තුවක් ලබා ගැනීම පවා දුෂ්කර කාර්යයක් බව ද සඳහන් වෙයි. එයට ලොකුම හේතුව පාඩු ලබන ආයතන වශයෙන් ලැයිස්තු ගතවීමට එම ආයතන පාලනය භාරව ක්‍රියාකරන නිලධාරීන් දක්වන අකැමැත්ත විය හැකිය. එහෙත් රටේ ආර්ථිකයට මේ ආයතන මගින් සිදුව ඇති හානියේ තරම සලකා බලන විට එම ආයතන තවදුරටත් සැඟවී සිටීම බරපතළ අසාධාරණයකි.
රටේ ආර්ථික දේහයට වැළඳී ඇති අට අනූවක් රෝගවලට පාඩු ලබන රාජ්‍ය ආයතන ලොකුම හේතුවකි. එහෙත් මේ ආයතනවල රාජකාරි කරන සියලු නිලධාරීන් මේ තත්ත්වයට වගකිවයුතු යැයි අපි නොකියමු. බොහෝවිට පාඩු ලැබීමට හේතුව එම ආයතනවල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ගනු ලබන අමනෝඥ තීන්දු තීරණය. එම තීරණවල පිටුපසින් දේශපාලන අතපෙවීම් තිබෙන බව කිවයුතු නැත. මේ රාජ්‍ය ආයතන පාලනයට ඒ ඒ විෂය භාර අමාත්‍යවරුන්ගේ සමීප ඥාතීන්, ගජ මිතුරන් යෙදවීම මහ පොදු සාධකයකි.
මේ ඥාතීන් සහ ගජ මිතුරන් එක් වී ආයතනයේ සාරය උරා බී හපකර දැමූවිට එම ආයතන පාඩු ලබන තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. ඒවා රැකියා ලබාදෙන මධ්‍යස්ථාන බවට පත්කර ගැනීම නිසා සේවක අතිරික්තයක් පවතින අවස්ථා තිබේ. මේ හේතූ නිසා බලයට පත්වෙන කිසිම රජයක් පාඩු ලබන රාජ්‍ය ආයතනවලට අත තැබීමට කැමැති වන්නේ නැත. ඒවා ලාබ ලබන තත්ත්වයට පත් කිරීමට අවංක උත්සාහයක් ගන්නේ ද නැත.
2020 වසර වනවිට රාජ්‍ය ආයතන ණය වී ඇති ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.3කට වඩා අධික බව ද සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී තිබේ. 2019 වසරේදී එම ප්‍රමාණය දළ වශයෙන් ට්‍රිලියන 1.1ක් වශයෙන්ද දක්වා තිබේ. එයින් පෙන්වන්නේ රාජ්‍ය ආයතන ලබන පාඩුව වාර්ෂිකව වැඩිවෙමින් පවතින බවය. එයට ලබා දිය යුත්තේ ප්‍රායෝගික විසඳුමක් මිස න්‍යායාත්මක විසඳුමක් නොවේ. එසේ නොවනතාක් මේ ණයට සහ පාඩුවට කර ගැසීමට සිදුවන්නේ රටේ මහජනතාවටය. ඇමැතිවරුන්වත් මන්ත්‍රීවරුවත් මේ බරට කර ගහන්නේ නැත.
ඇතැම් ආයතන ලබන පාඩුවට හේතුව අකාර්යක්ෂම පාලනය සහ දේශපාලන වුවමනා එපාකම් මත ගනු ලබන තීන්දු තීරණ වුවත් සමහර ආයතන පාඩු ලබන්නේ ඒවා අත්‍යාවශ්‍ය සේවා සැපයුම්කරුවන් වීම හේතුවෙනි. ලංකා විදුලිබල මණ්ඩලය එයට හොඳ උදාහරණයකි. 2018 වසරේ දී රුපියල් බිලියන 31.9ක පාඩුවක් ලැබූ ලංවිම 2019 දී බිලියන 85.4ක්ද 2020දී බිලියන 62ක්ද පාඩු ලබා තිබිණි. තෙල් සංස්ථාව ද මේ ආකාරයටම පාඩු ලබා තිබේ. එහෙත් මේ ආයතන දෙකම රටේ අත්‍යාවශ්‍ය ආයතන වෙයි. ලංවිම බලාගාරවලට ණයට තෙල් සැපයීම තෙල් සංස්ථාවේ පාඩුවට එක් හේතුවකි. එහෙත් මේ ගැටලුවට පහසු විසඳුමක් නැත.
එහෙත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ආයතනය කඩා වැටුණේ අකාර්යක්ෂම සහ දූෂිත පාලනය හේතුවෙනි. එහි පාලනය නුසුදුසු පුද්ගලයන් අතට පත්වීම දූෂණ ක්‍රියාවලට සහ අකාර්යක්ෂම බවට මග පෑදුවේය. එය කොතරම් කඩා වැටුණු ආයතනයක්දැයි කිවහොත් එය ප්‍රතිව්‍යුහගත කිරීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ විය. ඒ සඳහා හවුල්කරුවකු සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.
රාජ්‍ය ආයතන මුහුණ දී සිටින මේ කනගාටුදායක තත්ත්වය කෝප් කමිටුව මගින්ද රජයේ විගණකාධිපති විසින් ද වරින්වර පෙන්වා දෙනු ලැබීය. එම ආයතන තුළ පැවැති වංචා, දූෂණ, අකාර්යක්ෂම පාලනය සහ නොසැලකිලිමත්කම එහිදී ඉස්මතු කෙරිණි. එහෙත් එම ආයතන නිවැරදි ලෙස කළමනාකරණය කර ගනිමින් ලාබ ලබන ආයතන බවට පත්කර ගැනීමට කාගේවත් උනන්දුවක් නැත. මේ ඇතැම් ආයතන ලාබ පෙන්වා ඇත්තේ ඒවා විසින් ලබා ගන්නා ලද ණය පහසුකම්වල වාරිකය මහා භාණ්ඩාගාරය විසින් ගෙවමින් තිබිය දී වීම තවත් විහිළුවකි.
දේශපාලන පත්වීම්, දුර්වල පාලනය, වෙළෙඳපොළට අවශ්‍ය පරිදි තරගකාරී ව්‍යාපාරවල නොයෙදීම හේතුවෙන් පීඩා විඳින රාජ්‍ය ආයතනවලට ලබාදිය යුතු එකම බූස්ටරය වශයෙන් පෙනී යන්නේ ඒවා ව්‍යුහාත්මක වෙනස්කම්වලට භාජන කර ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම පමණක්ය. දරුණු අගාධයකට වැටී සිටියදීත් පාඩු ලබන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන බරද දරා ගැනීමට රටේ ආර්ථිකයට තවදුරටත් හැකියාවක් නැත. මේ තීන්දුව ගැනීම ප්‍රමාද කිරීම ආර්ථිකය තවදුරටත් අමාරුවේ දැමීමක් පමණි.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ආයතනවල පාඩු ජනතාව පිට පැටවීම හරිද?
Hashan Sachinthana Friday, 07 January 2022 02:23 PM
2022 අනාත වෙයිද ?
Eranga perera Friday, 07 January 2022 02:31 PM
මිනිස්සුන්ට මොකද වෙන්නේ?