තෝරාගත් රාජ්‍ය ව්‍යවසායයන් ඉදිරියේ දී ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව මේ දිනවල සාකච්ඡාවට ලක්වන කරුණකි. මෙය පෞද්ගලිකකරණය ලෙස හැඳින්වුවද ඒ සඳහා වඩාත් යෝග්‍ය යෙදුම වන්නේ ප්‍රතිසංස්කරණය හෝ ප්‍රතිව්‍යුහගතකරණය යන්නයි. ප්‍රතිව්‍යුහගතකරණය යනු ඍජු පෞද්ගලිකකරණය ද යන්න තෝරා බේරා ගත යුත්තකි.
එහෙත් දැනට කතාබහට ලක් වී ඇති කාරණාවල පසුබිම අනුව ඒවායේ ලිපි ලේඛන ආදිය අනුව ප්‍රතිව්‍යුහගතකරණය නැමැති තේමාව යටතේ පෞද්ගලිකකරණය වෙත ආණ්ඩුවේ වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ.
මෙතැනදී අපගේ අවධානය යොමුවන්නේ රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධයෙනි. රාජ්‍ය ව්‍යවසායයන් යනු අපේ රටේ ආර්ථිකයට ඉතාමත් වැදගත් වරාය, බලශක්ති, බැංකු, රක්ෂණ, ජලය, සන්නිවේදනය, වැනි අංශ ගණනාවක් පුරා විහිදී ඇති රජය සතු ආයතන පද්ධතියකි. පසුගිය වසරේ එළිදැක්වූ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යවසායයන් හාරසියයක් පමණ ඇතැයි ගණන් බලා තිබේ. එයින් පනස් දෙකක් පමණ ක්‍රමෝපායික වශයෙන් ඉතාම වැදගත් ව්‍යවසායයන් ලෙස හඳුනාගෙන ඇත. මේවා විවිධ ආර්ථික ක්ෂේත්‍ර තිස්තුනක් පුරා විහිදී ඇති, රටේ ශ්‍රම බලකායෙන් දෙලක්ෂ පනස් දහසකට වැඩි ගණනකට රැකියා සපයන රාජ්‍ය ව්‍යවසායයන් වේ.
මේ කියන රාජ්‍ය ව්‍යවසායයන් දෙස විමසිල්ලෙන් බැලුවොත් දශක ගණනාවක් තිස්සේ කතාබහට ලක්වන කාරණය නම් මහා භාණ්ඩාගාරයෙන් ජනතාවගේ බදු මුදල්වලින් යැපෙන තැනට රටට බරක් වන තැනට මෙම ආයතන පත්වී ඇති බවය. ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් අද වන විට විශාල වශයෙන් පාඩු ලබන තත්වයේ පවතී. නිතරම කතාබහට ලක්වන එයාලයින් ගුවන් සේවය 2023 වර්ෂයේ දී ලැබූ අලාභය රුපියල් බිලියන 71 කි. 2022 වර්ෂයේ එහි පාඩුව රුපියල් බිලියන 163 කි. ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව 2022 වසරේ රුපියල් බිලියන 615 ක පමණ විශාල අලාභයක් ලැබීය.
2024 වසරේ මේ රටේ උසස් අධ්‍යාපනයට වෙන් කළේත් රුපියල් බිලිය 90 - 100 ත් අතර ප්‍රමාණයකි. එසේ තිබියදී රටේ එක් ආයතනයක් පමණක් ලබන අලාභය රුපියල් බිලියන 615 කි. විදුලි බල මණ්ඩලයේ 2021 වසරේ ලැබූ පාඩුව බිලියන 21 කි. 2022 වනවිට එය බිලියන 60 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් පැහැදිලි වන්නේ බොහෝ රාජ්‍ය ව්‍යවසායයන් දිගින් දිගටම විශාල වශයෙන් පාඩු ලැබූ බවය. රාජ්‍ය ව්‍යවසායයන් මෙසේ පාඩු ලබන බොහෝ අවස්ථාවල එම අලාභ පියවා ගන්නේ රාජ්‍ය බැංකුවල ණය මුදල් මාර්ගයෙනි. එය මෙරට රාජ්‍ය බැංකු පද්ධතියට විශාල බරක් පැටවීමකි.
රාජ්‍ය ව්‍යවසායයන් මේ අන්දමට දිගින් දිගටම පාඩු ලබන්නේ ඇයි? එහි ඇත්තේ එම ව්‍යවසායයන්ට සම්බන්ධ භාණ්ඩ හා සේවා පිළිබඳ ගැටලුවක් නොවේ. පාඩු ලබන ආයතන සියල්ලම පාහේ සලකා බැලුවොත් ඒවායේ ඇත්තේ ඒකාධිකාරයකි. මුළු රටටම භාණ්ඩ සේවා සපයන ඒකාධිකාරයක් සහිත ආයතනයක් මේ අන්දමට විශාල වශයෙන් පාඩු ලබන්නේ කොහොමද?
ඊට හේතු වී ඇත්තේ වෙන කිසිවක් නොව එම ව්‍යාපාර ආයතන තුළ තිබෙන වැරැදි කළමනාකරණයයි. වංචාව හා දූෂණයයි. මේ තත්වය ඇති වූයේ රාජ්‍ය ව්‍යවසායයන්ගේ කටයුතු කළමනාකරණයට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් සිදුවීමයි. ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරියා දක්වාම පත්කිරීම්වලට දේශපාලනය සම්බන්ධ වී ඇති සැටි මෙහි දී දැකිය හැකිය. ආයතන කළමනාකාරීත්වයට හා ඉහළ තනතුරුවලට අධ්‍යාපන සුදුසුකම්වලට වඩා දේශපාලන සබඳතා යොදාගැනීමෙන් පරිපාලනය දුර්වලවනවා මෙන්ම දේශපාලන වුවමනාකම්වලට අනවශ්‍ය ලෙස සේවකයන් බඳවා ගැනීමෙන් අධික වියදමක් දරන්නට සිදුවේ. වංචා දූෂණ සිදුවන්නේ ද මේ පරිසරය තුළමය. කෝප් කමිටුව සහ කෝපා කමිටුව ආදියෙන් හෙළිදරව් කෙරෙන වංචා දූෂණවල ස්වභාවයෙන් ඒ බව පැහැදිලි වේ.
2023 මාර්තු මස 13 වැනිදා කැබිනට් තීරණයකට අනුව නිලධාරීන් හතර දෙනකුගෙන් යුක්තව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකක පිහිටුවන්නේ රාජ්‍ය ව්‍යවසායයන්ගේ මේ කියන අර්බුදවලට පිළිතුරක් ලෙසය. මෙහි ප්‍රධාන අරමුණ වූයේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි. ලාබ ලබන තත්වයට පත් කරන්නේ කෙසේදැයි සොයා බැලීමයි. ඒ අනුව මෙම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වත්මන් ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසායයන් අසූවකට ආසන්න ගණනක් මේ වන විට හඳුනාගෙන තිබේ. විදුලි බල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ආදියද මීට ඇතුළත්ය. එසේම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය මගින් හඳුනා ගැනුණු රාජ්‍ය ව්‍යවසායයන් 72 ක් ද වේ. රාජ්‍ය බැංකු ඇතුළු ඇතැම් ව්‍යාපාර සමාගම් බවට පත් කිරීමත් තවත් ව්‍යාපාර 40 කට ආසන්න ගණනක් පෞද්ගලිකකරණය කිරීමත් මේ යෝජනා අතර වේ.
රාජ්‍ය ව්‍යවසායයන් මෙසේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රජය බලාපොරොත්තු වන අරමුණු කිහිපයකි. මේ ආයතන නිසා රජයට ඇති මූල්‍ය බර අවම කර ගැනීම, වෙළෙඳපොළ පෞද්ගලික අංශයට විවෘත කිරීම හා පෞද්ගලික අංශයේ දායකත්වය වැඩිකිරීම, මෙම රාජ්‍ය ව්‍යවසායයන් ලබා දෙන භාණ්ඩ හා සේවා තරගකාරී මිලකට හා ඉහළ ගුණාත්මකභාවයෙන් පාරිභෝගිකයාට ලබා ගත හැකි තත්වයට පත් කිරීම යන ප්‍රධාන කාරණා තුන මේ අරමුණු අතර වේ.
රාජ්‍ය මූල්‍ය බර අවම කර ගැනීම නැමැති කාරණයට අපට එකඟවන්නට සිදු වේ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 615 ක් පාඩු ලබන විට එය කවුරුන් විසින් හෝ පියවිය යුතු වේ. කවුරු පියවූවත් අවසානයේ එම බර පැටවෙන්නේ මහජනතාව මතය. මේ අන්දමට බොහෝ ආයතනවල ලබන අලාභ සියල්ලම ජනතාවගේ බදු මුදල් මතට වැටෙයි. ඒ නිසාම රාජ්‍ය මූල්‍ය බර අවම කර ගැනීම සම්බන්ධයෙන් විසදුමක් අනිවාර්යයෙන් අවශ්‍ය වේ. එහෙත් ප්‍රතිව්‍යුහගතකරණයේදී මතුවන ගැටලුව කුමක්ද? ප්‍රතිව්‍යුහගතකරණයට තෝරාගත් ඇතැම් ආයතන අතර ලාබ ලබන ව්‍යාපාර ද දැකිය හැකිය. ටෙලිකොම් සමාගම, ලංකා හොස්පිට්ල් කෝපරේෂන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැනි ආයතන ඒ අතර වේ. මේ අනුව බලද්දී ප්‍රතිව්‍යුහගතකරණ ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ ලාබ ලබන ආයතනයි. එසේනම් අපට මතුවන ගැටලුව වන්නේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කරන්නේ අර මුලින් කී අරමුණු වෙනුවෙන්මද යන්නයි.
ලාබ ලබන ආයතනයක් විකිණීම තුළ ඇත්තටම සිදුවන්නේ පාඩුවකි. මේ ආයතන විකිණීමෙන් කෙටිකාලීනව අපට මූල්‍යමය වාසියක් ලැබෙන්නට පුළුවනි. එහෙත් එය දීර්ඝ කාලිනව අප ලබන විශාල පාඩුවකි. පාඩු ලබන, රටට ක්‍රමෝපායික වශයෙන් වැදගත් නොවන අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීම යන කාරණය කෙනෙකුට සාධාරණීකරණය කළ හැකිය. ඒත් පෞද්ගලිකකරණ ලයිස්තුවේ මුලින්ම ලාබ ලබන ආයතනම සඳහන් වීම ගැටලුවකි. එසේ කිරීමෙන් මේ රටේ මහජනතාවට අප අපේක්ෂා නොකළ මට්ටමේ අර්බුද රැසකට දීර්ඝ කාලීනව මුහුණ දෙන්නට සිදු වනු ඇත.
විශේෂයෙන් සමාජ සුබ සාධනය පහළ යෑම ඒ අතරින් එකකි. මේ රටේ ඇතැම් අත්‍යවශ්‍ය සේවා බොහොමයක් පවත්නේ හුදු ලාබ ලැබීමේ අරමුණ ඇතිවම නොවේ. පෞද්ගලිකකරණයෙන් සිදුවන්නේ අත්‍යවශ්‍ය සේවාවල දායකත්වය අඩු වීමය. රටේ විවිධ තරාතිරම්වල සිටින ජනතාවට එක ලෙස ප්‍රවේශ වීමේ අවස්ථාව මෙමගින් අහිමි වී යනු ඇත. ලාබ ලැබීම පමණක් ප්‍රධාන කාරණය බවට පත් වන විට සමාජ සුබ සාධනය සම්පූර්ණයෙන් කපා හැරෙනු ඇත. සියයට විස්සක් තිහක් වන මේ රටේ දුප්පත් ජනතාවට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ, ප්‍රවේශ වීමේ, මිලදී ගැනීමේ හැකියාව වඩාත් අහිමි වනු ඇත.
එසේම ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකකරණය කිරීම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් වීමට පුළුවන. සන්නිවේදන ක්ෂේත්‍ර, ශ්‍රී ලංකා ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය ආදිය උදාහරණ සේ පෙන්වා දිය හැකිය. අනෙක් පැත්තෙන් පෞද්ගලිකකරණය හේතුවෙන් රැකියා හා කම්කරු අයිතිවාසිකම් සඳහා සීමා හා බලපෑම් ඇතිවිය හැකිය. එය මේ රටේ ශ්‍රම බලකායට ලැබෙන පීඩාවක් මෙන්ම රැකියා සුරක්ෂිතතාව අහිමි වීමක් ද වේ. චීනය, කොරියාව වැනි රටවල මේ කම්කරු සීමා නිසා ඇතිවූ පීඩා හා සමාජ ගැටලු පසුගිය කාලයේ සාකච්ජාවට ලක් විය.
පෞද්ගලිකකරණයෙන් කෙටිකාලීන වාසි ලැබෙතත් දිගු කාලීනව අපට මුහුණ දෙන්නට සිදුවන අර්බුද ගැන අපි කල්පනා කළ යුත්තෙමු. එය හරියට රත්තරං බිත්තර දමන කිකිළිය මරා දමා බිත්තර ලබා ගැනීම වගේ වැඩකි. වග වීම සහ විනිවිදභාවය තවත් කාරණයකි. පසු ගිය කාලය පුරා පෞද්ගලික අංශවල මැදිහත්වීම තුළ සහල්, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මවා පෑ සැටි අපි දුටුවෙමු. බදු වංචා ආදිය දුටුවෙමු. එම නිසා වග වීම සහ විනිවිදභාවය ලංකාව වැනි රටක විශාල ගැටලුවක්වී තිබේ. එයද අවසානයේ බලපාන්නේ මේ රටේ මහජනතාවටයි.
පෞද්ගලිකකරණයෙන් සමස්ත වෙළෙදපොළ තුළ ඇතිවිය හැකි අසාර්ථකත්වය ගැන ද අපගේ අවධානය යොමු විය යුතුය. එයින් ඔවුන්ට අවශ්‍ය පරිදි භාණ්ඩවල මිල තීරණය කිරීමේ හැකියාව ලැබේ. එයින් අනාගත අර්බුදයක් නිර්මාණය විය හැකිය. මෙබඳු අවස්ථාවලට ලෝකය පුරා ඕනෑතරම් උදාහරණ සපයන්නට පුළුවන. 2000-2002 කාලයේ දී ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ඇති වූ බලශක්ති අර්බුදය එවැන්නකි. තරගකාරී මිල ගණන් ඇති කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය වැඩිකිරීමට කැලිෆෝනියා ප්‍රාන්තයේ බල ශක්තිය සම්බන්ධ නීති ලිහිල් කිරීම නිසා සිදු වූයේ මිල ගණන් ඉහළ ගොස් බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමය. 1989 දී එක්සත් රාජධානියේ ඇති වූ ජලය පිළිබඳ අර්බුදය මේ සඳහා තවත් උදාහරණයකි. ජලය සැපයීම පෞද්ගලික අංශයට භාර දීම නිසා එහි විශාල අර්බුදයක් නිර්මාණය විය. නීතිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ඉතා බලවත් දියුණු රටවල පවා මෙබඳු තත්වයක් නිර්මාණය වූයේ නම් ලංකාව වැනි රටක් ගැන කිව හැක්කේ කුමක්ද? ඒ අනුව රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණයේදී කෙටිකාලීනව අත්වන වාසි ගැන පමණක් නොව දිගුකාලීනව අත්වන අවාසි හා විපාක සම්බන්ධයෙන් ද ප්‍රබල අවධානය යොමු විය යුතුය.
(***)
(සටහන – ගාමිණී කන්දේපොළ)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලිකකරණයේ හරි වැරැදි