IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


රටේ ආර්ථිකය පාඨක සමාජයට දැඩිව බලපානවා

 

ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ රචනා කළ ‘රණබිමක පන්හිඳ’ කෘතිය පසුගියදා එළිදැක්වුණි. යුද සමයේදී මාධ්‍යවේදියකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් මෙසේ කෘතියට එක්ව ඇත. ඔහු සමඟ මේ කතාබහ ඒ පිළිබඳවයි.

♦ සමාජ දේශපාලනික වශයෙන් තීරණාත්මක කාලයක මාධ්‍ය ජීවිතයේ ඔබ ලැබූ අත්දැකීම් කෘතියක් ලෙස සංග්‍රහ කිරීමට ඔබ කල්පනා කළේ ඇයි?

මේ අත්දැකීම් පොතකට ගන්න ඕනෑ කියන අදහස ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ඉන්න කාලෙත් ස්විස්ටර්ලන්තයට පැමිණි පසුවත් මගේ හිතේ තිබුණා. ඒත් ලියන්න තරම් කිසිම උත්තේජනයක් තිබුණේ නෑ. කොවිඩ් වසංගතය පැමිණි කාලයේ පරිසරය තුළ මම කාමරයටම කොටු වෙලයි හිටියෙ. ඒ කාලය තුළයි මා මේ කෘතිය ලියන්න පටන් ගත්තෙ. එහෙම බැලුවාම කොවිඩ් වසංගතය වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත්වුණා.

ලංකාදීප පුවත්පතේ සේවය කරන කාලයේ තුන්වැනි ඊලාම් යුද්ධයේ ත්‍රාසජනක තොරතුරු පාඨකයන්ට ගෙන එන්නට අපට අවස්ථාව ලැබුණා. මේ ග්‍රන්ථයට ඇතුළත් වන්නේ එහිදී ලියූ තීරු ලිපි එකතුවයි. වර්තමාන පරපුරේ මාධ්‍යවේදීන්ට එවැනි අත්දැකීමක් අත්විඳින්නට අවස්ථාව සැලසෙන එකක් නැහැ. එහෙම අවස්ථාවක් ලැබෙන්නත් එපා. ඒ අත්දැකීම් පොදු සමාජයේ පාඨක ලෝකයාටත් දැනගන්න මේ කෘතියෙන් අවස්ථාව ලැබෙනවා.

♦ මේ කෘතියේ මතු කෙරෙන තොරතුරුවලින් මෙරට එක්තරා යුගයක සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික තොරතුරු රැසක් ද අනාවරණය කෙරෙනවා. ඒ අනුව මෙම කෘතිය එම යුගයේම එක් හරස්කඩක් ලෙස සැලකිය හැකියි. මේ ගැන ඔබේ අවධානය කෙබඳුද?

මේ කෘතියට ඇතුළත් වන්නේ 90-2000 දශකවල තොරතුරුයි. දෙවැනි සහ තුන්වැනි ඊලාම් යුද්ධ තමයි අපට වාර්තා කරන්න ලැබුණෙ. ඒ අනුව හමුදා ප්‍රධානීන්ගේ සහ යුද සෙබළුන්ගේ කැප කිරීමයි ඔවුන්ගේ දුක් කඳුළුයි තමයි මෙලෙස පාඨකයන් ඉදිරියට ගෙනාවෙ. කොකාවිල්, අලිමංකඩ, යාපනය, පුනරීන් ආදි සටන්වල ස්වභාවයත් දෙමළ – සිංහල ජනයා එයින් ලද අත්දැකීම් ආදියත් මගේ නිරීක්ෂණයට ලක්වුණා. ඒවායින් එකල සමාජ දේශපාලන සංස්කෘතික කාරණාත් හෙළිදරව් වෙනවා.

මගේ අදහස නම් මේ කාරණා දෙමළ ජනතාවත් දැනගත යුතු බවයි. ඒ නිසාම මා බලාපොරොත්තු වෙනවා මෙම කෘතිය දෙමළ බසින් ද ප්‍රකාශයට පත් කරන්නට.

♦ අපේ රටේ මෑත කාලයේ යුද සාහිත්‍යය පිළිබඳව ඇතිවූ උනන්දුව කෙබඳුද? ලෝක යුද සාහිත්‍යයට සමගාමීව එහි ඔබ දකින තත්ත්වය බෙඳුද?

අපේ රටේ යුද සාහිත්‍යය වර්ධනය වී ඇති අන්දම ප්‍රමාණවත් යැයි කියන්න අමාරුයි. යුද වීරත්වය මතු කරන යම් යම් කලා නිර්මාණ නැතුවාම නොවෙයි. සිනමාවත් එක්ක බැලුවාම යුද සාහිත්‍ය සම්බන්ධ සාහිත්‍ය කෘති ලියැවී ඇත්තේ අවම මට්ටමින්. එකක් තමයි තරුණ ලේඛකයන්ට මේ අත්දැකීම් සමීප නොවීම. ඒත් කිහිප දෙනෙක් ඒ අත්දැකීම් ඇසුරින් යම් නිර්මාණාත්මක වෑයමක යෙදී සිටිනවා. අපේ තරුණ ලේඛකයන් බොහෝ දෙනා ගෘංගාරය තමයි සොයාගෙන යන්නෙ.

ලෝක යුද සාහිත්‍යයට සමගාමීව අපේ රටේ යුද සාහිත්‍යය බැලුවොත් අපේ යුද සාහිත්‍යය හරියට අලුත උපන් නොමේරූ බිලිඳෙක් වගේ.

♦ අපේ සාහිත්‍යය තුළ බොහෝ විට සාකච්ඡාවට ගැනෙන්නෙ නවකතා, කෙටිකතා, පද්‍ය වැනි නිර්මාණාත්මක කෘති පමණයි. මෙබඳු සමාජ විමර්ශන පිළිබඳ සාහිත්‍යයේ ඇති අඩු අවධානය ගැන ඔබ මොකද හිතන්නෙ?

අපේ නවකතා කෙටිකතා පද්‍ය වැනි නිර්මාණ බිහිවන්නේ ගෘංගාරය විරහව වැනි පාඨකයන් වඩා කැමති අංශ තෝරාගෙනයි. රූප පෙට්ටිවල ටෙලිනාට්‍ය දිහා බලන්න. ඒවායේ තියෙන්නේ බොළඳ ප්‍රේම කතා පමණයි. චිත්‍රපටිත් බහුතරයක් එහෙමයි. ඒ කොහොම වුණත් දියුණු පාඨක පිරිසක් අපට ඉන්නවා. ඒත් ඔවුන්ට ලංකාවේ තියෙන ආර්ථික වපසරියට කිට්ටු වෙන්නවත් බෑ. රටේ ආර්ථිකය පාඨක සමාජය දැඩිව පලපානවා.

ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ



අදහස් (0)

රටේ ආර්ථිකය පාඨක සමාජයට දැඩිව බලපානවා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 249 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 46 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 100 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 192 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 228 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 884 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site