IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකට කැමති වුණත් මිල අඩුකරපු එක මට ප්‍රශ්නයක්

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් රජයටත්, තම අමාත්‍යංශයටත්,   අමාත්‍යංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගමටත් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට ජනතාවට ගෙවන්නට සිදු වූ රුපියල් 2570ක මිල රුපියල් 1321 දක්වා පහත දැමීමට වත්මන් රජය කටයුතු කළ බව ද, මෑතකදී එය රුපියල් 1431 දක්වා වැඩි වීමට බලපෑවේ සවුදි ඇරම්කෝ මිල දර්ශකයේ මිල ඇමරිකානු ඩොලර් 288 සිට 578 දක්වා ඉහළ යෑම බව ද, සවුදි ඇරම්කෝ මිල සියයට සියයකින් වැඩි වුවද ඒ බර පාරිභෝගිකයා මත පටවා නැතැයි ද ඇමැති කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා එලෙස සඳහන් කළේ ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරය ලබා දීමේදී සිදුවූ අක්‍රමිකතා වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේදී අද  (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා මෙසේද පැවසීය.

‘මෙම ගෑස් ටෙන්ඩරය පිරිනමද්දී අසාධාරණයක් වූ බවට මාධ්‍ය මගින් කියන ඕමාන් ට්‍රේඩිං සමාගමට එම ටෙන්ඩරයට පිවිසීමට ඉඩකඩක් තිබුණේ නෑ. ලිට්‍රෝ ගෑස් සමාගමට 2012 - -2015 වර්ෂවල ගෑස් සැපයීමේදී නිසි ප්‍රමිතියට කටයුතු කර නොතිබුණු නිසා එම සමාගම අසාදු ලේඛණයට ඇතුළත් කර තිබුණා. 2012  සිට 2015 මුල දක්වා කාල වකවානුවේ මෙරටට ගෑස් සැපයූ එම සමාගම ගුණාත්මක තත්ත්වයෙන් බාල ගෑස් මෙරට ගෑස් පාරිභෝගිකයාට ලබා දීම සහ නිසි කලට ගෑස් සැපයීමට අපහොසත් වීම ආදිය ජාත්‍යන්තර විගණන සමාගමකින් නිරීක්ෂණය කර තිබුණා. පැවැති මිලට වඩා මිල ගණන් ගෙවා ටෙන්ඩර් පටිපාටියෙන් තොරව එම ආයතනයෙන් සේවා ලබා ගැනීම කර ඇති බවට වූ කරුණු පදනම් කරගෙන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් පවා සිදු කරනවා.

නමුත් ඕමාන් රජයේ තෙල් සහ ගෑස් අමාත්‍ය මොහොමඩ් බින් හමාඩ් අල් රූමි සුල්තාන්වරයා මා වෙත කරුණු දක්වමින් දැන් එම සමාගම පූර්ණ වශයෙන් ඕමාන් රජය සතු ආයතනයක් බැවින් ප්‍රසම්පාදන කමිටුවකට යොමු නොකර රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස ගෑස් ලබා දීමේ ගිවිසුමකට එළඹීමට ආරාධනා කළා. ලිට්‍රෝ සමාගමේ එවකට සභාපතිවරයා සමඟ මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟත් සාකච්ඡා කර අපි නැවතත් එම සමාගමට ගෑස් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දුන්නා. රාජ්‍යයන් දෙකක් අතර ගනුදෙනුවක් ලෙස එය සිදුකරන්න ඔවුන්ගේ මිල ගණන් ඉල්ලා සිටියා. එහිදී ඔවුන් මෙට්‍රික් ටොන් එකකට ප්‍රවාහන ගාස්තු ලෙස ඩොලර් 65ක් මිලක් ලබා දුන්නා. ඒ වෙනකොටත් ලිට්‍රෝ සමාගම ඒ වෙනුවෙන් වැයකරමින් සිටියේ ඩොලර් 58.01යි. එනිසා අපි ද්වීපාර්ශ්වික ගනුදෙනුව පැත්තකට දාලා නිශ්චිත ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට පැවරුවා.

ටෙන්ඩර් පටිපාටිය අනුව ක්‍රියාත්මක වෙද්දී ටෙන්ඩරය සම්බන්ධයෙන් වන කරුණු මා අතට එන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද තාක්ෂ‚ක ඇගයීම් කමිටුවේ නිර්දේශත්, කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිගමනත් අමාත්‍යංශයට යොමු කිරීමෙන් පසුවයි. ඔවුන්ගේ නිගමනවලට එකඟව කැබිනට් අනුමැතිය සඳහා සකස් කරන ලද පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන අවස්ථාවේදීයි මට එය ලැඛෙන්නේ. එතෙක් ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් මැදිහත්වීම තියා කරුණු විමසීමටවත් අවස්ථාවක් නැහැ.

යම් අසාධාරණයක් වී ඇත්නම් ජනාධිපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන කැබිනට් ප්‍රසම්පාදන අභියාචනා කමිටුවට කරුණු ඉදිරිපත් කරන ලෙස අනෙකුත් සමාගම්වලට කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට පෙර අමාත්‍යංශ ලේකම්වරයා දන්වා යවනවා. සතියක් ඇතුළත කරුණු දක්වන්න කියා කාලයක් ලබා දීලා තිබුණා. නමුත් ලබා දුන් කාලයේ කිසිදු විරෝධතාවක් ලැබුණේ නෑ. කැබිනට් ප්‍රසම්පාදන කමිටුවේ නිගමනවලට සහ තාක්ෂණ කමිටුවේ ඇගයීම්වලට අනුව ෂෙල් සමාගමට ගෑස් ටෙන්ඩරය ලබා දීම සුදුසු බවට නම් කර කැබිනට් පත්‍රිකාව සකස් කළේ දින 10කට විතර පස්සේ.

ඕටීඅයි සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට යන්න උත්සාහයක් තිබුණත් ඒ උත්සාහය අසාර්ථක වුණේ ඔවුන්ගේ මිල ගණන් නිසයි. ඒ උත්සාහය නිසා ටෙන්ඩරේට යන්නත් ප්‍රමාධ වුණා. කෙටිකාලීන ගෑස් ගැනීමේ ටෙන්ඩරය නිසා ආයතනයට පාඩුවක් වූ බවට මාධ්‍ය කළ චෝදනාව වැරදියි.  ආයතනය මේ කාලයේ මුදල් වැඩියෙන් ගෙව්වේ නෑ. මුදල් ඉතුරු කර ගත්තා. ගෑස් සැපයුම්කරු තෝරා ගන්නේ ගෑස් මිල ගණන් මතම නොවෙයි. අපි සාකච්ඡා කරන්නේ ප්‍රවාහන ගාස්තු අනුවයි. නැව්වල ධාරිතාවය, නැව්වල ප්‍රමාණය, නැව් ප්‍රමානය ආදී තාක්ෂ‚ කරුණු රැසක් ගැන තාක්ෂණ ඇගැයුම් කමිටුවලදී ඇගයීමට ලක් කරනවා.

ඕටීඅයි සමාගම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකට එන්න කැමතියි කියලා ඇමැතිවරයා කියද්දී ඩොලර් 65කට මිල ගණන් එව්වා. ඒ මිලගණන්වලට අපිට යන්න බෑ කියද්දි ඕටීඅයි සමාගම ටෙන්ඩරයේදී ඩොලර් 48කට අඩු කරලා දාන එක මට ප්‍රශ්නයක්. රාජ්‍ය තාන්ත්‍රිකව ඉල්ලීමක් කරද්දී ඒ අවස්ථාවේ අඩු කරලම දාන්න තිබ්බා. මේකෙදි මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද කියන එක මට හරි කුතුහලයක්.

ටෙන්ඩර් සම්බන්ධයෙන් ඇතැම් මාධය කළ චෝදනා වැරදි මූලාශ්‍ර සහ වැරදි දත්ත පදනම් කර ගනිමින් කළ චෝදනා. 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ ගෑස් මෙට්‍රික්ටොන් එකකට ප්‍රවාහන ගාස්තු ලෙස ඩොලර් 140ට එකඟ වෙලා තිබුණේ. අද අපි අත්සන් කරලා තියෙන්නේ 47.50යි. මුලින්ම 2015 අපි බලයට ඇවිත් එය ඩොලර් 105.75ට අඩු කරනවා. 2016 එය ඩොලර් 58කට අඩු කරනවා. මේ වසරේ අපි ඩොලර් 47.50ට අඩු කළා. මෙය අඩු කිරීම වරදක්ද කියලයි මම සමාජයෙන් අහන්නේ. ‘‘ යැයි ද ඇමැතිවරයා පැවසීය.

මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

ප්‍රශ්නය - ඕමාන් සමාගම රජයන් දෙකක් අතර ගනුදෙනුවෙදි ඩොලර් 65ක් ඉදිරිපත් කරලා ටෙන්ඩරයෙදි ඩොලර් 48ක් ඉදිරිපත් කිරීම ගැන ඔබ කුතුහලයට පත්වුණ බව කිව්වා. ෂෙල් එක 48ට දෙන්න පුළුවන් කියලා ටෙන්ඩරේදි කියලා හදිසි මිලදී ගැනීමෙදි 57ට දීම ගැන ඔබ පුදුම වුණේ නැද්ද?

පිළිතුර -  ෂෙල් ගෑස් 2016 අත්සන් කළ ගිවිසුම අනුව එයාලගේ සැපයුම් මිල ඩොලර් 58යි. අලූත් ගිවිසුම අත්සන් කරලා තිබුණේ නෑ. ප්‍රසම්පාදන ක්‍රමයට යන ප්‍රමාදය නිසා හදිසි මිලදී ගැනීමට යන්න වෙනවා. ඒ වෙනකොට ෂෙල් එකේ වලංගු මිල 58යි. ඒත් කළමනාකරණය කතා කලා 57ට ගත්තා. ඔවුන් ටෙන්ඩරයට ඉදිරිපත් කළ ගණන දැනගත් පසුව දෙවැනි වර හදිසි මිලදී ගැනීම තර්ක කරලා 47.50ට ගත්තා. මම ඇමැතිවරයා ලෙස මේකට මැදිහත් වෙන්නේ නෑ. මට පේන්නේ කෙටිකාලීන මිලදී ගැනීම්වලින් ඉතිරිකිරීමක් කර ඇති බවයි.

ප්‍රශ්නය -  ජූලි මාසයෙදි ෂෙල්ලාගේ කොන්ත්‍රාත්තුව ඉවරයි. ඊට පස්සේ හදිසි මිලදී ගැනීමට යනවා. කෙටිකාලීන ටෙන්ඩරය දෙන්නෙත් ඔවුන්ට කළින් මිලටමයි නේද  ?

පිළිතුර -  කෙටිකාලීන මිලදී ගැනීමේදී මිල ගණන් කැඳවලා ගන්න ගියා නම් ගෑස් හිඟයක් එනවා. ඒ නිසා තමයි දැනට සැපයුම්කරුවන්ගෙන්ම ඒ මිලට හෝ පොඩි අඩුවීමකින් ගන්න තීරණය කරන්නේ.  එයාලා වැරදි ක්‍රමයකට කරලා තිබුණා නම් ඕනෑම වෙලාවක ඒ ගැන පරීක්ෂා කරලා බලන්න පුලූවන්. විගණකාධිපතිතුමාට පුළුවන් එය පරීක්ෂා කරන්න. නමුත් ඔවුන් හරි ක්‍රමවේදය අනුගමනය කර ඇතැයි කියා  මා විශ්වාස කරනවා.

ප්‍රශ්නය - ජූලි 31 වැනිදා අමාත්‍යංශ ලේකම්වරයා ඕමාන් ට්‍රේඩිං ඇතුලූ සමාගම්වලට දැනුම් දෙනවා ෂෙල් එකට ටෙන්ඩරය දෙනවා කියලා. මේ දිනය වන විට ෂෙල් සමාගමෙන් ගෑස් මිලදී ගැනීමට ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවද?

පිළිතුර - මම හරියට එය දන්නේ නෑ. මම ඒකට මැදිහත් වෙන්නේ නැහැනේ. මම කරන්නේ කැබිනට් පත්‍රිකාව දමන එකයි.

ප්‍රශ්නය - -ලේකම්වරයා මේ ලියුම යවන්නේ ජූලි 31 වැනිදා. නමුත් අගෝස්තු 17 වැනිදා තමයි ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වෙන්නේ. එම රැස්වීමෙදියි ටෙන්ඩරය අනුමත කර ගන්න උත්සාහ කරන්නේ. කොහොමද මේ ක්‍රයාදාමය ආපස්සට යන්නේ? අනුමැතිය දුන්නට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයට එන්නේ කොහොමද?

පිළිතුර - එතන තමයි ගොඩක් අයට පැටලෙන්නේ. අමාත්‍යංශයට හෝ ලිට්‍රෝ එකට අනුමත කරන්න බලයක් නෑ. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තියෙනවානේ.  ඒකට තමයි තාක්ෂණ කමිටුව පත් කරන්නේ. ඒක තමයි කැබිනට් ප්‍රසම්පාදන කමිටුවක් පත් කරන්නේ. ඔවුන් කරන්නේ අහවලාට මෙය දිය යුතු බවට නිර්දේශ කිරීම පමණයි. කැබිනට් මණ්ඩලය තමයි මේකට අනුමැතිය දෙන්නේ.

ප්‍රශ්නය -- ටෙන්ඩරයට අනුමැතිය ලැබුණද කියලා ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධානියා ලෙස ඉන්න සුරේන් බටගොඩ මහත්මයාගෙන් අධ්‍යක්ෂ මණ්ඩලය දුරකතනයෙන් විමසනවා. ?

පිළිතුර -  ඒක මම දන්නේ නෑ.   එක එක්කෙනාට ෆෝන් එකෙන් කතා කරන එක වැරදිනේ. ෆෝන් එකෙන් ප්‍රසම්පාදන ක්‍රියා ගැන විමසන්නේ නැහැනේ. එය ලිඛිතව දැනුම් දිය යුතුයි. එක එක්කෙනා ෆෝන් එකෙන් කියපුවා පිළිගන්න බැහැනේ.

ප්‍රශ්නය - ප්‍රසම්පාදන කමිටුව ලිඛිතව දීලා තියෙන්නේ අඩුම ලන්සුකරු සමඟ සාකච්ඡා කරන ලෙසයි. මේ වෙලාව වෙනකොට අඩුම ලන්සුකරු ඕමාන් ටේ්‍රඩිං ඉන්ටර්නැෂනල් සමාගමයි.  ඕමාන් සමාගම සමඟ මේ ආකාරයේ සාකච්ඡා කිරීමක් කරලා තියෙනවද?

පිළිතුර - ඒක අහන්න ඕන තාක්ෂ‚ක කමිටුවෙන්. මම තාක්ෂණ කමිටුවේ නැහැනේ. මේ ක්‍රමවේදය බාර දීලා තියෙන්නේ තාක්ෂ‚ක කමිටුවටයි, කැබිනට් ප්‍රසම්පාදන කමිටුවටයි. ඔවුන් අපේ ලේකම්වරයට අවසානයට යවන නිර්දේශ මතයි අපි කැබිනට් පත්‍රිකාව හදන්නේ. මට හෝ මගේ ලේකම්වරයාට මේ තීරණය ගන්න අයිතියක් නෑ.  මේක රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය. එතනදී යම් බලපෑමක් වෙලා තියෙනවා නම් ඒක තමයි ප්‍රශ්න කරන්න ඕන. කැබිනට් ප්‍රසම්පාදන කමිටුවෙන් හෝ තාක්ෂණ කමිටුවෙන් අසාධාරණයක් වෙලා තියෙනවා නම්  අභියාචනා කාලයේදී  පැමිණිලි කරන්න තිබුණා. නමුත් පැමි‚ල්ලක් කරලා තිබුණේ නෑ.

ප්‍රශ්නය-  තාක්ෂණික කමිටුවෙන් මෙම සමාගම් ප්‍රතික්ෂේප වුණේ කොහොමද කියන හේතුව ඕමාන් සමාගමට හෝ අනිත් සමාගම්වලට යැව්වද?

පිළිතුර -  මම තාක්ෂණික කමිටුවේ නැහැනේ. එය මම දන්නේ නෑ. මම හිතනවා ඔවුන්ට ඔක්කොම තොරතුරු ලබා ගන්න ක්‍රමවේදයක් ඇති කියලා.

ප්‍රශ්නය - ඒ ක්‍රමවේදය තමයි තොරතුරු දැන ගැනීමේ පනතින් තොරතුරු ඉල්ලීම. ඒ සඳහා අවම වශයෙන් දින 14ක් ගත වෙනවා. ඉතින් අභියාචනා කාළේ පැමිණිල්ලක් කරන්න බැහැ නේද?

පිළිතුර -  ඒගොල්ලන්ට පැමිණිල්ල දාන්න පුළුවන්නේ. ඒකට පැයයි යන්නේ. පැමි‚ල්ල දැම්මට පස්සේ ඉතුරු තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්නේ.

ප්‍රශ්නය -  අභියාචනා කාලය ඇතුළත අමාත්‍යංශ ලේකම්වරයා ලිට්‍රෝ කළමනාකාර අධ්‍යක්ෂට ලිඛිතව දැනුම් දීලා තියෙනවා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දුර්වලතා නිරීක්ෂණය වූ බව. ?

පිළිතුර -  සාමාන්‍යයෙන් එහෙම කියනවා. ලේකම්වරුන්ගේ ජොබ් එක ඒක. ප්‍රසම්පාදන ක්‍රියාවලිය දුර්වලනම් ගනුදෙනුකරුවන්ටම පැමිණිලි කරන්න තියෙන්නේ ඒක තමයි. එහෙම පැමිණිල්ලක් දමලා තිබ්බා නම් අපි හොයලා බලනවා. 

ප්‍රශ්නය -  ටෙන්ඩරය සලකා බැලීමේදී මෝසම් කාලය වැනි පාලනය කළ නොහැකි තත්ත්වවලදී අඛණ්ඩව සැපයුම පවත්වා ගැනීම සඳහා සැපයුම්කරුවන් ඇති හැකියාව සොයා බලන බව ලිට්‍රෝ සමාගම කියනවා. තාක්ෂණික කමිටුවේදී ඕමාන් සමාගම ගැන සෑහීමකට පත්වෙලා නැත්තේ අවස්ථා කිහිපයකදී ඔවුන් ගෑස් සැපයීම ප්‍රමාද කර ඇති නිසා බව තාක්ෂණික කමිටු වාර්තාවේ සඳහන් වෙනවා. 2016 අප්‍රේල් මාසයේ ෂෙල් සමාගමත් ප්‍රමාද වුණා. 2016 මැයි සිට අගෝස්තු දක්වාත් ෂෙල් සමාගමේ ප්‍රමාධවීම් වෙලා තියෙනවා. තාක්ෂණ කමිටුවේදි ඒ ගැන අවධානය යොමු කරලා නැත්තේ ඇයි?

පිළිතුර - තාක්ෂණ කමිටුව ගැන මට කියන්න බෑ. ඕටීඅයිලගේ ගෑස් ප්‍රමාධය 17ක් වරක් සිදු වෙලා තිඛෙනවා. ෂෙල් එකේ ප්‍රමාධයක් වෙලා නැද්ද කියලා මමත් ඇහුවා. මට ලිට්‍රෝ එකෙන් කිව්වා මෝසම් කාලය නිසා එක් වරක් හෝ දෙවරක් ෂෙල් එක ප්‍රමාධ වෙලා වෙනත් නැවත් නැවකින් ගෙනාවා කියලා කිව්වා. ඊට ඩොලර් 20ක අමතර ගෙවීමක් කළ බව කිව්වා. ඔවුන්ට දඩයක් ගහලා නැහැ කියලයි කිව්වේ. ෂෙල් එක වෙන නැවක් දාලා කොහොම හරි වැඩේ කර ගත්තා. ඒක ඔවුන්ගේ හැකියාව. 

ප්‍රශ්නය - අවස්ථා දෙකකදි නොවෙයි.  2016 මැයි සහ අගොස්තු අතර අවස්ථා හතකට වඩා ෂෙල්ලගේ ප්‍රමාධ සිදුවෙලා තියෙනවා. තාක්ෂණ කමිටුවෙදි මේ කරුණු සලකා නොබැලීම ගැටළුවක් කියලා ඔබ හිතන්නේ නැද්ද?

පිළිතුර - තාක්ෂණ කමිටු වාර්තාව සම්පූර්ණයෙන් මම කියවලා නෑ. මට තාක්ෂණ පැත්ත හරියට කියන්න බෑ.

ප්‍රශ්නය- තාක්ෂණ කමිටු වාර්තාවේ ෂෙල් සමාගමේ ප්‍රමාධවීම් දක්වලා නැහැ. කරුණු සැඟවීම ගැටළුවක් නොවේද?

පිළිතුර- එහෙම නම් ඒ වාර්තාව ගැන සොයා බලන්න වෙයි. කමිටුවක් හරහා අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා තමයි ජනාධිපති අභියාචනා මණ්ඩලය තියෙන්නේ. ඔබ අහන ප්‍රශ්නය ඕටීඅයිලට තිබ්බා ජනාධිපති අභියාචනා මණ්ඩලයෙදි කියන්න. ඒ ගැන කිව්වට ඊට උත්තරයක් දෙන්න මට  ප්‍රතිපාදන නෑ.

ප්‍රශ්නය - මේ ගැටළුව   මාධ්‍යයෙන් එය ප්‍රශ්න කරද්දි ලිට්‍රෝ එකෙන් එය ප්‍රතික්ෂේප කරමින් දැන්වීම් දානවා නේද?

පිළිතුර - මාධ්‍ය කිව්වේ එය නෙමෙයි. මාධ්‍ය කිව්වේ තාක්ෂණ කමිටුව පත් කළේ ඇමැතිවරයා බවයි. අපේ යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් එය පෙන්වන්න. තාක්ෂණ කමිටුව ප්‍රශ්න කරන්න තියෙන්නේ අදාල ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා කොමිසමටයි. දැන් වුණත් පැමි‚ල්ලක් කරන්න පුලූවන්.

ප්‍රශ්නය - කමිටුව පත් කළේ ඔබ බව පත්තරේ විතරක් නෙමෙයි ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙදිත් කියලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ලේඛණවල පැහැදිලිවම තිඛෙනවා. සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරියත් කියලා තියෙන්නේ ඇමැතිවරයා විසින් පත් කළ තාක්ෂණ කමිටුව කියලයි.

පිළිතුර - ඒක වැරදියි. එයාලගේ වැරදි තියෙන්න පුළුවන්. ඒකනේ අලූත් සභාපතිවරයෙක් පත් කරලා තියෙන්නේ.

ප්‍රශ්නය - -අලූතින් සභාපති පත් කළේ ඒ හේතුව නිසා නෙමේ නේද?

පිළිතර - එය වෙන්නත් පුලූවන්. හේතු ගොඩක් තියෙනවා. 



අදහස් (2)

රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකට කැමති වුණත් මිල අඩුකරපු එක මට ප්‍රශ්නයක්

athula Thursday, 26 October 2017 07:10 AM

පුදුම වැඩේ කියන්නේ මෙයාලට ඕනෑම දෙකට පිළිතුරු තියෙනවා අන්තිම උත්තරය තමයි මරා දමන එක ඒවාට තමයි ඔය අනුර සේනානායකල වාස් ගුණවර්ධනලා වගේ අය හිටියේ අනේ ඉතින් මේ සේරම පව් දුප්පත් ජනතාව ගෙවන්න ඕන....

:       1       26

silvaMonday, 30 October 2017 04:41 AM

ඔයා ඔය කියන්නේ මහා රජාගේ කාලේ ක්‍රමවේදය වෙන්න ඕන... අනුර සේනානායකල වාස් ගුණවර්ධනලා වගේ අය හිටියේ ඒ කාලෙනේ දැන් එයාල ඇතුලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 103 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 148 0

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 90 0

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 5547 1

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 169 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1238 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 771 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 521 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site