සිංහලේ රාජවංශ ඉතිහාසයේ රාජසිංහ රාජ සමය උදාවන්නේ 1581 වර්ෂයේ , I වැනි රාජසිංහ සමයේ සිටයි. පළමුවන රාජසිංහ රජු සමය 1581 සිට 1593 දක්වා පැවතිණි. II වන රාජසිංහ රජකම් කරන ලද්දේ 1635 සිට 1687 දක්වාය. අනතුරුව රාජසිංහ නමින් ශ්‍රී විජය රාජසිංහ කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ යනුවෙන් රජවරු 1798 දක්වා රජකම් කළහ. සිංහලේ අවසාන රජු ලෙස හඳුන්වන්නේ ශ්‍රී වික‍්‍රමසිංහ රාජසිංහ රජුයි (1798-1815) සෙනරත් රජුගේ අභාවයෙන් පසු (1604-1635) දෙවැනි රාජසිංහ රජකමට පත්විය. මොහු 1635 සිට 1687 දක්වා රජකම් කළේය. ඒ වනවිට උඩරට සෙංකඩගල නුවර ප‍්‍රධාන රාජධානිය බවට පත්ව තිබිණි.
මෙම රාජධානියට අමතරව රජුට යම් යම් අවස්ථාවල වාසය පිණිස, හඟුරන්කෙත, නිල්ලඹ, මහියංගන, අත්නුවර යන ප‍්‍රදේශවල මන්දිර ඉදිකර තිබුණි. යුද්ධ හා කලකෝලාහල ඇතිවන විට රජු වැඩි වශයෙන් හඟුරන්කෙත උප නගරයේ මන්දිරයත්, හඟුරන්කෙතට සමීප දියතලා කන්දේ තනා ඇති ගලඋඩ බලකොටුවද ආරක්‍ෂක ස්ථාන ලෙස සලසා එහි විසීය. දෙවන රාජසිංහ රජු, රජයට එරෙහිව සිටින්නන්ට, රාජද්‍රෝහී ක‍්‍රියා කරන්නවුනට කිසිම සමාවක් නුදුන්නේය. රාජද්‍රෝහී ක‍්‍රියා හෝ වෙනත් නීති විරෝධී වැඩ කරන අයටද නිසි දඬුවම්දී රටත් සමාජයත් හරි මඟ ගෙනයාමට බලවත් උත්සාහයක් ගනු ලැබුවත්, රජුගේ ඇතැම් දඩබ්බර ක‍්‍රියාකරකම් නුරුස්සන පිරිසක්ද සිටියහ. මෙම පිරිසේ ප‍්‍රධානත්වය දරන ලද්දේ ‘‘ඒ දඬුවාවේ රාළ’’ නමින් වූ ප‍්‍රදේශාධිපතියකු විසිනි.
රජුගේ ඇතැම් හිතුවක්කාර දරදඬු වැඩවලට එරෙහිව ‘‘ඒ දඬුවාවේ රාළ’’ කැරැල්ලක් මෙහෙය වූයේය. කැරැල්ල සිදුවූ කාලයේ රජු වාසය කළේ නිල්ලඹ පිහිටි රජ මැදුරේය. කැරැල්ල මෙහෙයවූ ඒ දඬුවාවේ රාළ ප‍්‍රමුඛ පිරිස නිල්ලඹ නගරය අත්පත් කරගෙන රාජ මන්දිරයද වට කළහ. එසේ කරන ලද්දේ රජු ජීවිතක්‍ෂයට පත්කරනු සඳහාය. රජවාසල සිටි රජුට එහි පිටතට ගොස් සැඟවීමට අසීරු විය. රජුගේ ගබඩා නිල නතතුර දරණ ලද්දේ ‘‘අ ̈විහාදොරේ රාළ’’යනුවෙන් හැඳින්වූ අයෙකි. අ ̈විහාදොරේ රාළගේ රූපකායද රජුගේ රූපයට සමානය. මේ දෙදෙනා සාමාන්‍ය ඇඳුමෙන් එක තැන සිටිවිට අන් අයට දෙදෙනා රජු ̈විහාදොරේ රාළ යනුවෙන් එක වරම නිශ්චිතවම හඳුනා ගැනීම දුෂ්කර විය. ඒ තරමට දෙදෙනාගේ හැඩරුව එක සමානය. එකම ස්වරූපයකි. රජුට හා රජවාසල ඇතුළත සිටින අයට සිදුවීමට යනඅසානාසියෙන් බේරා ගැනීම දුෂ්කර වුවත් අඩු වශයෙන් රජුවත් මරණින් බේරාගත යුතු යැයි අ ̈විහාදොරේ රාළ සිතීය. කැරලිකරුවන් රජ මාළිගාව වටකර කෑකෝ ගසමින් සිටින විට අ ̈විහාඳොරේ රාළ රජු සැඟවී සිටින තැනට ගොස් ජීවිතය බේරා දීමට මාර්ගයක් කියා දුන්නේය.
‘‘අප දෙදෙනා එක සමා නිසා ඔබතුමා මරණින් බේරා දීමට මට පුළුවන්. එනිසා රජතුමනි, ඔබ වහන්සේ වෙනුවෙන් මම දිවි පුදා ඔබව ආරක්‍ෂා කිරීමට මට ඉඩ දෙන්නැයි’’ ඉල්ලා සිටියේය. රජු මුලදී මෙම ඉල්ලීමට කැමැත්ත නොදැක්වූ අතර පසුව එය වෙනස්කර ගම්වැසියකු ලෙස ඇඳුම් මාරු කර ගෙන මාළිගාවෙන් පිටවී හඟුරන්කෙත බලා යාමට එකඟ වූයේය. අ ̈විහාඳොරේ රාළ මේ අතර රාජ වස්ත‍්‍රාභරණයෙන් සැරසී ශ්‍රී යහන් කාමරයට වී සිටියේය. රජු වෙස් මාරු කරගෙන මාළිගාවෙන් පලා ගියේය.ප‍්‍රකෝපකාරී කැරැලිකරුවෝ මාලිගාවට ඇතුල්වී රජු සිටි ශ්‍රී යහන් ගබඩාවද ආක‍්‍රමණය කළහ. නිල ඇඳුමෙන් සිටි අ ̈විහාඳොරේ රාළ දුටු කැරලි නායකයා ඒ දඬුවාවේ රාළ මේ ඉන්නේ රජු යැයි සිතා ඔහු මරණයට පත් කළේය. ඒ වනවිට නිල්ලඹ මාලිගාවෙන් පිටත්ව ගිය රජු හඟුරන්කෙත ළඟා කරද්දී, දැඩි තෙහට්ටුවට හා කුසගින්නට පත්ව සිටීම නිසා අසල, වයසක කුල කාන්තාවකගේ ගෙපිලට ආවේය. ගෙපිලට ආ රජු වයස්ගත කාන්තාව දැක ‘‘අම්මේ මට හොඳටම මහන්සියි, බඩගිනියි. කෑමට යමක් ඇත්නම් දෙන ලෙසට කාරුණිකව ඉල්ලා සිටියේය.
මේ කුල කත අමුත්තාගේ දේහ විලාශය දැක මොහු වැදගත් පුද්ගලයකු විය හැකි යැයි සිතා නිවසේ පිළපිට පැදුරක් එළා ඒ මත ඇතිරිල්ලක්ද දමා වාඩිවීමට සැලැස්වූවාය. රදළයෙකුට කරන සැලකිල්ලක් සේ කෙණ්ඩියෙන් පැන් පිළිගැන්වූවාය. අනතුරුව සේරක් කාලය මත බත් තැටිය තබා පිළිගැන්වූවාය. රජු ඉතා සතුටින් ආහාරපාන වලින් සප්පායම්වී මහ ̈ කාන්තාවටද ස්තූති කොට හනික හඟුරන්කෙත මාලිගාව වෙත පියවර මැන්නේය. රජු පිටත්වූ විට ගෙහිහිමියාද පැමිණියේය. පිළ උඩ තබා තිබු සේරක්කාරලය හා පැන් කෙණ්ඩිය දුටු ගෙහිමියා ආහාර පාන දුන් පුද්ගලයා කවරෙක්දැයි බිරිඳගෙන් විමසීය. හැඩිදැඩි රදළ පෙනුමක් ඇති අයකුට එසේ සංග‍්‍රහ කළ බව බිරිඳ පැවසීමෙන් පසු ගෙහිමියා තවත් දෙදෙනකු සමඟ කුලමානයෙන් උදම්වී ඔහු හඹා ගියේය. තමා පසුපස තවත් කීප දෙනෙකු එන බව දුටු රජු මේ එන්නේ තමා අල්වා ගැනීමට විය හැකි යැයි සිතීය.
රජු හනික දුවමින් මීමුඳොරේ ගමට ළං වූයේය. මිදුල අමදමින් සිටි ස්ත‍්‍රියක ළඟට හති දම දමා ගිය රජු ‘‘අනේ අම්මේ මගේ පණකෙන්ද බේරා දෙන්නැයි’’ ඇවිටිලි කළේය. මට අර වී අටුවට රිංගා ගැනීමට ඉඩ දෙන්නැයි’’ කියමින් රජු වට පිට බලා අටුව තුළට රිංගා ගත්තේය. රජු හඹා ආ පිරිස මිදුලට පැමිණ ආගන්තුකයකු මෙහි පැමිණියේ දැයි ස්ත‍්‍රියගෙන් විමසූහ. ‘‘මෙහාට ආපු එකෙක් නෑ. ඒකා වෙන පැත්තකට දුවන්න ඇති. ගොහින් බල පල්ලා’’ යැයි කාන්තාව ආ පිරිසට කීවාය. අමුත්තා සොයා ගත නොහී පිරිස ආපසු ගියහ. ඔවුන් මිදුලේ රැඳී නොසිටින වග දැනගත් රජු අටුවෙන් එළියට විත් ස්ත‍්‍රියට ස්තූති කර කළ උදව්වට සංග‍්‍රහ කරමියි කියා හඟුරන්කෙත මාලිගාවට ගියේය. මරණින් බේරී හඟුරන්කෙත මාලිගාවට යද්දී අටුවට රිංගීමට උදව් කළ ස්ත‍්‍රීය රජු හැඳින නොසිටියාය. තමාට ආහාර පාන දුන් ස්ත‍්‍රියද රජු හඳුනාගෙන සිටියේ නැත.
රජු මෙම ස්ත‍්‍රීන් දෙදෙනාත් තමා ̈හු බැන්ඳ පිරිසත් රජ මාලිගාවට ගෙන්වා ගත්තේය. ‘‘අඬේ බොලව් තොපි පිට අයකුට කන්ඩ දීලා ඔහු පස්සේ පන්නා යාමට තරම් නීච ගති ඇත්තන් නෙවෙයිද? කුලමානයෙන් ඉදිමී කුල හීන කම් කරන්නන් නිසා තොපට දඬුවම් දෙමියි කියමින් රජු ඔවුන්ට සුදුසු දඬුවම් පැනවීය. කෑම දුන් ස්ත‍්‍රීයට හා අටුවට රිංගා ගැනීමට ඉඩ සැලසූ ස්ත‍්‍රින්ට තෑගි බෝග වස්ත‍්‍රාභරණ ආදියෙන් සලකා සම්මානද දුන්නේය. අ ̈විහාඳොරේ රාළගේ පුතුට සන්නස් පත‍්‍රයක් මගින් දේවාල ඉඩම් සහිත නාමධාරී වනිගසේකර පටබඳවා දුන්නේය.
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රාජසිංහ රජු මාළිගයෙන් පළා යයි