සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අසමත්ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකින් තොරව කැලෑවට යටවී විනාශවී යාම පමණි. එය මහජන මුදල් අපතේ යැවීමකි.
මෙවැනි ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට ලැබී ඇතැයි එම කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. මාන්නප්පෙරුම මහතාට අනුව එසේ අතහැර දමන ලද ගොඩනැගිලි සංඛ්‍යාව දහසකට අධිකය. වටිනාකම කෝටි ප්‍රකෝටි ගණනකි. එවැනි ගොඩනැගිලි රටපුරා විසිරී තිබෙන බවද ඒ පිළිබඳ තෝම්බුවක් සකස් කර හැකි පමණින් ඒවා ප්‍රයෝජයට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මාන්නප්පෙරුම මහතා කළ ප්‍රකාශයේ සඳහන් විය.
එය වටිනා අදහසක් බව කිව යුතුය. එහෙත් එම වටිනාකම රැඳෙන්නේ එකී අදහස ක්‍රියාවේ යෙදවුවොත් පමණි. මන්ත්‍රීවරයා නිරීක්ෂණ චාරිකාවක යෙදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් පමණින් සියල්ල ඉටුවන්නේ නැත. ඒ සඳහා පසු විපරමක් ද අවශ්‍ය මුදල් සම්පාදනයද සිදුවිය යුතුය. එසේම මෙසේ නිසි සැලැස්මකින් තොරව ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කළ දේශපාලනඥයන්ගෙන්ද කරුණු විමසීම වැදගත් බව අපි සිතමු. එයින් මෙවැනි නාස්තිකාර ඉදිකිරීම් සඳහා මහජන මුදල් අවභාවිත කිරීම අනාගතයේ දී හෝ වැළැක්වීමට හේතුවනු ඇත.
අපිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් කැලෑ වැදුණු ගොඩනැගිලි නිරීක්ෂණය ආරම්භ කර තිබුණේ පොලොන්නරුව නව නගරයේ ඉදිකර ඇති සුවිශාල කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයෙනි. අඩුම තරමින් ආරම්භයක් වශයෙන් එම ගොඩනැගිල්ල හෝ හැකි ඉක්මනින් භාවිතයට ගැනීමට අදාළ නිලධාරීන් ක්‍රියා කරන්නේ නම් මෙය අදාළ ආංශික කාරක සභාවේ ඵලදායි ක්‍රියාවක් බවට පත්වනු ඇත. එය කෙසේ හෝ ක්‍රියාත්මක කරවා ගැනීම එම කාරක සභා සභාපති මන්ත්‍රීවරයාගේ ද වගකීමකි.
මෙහි දී ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම ද වැදගත් බවක් පෙන්වා දිය යුතුය. ප්‍රකෝටි ගණන් වන අති විශාල මුදලක් වැය කරමින් ඉදි කරන ලද ගොඩනැගිලි කැලෑ වැදී තිබේ නම් එම ඉදිකිරීම් සැලසුම් කිරීමේ පටන්ම බරපතළ අඩුපාඩු සිදුවී ඇතැයි තේරුම් ගැනීම දුෂ්කර නොවේ. ඉදිකිරීම් සම්බන්ධව අලුතින් නීති හඳුන්වා දී ඇති නමුත් රජය මගින් ඉදිකරන ගොඩනැගිලිවලට අදාළ වනසේ වෙනම නීති පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාව මේ සමස්ත සිද්ධියෙන් රටට පණිවුඩයක් ලබාදී තිබේ.
මේ ආකාරයේ නාස්තිකාර ගොඩනැගිලි ඉදි කෙරෙන්නේ එක් එක් දේශපාලනඥයාගේ පෞද්ගලික දේශපාලන අභිමථාර්ථයක් ඉටුකර ගැනීම සඳහා බව ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි. කෙසේ වුව ද මේ ඉදිකිරීම් සියල්ල අනවශ්‍ය වියදම් යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් එක් එක් දේශපාලනඥයාට අවශ්‍ය ආකාරයට ර ඒ ඒ ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම හැකිතාක් අධෛර්යවත් කළ යුතුය. රජයට අයත් ගොඩනැගිලි ඉදිවිය යුත්තේ ඒ පිළිබඳව රටටම අදාළ වන සේ පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ විය යුතුය.අනෙක් අතට ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයකට අනුව විය යුතුය.දේශපාලක හිතුමතයට සහ ප්‍රතිපත්තියකින් තොරව ඉදිවෙන මෙවැනි ආකාරයේ නාස්තිකාර ඉදිකිරීම් නැවැත්වීමට ජාතික නීති ප්‍රතිපත්තියක් අවශ්‍යවන්නේ මේ නිසාය.
ලොවේ බොහොමයක් දියුණු රටවල රජයට අයත් ගොඩනැගිලි හිතුමතේ ඉදිකිරීමට නීතියෙන්ම ඉඩක් නැත. ඒ සඳහා මොනම ආණ්ඩුවක් බලයට පත් වුවද වෙනස් නොවන සෘජු ප්‍රතිපත්තියක් තිබේ. අපේ රටද මේ සම්බන්ධයෙන් අලුතෙන් සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. බලයට පත්වන ආණ්ඩුවල නායකයන්ට ඕනෑ පරිදි ඕනෑම ඉදිකිරීමක් කිරීමට තිබෙන ඉඩකඩ වැළැක්වීමට නීති පැනවිය හැකිනම් කැලෑවට යටවන ගොඩනැගිලිද නවතිනු ඇත.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ