IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


රජය නිසි සැලැස්මක් දුන්නොත් ජවිපෙ සාකච්ඡාවට සූදානම්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර ගතව සිට නිදහස ලැබීම, තේරීම් කාරක සභාව සහ උතුරේ ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න පිළිබඳ අද සඳුදා හමුවෙන් සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතාය.   පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වූයේ කෙටිකාලීන වැඩපිළිවෙලක් සඳහා බවට ඔබ පක්ෂයේම කේ.ඞී.ලාල්කාන්ත මහතා ප‍්‍රකාශ කළත් ෆොන්සේකා මහතා කියන්නේ එය ඔහුගේ නොදැනුවත්කම මත කළ ප‍්‍රකාශයක් බවයි. ඔහු කියන්නේ තමන් අදහස් කළේ පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයකු බවයි. ඔබ දෙපාර්ශ්වයම නියෝජනය කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයයි. ඇයි කතා දෙකක් කියන්නේ? ඔහු කියන්නේ කවරක් වුවත් ජනතා විමුක්ති පෙරමුණ එම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා කියන සටන් පාඨය ඉදිරියට ගෙනාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ එකගතාව හා යෝජනාව මත. ඉදිරිපත් වුණු අපේක්ෂකයන් හා දායක වුණු පුද්ගලයන් තුළ කවර අදහසක් තිබුණත් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ බවට පත්ව තිබුණේ, අපි සැළැස්ම හැදුවේ මාස දෙකක් ඉක්මයාමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි. ඒ වගේම පාර්ලිමේන්තුව බාරකාර රජයක් යටතට පත්කිරීමටත් අනතුරුව මහමැතිවරණයක් පවත්වා කවර හෝ ආණ්ඩුවක් බලයට පත්කරගැනීම වෙනුවෙන් වූ ක‍්‍රියාදාමයක් අපට තිබුණේ. මැතිවරණ වේදිකාවේත් ෆොන්සේකා මැතිතුමා සමග කරන ලද සාකච්ඡාවේදීත් දේශපාලන පක්ෂ හා අප අතර වූ සාකච්ඡාවලත් හරය බවට පත්වුණේ එයයි. කවුරු කවරක් වර්තමානයේ ප‍්‍රකාශ කළත් අපට එය අදාළ නෑ.   හිටපු හමුදාපතිවරයා සිරගත ජීවිතයට ආයුබෝවන් කියා මේ වනවිට සතියකට ආසන්න කාලයක් ගතව තිබෙනවා. දේශපාලන ලෝකය තුළ පැය 24 ක් යනු ඉතාම වටිනා කාලයක්. මේ වනතුරුත් ජනතා විමුක්ති පෙරමුණ හා හිටපු හමුදාපතිවරයා සිය ඉදිරි දේශපාලන ගමන් මග හා ප‍්‍රතිපත්ති ගැන නිල සාකච්ඡාවක් පවත්වා නැද්ද? ඔබ මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වන අද(26) දිනය තෙක් තවමත් එවැනි කිසිදු නිල සාකච්ඡාවක් සිදුවී නෑ. ඒ වගේම තමයි අපි ප‍්‍රධාන වශයෙන් මැදිහත් වුණේ ඔහුගේ නිදහස වෙනුවෙන්. ඒ තටු කපන ලද නිදහසක් වෙනුවෙන් නෙවෙයි. පූර්ණ නිදහසක් වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ පෙනීසිටියේ. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම අනන්‍යවූ අරමුණක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. නිදහසෙන් පසුව ඔහුටත් ඔහු විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් පෙනීසිටීමේ හැකියාව තිබෙනවා. ඒ නිදහස අපේ පාර්ශ්ව දෙකටම තිබෙනවා. තවමත් නිල හෝ නොනිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු වී නෑ.   ඔහු සමග නිල මට්ටමින් සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙනවද? නෑ.එවැනි සාකච්ඡාවක අවශ්‍යතාවයක් දැනට පැනනැගී නෑ.   ⋆ජ.වි.පෙ කිව්වේ ෆොන්සේකා මහතාට පූර්ණ නිදහසක් හිමි විය යුතු බවයි. නීතිපතිවරියම පවසන ආකාරයට සරත් ෆොන්සේකා මහතාට නොහැකි මැතිවරණයකට ඉදිරිපත්වන්නට පමණයි. එසේනම් ෆොන්සේකා මහතාට අහිමි වූ සියල්ල හිමිවී තිබෙනවාද? ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දක්වන අදහස කෙබඳුද? සැබැවින්ම කියනවානම් ඔහු දැන් එළිමහන් සිරකරුවෙක්. මෙහිදී ෆොන්සේකා මැතිතුමාට ලබාදී තිබෙන්නේ බාග නිදහසක්. ඔහුට මැතිවරණයකට ඉල්ලීමේ හෝ ජනතා නියෝජිතායතනයකට තේරීපත්වීමේ හෝ අයිතියක් ලැබී නෑ. ඔහුට මෙම අයිතිය ලබාගැනීම සඳහා කලින් ක‍්‍රම තුනක් තිබුණා. එකක් තමයි යුද අධිකරණයෙන් ලබා දී තිබූ තීරණවලට හා සුදු කොඩි නඩුවට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු ගොනුකර තිබීම. ඒ නඩුවලින් ලබාගන්නා ජයග‍්‍රහණයක් හරහා ඔහුට මෙම අයිතීන් ලබාගැනීමේ හැකියාව තිබුණා. එහෙත් ජනාධිපති සමාව ලබාගැනීම වෙනුවෙන් බලපාන තාක්ෂණික කරුණු හේතුකොටගෙන එම නඩු දෙක ඔහු විසින් ඉල්ලා අස්කොටගෙන තිබෙනවා. දැන් ඉතිරි ක‍්‍රම දෙකයි. එකක් වසර හතක කාලය ගතවීමෙන් ස්වාභාවිකවම ඔහුට මෙම අයිතිය ලැබෙනවා. එහෙම නැතිනම් ජනාධිපතිවරයා යළි සමාවක් ප‍්‍රදානය කිරීම හරහා පමණයි මෙම අයිතීන් ලබාගතහැකි වන්නේ. එනිසා දේශපාලනයේ තව බොහෝ කරුණු අතර වැදගත් කොටසක් වන මැතිවරණවලට තරග කිරීමේ හා තේරීපත්වීමේ අයිතිය දැන් මුළුමනින්ම ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙන්නේ. එහෙම නැතිනම් කාලය විසින් විසඳන ප‍්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ. එනිසා ඔහුට ලැබී තිබෙන්නේ තටු කපන ලද අර්ධ බාග නිදහසක්.   ⋆සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමේදී  ජනාධිපතිවරයා සමග වූ එකගතා ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු සේ සළකා ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවටත් රටටත් කරුණු දැක්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. අඩුම ගණනේ ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ සභාපතිවරයා හැටියට සිය ප‍්‍රධාන හවුල්කාර පක්ෂයටවත් තවම හෙළිදරව්වක් කර නැතිද? විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා කියන කරුණු පිළිබඳව අපිට එතරම් අදාළත්වයක් නෑ. කෙසේ වුවත් අවසන් සාකච්ඡාවන්හිදී පවා මේ කරුණු පිළිබඳ අවසන් නිගමනයකට නොපැමිණි බව තමයි පවසා තිබුණේ. ඒ වගේම තමයි ඔහුට ලැබී ඇත්තේ කවරාකාරයේ නිදහසක්දැයි තමන් නොදන්නා බව නිදහස ලැබූවාට පසුව ෆොන්සේකා මැතිතුමා විසින් පවා ප‍්‍රකාශයට පත්කරල තිබුණා. එනිසා නිදහස් කළා කියන පොදු සාධකය හැරුණුකොට එය කවරාකාර කොන්දේසි කවරාකාර සීමාවලට යටත්ද කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් දන්වනතෙක් කවුරුවත් නොදන්නා බවයි ඉන් හැගීයන්නේ.   ⋆මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප‍්‍රතිසන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන් කර ඇති ඉල්ලීම ඉතා වැදගත් කොට සැළකිය යුතු බව හිටපු හමුදාපතිවරයා බී.බී.සී ප‍්‍රවෘත්ති සේවයට කියා සිටිනවා. ජ.වි.පෙ අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයක් ගොඩනගන්නට උත්සාහ කරන මොහොතක ඔබ සන්ධානයේම නායකයා මෙවැනි ප‍්‍රකාශ කිරීම මතවාදීමය වශයෙන් පරස්පර නොවේද? අප ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වූවා. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ප‍්‍රධාන ලෙසම සැකැසී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා ෆොන්සේකා මැතිතුමාගේ පාර්ශ්වයෙන්. ජනතා විමුක්ති පෙරමුණට තමන්ට අනන්‍ය දේශපාලනයට කරුණු ඉදිරිපත් කරන්නට තිබෙන අයිතිය වගේම ෆොන්සේකා මැතිතුමාට ඔහු දකින දේශපාලනය අනුව අදහස් ඉදිරිපත් කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා එය කිසිසේත්ම අප අතර තිබෙන සුහදතාවයට හෝ අප අතර තිබෙන එකගතාවයන්ට කිසිදු බාධාවක් නෙවෙයි.   ⋆එතකොට එම ප‍්‍රකාශයේ ඇති දේශපාලනික ගැඹුර ඔබ කොහොමද තේරුම් කරන්නේ? විශේෂයෙන්ම අපි හිතනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ඇමෙරිකන් එක්සත් ජනපදයට හෝ අපේ රටවල්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හෝ වගවීම් පිළිබඳව හැබෑ හැගීමක් නෑ. එක්සත් ජනපදය තවමත් වියට්නාමයේ මහා ඝාතනයන් පිළිබඳ වගවීම් වෙලා නෑ. ඒ වගේම තමයි එක්සත් ජනපදය මූලික වෙමින් ලිබියාවට ඉරාකයට කරන ලද ආක‍්‍රමණ, මහා සමූල ඝාතනයන් පිළිබඳ කිසිදු වගවීමක් නෑ. ඒ වගේම එක්සත් ජනපද හමුදාවන් විසින් අත්අඩංගුවට ගන්නා  ලද සිරකරුවන්ට කරන ලද තාඩන පීඩන ගැන කතාකරන්නේ නෑ. දැන් එක්සත් ජනපදය අද එක්සත් ජාතීන්ගේ සංවිධානය උපයෝගී කරගෙන ලංකාවට යම් දේශපාලනික මැදිහත්වීමක්  කරමින් මානව හිමිකම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ප‍්‍රශ්න ගේනවා. නරියාගේ කාර්යභාරය තමයි අද ඔවුන් ඉටුකරමින් තිබෙන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජනපදය කිව්වා හෝ නොකිව්වා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම වර්තමාන පාලනය විසින් කළයුතුයි. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශාල අනතුරකට ලක්වෙලා තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ කිසිදු තැකීමක් නෑ. පොලිසිය දේශපාලනීකරණය වෙලා නීතියේ හා විධානයේ ආධිපත්‍ය බිඳවට්ටලා තිබෙනවා. අධිකරණ පද්ධතියට දේශපාලනික ඇගිලිගැසීම් සිදුවෙමින් තිබෙනවා. සුදු වෑන් සංස්කෘතිය සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. උතුරු පළාත්වල සිවිල් පරිපාලනය වෙනුවට මිලිටරි පාලනයක් පවත්වාගනිමින් තිබෙනවා. තමන්ට හිතවාදී පිරිස්වලට පමණක් නිදහස තිබෙන අනෙක් සියලු දෙනාම භීතියට පත්කරන තත්ත්වයක් ඇතිකර තිබෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය සියල්ල විනාශ කරමින් යනවා. එනිසා මේ සියල්ල ස්ථාපිත කළ යුතුයි. ඒ එක්සත් ජනපදය කියන නිසා නෙවෙයි අපේ රටට අවශ්‍ය නිසයි.   තේරීම් කාරක සභාව සඳහා ඒකාබද්ධ විපක්ෂය සිය නිල ස්ථාවරය මෙම සතියේදී පවසන බව එ.ජා.පය කියා සිටිනවා. යම් හෙයකින් එ.ජා.පය ආණ්ඩුව හා සහයෝගී ස්ථාවරයකට පැමිණියහොත් ජ.වි.පෙ ගන්නා පියවර කුමක්ද? තෙරීම් කාරක සභාව කාලය කා දමන ක‍්‍රියාවලියක් පමණක් නොවෙයි. තේරීම් කාරක සභාව පිළිබඳ යෝජනාවත් දැන් මාස හයකට අධික කාලයක් කා දමල තිබෙනවා. විශේෂයෙන්ම අද අවශ්‍ය වී තිබෙන්නේ දෙමළ ජනතාවගේ ගැටලුවලට වහා විසඳුම් ලබාදීම. සාකච්ඡා මණ්ඩප සම්මන්ත‍්‍රණ ඇතිතරම් ප‍්‍රමාණයක් මේ ප‍්‍රශ්නෙ පිළිබඳ පවත්වලා තිබෙනවා. වර්තමාන ජනාධිපති පාලනයේදී 2006 ජිනීවා සාකච්ඡා, අනතුරුව සර්වපාක්ෂික සාකච්ඡා, අනතුරුව සර්වපාක්ෂික නියෝජිත සාකච්ඡා, අනතුරුව ටී.එන්.ඒ හා ආණ්ඩුව අතර ද්විපාක්ෂික සාකච්ඡා ආදී ලෙස සාකච්ඡා ඇතිතරම් කෙරීතිබෙනවා. එනිසා දැන් අවශ්‍ය වී තිබෙන්නේ දෙමළ ජනතාව මුහුණ දී තිබෙන ගැටලුවලට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමයි. විශේෂයෙන්ම එම පළාත්වල අර්ධ මිලිටරි පාලනය වෙනුවට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම, නැවත පදිංචි කරන ලද ජනතාවගේ ජීවන ගැටලුවලට විසඳුම් ලබාදීම, අත්අඩංගුවට පත්වූවන්ගේ හා අතුරුදහන්වූවන්ගේ ප‍්‍රශ්නයට ක‍්‍රමවත්ව පිළිතුරු දීම, එම පළාත්වල අධ්‍යාපනික සෞඛ්‍ය සේවා වර්ධනය කිරීම හා ඔවුන්ගේ සංස්කෘතියේ භාෂාවේ ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම. මේවා අත්‍යවශ්‍ය කරුණු. ඒවට තේරීම් කාරක සභා වැනි තොරොම්බල කරන සාකච්ඡුා අවශ්‍ය නෑ. ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ ඒ දෙමළ ජනතාව සැබැවින්ම මුහුණ දී තිබෙන ගැටලු යටපත් කරල තේරීම් කාරක සභාව චුයින්ගම් එකක් වගේ හප හප ඉන්නයි. ඒ සඳහා එක පැත්තකින් ඉන්දියාව එක්සත් ජනපදය වැනි රාජ්‍යන්ගේ මැදිහත්වීමකුත් තිබෙනවා. තේරීම් කාරක සභා යෝජනාව ගෙනඒම දක්වා ආණ්ඩුව ඒ මැදිහත්වීමට අනුකූලව ගමන්කිරීමක් හේතුපාදක වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් තමන්ගේ පක්ෂය මුළුමනින්ම හසුරුවන්නේ එවැනි රටවල කරට අතදාගෙනයි. එනිසා එම රටවල යෝජනා එක්සත් ජාතික පක්ෂය හා සමපාතවීම අරුම පුදුම දෙයක් නොවෙයි. එනිසා මෙම තේරීම් කාරක සභා යෝජනාවත් එයට දේශපාලන පක්ෂවල හැසිරවීමත් මුළුමනින්ම අධිරාජ්‍යවාදී වුවමනාවක්. ඒ උගුලෙ වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණ කිසිදු සූදානමක් නෑ. රජය ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළොත් ඒ මත පදනම්ව සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්.   උතුරු මැද පළාත් සභාවට හදිසි මැතිවරණයක් එපා යැයි එහි ආණ්ඩු පක්ෂයේම මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙනවා. වී විකුණාගැනීමට නොහැකිවීමත් බඩුමිල සහ ඉන්ධන මිල වැඩිවීමත් ආණ්ඩුවට අවාසිදායක ලෙස බලපා ඇතැයි ඔවුන් කියනවා. ආණ්ඩුවේම පාර්ශ්වකරුවන් එහෙම කියද්දිත් මහජනතාවට පහසුකම් සලසන්නට තරම් විපක්ෂයට මහජන බලයක් ගොඩනගා ගන්න නොහැකිව තිබෙන්නේ ඇයි? පොදුවේ ගත්තොත් අප පැහැදිලි කළයුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යභාරය පමණයි. ඒ හැර අනෙකුත් දේශපාලන ව්‍යාපාරයන්ගේ කඩාවැටීම අපට අදාළ නෑ. ජනතා විමුක්ති පෙරමුණ ජනතාව පෙළන මේ පාලනයට එරෙහිව උද්ඝෝෂණ හා මතවාදී තලයේ විශාල වැඩකොටසක් කරමින් ඉන්නවා. නමුත් අපි එකක් පිළිගන්නවා. වර්තමාන පාලනය ජනතාව මත එල්ල කරතිබෙන පීඩනයේ ප‍්‍රමාණයට සාපේක්ෂව එය සමාජගත කරගන්න අපි අසමත්වෙලා තිබෙනවා. එනිසා ඒ වෙනුවෙන් වූ ක‍්‍රියාමාර්ග ගනිමින් මැයි 15 සිට 30 දක්වා රටපුරා ගම්මාන මට්ටමෙන් ජනහමු, සාකච්ඡා, සම්මන්ත‍්‍රණ වට ගණනාවක් පවත්වමින් යනවා. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් වූ පුළුල් වූ අභියෝග ඒකරාශි කරගත් අධිරාජ්‍යවිරෝධී පෙරමුණක් අපි ගොඩනගනවා. ජනතාව මත පටවා තිබෙන පීඩනයට එරෙහිව සියලු බලවේග ඒකරාශි කරගත් ගමනක් අපි යමින් ඉන්නවා. ඔබ කියන එක ඇත්ත. ඒත් ජනතා විමුක්ති පෙරමුණ මතම එය පටවන්නැතිව දෝෂාරෝපණය කරන විවේචනය කරන අයටත් එහි කොටස්කරුවන් වියහැකියි.   හිටපු හමුදාපතිවරයා වරදක් නොකළා සේ සලකා ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් එ.ජා.ප ය පෞද්ගලික මන්ත‍්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්නට සූදානම්ව සිටිනවා. ඒ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජ.වි.පෙ සමග සාකච්ඡා කරන්නට සූදානම් බවත් ඔවුන් කියාසිටියා. ජ.වි.පෙ ඊට සහාය දෙනවද? එවැනි දෙයක් ගැන අප සමග සාකච්ඡා කරලා නෑ. විපක්ෂයෙන් වේවා ආණ්ඩුවෙන් වේවා කවර පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව එය සමාජයට හිතකරද අහිතකරද යන කොන්දේසිය මත තමයි ජනතා විමුක්ති පෙරමුණ සහාය දැක්වීම හෝ විරුද්විීම තීරණයවන්නේ. ව්‍යවස්ථානුකූලව එවැනි පනතක් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව හෝ ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ආකාරය තවම පැහැදිලි නෑ. ඔහුගේ පූර්ණ නිදහස වෙනුවෙන් ඔහු කරන කවරකාරයේ මැදිහත්වීමකට වුව ජනතා විමුක්ති පෙරමුණ සහාය දෙන්න සූදානම්.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක

සංවාද සටහන -බිඟුන් මේනක ගමගේ



අදහස් (0)

රජය නිසි සැලැස්මක් දුන්නොත් ජවිපෙ සාකච්ඡාවට සූදානම්

ලාල් Wednesday, 30 May 2012 08:57 AM

ජේ.වී.පී. එක ඉදිරිපත් කරන කරුණු පැහැදිලියි. ඒ වගේම නිවැරදියි.

:       0       0

එන්.අරවින්ද Thursday, 31 May 2012 01:38 AM

ජවිපෙ ඉදිරිපත් කරන යෝජනා දෙස සුභවාදීව බැලූ හැමවිටෙකම (ජවිපෙ ශක්තිමත්ව සිටි හැමවිට) රට ඉදිරියට ආවා.

:       0       0

රාජපක්ෂ Monday, 28 May 2012 04:36 PM

මේ ගොල්ලොත් එක්ක රජයට මොන සාකච්ඡාද?

:       0       0

ප්‍රියා Saturday, 02 June 2012 11:16 AM

ඉතාම පැහැදිළි ප්‍රශ්ණයක්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 452 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 455 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 103 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 372 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 543 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 907 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1987 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site